Skip to content

ඩෙනිස් ක්‍රිස්ටන්සන්ගේ තාත්තා සහ සහෝදරිය 2022 මැයි 25වෙනිදා කෝපන්හේගන් කස්ට්‍රප් ගුවන්තොටුපොළේදී එයාව ආදරෙන් පිළිගත්තා

2022 මැයි 25
රුසියාව

ඩෙනිස් ක්‍රිස්ටන්සන්ව නිදහස් කරයි!

ඩෙනිස් ක්‍රිස්ටන්සන්ව නිදහස් කරයි!

ඉරීනා ක්‍රිස්ටන්සන් 2022 මැයි 24වෙනිදා රුසියාවේ ලගොව්වල බන්ධනාගාර අංක 3 ඉස්සරහා ඩෙනිස්ව නිදහස් කරන කල් බලාගෙන හිටියා

ඩෙනිස් ක්‍රිස්ටන්සන් 2022 මැයි 25වෙනිදා ආරක්ෂිතව ඩෙන්මාර්කයට ආවා. එයාව රුසියානු බන්ධනාගාරයකින් නිදහස් කරලා ඩෙන්මාර්කයට පිටත් කරලා යැව්වේ ඊට කලින් දවසේ. අවුරුදු පහක් පුරා එක එක රැඳවුම් මධ්‍යස්ථානවල එයාව හිර කරලා තිබ්බා.

“හිරෙන් නිදහස් වෙලා මගේ ඉරීනාව ආයෙත් දකින්න පුළුවන් වුණ එක ගැන මට හරිම සතුටුයි” කියලා සහෝදර ඩෙනිස් කිව්වා. “ලෝකේ පුරා ඉන්න මගේ පවුලේ අය මාත් එක්ක දිගටම හිටියා. එයාලාගෙන් ලැබුණ සහයෝගය, දිරිගැන්වීම් ඇත්තටම යෙහෝවාගෙන් ලැබුණු තෑග්ගක්. විශ්වාසය නිසා තාමත් හිරගෙදර පීඩා විඳින මගේ නිර්භීත සහෝදර සහෝදරියන් වෙනුවෙන් මම දිගටම යාච්ඤා කරනවා.”

ඩෙනිස් සහ ඉරීනා මොස්කව් ඩොමොඩෙඩෝවෝ ගුවන් තොටුපොළේදී

යාළුවන්ගේ, පවුලේ අයගේ දිරිගැන්වීම් සහ උදව් එයාලා ගොඩක් අගය කරනවා. ඩෙනිස් සහ ඉරීනා කිව්වා “ඩෙන්මාර්කයට ගිහින් අපේ සහෝදර සහෝදරියන් එක්ක නිදහසේ යෙහෝවාට නමස්කාර කරන්න අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා” කියලා.

2017 මැයි 25වෙනිදා තමයි ඔරියොල්වලදී සහෝදර ඩෙනිස්ව අත්අඩංගුවට ගත්තේ. එදා එයා රැස්වීම්වලට නමස්කාර මධ්‍යස්ථානයට ගිහින් ඉද්දී ආයුධ සන්නද්ධ, මුහුණු ආවරණය කරගෙන හිටපු රුසියානු බලධාරීන් ඒක වටලලා සහෝදර ඩෙනිස්ව අත්අඩංගුවට ගත්තා. ඊට මාසයකට කලින් රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් කරපු අන්තවාදී ආගමික සංවිධානයක වැඩකටයුතු සැලසුම් කරා කියන චෝදනාවට එයාව වැරදිකරුවෙක් කරා.

2017 දාපු ඒ තහනම බලපාන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නීත්‍යනුකූල ආයතනවලට විතරයි කියලත් ඒකෙන් එක් එක් සාක්ෂිකරුවාට ආගම අදහන්න තියෙන නිදහසට බාධාවක් වෙන්නේ නැහැ කියලත් රුසියානු බලධාරීන් ආයේ ආයේ තහවුරු කරා. ඒත් සහෝදර ඩෙනිස්ගේ සිද්ධිය පටන්ගැන්මක් විතරයි. ඒකෙන් පස්සේ බලධාරීන් රුසියාව සහ ක්‍රිමියාව පුරා හිටපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ව අත්අඩංගුවට අරන් එයාලාගේ ආගමික නිදහස උදුරාගැනීමේ මහ සැලැස්මක් දියත් කරා.

ඩෙන්මාර්කයට යන අතරතුර ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඉද්දී තුර්කියේ සහෝදරයන් දෙන්නෙක් ඩෙනිස් සහ ඉරීනාව බලන්න ආවා

අද වෙද්දී සහෝදර සහෝදරියන් 91ක් දෙනෙක් තාමත් ඉන්නේ හිරේ. මේ විශ්වාසවන්ත සහෝදරයන්ට දිගටම “විශේෂ සැලකිල්ලක්” පෙන්නන්න කියලා අපි දිගටම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා.—ගීතාවලිය 4:3.