2016 ජූලි 15
ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් අවතැන් වූවන්ට සාක්ෂිකරුවන් උදව් කරයි
කොළඹ, ශ්‍රී ලංකාව—කොළඹ නගරයේ සිට කිලෝමීටර් 100ක් පමණ එහායින් පිහිටි අරණායක ප්‍රදේශයේ කඳු නායයෑම්වලට ලක් වුණු නිසා ගම්මාන කිහිපයක්ම පස්වලින් යට වුණා. 100දෙනෙක්ට වඩා වැඩි පිරිසක් මිය ගියා. දිවයින පුරා සිද්ධ වුණු ගංවතුර සහ නායයෑම් නිසා මිනිසුන් 3,50,000ක් පමණ අවතැන් වුණා. නායයෑම් ඇති වුණු ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් වැටෙන්න පටන්ගත්තේ මැයි 15වෙනිදායි. එක අවස්ථාවකදී මිලිමීටර් 373ක වර්ෂාපතනයක් කිලිනොච්චි නගරයට ඇදහැළුණා. බලධාරීන් පවසන්නේ මේ ව්‍යසනය 2004 සුනාමි ව්‍යසනයෙන් පසුව මෙරටට බලපෑ දරුණුම ස්වභාවික ව්‍යසනය කියායි.
ශ්‍රී ලංකාවේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය දැනුම් දුන් ආකාරයට සාක්ෂිකරුවන්ගේ ජීවිතවලට හානියක් සිදු වෙලා නැහැ. නමුත් 200කට වැඩි පිරිසක් ගංවතුර නිසා අවතැන් වී තියෙනවා. කඩුවෙල පිහිටි නමස්කාර මධ්‍යස්ථානයත් අඩි හයක් පමණ ජලයෙන් යට වී තිබෙනවා.
සාක්ෂිකරුවන් ඉක්මනින්ම ආපදා සහන කමිටුවක් පත් කරලා අවතැන් වුණු අයට අවශ්‍ය උදව් උපකාර ලබා දීමටත් දිරිගැන්වීමටත් පියවර ගත්තා. ආධාර විදිහට ලැබුණු වතුර බෝතල්, ඇඳුම්, බෙහෙත් වැනි දේ ඔවුන් ගබඩා කර තැබුවේ කොටහේන නමස්කාර මධ්‍යස්ථානයෙයි. සාක්ෂිකරුවන්ටත් අසල්වැසියන්ටත් අවශ්‍ය දේවල් සහ උදව් ලබා දීමට සියගණනක් සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම ඉදිරිපත් වී තිබෙනවා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශ්‍රී ලංකා ශාඛා කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක නිදූ ඩේවිඩ් මෙසේ පැවසුවා. “සිද්ධ වුණු මේ ව්‍යසනය නිසා දුක් විඳින හැම පවුලක් වෙනුවෙන්ම අපි යාච්ඤා කරනවා. ඒ අතරෙම ගංවතුරෙන් හානි වුණු ගෙවල් පිරිසිදු කරලා සකස් කරන්නත් ආධාර විදිහට ලැබුණු කෑම, ඇඳුම් වගේ දේවල් අවශ්‍ය අයට ලබා දෙන්නත් අපි පියවර ගන්නවා. විපතට පත් වුණු අයට උදව් කරන්න සහෝදරයන්ට තිබුණේ පුදුම උනන්දුවක්.”
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-718-560-5000
ශ්‍රී ලංකාව: නිදූ ඩේවිඩ්, +94-11-2930-444