1වෙනි කොටස
සත්‍යය එළිදරව් වෙයි
ඔබ දැන් ඉන්නේ බයිබල් පාඩමක් කරන ගමන් කියලා හිතන්න. බයිබල් පදයක් කියවලා ඒක පැහැදිලි කළාට පස්සේ බයිබල් ශිෂ්‍යයා පුදුමයෙන් මෙහෙම අහනවා. “ඒ පදයේ කියන්නේ මේ මුළු පොළොවම පාරාදීසයක් වෙලා අපිට හැමදාමත් ජීවත් වෙන්න ලැබෙනවා කියලද?” ඔබත් එක්ක පාඩමට හවුල් වෙන අනිත් සහෝදරයා හරිම සන්සුන් විදිහට මෙහෙම කියනවා. “ඔව්. ඔයා දැන් කියවපු බයිබල් පදේ තියෙන විදිහට ඒක තමයි ඉස්සරහට වෙන්නේ.” ඒ සත්‍යය දැනගත්තාම ශිෂ්‍යයා හුඟක් සතුටු වෙනවා. එයා මෙහෙම කියනවා. “මෙච්චර හොඳ බලාපොරොත්තුවක් ගැන මීට කලින් මට දැනගන්න ලැබුණේ නැත්තේ ඇයි කියලා මට නම් හිතාගන්නවත් බැහැ.” මීට සති කිහිපයකට කලින් ඔබ දෙවිගේ නම බයිබලයෙන් මුල්ම වතාවට එයාට පෙන්නුවාමත් එයා කිව්වේ ඒ වගේ දෙයක්.
අපි අතරේ ඉන්න හුඟදෙනෙක්ට ඒ වගේ අද්දැකීම් තියෙනවා. දෙවිගේ සෙනඟ හැටියට අපිට සත්‍යය දැනගන්න ලැබිලා තියෙන එක මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! අපිට ඒ වරප්‍රසාදය ලැබුණේ කොහොමද? මේ කොටසින් අපි බලන්නේ ඒ ගැනයි. දැනට වසර 100ක කාලයක් තිස්සේ දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස් සත්‍යය ගැන දෙවිගේ සෙනඟව දැනුවත් කරමින් ඉන්නවා. අපිට සත්‍යය ගැන ක්‍රමානුකූලව දැනගන්න ලැබිලා තියෙන එකෙන් පැහැදිලි වෙන්නේ දෙවිගේ රාජ්‍යය සැබෑ දෙයක් කියලයි.
මේ කොටසේ
3වෙනි පරිච්ඡේදය
යෙහෝවා දෙවි තම අරමුණ හෙළි කරයි
දෙවිගේ රාජ්‍යය පිහිටුවන එක දෙවිගේ මුල් අරමුණට අයිති වුණාද? දෙවිගේ රාජ්‍යය ගැන තොරතුරු යේසුස් හෙළි කළේ කොහොමද?
4වෙනි පරිච්ඡේදය
යෙහෝවා දෙවි තම නාමය ගෞරවයට පත් කරයි
දෙවිගේ රාජ්‍යයෙන් දෙවිගේ නම ගෞරවයට පත් වෙලා තියෙන්නේ කොහොමද? යෙහෝවා දෙවිගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරන්න ඔබ කරන්නේ මොනවාද?
5වෙනි පරිච්ඡේදය
දෙවිගේ රාජ්‍යය ගැන රජ තොරතුරු හෙළි කරයි
දෙවිගේ රාජ්‍යය ගැනත් එහි පාලකයන් සහ යටත්වැසියන් ගැනත් එයට පක්ෂපාත වෙන්න ඕනෙ කොහොමද කියලත් දැනගන්න.