10වෙනි පරිච්ඡේදය
විවාහය දෙවිගෙන් ලද දීමනාවක්
“තුන්පට ලණුවක් පහසුවෙන් දෙකට කැඩිය නොහැක.”—දේශනාකාරයා 4:12.
1, 2. (අ) විවාහය සම්බන්ධයෙන් සමහර අවස්ථාවලදී අපේ මනසට නැඟෙන්නේ මොන වගේ ප්‍රශ්නද? (ආ) මේ පරිච්ඡේදයේ අප සලකා බලන කාරණා හතර මොනවාද?
බොහෝදෙනෙක් විවාහ උත්සවවලට සහභාගි වීමට මහත් කැමැත්තක් දක්වනවා. විවාහ උත්සවයක් කියන්නේ ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවක්. විශේෂ ඇඳුම්වලින් සැරසී සිටින මනාල යුවළ එදින සිටින්නේ මොන තරම් ප්‍රීතියකින්ද! ඔවුන්ගේ බලාපොරොත්තුව එක්ව ප්‍රීතියෙන් දිවි ගෙවන්නයි.
2 නමුත් අද ලෝකය දෙස බලන විට විවාහ වන බොහෝදෙනෙකුගේ එම බලාපොරොත්තුව ඉටු වී තිබෙන බව පැවසිය නොහැකියි. මන්ද අද බොහෝ විවාහයන් කැඩී බිඳී ගොස් තිබෙනවා. ඒ නිසයි සමහර අවස්ථාවලදී මෙවැනි ප්‍රශ්න අපේ මනසට නැඟෙන්නේ. ‘විවාහය තුළ ප්‍රීතිය දිගටම පවත්වාගන්න පුළුවන්ද? දිවි ඇති තුරා එක්ව සිටිය හැකිද?’ එම ප්‍රශ්නවලට සෑහීමට පත් වන පිළිතුරක් සපයාගත හැක්කේ පුරුෂයා හා භාර්යාව විවාහය සම්බන්ධයෙන් දෙවි දී තිබෙන උපදෙස් මත විශ්වාසය තබා ඒවා අදාළ කරගත්තොත් පමණයි. (හිතෝපදේශ 3:5, 6 කියවන්න.) ඇත්තටම දිගටම දෙවිගේ ප්‍රේමය ලබන්න නම් ඔවුන් එසේ කිරීම ඉතා වැදගත්. මේ පරිච්ඡේදයෙන් විවාහය හා සම්බන්ධ කාරණා හතරක් ගැන අප සලකා බලන අතර ඒවාට අදාළ වන බයිබල් ප්‍රතිපත්ති ගැනද සලකා බලනවා. (1) විවාහ වීමට තීරණය කරන්නේ ඇයි? (2) විවාහ වීමට තෝරාගන්නේ කොයි වගේ කෙනෙකුවද? (3) විවාහය සඳහා සූදානම් වන්නේ කෙසේද? (4) කල් පවතින ප්‍රීතිමත් යුග දිවියකට උපකාරවත් වන්නේ මොනවාද?
විවාහ වීමට තීරණය කරන හේතු
3. සුළු සුළු කාරණා නිසා විවාහ වීමට තීරණය කිරීම අඥාන දෙයක් වන්නේ ඇයි?
3 සමහර අය සිතන්නේ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට නම් විවාහ වෙන්නම අවශ්‍ය බවයි. නමුත් එය සත්‍යයක් නොවෙයි. තනිකඩ ජීවිතයක් ගත කළ යේසුස්, තනිකඩව සිටීම දීමනාවකට සමාන කළා. එමෙන්ම හැකි අයට ඒ සඳහා ඉඩකඩ සලසාගන්න කියාත් ඔහු දිරිගැන්වූවා. (මතෙව් 19:11, 12) තනිකඩව සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන පාවුල්ද කතා කළා. (1 කොරින්ති 7:32-38) නමුත් ඒ දෙදෙනාගෙන් එක් කෙනෙකුවත් කිසිම අවස්ථාවක විවාහ නොවී සිටිය යුතුයි කියා නීතියක් පැනෙව්වේ නැහැ. ඇත්තෙන්ම, ‘විවාහය තහනම් කිරීම භූතයන්ගේ ඉගැන්වීමක්’ ලෙස බයිබලයේ සඳහන් කර තිබෙනවා. (1 තිමෝති 4:1-3) තනිකඩ කෙනෙකුට බාධාවන් අඩු නිසා යෙහෝවා දෙවිට වැඩිපුර සේවයක් කිරීමේ ප්‍රස්තාවන් තිබෙනවා. ඒ නිසා පවුලේ හා හිතමිතුරන්ගේ බලපෑම හෝ වෙනත් සුළු සුළු කාරණා නිසා විවාහ වීමට තීරණය කිරීම මොන තරම් මෝඩකමක්ද!
4. විවාහය සාර්ථක පවුල් ජීවිතයකට මඟ පාදන්නේ කෙසේද?
4 එසේනම් විවාහ වීමට තීරණය කිරීමට හොඳ හේතු තිබෙනවාද? ඔව්. විවාහය අපේ ප්‍රේමණීය පියාගෙන් ලැබී තිබෙන අගනා තෑග්ගක්. (උත්පත්ති 2:18 කියවන්න.) ඒ නිසා විවාහ වීමෙන් යම් ප්‍රයෝජන ලැබිය හැකි අතර යම් ආශීර්වාදද භුක්ති විඳිය හැකියි. උදාහරණයකට හොඳින් ඇතිදැඩි වීමට දරුවන්ට සුරක්ෂිත වාතාවරණයක් තිබීම අත්‍යවශ්‍යයි. විවාහ වූ යුවළකට ප්‍රේමය, හික්මවීම් හා නිසි මඟ පෙන්වීම් දරුවන්ට ලබා දෙමින් ඒ අවශ්‍යතාව හොඳින් ඉටු කළ හැකියි. ඉන් පැහැදිලි වන්නේ විවාහය සාර්ථක පවුල් ජීවිතයකට මඟ පාදන බවයි. (ගීතාවලිය 127:3; එෆීස 6:1-4) නමුත් විවාහ වීමේ අරමුණ විය යුත්තේ දරුවන් ඇතිදැඩි කිරීමම නොවෙයි.
5, 6. (අ) දේශනාකාරයා 4:9-12හි සඳහන් දේට අනුව කිට්ටු මිත්‍රත්වයකින් ලැබෙන සමහරක් ප්‍රයෝජන මොනවාද? (ආ) විවාහ බැඳීමක් ශක්තිමත් වන්නේ කෙසේද?
5 දේශනාකාරයා 4:9-12 දක්වා සඳහන් මේ දෙය සලකා බලන්න. “එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන් දෙදෙනා වෙහෙස මහන්සි වී එකට වැඩ කරන විට ඉන් හොඳ ප්‍රතිඵල ලැබේ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි. එහෙත් තනිව සිටින කෙනෙකු වැටුණොත් ඔහුට කුමක් සිදු වෙයිද? එමෙන්ම දෙදෙනෙකු එකට සැතපුණොත් ඔවුන්ට උණුසුම ලැබේ. එහෙත් තනිව සිටින කෙනෙකු උණුසුම ලබන්නේ කෙසේද? තනිව සිටින කෙනෙකුව පැරදවීම සතුරෙකුට අපහසු දෙයක් නොවේ. එහෙත් ඔහුට විරුද්ධව නැඟී සිටීමට දෙදෙනෙකුට පුළුවන. එමෙන්ම තුන්පට ලණුවක් පහසුවෙන් දෙකට කැඩිය නොහැක.”
6 මිත්‍රත්වයක තිබෙන වැදගත්කම ගැන එම කොටසෙන් කාවද්දනවා. විවාහ ජීවිතයක් තුළින්ද එවැනි කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳිය හැකියි. එහි පවසන ආකාරයට විවාහ වී සිටින දෙදෙනෙකුට ආරක්ෂාව, සැනසීම හා උපකාර එකිනෙකාගෙන් ලබාගත හැකියි. නමුත් විවාහ බැඳීම වඩා ශක්තිමත් බැඳීමක් වීමට නම් තවත් කෙනෙකු එනම්, යෙහෝවා දෙවිව විවාහයට සම්බන්ධ කරගත යුතුයි. දෙපට ලණුවකට වඩා තුන්පට ලණුවක් වඩා ශක්තිමත් බව එම කොටසේද සඳහන් කර තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම දෙවිව සතුටු කරන ආකාරයෙන් ජීවත් වීමට උත්සාහ කරනවා නම් ඔවුන් තම විවාහයට දෙවිව සම්බන්ධ කරගෙන සිටින බව පැවසිය හැකියි. යෙහෝවා දෙවිව සම්බන්ධ කරගෙන ගොඩනඟන බැඳීමක් ඇත්තෙන්ම ශක්තිමත්.
7, 8. (අ) යොවුන් විය පසු කර සිටියත් ලිංගික හැඟීම් තවමත් ප්රබලව පවතින තනිකඩ කෙනෙකුට පාවුල් දුන් අවවාදය කුමක්ද? (ආ) විවාහය බැරෑරුම් දෙයක් ලෙස සැලකිය යුත්තේ ඇයි?
7 දේවවචනයට අනුව ලිංගික සම්බන්ධකම් පැවැත්විය යුත්තේ විවාහ වූ යුවළක් පමණයි. ඇත්තෙන්ම එය විවාහ යුවළකට එකිනෙකා කෙරෙහි තිබෙන ආදරය පෙන්විය හැකි එක් ආකාරයක්. එය යෙහෝවා දෙවිගෙන් විවාහකයන් ලද මහඟු තිළිණයක්. (හිතෝපදේශ 5:18) යම් වයසකට පැමිණි පසු ලිංගික හැඟීම් ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත්, “යොවුන් විය” තුළ එනම්, ලිංගික හැඟීම් ප්‍රබල වන කාලයේදී විවාහ වීමට තීරණය කිරීම ඥානවන්ත දෙයක් නොවෙයි කියා බයිබලයේ පවසා තිබෙනවා. කෙසේවෙතත් යොවුන් විය පසු කළ කෙනෙකු තුළ තවමත් ලිංගික හැඟීම් ප්රබලව පවතිනවා නම් එය යම් අපවිත්‍ර හෝ නොහොබිනා ක්‍රියාවලට මඟ පෑදිය හැකියි. ඒ නිසා එවැනි අයට දෙවිගේ මඟ පෙන්වීමෙන් පාවුල් මේ අවවාදය ලබා දුන්නා. “ඔවුන්ට තම ආශාවන් පාලනය කරගැනීමට අපහසු නම් ඔවුන් විවාහ වීම වඩාත් සුදුසුය. මන්ද කාමාශාවෙන් දැවිදැවී සිටිනවාට වඩා විවාහ වීම සුදුසුය.”—1 කොරින්ති 7:9, 36; යාකොබ් 1:15.
8 කුමන හේතුවක් නිසා කෙනෙකු විවාහ වීමට තීරණය කළත් ඔහු විවාහය බැරෑරුම් දෙයක් ලෙස සැලකිය යුතුයි. පාවුල් පැවසුවේ විවාහ වන අයට, ‘දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වන’ බවයි. (1 කොරින්ති 7:28) ඇත්තෙන්ම තනිකඩ අය මුහුණ නොදෙන ගැටලුවලට මුහුණ දීමට විවාහකයන්ට සිදු වෙනවා. කෙසේවෙතත් ඔබේ තීරණය විවාහ වීම නම් විවාහය තුළ ඇති විය හැකි ගැටලු අවම කරගෙන ප්‍රීතිය වැඩි කරගැනීම සඳහා ඔබේ සහකරුවාව හෝ සහකාරියව ඥානවන්තව තෝරාගන්න.
ඔබේ තේරීම
9, 10. (අ) දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කරගැනීම අනතුරුදායක වන්නේ කෙසේද කියා පැහැදිලි කරන්න. (ආ) ස්වාමීන්ගේ අනුගාමිකයෙකු සමඟ විවාහ වෙන්න කියා දී තිබෙන උපදෙස නොසලකාහැරීමේ ප්‍රතිඵල මොනවාද?
9 ඒ සම්බන්ධයෙන් ඥානවන්ත තේරීමක් කිරීමට නම් දෙවිගේ මඟ පෙන්වීමෙන් පාවුල් පැවසූ මෙම අවවාදය මතක තබාගැනීම ඉතා වැදගත්. “දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.” (2 කොරින්ති 6:14) ඔහු එම අවවාදය දුන්නේ හොඳ හේතු ඇතුවයි. උදාහරණයකට මේ නිදර්ශනය ගැන ටිකක් සිතන්න. යම් වැඩක් සඳහා බූරුවෙකුව හා ගොනෙකුව එකම වියගහක බැන්දොත් සිදු වන්නේ කුමක්ද? සතුන් දෙදෙනාම අපහසුතාවකට පත් වන අතර උන්ගෙන් ගැනීමට අදහස් කළ වැඩයද ඉටු කරගැනීමට හැකි වන්නේ නැහැ. ඒ හා සමානව දෙවිට සේවය කරන කෙනෙකු දෙවිට සේවය නොකරන කෙනෙකු සමඟ විවාහ වුණොත් ඔවුන් දෙදෙනාටම විවාහ ජීවිතය තුළ විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. මන්ද සමහරවිට ඔවුන්ගෙන් එක් කෙනෙකුට දිගටම යෙහෝවා දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උනන්දුවක් තිබුණත් අනික් පුද්ගලයාට ඒ ගැන කිසිම උනන්දුවක් හෝ ආශාවක් නැත්නම් ඔවුන් දෙදෙනා ගමන් කරන්නේ මාර්ග දෙකකයි. ඒ නොගැලපීම ඔවුන්ගේ විවාහ දිවියට අහිතකරව බලපෑ හැකියි. කෙනෙකු විවාහ වෙනවා නම් තම සහකරු හෝ සහකාරිය ලෙස තෝරාගන්නා කෙනා, “අනිවාර්යයෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙකු විය යුතුයි” කියා පාවුල් ක්‍රිස්තියානීන්ට පැවසුවේ ඒ නිසයි.—1 කොරින්ති 7:39.
10 සමහර ක්‍රිස්තියානීන් බයිබලයේ දී තිබෙන එම උපදෙස නොසලකාහැර දෙවිට සේවය නොකරන කෙනෙකු සමඟ විවාහ වීමට තීරණය කර තිබෙනවා. එවැනි කෙනෙකු සමඟ විවාහ වීම තමන් අද්දකින තනිකමට වඩා හොඳයි කියා ඔවුන් සිතනවා. නමුත් බොහෝදෙනෙකුගේ අද්දැකීම වී තිබෙන්නේ එම තීරණය අඥාන තීරණයක් බවයි. මන්ද ඔවුන් විවාහ වන පුද්ගලයා දෙවිට සේවය නොකරන කෙනෙකු නිසා ජීවිතයේ වැදගත් දේවල් එනම්, දෙවි හා සම්බන්ධ කාරණා ගැන ඔහු හෝ ඇය සමඟ කතාබහ කළ නොහැකියි. එවැනි තත්වයන් යටතේ ඔවුන් අද්දකින තනිකම විවාහ වීමට පෙර අද්දුටු තනිකමට වඩා බොහෝ සෙයින් වේදනාකාරීයි. අනික් අතට බයිබලයේ දී තිබෙන උපදෙස කෙරෙහි විශ්වාසය තබා එය පිළිපදින තනිකඩ ක්‍රිස්තියානීන් දහස් ගණනක් අප අතරේ සිටීම ඇත්තෙන්ම සතුටට කරුණක්! (ගීතාවලිය 32:8 කියවන්න.) කවදා හරි දවසක විවාහ වීමට ඔවුන් තුළ කැමැත්තක් තිබුණත් යෙහෝවා දෙවිට නමස්කාර කරන, තමන්ට ගැළපෙන කෙනෙකු ලැබෙන තුරු ඔවුන් එසේ තනිකඩව සිටිනවා.
11. ඥානවන්ත තේරීමක් කිරීමට උපකාරවත් වන්නේ මොනවාද? (“ මම සොයන්නේ මොන වගේ කෙනෙකුවද?” යන කොටුවද බලන්න.)
11 නමුත් මෙහිදී මතක තබාගත යුතු තවත් වැදගත් කාරණයක් තිබෙනවා. එනම් කෙනෙකු යෙහෝවා දෙවිගේ නමස්කාරකයෙකු වූ පමණින් ඔහු හෝ ඇය විවාහ වීමට සුදුසුයි කියා නොසිතිය යුතු බවයි. ඒ නිසා විවාහ වීමට කෙනෙකුව සොයන විට ඔබ සමඟ සහයෝගයෙන් හා අවබෝධයෙන් කටයුතු කළ හැකි, දෙවිට සේවය කිරීම සඳහා ඔබට තිබෙන අනාගත සැලසුම්වලට ගැළපෙන කෙනෙකුව තෝරාගැනීමට උත්සාහ කරන්න. එමෙන්ම යෙහෝවා දෙවි කෙරෙහි සැබෑ ප්‍රේමයක් තිබෙන කෙනෙකුව තෝරාගන්න. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ඒ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සපයා දී තිබෙන නිසා ඒවා ගැන ගැඹුරින් කල්පනා කර බැලීම ඉතා වැදගත්. එසේ කරන විට දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කරන්න. එවිට ඒ මඟ පෙන්වීම්වලට එකඟව නිවැරදි *—ගීතාවලිය 119:105 කියවන්න.
තීරණයක් ගැනීමට ඔබට හැකි වෙයි.12. බොහෝ රටවල තිබෙන සම්ප්රදාය කුමක්ද? දෙමාපියන්ට වැදගත් ප්‍රතිපත්ති කිහිපයක් ඉගෙනගත හැක්කේ බයිබලයේ සඳහන් කුමන සිද්ධියෙන්ද?
12 බොහෝ රටවල තිබෙන සම්ප්‍රදායට අනුව තම දරුවන්ට සුදුසු සහකරුවෙකුව හෝ සහකාරියකව සොයා දෙන්නේ දෙමාපියන් විසිනුයි. එසේ කරන්නේ දරුවන්ට වඩා දෙමාපියන්ට අවබෝධය හා අද්දැකීම් බහුල බවට පොදු පිළිගැනීමක් තිබෙන නිසයි. එලෙස දෙමාපියන්ගේ තේරීමට අනුව සිදු වන විවාහයන් බොහෝදුරට සාර්ථක වී තිබෙනවා. බයිබලය ලියූ කාලයෙත් එවැනි චාරිත්‍රයක් තිබූ අතර එවැනි විවාහයන් සාර්ථක වුණා. උදාහරණයකට ආබ්‍රහම් තම පුත් ඊසාක්ට භාර්යාවක්ව සෙවීම සඳහා සේවකයෙකුව පිටත් කර යැව්වා. එහිදී ආබ්‍රහම්ට අවශ්‍ය වුණේ මිලමුදල් ඇති ඉහළ පැළැන්තියේ කෙනෙකුව ඊසාක්ට සොයා දීම නොවෙයි. ඒ වෙනුවට ඔහු මහත් උත්සාහයක් දැරුවේ යෙහෝවා දෙවිට සේවය කරන අය අතරින් සුදුසු සහකාරියකව ඊසාක්ට තෝරාගැනීමටයි. * එම සිද්ධියෙන් අද සිටින දෙමාපියන්ට වැදගත් ප්‍රතිපත්ති කිහිපයක් ඉගෙනගත හැකියි.—උත්පත්ති 24:3, 67.
විවාහය සඳහා සූදානම් වන්න
13-15. (අ) විවාහ වීමට තීරණය කර සිටින පුරුෂයෙකුට හිතෝපදේශ 24:27හි සඳහන් ප්‍රතිපත්තියෙන් ඉගෙනගත හැක්කේ මොනවාද? (ආ) විවාහ ජීවිතයට සූදානම් වීම සඳහා ස්ත්‍රියකට කළ හැක්කේ මොනවාද?
13 ආදරය කරන්න හා ලබන්න, මිත්‍රත්වයක් භුක්ති විඳින්න, දරුවන් ඇතිදැඩි කරන්න තිබෙන ආශාව නිසා හෝ ලිංගික අවශ්‍යතාවන් නිසා හෝ කෙනෙක් විවාහ වීමට තීරණය කළ හැකියි. නමුත් එවැනි ආශාවන් හා අවශ්‍යතාවන් තිබූ පමණින් ඔහු හෝ ඇය විවාහ වීමට සූදානම් කියා පැවසිය නොහැකියි. කෙනෙක් විවාහ වීමට කලින් ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ලෙස තමන්ට
පැවරෙන වගකීම් ගැන බැරෑරුම්ව සිතා බැලිය යුතුයි. ඒ නිසා විවාහ වීමට කලින්, ‘මම ඇත්තටම විවාහයට සූදානම්ද’ කියා කල්පනා කර බැලීම වැදගත්.14 හිතෝපදේශ 24:27හි සඳහන් මෙම ප්‍රතිපත්තිය සලකා බලන්න. “නිවසින් පිටත ඔබට ඇති වැඩකටයුතු සැලසුම් කර ඔබේ කෙත සකසන්න. ඉන්පසුව ඔබේ පවුල ගොඩනැඟීමටත් සැලසුම් යොදන්න.” ඒ කාලයේ පුරුෂයෙකු, විවාහ වී පවුල් ජීවිතයක් ගත කිරීමට කැමැත්තෙන් සිටිනවා නම් භාර්යාවක් හා දරුවන් රැකබලා ගැනීමේ වගකීම උසුලන්න තමාට පුළුවන්ද කියා කලින්ම සලකා බැලිය යුතුයි. ඒ නිසා ගොවිතැන් කර තම වැඩකටයුතු සාර්ථකව ඉටු කරන කෙනෙකු බව ඔහුට ඔප්පු කරන්න සිදු වුණා. අදටත් ඒ ප්‍රතිපත්තිය අදාළයි. විවාහ වීමට කැමැත්තෙන් සිටින පුරුෂයෙක් තමාට ශරීර ශක්තිය තිබෙන තාක් කල් වෙහෙස මහන්සි වී වැඩ කරන්න අවශ්‍ය බව තේරුම්ගත යුතුයි. එය බැරෑරුම් වගකීමක්. ඇත්තෙන්ම බයිබලයේ පවසන්නේ කෙනෙක් තම පවුලේ අයගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වන්නේ නැත්නම් ඔහු දෙවි ගැන විශ්වාසයක් නැති කෙනෙකුට වඩා අන්ත බවයි. පවුලේ අයගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වීම යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා ගැන පමණක් නොව ඔවුන්ගේ මානසික ශුභසිද්ධිය ගැනත් දෙවිට කරන නමස්කාරයට දායක වන දේවල් ගැනත් සැලකිලිමත් විය යුතු බවයි.—1 තිමෝති 5:8 කියවන්න.
15 විවාහ වීමට තීරණය කරන ස්ත්‍රියක්ද පවුල තුළ තමාට බැරෑරුම් වගකීම් ඉසිලීමට සිදු වන බව තේරුම්ගත යුතුයි. පුරුෂයාට සහයෝගය දක්වමින් පවුල රැකබලා ගැනීම ඇගේ වගකීම්වලට ඇතුළත් වෙනවා. ඒ සඳහා ඇයට අවශ්‍ය සමහරක් ගුණාංග හා දක්ෂතා ගැන බයිබලයේ සඳහන් වී තිබෙනවා. (හිතෝපදේශ 31:10-31) ප්‍රශංසාවට ලක් කර තිබෙන එවැනි ගුණාංග හා දක්ෂතා විවාහ වීමට කලින් තම ජීවිතය තුළ වර්ධනය කරගැනීමට ස්ත්‍රියක් උත්සාහ කිරීම කොතරම් ඥානවන්තද! තමන්ට ඉසිලීමට සිදු වන වගකීම් ගැන බැරෑරුම්ව නොසිතා හදිස්සි වී විවාහ වන පුරුෂයන් හා ස්ත්‍රීන් ඇත්තෙන්ම ආත්මාර්ථකාමියි. මන්ද තම සහකරුට හෝ සහකාරියට තමන්ගෙන් ඉටු විය යුතු වගකීම් ගැන ඔවුන්ට කිසි තැකීමක් නැහැ. පවුල් ජීවිතය සාර්ථක වීමට නම් වඩා වැදගත් වන්නේ ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම පවුල් ජීවිතය හා සම්බන්ධ දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගැනීමට සූදානමින් සිටීමයි.
16, 17. විවාහ වීමට තීරණය කරන අය ගැඹුරින් සිතා බැලිය යුත්තේ කුමන බයිබල් ප්‍රතිපත්ති ගැනද?
16 උදාහරණයකට ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් පවුලේ මූලිකයා ලෙස කටයුතු කරන විට ඔහු ක්‍රිස්තුස්ව ආදර්ශයට ගත යුතුයි. මූලිකයා වූ පමණින් කුරිරු ලෙස පවුලට සැලකීමට ඔහුට බලතල තිබෙන බව කිසිවිටක නොසිතිය යුතුයි. (එෆීස 5:23) එමෙන්ම ක්‍රිස්තියානි භාර්යාවක් යෙහෝවා දෙවිගේ හා ක්‍රිස්තුස්ගේ නීතියට පමණක් නොව පවුලේ මූලිකයා ලෙස ‘ස්වාමිපුරුෂයා පනවන නීතිවලටත්’ යටත් විය යුතු බව තේරුම්ගත යුතුයි. (රෝම 7:2; ගලාති 6:2) ‘දුර්වලකම් ඇති පුරුෂයෙකුගේ නීතිරීතිවලට යටත්ව සිටීමට මට පුළුවන්ද’ කියා විවාහ වීමට තීරණය කරන ස්ත්‍රියක් කල්පනා කර බැලිය යුතුයි. එසේ යටත්ව කටයුතු කිරීමට කැමති නැත්නම් විවාහ නොවී සිටීම වඩා හොඳයි.
17 එමෙන්ම ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම එකිනෙකාගේ විශේෂ අවශ්‍යතා ඉටු කර දීමට සූදානමින් සිටිය යුතු බවත් මනසේ තබාගැනීම වැදගත්. (ෆිලිප්පි 2:4 කියවන්න.) එම අවශ්‍යතා මොනවාද කියා දෙවිගේ මඟ පෙන්වීමෙන් පාවුල් මෙසේ පැවසුවා. “ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.” පාවුල් පැවසූ දෙයින් පැහැදිලි වන්නේ තම භාර්යාව තමන්ට මුළු හදවතින්ම ගෞරව කරන බව ස්වාමිපුරුෂයාට දැනෙන්න අවශ්‍ය බවයි. එමෙන්ම තම පුරුෂයා තමන්ට බොහෝ සෙයින් ප්‍රේම කරන බව භාර්යාවට දැනෙන්න අවශ්‍යයි.—එෆීස 5:21-33.
විවාහ වීමට පෙර ඇසුරු කරන කාලයේදී හුදෙකලා නොවීමට වගබලා ගැනීම ඥානවන්තයි
18. විවාහ වීමේ අරමුණින් ඇසුරු කරන විට දෙදෙනාම ඔවුන්ගේ හැඟීම් පාලනය කරගත යුත්තේ ඇයි?
18 ඉහත සලකා බැලූ කරුණුවලින් පැහැදිලි වන්නේ විවාහ වීමේ අරමුණින් දෙදෙනෙකු ඇසුරු කරන කාලය සැහැල්ලුවෙන් ගත කළ යුතු කාලයක් නොවන බවයි. ඇත්තෙන්ම එම කාලයේදී ඔවුන් දෙදෙනා එකිනෙකාව හොඳින් දැන හඳුනා ගත යුතු අතර එකිනෙකා සමඟ කටයුතු කළ යුතු අයුරු තේරුම්ගත යුතුයි. එමෙන්ම තමන් 1 තෙසලෝනික 4:6) ඔබ දැනටමත් විවාහ වීමේ අරමුණින් කෙනෙකුව ඇසුරු කරනවා නම් ඔබේ හැඟීම් පාලනය කරගැනීමට ඉගෙනගන්න. මන්ද ඔබ විවාහ වුණත් නැතත් තම හැඟීම් පාලනය කරගැනීමේ හැකියාව මුළු ජීවිත කාලය පුරාම ඔබට ප්‍රයෝජනවත් වන බව නිසැකයි.
ඇසුරු කරන පුද්ගලයා සමඟ විවාහ දිවියට ඇතුල් වීම ඥානවන්තම දෙයද කියා කල්පනා කර බැලීමටත් එම කාලය ප්‍රයෝජනයට ගන්න. දෙදෙනෙකු ඇසුරු කරන එම කාලය ඉතා ප්‍රීතිමත් කාලයක් වුණත් එකිනෙකා සමඟ කාලය ගත කරන විට තම හැඟීම් පාලනය කරගත යුතුයි. මන්ද එකිනෙකා අතරේ ප්‍රබල ආකර්ෂණයක් තිබෙන නිසා නොහොබිනා දෙයක් කිරීමට තිබෙන පෙලඹීම වැඩියි. නමුත් සැබෑ ප්‍රේමයකින් බැඳී සිටින දෙදෙනෙක් දෙවි සමඟ තිබෙන ඔවුන්ගේ මිත්‍රත්වයට හානියක් සිදු විය හැකි කිසිම දෙයක් නොකිරීමට වගබලා ගන්නවා. (ප්‍රීතිමත් යුග දිවියකට අඩිතාලමක්
19, 20. අද බොහෝදෙනෙකු විවාහය සලකන ආකාරය හා සැබෑ ක්‍රිස්තියානීන් එය සලකන ආකාරය අතර තිබෙන වෙනස කුමක්ද? පැහැදිලි කරන්න.
19 කල් පවතින විවාහයක් සඳහා විවාහ බැඳීම ගැන දෙදෙනාටම නිසි ආකල්පයක් තිබීම අවශ්‍යයි. නවකතා හා චිත්‍රපටිවල විවාහය ගැන නිවැරදි අදහසක් ලබා දෙන්නේ නැහැ. විවාහයක් බොහෝදුරට සිදු වන්නේ චිත්‍රපටියේ හෝ කතාවේ අවසානයේදීයි. ඒ නිසා බොහෝදෙනෙකු විවාහය දකින්නේ ප්‍රශ්න ගැටලුවලට අවසානයක් ලබා දෙන සුන්දර දෙයක් ලෙසයි. නමුත් සැබෑ ජීවිතයේදී විවාහයක් කියන්නේ අලුත් ජීවිතයක ආරම්භයක්. ඒ අලුත් ජීවිතයේදී දෙදෙනාට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු විය හැකියි. නමුත් ඔවුන් අතර ඇති වන බැඳීම දිගටම රැකගැනීම දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. (උත්පත්ති 2:24) අද සමාජයේ වැඩිදෙනෙක් එවැනි මතයක් දරන්නේ නැහැ. දෙදෙනෙක් විවාහ වීම, ‘කසාද බඳිනවා’ ලෙසත් හඳුන්වා තිබෙනවා. සාමාන්‍යයෙන් යම් දෙයක් බැන්දොත් එය ඕනෑ තරම් කාලයක් තිබෙන අතර ඕනෑ නම් එය ලිහා දමන්නත් පුළුවන්. අද විවාහය සම්බන්ධයෙන් බොහෝදෙනෙකුට තිබෙන ආකල්පයත් එයම නොවේද!
20 බොහෝදෙනෙකු විවාහය සලකන්නේ තාවකාලික බැඳීමක් ලෙසයි. ඒ නිසා තම අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා දුර දිග මතෙව් 19:6) ඔබත් විවාහ වීමට තීරණය කර සිටිනවා නම් විවාහය සම්බන්ධයෙන් ඔබටත් තිබිය යුත්තේ එම ආකල්පයමයි. නමුත් විවාහ බැඳීම සදාකාලික බැඳීමක් නිසා එය කරදරකාරී දෙයක් කියා අප කිසිවිටක නොසිතිය යුතුයි.
නොබලා ඔවුන් විවාහ දිවියට පිවිසෙනවා. යම් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට ඔවුන් ඇති කරගත් බැඳීම ඉක්මනින්ම කඩා බිඳ දමන්න හැකියි කියාත් ඔවුන් සිතනවා. නමුත් බයිබලයේ විවාහ බැඳීම තුන්පට ලණුවකට සමාන කර තිබෙන බව ඔබට මතක ඇති. ඉන් පැහැදිලි වන්නේ විවාහය තාවකාලික බැඳීමක් නොව කල් පවතින ශක්තිමත් බැඳීමක් විය යුතු බවයි. උදාහරණයකට රුවල් නැව් සඳහා භාවිත කරන ලණු ගැන ටිකක් සිතන්න. ඒවා ලෙහෙසියෙන්ම නොකැඩෙන ලෙස ශක්තිමත් අයුරින් සාදා තිබෙනවා. මන්ද රුවල් නැව ඕනෑම කුණාටු තත්වයකට මුහුණ දීමට නම් එහි ලණු ඉතා ශක්තිමත්ව තිබීම ඉතා වැදගත්. ඒ හා සමානව දෙවි විවාහ බැඳීම ඇති කළෙත් ශක්තිමත්, කල් පවතින බැඳීමක් ලෙසයි. ඒ කාරණය කාවද්දමින් යේසුස්ද පැවසුවේ, ‘විවාහ වන දෙදෙනාව දෙවි එක් කරන නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතු’ බවයි. (21. විවාහ යුවළකට එකිනෙකා ගැන තිබිය යුත්තේ මොන වගේ ආකල්පයක්ද? එසේ කිරීමට ඔවුන්ට උපකාරවත් වන්නේ කුමක්ද?
21 යුග දිවිය ප්‍රීතියෙන් හා ප්‍රබෝධයෙන් ගත කිරීමට නම් ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාටම එකිනෙකා ගැන හොඳ ආකල්පයක් තිබිය යුතුයි. ඒ සඳහා එකිනෙකාගේ හොඳ ගුණාංග වෙතට හා විවාහය සාර්ථක කරගැනීමට එකිනෙකා දරන උත්සාහයන් වෙතට අවධානය දීමට වෑයම් කරන්න. අපි හැමෝම අතින් වැරදි සිදු වන නිසා අපේ සහකරුගේ හෝ සහකාරියගේ යහපත් ගුණාංග පමණක් දකින්න උත්සාහ කිරීම අඥාන දෙයක් කියා ඔබ සිතනවාද? මේ ගැන ටිකක් සිතන්න. අපි අතින් වැරදි සිදු වුණත් යෙහෝවා දෙවි අපේ යහපත් ගුණාංග වෙතට පමණක් අවධානය දෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. නමුත් දෙවි අඥාන කෙනෙකු කියා අප කිසිවිටකවත් සිතන්නේ නැහැ. ගීතිකාකරුත් දෙවිගෙන් මෙසේ අයැද සිටියා. “යෙහෝවා දෙවියනි, ඔබ අපේ වැරදි දෙසම බලා සිටිනවා නම්, අනේ යෙහෝවා දෙවියනි, ඔබ ඉදිරියේ සිටිය හැක්කේ කාටද?” (ගීතාවලිය 130:3) එසේනම් ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම එකිනෙකාගේ යහපත් ගුණාංග අගය කරමින් එකිනෙකා අතින් සිදු වන අඩුපාඩුකම්වලට සමාව දීමට උත්සාහ දැරීම මොන තරම් හොඳ දෙයක්ද!—කොලොස්සි 3:13 කියවන්න.
22, 23. ආබ්‍රහම් හා සාරා විවාහකයන්ට හොඳ ආදර්ශයක් වන්නේ කෙසේද?
22 විවිධ අභියෝග හා දුෂ්කරතාවලට මුහුණ දුන්නත් යුවළක් තම පවුල් ජීවිතය දිගු කාලයක් පුරා රැකගැනීමට උත්සාහයක් දරනවා නම් ඉන් බොහෝ ආශීර්වාද නෙළාගත හැකියි. ආබ්‍රහම් හා සාරා එලෙස කටයුතු කළ යුවළක්. බයිබලයේ ඔවුන් ගැන මුලින්ම විස්තර සපයන විට ඔවුන් මහලු වයසෙයි සිටියේ. ඒ වන විට ඔවුන් උත්පත්ති 18:12; 1 පේතෘස් 3:6.
විවාහ වී අවුරුදු ගණනාවක් ගත වී තිබුණා. නමුත් ඔවුන්ට නොයෙකුත් ප්‍රශ්න හා අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. උදාහරණයකට ඌර් නගරයේ තිබූ තම සැප පහසු නිවස අත්හැර ජීවිතයේ ඉතිරි කාලය පුරාම කූඩාරම්වල ජීවත් වීමට සාරාට සිදු වුණා. එය ඇයට එතරම් ලෙහෙසි දෙයක් නොවන්න ඇති. මන්ද ඒ වන විට ඇයට වයස අවුරුදු 60ක් පමණ වුණා. නමුත් ඇය ඇගේ පවුලේ මූලිකයාට යටත්ව ඔහු ගත් තීරණයට සම්පූර්ණ සහයෝගය දුන්නා. ඇය පෙන්වූ යටත්කම බොරු මවාපෑමක් නොවෙයි. ඇය තම පුරුෂයාට, “ස්වාමීනි” කියා අමතමින් ඔහුට හදවතින්ම ගෞරව කළා.—23 ඒ දේවලින් අදහස් වන්නේ ආබ්‍රහම්ට හා සාරාට එකම අදහස් තිබූ බවද? නැහැ. ඇය එක් අවස්ථාවක පවුල සම්බන්ධයෙන් කළ යෝජනාවක් ගැන ආබ්‍රහම්, ‘දැඩි ලෙස අමනාප වූ’ බව බයිබලයේ සඳහන් වෙනවා. නමුත් පසුව යෙහෝවා දෙවි ලබා දුන් මඟ පෙන්වීමකට අනුව ආබ්‍රහම් ඉතා නිහතමානීව සාරාගේ යෝජනාව පිළිගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස මුළු පවුලටම ආශීර්වාද ලැබුණා. (උත්පත්ති 21:9-13) කාලයක් පුරා විවාහ වී සිටින අය ඇතුළු අනික් සියලුම විවාහකයන්ට දේවගරුබිය පෙන්වූ මේ යුවළගෙන් බොහෝ දේ ඉගෙනගත හැකියි.
24. දෙවිට ප්‍රශංසාවක් ගෙන දීමට නම් විවාහ ජීවිතය තුළ අප උත්සාහ කළ යුත්තේ කුමක් කිරීමටද? එසේ කිරීමේ ප්‍රතිඵලය කුමක්ද?
24 සැබෑ ක්‍රිස්තියානීන් අතරේ යුග දිවිය ඉතා ප්‍රීතියෙන් ගත කරන බොහෝදෙනෙක් සිටිනවා. මන්ද ක්‍රිස්තියානි භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දක්වනවා. ස්වාමිපුරුෂයාද තම භාර්යාව සමඟ ඉතා ගෞරවයෙන් හා ප්‍රේමයෙන් කටයුතු කරනවා. ඔවුන් දෙදෙනාම එක්ව යෙහෝවා දෙවිගේ කැමැත්ත ඉටු කිරීම ඔවුන්ගේ ජීවිතවල මුල් තැනට දැමීමට උත්සාහ කරනවා. ඔබ විවාහ වීමට තීරණය කර තිබෙනවා නම් ඔබේ සහකරු හෝ සහකාරිය සම්බන්ධයෙන් ඥානවන්ත තේරීමක් කරන්න. කල් පවතින විවාහ ජීවිතයකට දැන් තියාම සූදානම් වන්න. විවාහ වූ පසු සාමකාමී, ප්‍රේමයෙන් පිරුණු විවාහ ජීවිතයක් ගත කිරීමට උත්සාහ දරන්න. එවිට යෙහෝවා දෙවිට ප්‍රශංසා ගෙන දීමට ඔබට හැකි වෙයි. ඔබ එසේ කරනවා නම් දෙවිගේ ප්‍රේමය දිගටම ලබාගැනීමට ඔබේ විවාහය ඔබට උපකාරවත් වෙයි.
^ 11 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද, “පවුලේ සන්තෝෂයට රහස” නමැති පොතේ දෙවෙනි පරිච්ඡේදය බලන්න.
^ 12 ඡේ. බයිබලය ලියූ කාලයේ ජීවත් වූ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් සමහරදෙනෙකුට එක් භාර්යාවකට වඩා සිටියා. ඒ කාලයේදී දෙවි ඒ චාරිත්‍රයට ඉඩ දී තිබුණත් එම චාරිත්‍රය හඳුන්වා දුන්නේ දෙවි නොවෙයි. නමුත් ඉන් අයුතු ප්‍රයෝජන ගැනීම වැළැක්වීම සඳහා දෙවි යම් ප්‍රමිති ලබා දුන්නා. කෙසේවෙතත් භාර්යාවන් කිහිපදෙනෙකුව විවාහ කරගැනීම යෙහෝවා දෙවි අද දින අනුමත කරන්නේ නැති බව ක්‍රිස්තියානීන් මතක තබාගත යුතුයි.—මතෙව් 19:9; 1 තිමෝති 3:2.