දොළොස්වෙනි පරිච්ඡේදය
දෙවිගෙන් සහනය ලැබූ මිනිසෙක්
1, 2. එලියාගේ මතකයේ සදා රැඳුණු දවසේදී සිදු වුණේ මොනවාද?
එලියාට යෙෂ්‍රෙයෙල් වෙත යෑමට තවත් බොහෝ දුරක් පසු කිරීමට තිබෙනවා. මොර සූරන මහ වැස්සේ එලියා තවමත් වේගයෙන් දිව යනවා. ගොම්මන් අඳුර දසත වෙලාගෙන තිබෙන නිසා එලියාට මේ ගමන තවත් දුෂ්කර එකක් වෙන්න ඇති. ‘යෙහෝවා දෙවිගේ උපකාරය’ නොමදව ලැබෙන නිසා තරුණ වයස පසු කර තිබුණත් එලියාට කිසි වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඔහුට මොන තරම් ජවයක් තිබුණාද කියනවා නම් ආහබ් රජුගේ රථයත් පසු කරගෙන වේගයෙන් දිව යනවා. තරුණ වියේදීවත් ඔහු මෙතරම් ජවයක් අද්දකින්න නැතුව ඇති.—1 රාජාවලිය 18:46 කියවන්න.
2 මුහුණට වැටෙන වැහි බිංදු පිස දමමින් යන මේ ගමන අතරතුරේදී එදා දවසේ සිදු වූ දේවල් එකින් එක ඔහුගේ මනසට නැඟෙන්න ඇති. ඒ දවස ඔහුගේ මතකයේ සදා රැඳුණු බවට සැකයක් නැහැ. යෙහෝවා දෙවිටත් සැබෑ නමස්කාරකයන්ටත් එදින අත් වුණේ මොන තරම් ජයග්‍රහණයක්ද! බාල් අනාගතවක්තෘවරුන් බොරුකාරයන් බව ඔප්පු වී ඔවුන් විනාශ වූ ආකාරය ඔහුට මතක් වෙන්න ඇති. වසර තුනහමාරක් පුරා පැවති නියඟය අවසන් කරමින් යෙහෝවා දෙවි තමන්ගේ යාච්ඤාවට පිළිතුරු දුන් ආකාරයත් ඔහුට සිහි වෙන්න ඇති. දැන් ඔහු කර්මෙල් කන්ද පසු කර බොහෝ දුරක් පැමිණ තිබෙනවා.—1 රාජා. 18:18-45.
3, 4. (අ) යෙෂ්‍රෙයෙල් බලා යන අතරතුරේදී එලියා බලාපොරොත්තු රැසක් පොදිබැඳගෙන යන්නේ ඇයි? (ආ) අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?
3 එලියා කිලෝමීටර් 30ක දුරකින් පිහිටි යෙෂ්‍රෙයෙල් වෙත දිව යන්නේ බලාපොරොත්තු රැසක් පොදිබැඳගෙනයි. බාල් අනාගතවක්තෘවරුන් සියලුදෙනාම මිය ගොස් තිබෙන නිසා දෙවිගේ සේවකයන්ට මුහුණ දීමට සිදු වූ පීඩාවලට නිමාවක් ලැබුණා කියා ඔහුට සිතෙන්න ඇති. සිදු වූ සියල්ල ඇසින් දුටු ආහබ් රජු වෙනස් වෙයි කියාත් එලියා සිතන්න ඇති. ඔහු බාල් නමස්කාරය සම්පූර්ණයෙන්ම අත්හැර දමයි කියාත් දෙවිගේ සේවකයන්ට තවදුරටත් පීඩා කිරීමට යෙසබෙල් රැජිනට ඉඩ නොදෙයි කියාත් එලියාට සිතෙන්න ඇති.
4 සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වන දේවල් ඉටු වෙද්දී අපිට දැනෙන්නේ පුදුම සතුටක්. එවැනි අවස්ථාවලදී හැම ප්‍රශ්නයකටම විසඳුමක් ලැබුණා කියා අපිට සිතෙන්නත් ඉඩ තිබෙනවා. ‘අප හා සමාන හැඟීම් ඇති මිනිසෙක්’ වූ එලියාටත් එලෙස හැඟෙන්න ඇති. (යාකො. 5:17) නමුත් එලියාට මුහුණ දීමට තිබෙන ප්‍රශ්නවලට නිමාවක් ලැබෙන්නේ නැහැ. ඉදිරි පැය කිහිපය ඇතුළත ඔහුට මුහුණ දීමට සිදු වන දේවල් නිසා ඔහු කොතරම් කලකිරෙනවාද කියනවා නම් තවත් ජීවත් වීමෙන් පලක් නැහැයි කියා ඔහුට හැඟෙනවා. ඔහුට එලෙස හැඟෙන්න හේතු වුණු දේවල් මොනවාද? නැවතත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ධෛර්යවන්තව ක්‍රියා කිරීමට යෙහෝවා දෙවි ඔහුට උපකාර කරන්නේ කෙසේද? දැන් අපි ඒ ගැන බලමු.
බලාපොරොත්තු නොවූ දෙයක්
5. කර්මෙල් කන්දේ සිදු වූ දේවල් දැකීමෙන් පසු ආහබ් වෙනස් වුණාද? එසේ පවසන්නේ ඇයි?
5 තමන් අතින් සිදු වූ දේවල් ගැන ආහබ් රජු පසුතැවිලි වෙයිද? යෙෂ්‍රෙයෙල්හි තම මාලිගාවට යන ආහබ් රජු ‘එලියා කළ සියල්ල ගැනත් ඔහු අනාගතවක්තෘවරුන් සියලුදෙනාවම කඩුවෙන් මරා දැමූ ආකාරය ගැනත් යෙසබෙල්ට’ පවසනවා. (1 රාජා. 19:1) ඒ සියල්ල සිදු කළේ යෙහෝවා දෙවි බව ඔහු වටහාගත්තේ නැහැ. ඔහු එදින සිදු වූ සියල්ල ‘එලියා කළා’ කියා පැවසුවේ ඒ නිසයි.
6. යෙසබෙල් රැජින එලියාට යැවූ පණිවිඩය කුමක්ද? ඇය ඉන් අදහස් කළේ මොනවාද?
6 එය ඇසීමෙන් කුපිත වන යෙසබෙල් රැජින පණිවිඩකරුවෙකු යවා එලියාට මෙසේ තර්ජනය කරනවා. “ඔබ ඒ සියලු අනාගතවක්තෘවරුන්ව මරා දැමුවා වගේ මම හෙට මේ වෙලාව වෙද්දී ඔබවත් මරා දමනවා. මම එහෙම කළේ නැත්නම් මගේ දෙවිවරුන් මට දඬුවම් කළ යුතුයි.” (1 රාජා. 19:2) ඇය පවසා සිටින්නේ තමන්ගේ අනාගතවක්තෘවරුන්ව මරා දැමූ එලියාව ඒ දවස ඇතුළත මරා දැමීමට නොහැකි වුණොත් ඇය ජීවිතය නැති කරගන්නවා කියායි. වෙහෙසකර දිනක් නිමා කර නින්දෙන් අවදි වන එලියා එම පණිවිඩය ඇසීමෙන් මොන තරම් කලකිරෙන්න ඇතිද? දැන් ඔහු මොන වගේ ක්‍රියා මාර්ගයක් ගනියිද?
බියෙන් යටපත් වෙයි
7. යෙසබෙල් රැජිනගේ මරණ තර්ජනය ගැන එලියාට හැඟුණේ කොහොමද? ඔහු කළේ මොනවාද?
7 එලියා සිතුවේ බාල් නමස්කාරයට විරුද්ධව කළ සටන නිමා වී තිබෙනවා කියායි. නමුත් ඇත්තෙන්ම එය නිමා වී තිබුණේ නැහැ. යෙසබෙල් රැජින තවමත් සිටින්නේ ඇයගේ ස්ථාවරයේමයි. ඒ වන විටත් දෙවිගේ අනාගතවක්තෘවරුන් බොහෝදෙනෙක්ව ඇය මරා දමා තිබුණු නිසා ඊළඟ ඉලක්කය තමන් බව එලියාට සිතෙන්න ඇති. යෙසබෙල්ගේ මරණ තර්ජනය ගැන ඇසීමෙන් ‘එලියා භය වෙනවා.’ යෙසබෙල් රැජින කුරිරු ලෙස තමාව මරා දමන ආකාරය ගැන එලියා දිගින් දිගටම සිතුවාද? එසේ වූවා නම් ඔහු තව තවත් බියෙන් තැතිගන්න ඇති. ඇත්තටම සිදු වුණේ කුමක්ද කියා අපි දන්නේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ “ඔහු තම ජීවිතය බේරාගැනීමට යූදා දේශයට” පලා ගියා කියායි.—1 රාජා. 18:4; 19:3.
ධෛර්යවන්තව සිටීමට නම් අපිව බියගන්වන දේවල් ගැන අනවශ්‍යලෙස දිගින් දිගටම සිතීමෙන් වැළකිය යුතුයි
8. (අ) එලියා හා සමානව පේතෘස් අද්දැක්කේ මොනවාද? (ආ) ඔවුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
8 දෙවිට විශ්වාසවන්තව සිටි සේවකයන් අතරින් යම් අවස්ථාවලදී බියට පත් වුණේ එලියා පමණක් නෙවෙයි. උදාහරණයකට පේතෘස් ගැන සිතන්න. යේසුස් වතුර මත ඇවිදගෙන එන්න කියා ඔහුට පැවසූ අවස්ථාවේදී ඔහු යම් මතෙව් 14:30 කියවන්න.) එලියාගෙන් හා පේතෘස්ගෙන් අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. එනම් අපිව බිය ගන්වන දේවල් ගැන අනවශ්‍ය ලෙස දිගින් දිගටම සිතීමෙන් අපි අධෛර්යයට පත් වෙනවා. ඒ නිසා ඒ දේවල් ගැන සිතනවා වෙනුවට අපිට බලාපොරොත්තුවක් දී තිබෙන, අපිව ශක්තිමත් කරන යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබමු.
දුරක් ඇවිදගෙන ආවා. නමුත් “කුණාටුව” දෙස බැලූ නිසා ඔහු භය වී ගිලෙන්න පටන්ගත්තා. (“දැන් හොඳටම ඇති!”
9. එලියා පලා යන විට ඔහුට හැඟුණු ආකාරය හා ඔහු ගිය ගමන විස්තර කරන්න.
9 යෙසබෙල්ගේ මරණ තර්ජනය ඇසීමෙන් එලියා කොතරම් බියට පත් වෙනවාද කියනවා නම් කිලෝමීටර් 150ක් පමණ දුරකින් පිහිටි බෙයර්-ෂෙබා වෙත තම සේවකයා සමඟ පලා යනවා. එම නගරය පිහිටා තිබෙන්නේ යූදා දේශයේ දකුණු මායිම අසලින්. බෙයර්-ෂෙබා වෙත ගිය පසු එලියා තම සේවකයාව එහි නතර කර තනිවම පාළුකරය වෙත යනවා. බයිබලයේ සඳහන් වෙන්නේ ඔහු “දවසක් ඇතුළත ගමන් කළ හැකි දුර ප්‍රමාණයක්” ගිය බවයි. අලුයම හිරු පෑයූ සැණින් තම ගමන අරඹන ඔහු හිස් අතින් පිටත් වෙන්න ඇති. බියෙන් තැතිගෙන සිටින එලියා අව්කාෂ්ටකයේ මුළු දවස පුරාම පාළුකරය හරහා ඇවිදගෙන යනවා. දවස අවසානයේදී හොඳටම හෙම්බත් වී සිටින ඔහු, අසල තිබුණු ගසක් යට ඉඳගන්නේ රැය පහන් කිරීමටයි.—1 රාජා. 19:4.
10, 11. (අ) එලියා කළ යාච්ඤාවේ අර්ථය කුමක්ද? (ආ) දෙවිගේ සේවකයන්ට ඇතැම් අවස්ථාවලදී හැඟුණු ආකාරය මෙහි සඳහන් බයිබල් පද ඇසුරෙන් පැහැදිලි කරන්න.
10 හොඳටම කැලඹී සිටින එලියා දැන් යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. තවදුරටත් ජීවත් වීමෙන් පලක් නැහැයි කියා සිතන ඔහු දෙවිගෙන් ඉල්ලා සිටින්නේ තමාව මරා දමන්න කියායි. “මමත් මගේ මුතුන්මිත්තන් වගේ” කියාත් ඔහු පවසනවා. ඒ ඇයි? මිය ගොස් සිටින ඔවුන්ට අන් අය වෙනුවෙන් කළ හැකි කිසිම දෙයක් නැති බව ඔහු හොඳින්ම තේරුම්ගෙන තිබුණා. (දේශ. 9:10) තමන්ද සිටින්නේ ඒ හා සමාන තත්වයක කියා එලියාට හැඟුණා. අවසානයේදී මා ජීවත් වුණා “දැන් හොඳටම ඇති” කියා ඔහු පවසන්නේ ඒ නිසයි.
11 දෙවිට විශ්වාසවන්තව සේවය කළ එලියා එසේ පැවසීම ගැන අපි පුදුම විය යුතුද? නැහැ. දෙවිට විශ්වාසවන්තව සිටියත් විවිධ අධෛර්යය කරවන තත්වයන්වලට මුහුණ දීමට සිදු වීම නිසා ජීවත් වීමෙන් පලක් නැහැ කියා සිතුණු තවත් බොහෝදෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. රෙබෙකා, යාකොබ්, මෝසෙස් සහ යෝබ් ඒ අතරින් කිහිපදෙනෙක් පමණයි.—උත්. 25:22; 37:35; ගණන්. 11:13-15; යෝබ් 14:13.
12. අසීරු තත්වයකට මුහුණ දීමට සිදු වන විට ඔබට එලියාව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?
12 අද අපි ජීවත් වෙන්නේ ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක.’ 2 තිමෝ. 3:1) ඒ නිසා යම් අවස්ථාවලදී බොහෝ අයට, දෙවිගේ සේවකයන්ට පවා අධෛර්යය කරවන සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඔබටත් ජීවිතයේ අසීරු තත්වයකට මුහුණ දෙන්න සිදු වුණොත් එලියා මෙන් ඔබට හැඟෙන සෑම දෙයක් ගැනම අවංකව යෙහෝවා දෙවිට පවසන්න. ඔබ එසේ කරනවා නම් “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවා ඔබව සනසන බවට සැකයක් නැහැ. (2 කොරින්ති 1:3, 4 කියවන්න.) යෙහෝවා දෙවි එලියාව සැනසුවේ කොහොමද කියා දැන් අපි බලමු.
(දෙවි ඔහුව ශක්තිමත් කරයි!
13, 14. (අ) යෙහෝවා දෙවි තම සේවකයා කෙරෙහි සැලකිලිමත් වූ බව පෙන්නුම් කළේ කොහොමද? (ආ) දෙවි අපි ගැනත් අපේ සීමාවන් ගැනත් දන්නා බව දැන සිටීම සහනයක් වෙන්නේ කොහොමද?
13 තමන්ගේ විශ්වාසවන්ත සේවකයෙකු වන එලියා හොඳටම කලකිරී ඔහුව මරා දමන්න කියා ගසක් යට ඉඳගෙන තමාගෙන් අයැදින ආකාරය දකිද්දී යෙහෝවා දෙවිට කොහොම හැඟෙන්න ඇතිද? දෙවි ඊළඟට කරන දේවලින් ඔහුට තමාගේ සේවකයා ගැන හැඟුණේ කොහොමද කියා හොඳින්ම පැහැදිලි වෙනවා. එලියා නින්දට වැටුණු පසුව යෙහෝවා දෙවි ඔහු වෙතට දේවදූතයෙකුව එවනවා. එලියා මත අත තබන එම දේවදූතයා “දැන් නැඟිට කෑම කන්න” කියා එලියාට පවසනවා. ඒ වන විට දේවදූතයා රත් වූ ගල් මත රොටියකුත් ඒ ළඟින් වතුර බඳුනකුත් තබා තිබුණා. තමාට ලබා දුන් ඒ දේවල් ගැන එලියා දේවදූතයාට ස්තුති කරනවාද? ස්තුතියි කියා පැවසීමටවත් නොහැකි තරමටම ඔහු කලකිරී සිටියාද? බයිබලයේ සඳහන් වෙන්නේ ඔහු කා බී නින්දට ගියා කියා පමණයි. දෙවෙනි වතාවටත් දේවදූතයා එලියා වෙත පැමිණෙනවා. සමහරවිට ඒ හිමිදිරි උදෑසන වෙන්න ඇති. එලියාව අවදි කරමින් ඔහු මෙසේ පවසනවා. “නැඟිට කෑම කන්න. නැත්නම් ඔබේ ගමන යන්න ඔබට හුඟක් අමාරු වෙයි.”—1 රාජා. 19:5-7.
14 එලියා ඊළඟට යන්නේ කොතැනටද කියාත් ඒ ගමන එලියාට තමන්ගේ ශක්තියෙන් යා නොහැකියි කියාත් යෙහෝවා දෙවි එම දේවදූතයාට දන්වා තිබුණා. අපේ ඉලක්ක හා අපේ සීමාවන් අපිටත් වඩා හොඳින් තේරුම්ගන්නා යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද!—ගීතාවලිය 103:13, 14 කියවන්න.
15, 16. (අ) යෙහෝවා දෙවි ලබා දුන් පෝෂණය එලියාට උපකාරවත් වුණේ කොහොමද? (ආ) අපිව ශක්තිමත් කිරීමට දෙවි සපයා දී තිබෙන දේවල් අපි අගය කළ යුත්තේ ඇයි?
15 දේවදූතයා ලබා දුන් ආහාර එලියාට ප්‍රයෝජනවත් වුණාද? ඔව්. ‘ඔහු නැඟිට කෑම කා වතුර බී එයින් ලැබුණු ශක්තියෙන් දවස් හතළිහකුත් රෑ හතළිහකුත් සැබෑ දෙවිගේ කන්ද වන හොරෙබ් කන්ද (සීනයි කන්ද) වෙත ගමන් කරනවා.’ (1 රාජා. 19:8) එලියා ජීවත් වූ කාලයට සියවස් හයකට පමණ පෙර සිටි මෝසෙස් හා සියවස් දහයකට පමණ පසුව සිටි යේසුස් මෙන් එලියාද දවස් 40ක් පුරා නිරාහාරව සිටියා. (නික්. 34:28; ලූක් 4:1, 2) දේවදූතයා ලබා දුන් කෑම නිසා එලියාට මුහුණ දීමට සිදු වූ සියලු ප්‍රශ්නවලට නිමාවක් ලැබුණේ නැති බව ඇත්තයි. නමුත් එමගින් ඔහුට ආශ්චර්යවත් ලෙස ශක්තිය ලැබුණා. තරුණ වයස පසු කර සිටි එලියාට මාස එකහමාරකට ආසන්න කාලයක් පුරාම පාළුකරය හරහා දුෂ්කර ගමනක නිරත වීමට හැකි වුණේ ඒ නිසයි.
මතෙ. 4:4) අපි බයිබලය හා ඒ ආශ්රිත පොත් පත් හොඳින් අධ්‍යයනය කරනවා නම් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට අපිට හැකි වෙනවා. ඉන් අදහස් කරන්නේ අපේ සෑම ප්‍රශ්නයකටම නිමාවක් ලැබෙන බවද? නැහැ. ඒ වෙනුවට ඕනෑම ප්‍රශ්නයක් හමුවේ නොසැලී සිටීමටත් අනාගතයේදී “සදාකාල ජීවනය” අත් කරගැනීමටත් එය ප්‍රයෝජනවත් වෙනවා.—යොහ. 17:3.
16 යෙහෝවා දෙවි එදා එලියාව ශක්තිමත් කළා හා සමානව අද සිටින ඔහුගේ සේවකයන්වත් ශක්තිමත් කරනවා. දෙවි එසේ කරන්නේ ආශ්චර්යවත් ලෙස කෑම ලබා දීමෙන් නොව ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට අවශ්‍ය පෝෂණය ලබා දීම මගිනුයි. (17. එලියා දුරකතර ගෙවාගෙන පැමිණියේ කොතැනටද? එම ස්ථානයට වැදගත් තැනක් හිමි වෙන්නේ ඇයි?
17 කිලෝමීටර් 320ක පමණ දුරක් පැමිණි එලියා අවසානයේදී ඔහුගේ ගමනාන්තය වන හොරෙබ් කන්ද වෙත පැමිණෙනවා. අතීතයේදී දේවදූතයෙක් මාර්ගයෙන් යෙහෝවා දෙවි ගිනි ඇවිළෙමින් තිබුණු පඳුරක් තුළින් මෝසෙස්ට කතා කළෙත් ඊශ්‍රායෙල් සෙනඟට නීතිය ලබා දුන්නෙත් මේ ස්ථානයේදීයි. ඒ නිසා මේ ස්ථානයට ඉතිහාසයේ වැදගත් තැනක් හිමි වෙනවා. හොරෙබ් කන්දට පැමිණි එලියා රාත්‍රිය ගත කිරීමට එහි තිබුණු ගුහාවකට ඇතුල් වෙනවා.
යෙහෝවා දෙවි එලියාව සනසවමින් ශක්තිමත් කළා
18, 19. (අ) දේවදූතයා එලියාගෙන් ඇසුවේ මොනවාද? එලියා ඊට පිළිතුරු දුන්නේ කොහොමද? (ආ) එලියා අධෛර්යය වීමට බලපෑ හේතු තුන මොනවාද?
18 “එලියා, ඔබ මෙතැනට ආවේ ඇයි” කියා යෙහෝවා දෙවි, දේවදූතයෙක් මාර්ගයෙන් ඔහුගෙන් අසනවා. එලියාට එය හැඟුණේ තමන්ගේ සිතේ තිබෙන සෑම දෙයක්ම පවසන්න කියා කරන ආරාධනාවක් ලෙසයි. ඒ නිසා ඔහු මෙසේ පවසනවා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, මගේ මුළු හදවතින්ම මම ඔබට කැප වී සේවය කරනවා. නමුත් ඊශ්‍රායෙල්වරුන් ඔබේ ගිවිසුම කඩ කර, ඔබේ පූජාසන කඩා දැමුවා. ඔවුන් ඔබේ අනාගතවක්තෘවරුන්ව කඩුවෙන් මරා දැමුවා. බේරුණේ මම විතරයි. දැන් ඔවුන් මාවත් මරලා දාන්න සොයනවා.” (1 රාජා. 19:9, 10) ඔහු මෙතරම් අධෛර්යය වීමට බලපෑ හේතු තුනක් ඔහු පැවසූ දෙයින් තේරුම්ගන්න පුළුවන්.
19 ඊශ්‍රායෙල් දේශය පුරාම බාල් නමස්කාරය පැතිරී තිබුණු නිසා තමන් වසර ගණනාවක් පුරා දෙවිගේ නාමය උසස් කිරීම හා දෙවිගේ නමස්කාරයට උසස්ම තැනක් ලබා දීමට ‘මුළු හදවතින්ම කැප වී කළ සේවය’ අපතේ ගියා කියා ඔහුට හැඟුණා. ඔහු අධෛර්යය වීමට බලපෑ පළවෙනි හේතුව එයයි. “බේරුණේ මම විතරයි” කියා එලියා පැවසූ දෙයින් ඔහු අධෛර්යය වූ දෙවන හේතුව පැහැදිලි වෙනවා. එනම් මුළු ඊශ්‍රායෙල් දේශයෙන්ම බාල් නමස්කාරයට හසු නොවී දෙවිට නමස්කාර කරන්නේ තමන් පමණයි කියා ඔහු සිතුවා. තුන්වන හේතුව නම් ඔහුට දැනුණු භයයි. මේ වන විට දෙවිගේ අනාගතවක්තෘවරුන් බොහෝදෙනෙක්ව මරා දමා තිබුණු නිසා ළඟදීම තමන්වත් මරා දමයි කියා ඔහු භය වුණා. එලෙස ඔහු තමන්ට හැඟුණු සෑම දෙයක්ම නොසඟවා යෙහෝවා දෙවිට පවසනවා. ඒ දේවල් පැවසීමෙන් තමන්ට මදිපුංචිකමක් වෙයි කියා ඔහු සිතුවේ නැහැ. උඩඟු නොවී සිතේ තිබුණු සියල්ල ගීතා. 62:8.
යෙහෝවා දෙවිට පැවසීම සම්බන්ධයෙන් එලියා අපිට මොන තරම් කදිම ආදර්ශයක්ද!—20, 21. (අ) ගුහාවෙන් එළියට පැමිණි එලියා දුටුවේ මොනවාද? (ආ) එලියා ඉන් ඉගෙනගත්තේ මොනවාද?
20 එලියාගේ බිය සැක දුරු කිරීමට යෙහෝවා දෙවි කරන්නේ මොනවාද? ගුහාවේ සිටි එලියාට පිටතට එන්න කියා දේවදූතයා පවසනවා. සිදු වීමට යන දේ ගැන හාන්කවිසියක්වත් නොදැන සිටි එලියා දේවදූතයා පැවසූ දේට කීකරු වෙමින් ගුහාවෙන් පිටතට එනවා. ඒ මොහොතේදීම කඳු දෙබෑ වී පර්වත සුනුවිසුනු වී යෑමට තරම් බලවත් සුළඟක් හමනවා. මේ සැඩ සුළඟත් සමඟ පොරබඳින එලියා එක අතකින් දෑස් වසාගෙන අනිත් අතින් තම සළුව අල්ලාගෙන සිටින ආකාරය ඔබේ සිතේ මැවෙනවාද! එම සුළඟ නිමා වූ සැණින් මහත් භූමිකම්පාවක් ඇති වී මුළු පොළොවම දෙදරන්න පටන්ගන්නවා. ඒ නිසා නොවැටී සිටීමට එලියා දරන්නේ පුදුම වෙහෙසක්. ඒත් සමඟම විශාල ගින්නක් ඇති වෙනවා. ඉන් ඇති වෙන අධික උණුසුමෙන් එලියාට ආරක්ෂා වීමට හැකි වෙන්නේ ඔහු ගුහාව තුළට ගිය නිසයි.—1 රාජා. 19:11, 12.
21 බයිබල් වාර්තාවේ සඳහන් වෙන්නේ ඒ කිසිම දෙයක යෙහෝවා දෙවි සිටියේ නැහැ කියායි. “වැස්සට අධිපති” ලෙස සැලකූ බාල් දෙවියා මෙන් යෙහෝවා දෙවි යම් බලයකට පමණක් අධිපති දෙවි කෙනෙක් නොවන බවත් විශ්වයේ තිබෙන සෑම බලයකම නිර්මාතෘ යෙහෝවා දෙවි බවත් එලියා හොඳින්ම තේරුම්ගෙන සිටියා. ඇත්තෙන්ම ඕනෑම බලයකට වඩා වැඩි බලයක් දෙවි සතුව තිබෙනවා. ඔහුට වාසය කිරීමට මුළු මහත් විශ්වයම වුණත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. (1 රාජා. 8:27) තමන්ගේ ඇස් පනාපිටම සිදු වූ දේවල් එලියාට බලපෑවේ කොහොමද? භයෙන් ගොඩ ඒමට එය ඔහුට උපකාරවත් වුණාද? ඔව්. මේ තරම් බලයක් හිමි යෙහෝවා දෙවි ඔහු සමඟ සිටින නිසා ආහබ් රජුටවත් යෙසබෙල් රැජිනටවත් බිය වීමට කිසිම හේතුවක් එලියාට නැහැ.—ගීතාවලිය 118:6 කියවන්න.
22. (අ) දෙවි තවමත් තමන්ව අගය කරන බව එලියා තේරුම්ගත්තේ කොහොමද? (ආ) ‘සන්සුන්, මෘදු කටහඬෙන්’ කතා කරන්න ඇත්තේ කවුද? (පාදසටහන බලන්න.)
22 ගින්න නිමා වූ පසුව ඇති වෙන්නේ මහත් නිහැඬියාවක්. ඒ අවස්ථාවේදී “සන්සුන්, මෘදු කටහඬක්” එලියා එතනට පැමිණියේ ඇයි කියා අසනවා. * ඒ නිසා එලියා නැවත වතාවක් තමන්ට හැඟෙන ආකාරය ගැන කිසිවක් නොසඟවා පවසනවා. එමගින් ඔහුට මහත් සහනයක් දැනෙන්න ඇති. කොහොමවුණත් එම ‘සන්සුන්, මෘදු කටහඬ’ ඊළඟට පවසන දේවල් නිසා ඔහුට දැනෙන්නේ කියා නිම කළ නොහැකි සතුටක්. යෙහෝවා දෙවි ළඟදීම ඊශ්‍රායෙල් දේශයෙන් බාල් නමස්කාරය නැති කර දැමීමට ක්‍රියා කරන්නේ කෙසේද කියා ඔහුට දැනුම් දෙනවා. එලියාගේ සේවය තවමත් අගය කරන යෙහෝවා දෙවි ඔහුට නිශ්චිත උපදෙස් ලබා දී නැවතත් පැවරුමක් ලබා දෙනවා.—1 රාජා. 19:12-17.
23. තනිකමේ හැඟීමෙන් ගොඩ ඒමට යෙහෝවා දෙවි එලියාට උපකාර කළ ආකාර දෙක මොනවාද?
23 එලියාට දැනුණු තනිකම නැති කරගැනීමට යෙහෝවා දෙවි එලියාට කෙසේ උපකාර කරයිද? මුලින්ම දෙවි ඔහුට පවසන්නේ ඔහුගෙන් පසුව තමන්ගේ අනාගතවක්තෘ ලෙස එලිෂාව අභිෂේක කරන්න කියායි. තරුණ වයසේ සිටි එලිෂා ඉදිරි වසර ගණනාව පුරාම එලියා සමඟ සේවය කරමින් ඔහුට උපකාර කරන බවත් දෙවි එලියාට පවසනවා. තනිකමෙන් සිටි එලියාට එය මොන තරම් සහනයක් වෙන්න ඇද්ද! දෙවනුව දෙවි එලියාට මෙවැනි දෙයක් පවසනවා. ‘බාල් ඉදිරියේ දණ නොනැමූ, ඔහුව සිප නොගත් හත්දහස්දෙනෙක් තවමත් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වෙනවා.’ (1 රාජා. 19:18) තමන් තනි වී සිටිනවා කියා ලත වෙමින් සිටි එලියාට එය දැනගන්න ලැබීමෙන් අපමණ සතුටක් දැනෙන්න ඇති. එම සෙනඟට දිගටම විශ්වාසවන්තව සිටීම සඳහා එලියාගේ ආදර්ශය ඉතා වැදගත් වුණා.
දෙවිගේ වදන් ‘සන්සුන්, මෘදු කටහඬට’ සමාන කරන්න පුළුවන්
24, 25. (අ) අද අපිට දෙවිගේ ‘සන්සුන් මෘදු කටහඬ’ ඇසෙන්නේ කොහොමද? (ආ) හොරෙබ් අසලදී දෙවි පැවසූ දෙයින් එලියා සහනයක් ලැබූ බව අපි දන්නේ කොහොමද?
24 දෙවිගේ අතිමහත් බලය දැකීමෙන් එලියා පුදුම වුණා. ඒ හා සමානව දෙවිගේ නිර්මාණ හොඳින් නිරීක්ෂණය කිරීමෙන් ඔහුට මොන තරම් බලයක් තිබෙනවාද කියා තේරුම්ගන්නා විට ඒ ගැන අපිත් පුදුමයට පත් වෙන බව නිසැකයි. (රෝම 1:20) පුරාණයේදී මෙන් දෙවි අදටත් තමන්ගේ සේවකයන්ට උපකාර කිරීමට තමන්ගේ බලය යොදාගන්නවා. (2 ලේක. 16:9) කොහොමවුණත් අපිට දෙවි ගැන වඩාත් හොඳින් දැනගත හැකි වෙන්නේ බයිබලය තුළින්. (යෙසායා 30:21 කියවන්න.) ඇත්තෙන්ම එදා එලියාට ඇසුණු ‘සන්සුන්, මෘදු කටහඬ’ දෙවිගේ වදන්වලට සමාන කරන්න පුළුවන්. එයට හේතුව දෙවි, අපට මොන තරම් ප්‍රේම කරනවාද කියා පෙන්වීමටත් අවශ්‍ය මඟ පෙන්වීම් දීමටත් නිවැරදි කිරීමටත් බයිබලය යොදාගන්නා නිසයි.
25 හොරෙබ් කන්ද අසල දෙවි පැවසූ දෙයින් එලියාට සහනයක් දැනුණාද? ඔව්. ඔහු නැවතත් බාල් නමස්කාරයට විරුද්ධව නිර්භීතව ක්‍රියා කිරීමට යෑමෙන් ඒ බව පැහැදිලි වෙනවා. අපිත් දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු ‘ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලක්’ ලබනවා නම් එලියා මෙන් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට අපිටත් හැකි වෙන බව නිසැකයි.—රෝම 15:4.
^ 22 ඡේ. එලියාට ‘සන්සුන්, මෘදු කටහඬින්’ කතා කළේ කවුද? පළමුවන රාජාවලිය 19:9 සහ 15 යන බයිබල් පදවල සඳහන් වෙන්නේ යෙහෝවා දෙවි කතා කළ බවයි. නමුත් යෙහෝවා දෙවි කෙළින්ම තම සේවකයන්ට කතා කළා කියා අපිට සිතන්න බැහැ. අතීතයේදී ඔහු ඒ සඳහා තම දූතයන්ව යොදාගෙන තිබෙනවා. උදාහරණයකට ඊශ්‍රායෙල් සෙනඟට පාළුකරයේදී මඟ පෙන්වූ දේවදූතයා ගැන යෙහෝවා දෙවි මෙසේ පවසා තිබෙනවා. “ඔහු පෙනී සිටින්නේ මාගේ නාමයෙන්.” (නික්. 23:21) දෙවි ඒ අවස්ථාවේදී කතා කළේ කවුරුන් මාර්ගයෙන්ද කියා අපිට ස්ථිරවම පවසන්න බැහැ. කොහොමවුණත් යේසුස් පොළොවට පැමිණීමට කලින් ඔහු දෙවිගේ විශේෂ පණිවිඩකරුවෙකු ලෙස සේවය කර තිබෙනවා. ඔහුව “වචනය” ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. ඒ අනුව එලියාට කතා කරන්න ඇත්තේ යේසුස් හෝ වෙනත් දේවදූතයෙක් කියා සිතන්න පුළුවන්.—යොහ. 1:1.