Skip to content

පටුනට යන්න

“පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත”

“පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත”

“පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත”

අපගේ නිර්මාතෘ නුදුරු අනාගතයේදී සිදු කරන වෙනසක් ගැන මෙසේ පවසා තිබෙනවා.

“මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද සාදන්නෙමි. පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.”—යෙසායා 65:17.

පෙර කාලවලදී සිදු වූ කුමන දේවල්ද නැවත මතකයට නැඟෙන්නේ නැත්තේ? අවට පදවලින් පැහැදිලි වන්නේ මනුෂ්‍යයන් අද්දුටු ලෙඩ රෝග, දුක් වේදනා, අයුක්තිය හා වෙනත් පීඩා මතකයට නැඟෙන්නේ නැති බවයි. ඒවා නිමා වන්නේ දෙවි පොරොන්දු කර තිබෙන “අලුත් අහස” සහ “අලුත් පොළොව” පිහිටුවන කාලයේදීයි.

බයිබලයේ සඳහන් එම වදන්වල නියම අරුත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කරන “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත” යන ප්‍රසිද්ධ දේශනයෙන් දැනගත හැකියි. එම දේශනය ඉදිරිපත් කරනු ලබන්නේ “ඔබේ සිත ආරක්ෂා කරගන්න” යන තේමාවෙන් යුත් දිස්ත්‍රික් සමුළුවේදීයි. එම සමුළු ලොව පුරා පවත්වනු ලබනවා.

එම සමුළුවට සහභාගි වන්න කියා අපි ඔබටත් ආරාධනා කරනවා. මේ ගැන වැඩි විස්තර ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයට හෝ ලියා විමසන්න. එසේත් නැත්නම් ඒ සඳහා www.dan124.com වෙබ් අඩෙවියට පිවිසෙන්න.