Skip to content

නැවත නැඟිටුණු යේසුස්ට තිබුණේ මොන වගේ ශරීරයක්ද?

නැවත නැඟිටුණු යේසුස්ට තිබුණේ මොන වගේ ශරීරයක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යේසුස් “මිය ගියේ මිනිසෙකු ලෙසය. ඔහුව නැවත ජීවත් කරනු ලැබුවේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙසය” කියලා බයිබලයේ කියනවා.—1 පේතෘස් 3:18; ක්‍රියා 13:34; 1 කොරින්ති 15:45; 2 කොරින්ති 5:16.

 යේසුස් කිව්ව වචනවලින්ම පැහැදිලි වෙනවා ඔහු ශරීරය සහ රුධිරය එක්ක නැවත නැඟිටින්නේ නැහැ කියලා. ඔහු කිව්වේ ‘ලෝකයට ජීවනය ලබා දීම සඳහා මගේ ශරීරය’ පූජාවක් විදිහට මිනිසුන් වෙනුවෙන් පූජා කරනවා කියලයි. (යොහන් 6:51; මතෙව් 20:28) නැවත නැඟිටුණාම ඔහු පූජා කරපු ශරීරයම ආපහු ලබාගත්තා නම් ඒක ඇත්තටම පූජාවක් වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඒ පූජාව අවලංගු වෙනවා. බයිබලයේ කියන්නේ යේසුස් “එක් වරක්” ඔහුගේ ශරීරය සහ රුධිරය පූජා කෙරුවා කියලයි.—හෙබ්‍රෙව් 9:11, 12.

යේසුස් නැවත නැඟිට්ටේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් නොපෙනෙන කෙනෙක් විදිහට නම් ඔහුගේ ගෝලයන් ඔහුව දැක්කේ කොහොමද?

  •  දේවදූතයන්ට මිනිස් වෙස් ගන්න පුළුවන්. උදාහරණෙකට අතීතයේදී සමහර දේවදූතයන් මිනිස් වෙස් අරගෙන මිනිසුන් එක්ක කෑම බීම ගත්තා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 18:1-8; 19:1-3) ඒත් මිනිස් වෙස් අරගෙන හිටිය ඒ දේවදූතයන්ට ඕනම වෙලාවක මිනිස් ස්වරූපය අත්හැරලා ආපහු ස්වර්ගයට යන්න පුළුවන්කම තිබුණා.—විනිශ්චයකරුවෝ 13:15-21.

  •  නැවන නැඟිටුණ යේසුත් ඒ දේවදූතයෝ වගේ ටික කාලයක් මිනිස් වෙස් අරගෙන හිටියා. දේවදූතයන් වගේ යේසුස්ටත් පුළුවන් වුණා ඕන වෙලාවක පෙනී ඉන්නත් නොපෙනී යන්නත්. (ලූක් 24:31; යොහන් 20:19, 26) විවිධ අවස්ථාවල මිනිස් වෙස් ගත්ත යේසුස් පෙනී හිටියේ එකම විදිහට නෙමෙයි. ඒ නිසා ඔහුගේ කිට්ටු යාළුවන් පවා ඔහුව හඳුනාගත්තේ ඔහු කරපු කියපු දේවලිනුයි.—ලූක් 24:30, 31, 35; යොහන් 20:14-16; 21:6, 7.

  •  යේසුස් ඔහුගේ ගෝලයෙක් වුණ තෝමස්ට පෙනී හිටියේ ඔහුගේ ශරීරයේ තුවාල වුණු තැන් තිබුණ විදිහටමයි. එහෙම කෙරුවේ යේසුස් නැවත නැඟිටුණ එක ගැන සැක කරපු තෝමස්ගේ සැකය දුරු කරලා ඔහුගේ විශ්වාසය ශක්තිමත් කරන්නයි.—යොහන් 20:24-29.