2017 මාර්තු 17
කොලොම්බියාව
කොලොම්බියාවේ සංඥා භාෂා පරිවර්තකයන්ගේ සංගමය සාක්ෂිකරුවන්ව පසසයි
කොලොම්බියාවේ බොගෝටා - 2016 ඔක්තෝබර් 7, 8 සහ 9 යන දිනයන්වල මුල්ම වතාවට අන්ධ සහ බිහිරි අයට උපකාර කරන්නන් සහ සංඥා භාෂා පරිවර්තකයන් වෙනුවෙන් සම්මේලනයක් පැවැත්වුවා. මේ සම්මේලනයේදී කොලොම්බියාවේ ජාතික සංඥා භාෂා පරිවර්තකයන්ගේ සංගමය (ANISCOL) සහ තවත් ප්‍රාදේශීය සංගම් දෙකකින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංඥා භාෂා පරිවර්තන වැඩ අගයලා සම්මානයක් ප්‍රධානය කළා.
සාක්ෂිකරුවන්ට මේ සම්මේලනයේදී සම්මානයක් දුන්නේ එයාලා සංඥා භාෂාවෙන් නිපදවා තියෙන ආගමික වීඩියෝවලටයි. සංඥා භාෂා පරිවර්තකයන්ගේ සංගමයේ සභාපති සහ මේ සම්මේලනයේ සංවිධායකයෙක්ද වන රිකාඩෝ වැලෙන්සියා ලෝපේස් කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මේ සම්මානය දෙන්න තීරණය කළේ ඒ අය බිහිරි අය වෙනුවෙන් කරන මහඟු සේවය නිසයි. ඒ වගේම එයාලාගේ වැඩ හරිම උසස් තත්වයක තියෙනවා. මේ අය සංඥා භාෂා පරිවර්තන වැඩ කරන හැමෝටම හොඳ ආදර්ශයක්.”
මේ සම්මේලනයේදී පරිවර්තන වැඩ කරනකොට ලැබුණු අද්දැකීම් ගැන සබය ඉස්සරහා කතා කරන්න සාක්ෂිකරුවන්ට අවස්ථාව ලැබුණා. එයාලාගේ අද්දැකීම්වලට සබයෙන් ලැබුණු හොඳ ප්‍රතිචාරය නිසා සංවිධායක කමිටුවේ අය සාක්ෂිකරුවන්ට තවත් සම්මානයක් ප්‍රධානය කළා.
මේ සම්මේලනයට ආපු ග්‍රැෆික් සහ ඕඩියෝ ක්ෂේත්රයේ වැඩ කරන ක්‍රිස්ටීනා ඩේවිඩ් වලෙන්සියා මෙහෙම අදහස් දැක්වුවා. “ආගමික කණ්ඩායමක් කිසිම මුදලක් ගන්නේ නැතුව මේ වගේ උසස්ම විදිහට පරිවර්තනය වැඩ කරනවා කියලා දැනගත්තාම මට පුදුම හිතුණා.”
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙක් වන විල්සන් ටොරස් එයාගේ අදහස් මේ විදිහට ඉදිරිපත් කළා. “අපි දැන් 2000 වසරේ ඉඳන් මේ රටේ ඉන්න බිහිරි අයට උදව් වෙන සංඥා භාෂා වීඩියෝ කරනවා. අපේ වෙබ් අඩවියේ කොලොම්බියානු සංඥා භාෂාවෙන්, බාල මහළු හැම වයසකටම ගැළපෙන වීඩියෝ 400කට වඩා තියෙනවා. සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන, වීඩියෝ හැම එකක්ම බෙදාහරින්නේ නොමිලේ. ඒ වගේ, සංඥා භාෂා වීඩියෝ කිසිම අය කිරීමකින් තොරව දිගටම බෙදාහරින්න අපි බලාපොරොත්තු වෙනවා.”
ලෝකේ පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිවර්තන කණ්ඩායම් සංඥා භාෂා 88කින් වීඩියෝ මුදාහරිනවා. ඒ වගේම සාක්ෂිකරුවන් ‘JW ලයිබ්‍රරි සංඥා භාෂාව’ කියලා ඇප් එකක් හදලා තියෙනවා. ඒකෙන් ලේසියෙන්ම jw.org වෙබ් අඩවියේ තියෙන සංඥා භාෂා වීඩියෝ හොයාගන්නත්, ඩවුන්ලෝඩ් කරගන්නත්, ප්ලේ කරන්නත් පුළුවන්.
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000
කොලොම්බියාව: විල්සන් ටොරස්, +57-1-8911530