8වෙනි පරිච්ඡේදය
අපි හැමෝටම වඩා දෙවියන් බලවත්
අපි හැමෝටම වඩා හුඟක් බලවත් කෙනෙක් ඉන්නවා. ඔයා දන්නවාද ඒ කවුද කියලා?— ඒ තමයි යෙහෝවා දෙවි. යේසුස් ගැන කියන්න පුළුවන් මොනවාද? එයාත් අපිට වඩා බලවත්ද?— ඔව්.
යේසුස්, දෙවි එක්ක ස්වර්ගයේ ජීවත් වුණා. එයා දේවදූතයෙක්. දෙවි තවත් දේවදූතයන්ව හැදුවාද?— ඔව්, තවත් දේවදූතයන් මිලියන ගාණක් හැදුවා. ඒ අයත් අපිට වඩා බලවත්.—ගීතාවලිය 104:4; දානියෙල් 7:10.
මරියාට කතා කරපු දේවදූතයාගේ නම ඔයාට මතකද?— එයාගේ නම ගාබ්රියෙල්. එයා මරියාට කිව්වා මරියාගේ බඩේ ඉන්න දරුවාව දෙවිගේ පුතා විදිහට හඳුන්වනවා කියලා. දෙවියන් තමයි තමන්ගේ පුතාගේ ජීවිතය මරියාගේ බඩ ඇතුළට දැම්මේ. ඒ නිසා යේසුස්ට දරුවෙක් විදිහට පොළොවේ ඉපදෙන්න පුළුවන් වුණා.—ලූක් 1:26, 27.
ඒ දේ ඇත්තටම වුණා කියලා ඔයා විශ්වාස කරනවාද? යේසුස්, දෙවියන් එක්ක ස්වර්ගයේ ජීවත් වුණා කියලා ඔයා විශ්වාස කරනවාද?— යේසුස්ම ඒ ගැන කියලා තියෙනවා. ඒ දේවල් ගැන යේසුස් දැනගත්තේ කොහොමද? සමහරවිට ගාබ්රියෙල් කියපු දේවල් ගැන මරියා යේසුස්ට පුංචි කාලෙදිම කියන්න ඇති. ඒ වගේම යේසුස්ගේ තාත්තා දෙවියන් කියලා යෝසෙප් යේසුස්ට කියන්න ඇති.
යේසුස් බව්තීස්ම වුණු වෙලේ යෙහෝවා දෙවි ස්වර්ගයේ ඉඳන් කිව්වා ‘මේ මගේ ආදරණීය පුතා’ කියලා. (මතෙව් 3:17) යේසුස් පොළොවේ ජීවත් වුණු අන්තිම දවසේ රෑ මෙහෙම යාච්ඤා කළා. ‘තාත්තේ, මං ඔයාගෙන් ඉල්ලන්නේ මාව තේජසට පත් කරන්න කියලයි. ලෝකය පවතින්නත් කලින් ඔයා මට දීලා තිබුණු තේජස ආපහු මට දෙනවාට මං කැමතියි.’ (යොහන් 17:5) යේසුස්, දෙවියන්ගෙන් ඉල්ලුවේ ආයෙත් ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව දෙන්න කියලයි. ඒත් ආයෙත් ස්වර්ගයේ ජීවත් වෙන්න එයාට පුළුවන් වෙයිද?— යෙහෝවා දෙවියන් ආයෙත් එයාව දේවදූතයෙක් විදිහට හැදුවොත් විතරයි ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ.
දැන් මං ඔයාගෙන් වැදගත් ප්රශ්නයක් අහන්නයි යන්නේ. දේවදූතයන් හැමෝම දිගටම හරි දේ කළාද?— කාලයක් යන කල් ඒ හැමෝම හරි දේ කළා. මොකද යෙහෝවා දෙවි කිසිම අඩුවක් නැතුව තමයි ඒ අයව හදලා තිබුණේ. හැබැයි කාලයක් යද්දී එක දේවදූතයෙක් වැරදි දෙයක් කළා. ඒ ගැන දැන් අපි බලමු.
ඒක වුණේ දෙවියන් මුල්ම මිනිස් යුවළව ඒ කියන්නේ ආදම්වත් ඒවවත් හදපු කාලයේදී. සමහර අය කියන්නේ ඒ කතාව ගොතපු කතාවක් කියලයි. හැබැයි යේසුස් නම් දැනගෙන හිටියා ඒක ඇත්තටම වුණා කියලා.
දෙවියන් ආදම්වත් ඒවවත් පදිංචි කළේ ඒදන් උයනේ. ඒක ලස්සන පාරාදීසයක්. දරුවන් හුඟක් හදාගෙන ඒ උයනේ හැමදාම ජීවත් වෙන්න එයාලාට අවස්ථාව තිබුණා. ඒත් ඒ දෙන්නාටම වැදගත් දෙයක් ඉගෙනගන්න සිද්ධ වුණා. අපි ඒ ගැන මීට කලිනුත් කතා කළා. බලමු අපිට ඒක මතකයිද කියලා.
යෙහෝවා දෙවියන් ආදම්ටයි ඒවටයි කිව්වා උයනේ තියෙන ඕනෙම ගහකින් කන්න පුළුවන් කියලා. හැබැයි එක ගහක් පෙන්නලා කිව්වා ඒ උත්පත්ති 2:17) ආදම්ටයි, ඒවටයි ඒකෙන් ඉගෙනගන්න වුණු වැදගත් පාඩම මොකක්ද කියලා ඔයාට මතක් වුණාද?—
ගහෙන් විතරක් කන්න එපා කියලා. ඒකෙන් කෑවොත් ‘අනිවාර්යයෙන්ම මැරෙනවා’ කියලත් දෙවියන් කිව්වා. (කීකරු වෙන එක ගැනයි ඒ අයට ඉගෙනගන්න සිද්ධ වුණේ. අපේ ජීවිතය රැකගන්න පුළුවන් වෙන්නේ දෙවිට කීකරු වුණොත් විතරයි. ආදම්ටත් ඒවටත් සිද්ධ වුණා ඒ අය ඇත්තටම දෙවිට කීකරු වෙනවා කියන එක ඒ අය වැඩ කරන විදිහෙන්ම පෙන්වන්න. එයාලා දෙවිට කීකරු වුණා නම් ඇත්තටම එයාලා දෙවිට ආදරෙයි කියලත් දෙවිව පාලකයා විදිහට පිළිගන්නවා කියලත් පෙන්වන්න පුළුවන් වුණා. එතකොට හැමදාටම පාරාදීසයේ ජීවත් වෙන්න ඒ දෙන්නාට පුළුවන් වෙනවා. ඒ දෙන්නා දෙවියන් කන්න එපා කියපු ගහෙන් කෑවොත් ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද?—
දෙවි දීපු කිසිම දෙයක් ඒ අය අගය කරන්නේ නැහැ කියලයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. එදා ඔයා එතැන හිටියා නම් ඔයා දෙවිට කීකරු වෙයිද?— මුලදී ආදම්, ඒව දෙවිට කීකරු වුණා. හැබැයි ඒ දෙන්නාටම වඩා බලවත් කෙනෙක් ඒවව රැවට්ටුවා. දෙවිට අකීකරු වෙන්න ඒ කෙනා ඒවව පෙලඹුවා. කවුද ඒ?—
බයිබලයේ කියන්නේ සර්පයෙක් ඒවට කතා කළා කියලයි. හැබැයි සර්පයන්ට කතා කරන්න බැහැනේ. එහෙමනම් ඒ වෙලාවේ සර්පයා කතා කළේ කොහොමද?— දේවදූතයෙක් තමයි සර්පයා කතා කරනවා වගේ පේන්න සැලැස්සුවේ. හැබැයි ඒ වෙලාවේ ඇත්තටම කතා කළේ ඒ දේවදූතයායි. ඒ වෙද්දී ඒ දේවදූතයා නරක දේවල් ගැන හිතන්න පටන් අරන් තිබුණා. එයාට ඕන වුණා ආදම් සහ ඒව එයාට නමස්කාර කරනවා දකින්න. එයා හැදුවේ ආදම්වයි ඒවවයි එයාට කීකරු කරගන්න. ඇත්තටම එයාට ඕන වුණේ දෙවිගේ තැන ගන්නයි.
ඒ නිසා ඒ දේවදූතයා ඒවට බොරු කිව්වා. සර්පයා කතා කරනවා වගේ පෙන්නලා එයා මෙහෙම කිව්වා. ‘දෙවියන් ඔයාට කිව්වේ බොරු. ඒ ගහෙන් කෑවොත් ඔයා මැරෙන්නේ නැහැ. ඒකෙන් කෑවොත් දෙවිට සමාන වෙන්න පුළුවන්.’ ඔයා එතැන හිටියා නම් ඒ දේ ඔයා විශ්වාස කරයිද?—
ඒ වෙලාවේ ඉඳන් ඒව, දෙවියන් තමන්ට දීලා නැති දෙයක් ගැන හිතන්න පටන්ගත්තා. දෙවියන් කන්න එපා කියලා කියපු ගහෙන් එයා කෑවා. ඊටපස්සේ එයා ඒකෙන් ආදම්ටත් දුන්නා. සර්පයා කියපු දේ ආදම් පිළිගත්තේ නැහැ. හැබැයි එයා දෙවියන්ට වඩා ඒවට ආදරේ කරපු නිසා එයාත් ඒ ගහෙන් කෑවා.—උත්පත්ති 3:1-6; 1 තිමෝති 2:14.
ඊටපස්සේ මොකද වුණේ?— ආදම්ටත් ඒවටත් පව්කාරකම උරුම වුණා. අන්තිමේදී වයසට ගිහින් රෝම 5:12) ඒවට බොරු කියපු දේවදූතයාව සාතන් කියලත් යක්ෂයා කියලත් හඳුන්වනවා. ඒ දේවදූතයාට එකතු වුණු දේවදූතයන්ව හඳුන්වන්නේ භූතයන් කියලයි.—යාකොබ් 2:19; එළිදරව් 12:9.
මැරුණා. එයාලාගේ දරුවන්ටත් පව්කාරකමයි මරණයයි උරුම වුණා. දෙවි කිව්වේ බොරුවක් නෙවෙයි. අපේ ජීවිතය රැකෙන්නේ දෙවිට කීකරු වුණොත් විතරයි. (දැන් ඔයාට තේරුණාද හොඳ දේවදූතයෙක් වැරදි දේවල් කරන්න පටන්ගත්තේ ඇයි කියලා?— එහෙම වුණේ එයා වැරදි දේවල් ගැන හිතන්න පටන්ගත්ත නිසයි. අනිත් හැමෝටම වඩා කැපිලා පේන්නයි එයාට ඕන වුණේ. දරුවන්ව බිහි කරන්න කියලා දෙවියන් ආදම්ටයි ඒවටයි කියපු එක එයා දැනගෙන හිටියා. ඒ හැමෝම තමන්ට නමස්කාර කරනවා නම් කොච්චර හොඳද කියලා එයා හිතුවා. හැමෝම යෙහෝවා දෙවිට අකීකරු වෙනවාටයි යක්ෂයා කැමති. ඒ නිසා තමයි එයා නරක දේවල් අපේ හිතට දාන්න උත්සාහ කරන්නේ.—යාකොබ් 1:13-15.
කිසිම කෙනෙක් යෙහෝවා දෙවිට ආදරේ නැහැ කියලයි යක්ෂයා කියන්නේ. ඔයාත් මාත් දෙවිට ආදරේ නැහැ කියලත් දෙවිට කීකරු වෙන්න අපි කැමති නැහැ කියලත් එයා කියනවා. අපි දෙවිට කීකරු වෙන්නේ හැම දෙයක්ම අපි කැමති විදිහට වෙද්දී විතරයි කියලත් එයා කියනවා. ඒක ඇත්තද?
යක්ෂයා බොරුකාරයෙක් කියලයි යේසුස් කිව්වේ. හැම වෙලේම දෙවිට කීකරු වුණු එකෙන් යේසුස් පෙන්නුවා එයා ඇත්තටම දෙවිට ආදරෙයි කියලා. ඔව්, අමාරුම අවස්ථාවලදීත් යේසුස්, දෙවිට කීකරු වුණා. මැරෙන කල්ම එයා දෙවිට විශ්වාසවන්තව හිටියා. ඒ නිසා තමයි දෙවියන් එයාට හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව දුන්නේ.
අපිත් එක්ක හුඟක්ම කේන්තියෙන් ඉන්නේ කවුද?— ඒ තමයි යක්ෂයා. ඔයාට එයාව පේනවාද?— නැහැ. හැබැයි අපි දන්නවා යක්ෂයා ඇත්ත කෙනෙක් කියලා. ඒ වගේම එයා අපිට වඩා බලවත්. ඒත් යක්ෂයාටත් වඩා බලවත් කෙනා කවුද?— ඒ තමයි යෙහෝවා දෙවි. ඒ නිසා දෙවිට පුළුවන් අපිව ආරක්ෂා කරන්න.
අපි නමස්කාර කරන්න ඕනෙ කාට විතරද කියලා දැනගන්න දැන් අපි මේ බයිබල් පද ටික කියවලා බලමු. ද්විතීය කතාව 30:19, 20; යොෂුවා 24:14, 15; හිතෝපදේශ 27:11; මතෙව් 4:10.