Skip to content

වෙඩි තැබීම සිද්ධ වුණ නමස්කාර මධ්‍යස්ථානය. හැම්බර්ග්වල ඉන්න අය සහ රජයේ බලධාරීන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන්න නමස්කාර මධ්‍යස්ථානය ඉස්සරහා මල් තියලා තිබ්බා

2023 මාර්තු 20
ජර්මනිය

ජර්මනියේ හැම්බර්ග්වල නමස්කාර මධ්‍යස්ථානයකට වෙඩි ප්‍රහාරයක්!

ජර්මනියේ හැම්බර්ග්වල නමස්කාර මධ්‍යස්ථානයකට වෙඩි ප්‍රහාරයක්!

කලින් දැනුම් දුන්නා වගේ 2023 මාර්තු 9වෙනිදා හැම්බර්ග්-වින්ටහූඩ් සභාවේ සති මැද රැස්වීමෙන් පස්සේ තුවක්කුකරුවෙක් වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් අපේ සහෝදර සහෝදරියන් කීපදෙනෙක් මිය ගියා. තවත් අයට තුවාල වුණා. පොලිසිය නමස්කාර මධ්‍යස්ථානයට ආවාට පස්සේ තුවක්කුකරු වෙඩි තියන එක නැවැත්තුවා. ඊටපස්සේ එයා සිය දිවි නසාගත්තා. විවිධ නිලධාරීන්, සංවිධාන ඇතුළු හුඟදෙනෙක් පෙන්නපු ආදරය, සැලකිල්ල වගේම එයාලාගේ දිරිගැන්වෙන වදන් ජර්මනියෙත් ලෝකේ පුරාමත් ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගොඩක් අගය කරනවා.

මේ ඛේදවාචකය බලපාලා තියෙන විදිහ

  • කනගාටුදායක විදිහට සහෝදරයන් හතරදෙනෙක්, සහෝදරියන් දෙන්නෙක් සහ තුවාල ලබපු සහෝදරියකගේ නූපන් දරුවා මිය ගියා

  • සහෝදරයන් දෙන්නෙක් සහ සහෝදරියන් හත්දෙනෙක් තුවාල ලැබුවා

සහන සේවා

  • මධ්‍යම යුරෝපීය ශාඛා කාර්යාලයේ සහෝදරයන් කීපදෙනෙක්, චාරිකා සේවකයන් දෙන්නෙක් සහ සභාවේ වැඩිමහල්ලන් දිගටම එයාලට අවශ්‍ය සහනය සහ දිරිගැන්වීම් ලබා දෙනවා

ලෝක ව්‍යාප්ත සහෝදර පවුලක් විදිහට මේ දරුණු විපතට මුහුණ දුන්න සහෝදර සහෝදරියන් ගැන අපි දිගටම යාච්ඤා කරනවා. යෙහෝවා “දුක් කරදරවලදී අපට පිහිට වෙන බලකොටුවක්.” ඒ නිසා මේ අමාරු කාලේ විඳදරාගෙන දිගටම සාමකාමීව නමස්කාරයේ දේවල් කරන්න ඔහු උදව් කරයි කියලා කිසිම සැකයක් නැහැ.—නාහුම් 1:7.