Skip to content

පටුනට යන්න

8වන කොටස

යේසුස්ගේ ජීවිත පූජාව ඔබ අගය කළ යුත්තේ ඇයි?

යේසුස්ගේ ජීවිත පූජාව ඔබ අගය කළ යුත්තේ ඇයි?

යේසුස් මැරුණේ අපට සදාකාල ජීවනය ලබා දෙන්නයි. යොහන් 3:16

යේසුස් මිය ගොස් දින තුනකට පසුව ස්ත්‍රීන් කිහිපදෙනෙක් ඔහුගේ සොහොන් ගෙට ගියත් ඔහුගේ දේහය එහි තිබුණේ නැහැ. එසේ වුණේ යෙහෝවා දෙවි ඔහුව මරණයෙන් නැඟිටෙවූ නිසයි.

පසුව යේසුස් තම නියෝජිතයන් ඉදිරියේ පෙනී සිටියා.

යෙහෝවා දෙවි යේසුස්ව නැවත නැඟිට්ටෙව්වේ බලවත් දේවදූතයෙකු ලෙසයි. ඔහු නැවත කිසිදා මිය යන්නේ නැහැ. ඔහු ස්වර්ගයට යන ආකාරය ඔහුගේ ගෝලයන් දුටුවා.

දෙවි, යේසුස්ව නැවත නැඟිට්ටෙව්වා. දැන් දේවරාජ්‍යයේ රජ යේසුස්. දානියෙල් 7:13, 14

යේසුස් දිවි පිදුවේ මිනිස් වර්ගයාව පාපයෙන් හා මරණයෙන් මුදවාගැනීමටයි. (මතෙව් 20:28) එම ජීවිත පූජාව නිසයි අපට සදාකාල ජීවිතය ලැබෙන්නේ.

යෙහෝවා දෙවි යේසුස්ව මේ පොළොව පාලනය කිරීමට රජෙකු ලෙස පත් කර තිබෙනවා. ඔහු සමඟ 1,44,000දෙනෙක් පාලනයට හවුල් වෙනවා. ඔවුන් මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව ජීවත් වී ස්වර්ගයට නැවත නැඟිටුවනු ලබන අයයි. යේසුස් සහ 1,44,000දෙනා එකතු වී ස්වර්ගයේ ධර්මිෂ්ඨ පාලනයක් අරඹනවා. එය හඳුන්වන්නේ දේවරාජ්‍යය කියායි.—එළිදරව් 14:1-3.

දේවරාජ්‍යය යටතේ මේ පොළොව පාරාදීසයක් වෙයි. ඒ කාලයේදී යුද්ධ, අපරාධ, දුගීකම සහ ආහාර හිඟය වැනි දේවල් නොතිබේවි. ජනයා සැබෑ සතුටක් අද්දකීවි.—ගීතාවලිය 145:16.