හොඳ මිතුරන් හොයාගන්නේ කොහොමද?
8වෙනි පරිච්ඡේදය
හොඳ මිතුරන් හොයාගන්නේ කොහොමද?
“මට කේන්තියක් ආවාම කාට හරි ඒ ගැන කියන්න ඕනේ. මගේ හිතට දුකක් දැනුණාම මාව සනසන්නත් මම සතුටු වෙද්දී මාත් එක්ක ඒ සතුට බෙදාගන්නත් කවුරු හරි කෙනෙක් ඉන්නම ඕනේ. මට නම් යාළුවෙක් නැත්නම් ජීවිතයක් නැහැ!”—බ්‍රිට්නි.
පුංචි දරුවන්ට අවශ්‍ය වෙන්නේ එයාලත් එක්ක සෙල්ලම් කරන්න කවුරු හරි කෙනෙක්. ඒත් යෞවනයන්ට අවශ්‍ය වෙන්නේ හොඳ මිතුරන්ව. පුංචි දරුවෙක් එක්ක සෙල්ලම් කරන්න එන කෙනෙක් හා හොඳ මිතුරෙක් අතර ඇති වෙනස කොයි වගේද?
දරුවෙක් එක්ක සෙල්ලම් කරන්න එන කෙනෙක් එන්නේ ඒ දරුවාගේ තනි නොතනියටයි.
හොඳ මිතුරෙක් කියන්නේ ඔබ හා සමාන සිතුම් පැතුම් තිබෙන ඔබව අගය කරන කෙනෙකුටයි.
බයිබලයේ හොඳ මිත්රයෙක්ව හඳුන්වන්නේ, ‘සෑම වෙලේම ප්‍රේමණීය, විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙක්’ ලෙසයි. (හිතෝපදේශ 17:17) පුංචි කාලේ ඔබත් එක්ක සෙල්ලම් කළ කෙනෙක් සමඟ ඇති වූ බැඳීමට වඩා හොඳ මිත්‍රයෙක් සමඟ ඇති වන බැඳීම ශක්තිමත්.
ඔබ වැඩිහිටි වියට පා තබද්දී ඔබට අවශ්‍ය වෙන්නේ
1. හොඳ ගතිගුණ ඇති
2. ප්‍රතිපත්තිගරුක
3. හරි මඟ පෙන්වීම් ලබා දෙන මිතුරන්වයි.
ඉහත කී ආකාරයේ මිතුරන්ව ඔබ සොයාගන්නේ කොහොමද? අපි දැන් එම කාරණා එකින් එක සලකා බලමු.
හොඳ ගතිගුණ ඇති මිතුරන්
ඔබ දැන සිටිය යුතු දේ. සෑම මිත්‍රයෙක්ම හොඳ මිත්‍රයෙක් නොවෙයි. බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “ද්‍රෝහිව කටයුතු කරන මිතුරෝ සිටිති.” (හිතෝපදේශ 18:24) මිත්‍රයෙක් ද්‍රෝහිකම් කරන්නේ නැහැ කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් මේ දේ කල්පනා කර බලන්න. වාසි ප්‍රයෝජන සඳහා පමණක් ඔබ සමඟ මිත්‍රකම් පැවැත්වූ කෙනෙකු ඔබට මතකද? එසේත් නැත්නම් ඔබ නැති තැන ඔබට විරුද්ධව කතා කළ කෙනෙකු ඔබට මතකද? ඔබේ මිතුරෙක් එවැනි දෙයක් කළා නම් ඔබ කවදාවත් ඔහුව හෝ ඇයව විශ්වාස කරන්නේ නැහැ. * වංක මිතුරන් දහසකට වඩා එක අවංක මිතුරෙක් සිටීම බොහෝ සෙයින් වටිනවා.
ඔබට කළ හැකි දේ. අනුකරණය
කිරීමට වටින, හොඳ ගතිගුණ තිබෙන මිතුරන්ව ආශ්‍රය කරන්න.“මගේ යාළුවාගේ නම ෆියෝනා. හැමෝම එයා ගැන හොඳ කියනවා. මං ගැනත් ඒ වගේ කතා කරනවාට මං කැමතියි. ඒ වගේ හොඳ නමක් මටත් තියෙනවා නම් මං ආසයි.”—ඉවෙට්, අවුරුදු 17යි.
අත්හදා බලන්න
1. ගලාති 5:22, 23 කියවන්න.
2. මේ ගැන කල්පනා කර බලන්න. ‘“දෙවිගේ බලය” ඇති කෙනෙකු තුළ දකින්න ලැබෙන හොඳ ගුණාංග මගේ මිතුරන් තුළත් තියෙනවාද?’
3. ඔබේ කිට්ටු මිතුරන්ගේ නම් පහත සඳහන් කරන්න. ඊට ඉදිරියෙන් ඔහු හෝ ඇය ගැන ඔබේ මතකයට එන ගුණාංගය ලියන්න.
නම
․․․․․
ගුණාංගය
․․․․․
යෝජනාවක්: ඔබේ මිතුරාගේ නමත් සමඟ ඔබේ මතකයට නැඟෙන්නේ නරක ගුණාංගයක් නම් ඒ මිතුරාව තවදුරටත් ඇසුරු නොකිරීම සුදුසුයි.
බයිබල් ප්‍රතිපත්තිවලට ගරු කරන මිතුරන්
ඔබ දැන සිටිය යුතු දේ. මිත්‍රයෙක් නැහැයි කියා ඔබ ළත හිතෝපදේශ 13:20) එහි “අඥානයන්” කියා හඳුන්වන්නේ කාගෙවත් උපදෙස් පිළි නොගන්න, තම හිතුමතේට ක්‍රියා කරන කෙනෙකුව මිස උගත්කමින් අඩු කෙනෙකුව නොවෙයි. එවැනි අයව ඔබේ මිත්‍රයන් කරගන්න ඔබට අවශ්‍යද?
වෙනවා නම් ඔබ තෝරා බේරා ගැනීමකින් තොරව ඕනෑම කෙනෙකුව මිත්‍රයෙක් කරගැනීමට පෙලඹෙයි. බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (ඔබට කළ හැකි දේ. ඕනෑම කෙනෙකුව මිතුරෙක් ලෙස පිළිගන්න එපා. තෝරා බේරා ගෙන මිතුරන්ව ඇසුරු කරන්න. (ගීතාවලිය 26:4) ඔබ හැමෝටම එක හා සමානව සලකන්නේ නැති කෙනෙක් කියා ඉන් අදහස් කරන්නේ නැහැ. නමුත් එයින් පෙන්වන්නේ ඔබට “ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත් දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත්” හඳුනාගන්න හැකියාවක් තිබෙන බවයි.—මලාකි 3:18.
“දෙවිත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන සිටින මගේම වයසේ අයව මිතුරන් හැටියට තෝරගන්න මගේ දෙමාපියන් මට උදව් කළා. ඒ ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.”—ක්‍රිස්ටෝෆර්, අවුරුදු 13යි.
පහත දැක්වෙන ප්‍රශ්නවලට ඔබේ පිළිතුරු ලකුණු කරන්න.
ඔබේ මිතුරන් සමඟ සිටින විට වැරදි දෙයක් කිරීමට ඔවුන් ඔබව පොලඹවයි කියා ඔබට භයක් දැනෙනවාද?
□ ඔව්
□ නැහැ
දෙමාපියන් ඔබේ මිතුරන්ට අකමැති වෙයි කියා සිතෙන නිසා ඔබ ඔවුන්ව දෙමාපියන්ට හඳුන්වා දෙන්න භයද?
□ ඔව්
□ නැහැ
යෝජනාවක්: ඔබ ඉහත සඳහන් ප්‍රශ්නවලට ඔව් කියා පිළිතුරු දුන්නා නම් ආදර්ශවත් ක්‍රිස්තියානීන් ලෙස ජීවත් වන මිතුරන්ව සොයාගැනීමට වෑයම් කරන්න.
හරි මඟට යොමු කරන මිතුරන්
ඔබ දැන සිටිය යුතු දේ. “නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 15:33) ලෝරන් කියන දේ සලකා බලන්න. “මගේ යාළුවෝ මාව පිළිගත්තේ මම ඒ අය කැමති දේවල් කරන කොට විතරයි. මටත් යාළුවෙක් ඕන වෙලා තිබුණු නිසා එයාලා කියන කියන දේ මං කළා.” ඔබේ යාළුවන්ට කැමති විදිහට ඔබ දේවල් කරනවා නම් ඔබ හරියට ඔවුන්ගේ අතේ ඉන්න ඉත්තෙක් වගෙයි. ඔබට අවශ්‍ය එවැනි මිතුරන්ද?
ඔබට කළ හැකි දේ. ඔබේ මිතුරන් ඔවුන් කැමති විදිහට කටයුතු කරන්න කියා ඔබට බල කරනවා නම් ඔවුන්ගෙන් ඈත් වෙන්න. ඔබ එවැනි පියවරක් ගන්නා විට ඔබේ සමහර මිතුරන් ඔබෙන් ඈත් වෙයි. ඒත් ඔබ හරි දේ කරන නිසා ඔබට සතුටක් දැනෙයි. ඒ වගේම ඔබව හරි මඟට යොමු කරන හොඳ මිතුරන්ව සොයාගැනීමටත් අවස්ථාව උදා වෙයි.—රෝම 12:2.
“මගේ හොඳම යාළුවා ක්ලින්ට්. එයා හොඳට හිතලා බලලා වැඩ කරන කෙනෙක්. එයාට අනික් අයගේ දුක හොඳට තේරෙනවා. එයා මට ලොකු ශක්තියක්.”—ජේසන්, අවුරුදු 21යි.
පහත දැක්වෙන ප්‍රශ්නවලට ඔබේ පිළිතුරු ලකුණු කරන්න.
ඔබේ මිතුරන්ව සතුටු කරන්න ඕනේ නිසා ඔබේ ඇඳුම් පැළඳුම්, කතාබහ සහ හැසිරීම වෙනස් වෙලාද?
□ ඔව්
□ නැහැ
ඔබේ මිතුරන්ට ඕනේ නිසා සුදුසු නැති තැන්වලට පවා ඔබ යනවාද?
□ ඔව්
□ නැහැ
යෝජනාවක්: ඔබේ පිළිතුරු ඔව් නම් ඔබේ දෙමාපියන් හෝ වෙනත් වැඩිහිටි කෙනෙකු සමඟ ඒ ගැන කතා කරන්න. ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් හොඳ මිතුරන් සොයාගැනීමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් සභාවේ සිටින වැඩිමහල්ලෙකුගෙන්ද ලබාගත හැකියි.
තවත් දැනගැනීමට 2වන පොතේ 9වන පරිච්ඡේදය බලන්න
ඔබව වැරදි දේට පොලඹවන්නේ මිතුරෙක්ද? නැත්නම් ඔබේම හදවතද? එවැනි පෙලඹීම් වළක්වාගන්නේ කොහොමද කියා කියවා බලන්න!
[පාදසටහන]
^ 14 ඡේ. සෑම කෙනෙකුගේම අතින් වැරදි සිදු වෙනවා. (රෝම 3:23) මිතුරෙක් අතින් වරදක් සිදු වී ඔහු ඒ ගැන අවංකව පසුතැවෙනවා නම්, “ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය” හැකි නිසා ඔහුට සමාව දෙන්න.—1 පේතෘස් 4:8.
බයිබල් උපදෙස
‘සහෝදරයෙකුට වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක් සිටියි.’—හිතෝපදේශ 18:24.
යෝජනාවක්
ඔබ ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන විට එවැනි ජීවිතයක් ගත කිරීමට කැමති අය ඔබව ඇසුරු කරයි. ඔබට සිටිය හැකි හොඳම මිතුරන් ඔවුනුයි.
ඔබ මේ ගැන දැන සිටියාද . . . ?
දෙවි තරාතිරම් බලන්නේ නැහැ. ඒත් ඔහුගේ ‘ශුද්ධ කූඩාරමට ඇතුල් වීමට’ සෑම කෙනෙකුටම අවසර දෙන්නේ නැහැ.—ගීතාවලිය 15:1-5.
ගත හැකි පියවර
හොඳ මිතුරන් හොයාගන්න නම් මම ․․․․․
මේ අය මට වඩා වයසින් වැඩි වුණත් ඔවුන්ව මගේ මිතුරන් කරගන්න කැමතියි ․․․․․
මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․
ඔබ සිතන්නේ කුමක්ද?
● මිතුරෙක් තුළ ඔබ වැඩියෙන්ම දකින්න කැමති ගුණාංග මොනවාද? ඒ ඇයි?
● හොඳ මිතුරෙක් වීමට නම් ඔබ තුළ තිබිය යුතු ගුණාංග මොනවාද?
[60වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘මගේ දෙමාපියන් මම ආශ්‍රය කරන සමහර යාළුවන්ගෙන් මට ඈත් වෙන්න කියලා කිව්වා. ඒත් මං හිතුවේ ඒ යාළුවෝ තරම් හොඳ අය මට තවත් නැහැ කියලා. අම්මලා කිව්ව දේ හරි! එයාලා දුන්න උපදෙස් ගැන කල්පනා කරලා බලද්දී මට තේරුණා මීට වඩා හොඳ මිතුරන්ව හොයාගන්න පුළුවන් කියලා.’’—කෝල්
[61වන පිටුවේ කොටුව]
මෙම යෝජනා අත්හදා බලන්න
හොඳ මිතුරන්ව සොයාගැනීමට දෙමාපියන්ගෙන් අදහස් විමසන්න. ඔවුන් ඔබේ වයසේ සිටිද්දී ඔවුන් ඇසුරු කළේ කොයි වගේ මිතුරන්ද? ඔවුන් මිතුරන් ලෙස තෝරාගත් අය ගැන ඔවුන් පසුතැවෙනවාද? එසේනම් ඊට හේතුව කුමක්ද? එවැනි තත්වයක් ඔබට ඇති නොවීමට කුමක් කළ හැකිද කියා ඔවුන්ගෙන් විමසන්න.
ඔබේ මිතුරන්ව දෙමාපියන්ට හඳුන්වා දෙන්න. ඔබ එය කිරීමට අදිමදි කරනවා නම් ‘ඒ ඇයි’ කියා සිතා බලන්න. ඔබේ දෙමාපියන් අකමැති යම් පුරුද්දක් ඔබේ මිතුරන් තුළ දකින්න තිබෙන නිසාද? එසේනම් මිතුරන් තේරීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න.
හොඳින් සවන් දෙන්න. ඔබේ මිතුරන් ගැන පෞද්ගලික සැලකිල්ලක් දක්වන්න.—ෆිලිප්පි 2:4.
සමාව දෙන්න. මිතුරන් අතින් කවදාවත් වැරදි සිදු වෙන්නේ නැහැයි කියා සිතන්න එපා. “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.”—යාකොබ් 3:2.
මිතුරන්ට නිදහස දෙන්න. මිතුරන් සැමවිටම ඔබ සමඟම සිටිය යුතුයි කියා සිතන්න එපා. හොඳ මිතුරන් ඔබට අවශ්‍ය වෙලාවට පිහිටට එයි.—දේශනාකාරයා 4:9, 10.
[63වන පිටුවේ පින්තූරය]
ඔබේ යාළුවන්ට කැමති විදිහට ඔබ දේවල් කරනවා නම් ඔබ හරියට ඔවුන්ගේ අතේ ඉන්න ඉත්තෙක් වගෙයි