ලොව වටා සේවය
ආසියාව සහ මැදපෙරදිග
-
රටවල් ගණන 47
-
ජනගහනය 4,28,21,78,221
-
ප්‍රචාරකයන් ගණන 6,74,011
-
බයිබල් පාඩම් ගණන 6,72,318
අන්ධ, ගොළු හා බිහිරි කෙනෙකුට සත්‍යය කියා දෙයි
1999දී ජපානයේ කෝබෙ නගරයේ සංඥා භාෂා සභාවට හිරෝෆුමී කියන බිහිරි පුද්ගලයෙක් ගැන දැනගන්න ලැබුණා. සහෝදරයෙක් ඔහුව හමුවෙන්න ගියත් ඔහුගේ මව ඊට කැමති වුණේ නැහැ. ඒත් සහෝදරයා දිගටම ඒ නිවසට ගිය අතර ඔහුව මුණගැහෙන්න අවස්ථාවක් දෙන්න කියලා මවගෙන්
බැගෑපත්ව ඉල්ලුවා. අන්තිමේදී මව හිරෝෆුමීව සහෝදරයාට මුණගැස්සුවා. ඔහුගේ කොණ්ඩය දිගට වැවිලා තිබුණා. රැවුල කපලා තිබුණෙත් නැහැ. හරියට කැලේ අතරමං වෙලා හිටිය පුද්ගලයෙක් වගෙයි. ඔහුගේ මුහුණේ කිසිම හිනාවක් තිබුණේත් නැහැ. ඔහු බිහිරි විතරක් නෙමෙයි අන්ධයි කියලත් සහෝදරයා දැනගත්තේ ඒ වෙලාවේ. මොනවද කරන්නේ කියලා ඔහුට හිතාගන්න බැරුව ගියා. ඊටපස්සේ සහෝදරයා හිරෝෆුමීගේ අතින් අල්ලලා අන්ධ අය සඳහා යොදාගන්නා සංඥා භාෂාවෙන් ඔහුට කතා කළා. ඒත් හිරෝෆුමීගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. හිරෝෆුමීගේ ඇස් පෙනීම නැති වෙලා තියෙන්නේ මීට අවුරුදු 10කට කලින්. එතකොට ඔහුගේ වයස අවුරුදු 31යි. එදා ඉඳන් ඔහු කාවවත් ආශ්‍රය කරලා නැහැ. ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත්තේ ඒ නිසයි.සහෝදරයා දවස් දෙකකට පස්සේ නැවතත් ඔහුව බලන්න ගියා. ඔහු ආයෙත් එන එකක් නැහැ කියලා හිතපු හිරෝෆුමීගේ මව සහෝදරයාව දැකලා පුදුම වුණා. ඒ විදිහට මාසයක් පුරා සහෝදරයා ඔහුව බලන්න ගියා. ඒත් හිරෝෆුමීගේ කිසිම වෙනසක් තිබුණේ නැති නිසා නැවත එන එකේ තේරුමක් නැහැ කියලා ඔහුගේ මව සහෝදරයාට කිව්වා. ඒත් සහෝදරයා දිගටම ගියා. හිරෝෆුමී ගැන සැලකිලිමත් වෙනවා කියලා පෙන්වන්න ඔහුව බලන්න යන විට කේක් එකකුත් අරගෙන ගියා. මාස දෙකක් ගත වුණත් හිරෝෆුමීගේ වෙනසක් තිබුණේ නැති නිසා මෙයින් ප්‍රයෝජනයක් තියෙයිද කියලා ඔහු හිතුවා.
දිගටම යනවාද නැද්ද කියලා තීරණය කරන්න උදව් ඉල්ලලා සහෝදරයා දෙවිට යාච්ඤා කළා. පසුව අන්තිම
වතාවට ඔහුව බලන්න ගියා. එදා ඔහු හිරෝෆුමීගේ අත අල්ලලා, සංඥා භාෂාවෙන් මෙහෙම කිව්වා. යෙහෝවා කියලා දෙවිකෙනෙක් ඉන්නවා. ඒ දෙවි හැම වේලෙම ඔයා දිහා බලාගෙන ඉන්නවා. වෙන කාටවත් වඩා ඔයාගේ දුක ඒ දෙවිට තේරෙනවා. ඒ දෙවි ඔයාට හුඟක් ආදරෙයි. ඒ නිසා තමයි ඔයාට උදව් කරන්න ඔහුගේ සාක්ෂිකරුවෙක්ව ඔයා ළඟට එව්වේ. මුලින් හිරෝෆුමී ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඒත් ටික වේලාවකින් ඔහු සහෝදරයාට අතට අත දුන්නා. ඔහුගේ ඇස්වලින් කඳුළු ගලන්නත් පටන්ගත්තා. ඒක දැක්කාම සහෝදරයාටත් ඇඬුණා. එදා ඉඳන් ඔහු හිරෝෆුමී සමඟ බයිබලය පාඩම් කරනවා.අවුරුදු 11ක් ගියාට පස්සේ හිරෝෆුමී රැස්වීම් යන්න පටන්ගත්තා. සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වපු ශාලාව
ඔහුට දුර වැඩි නිසා ඔහු ගියේ ඔහු ජීවත් වුණ පළාතේ තිබුණ සභාවටයි. ඒ සභාවේ කිසි කෙනෙක් සංඥා භාෂාව දැනගෙන හිටියේ නැහැ. ඒත් මාස 18ක් ඇතුළත සහෝදර සහෝදරියන් විසිදෙදෙනෙක් සංඥා භාෂාව ඉගෙනගත්තා. 2012 ජනවාරි මාසයේදී හිරෝෆුමී ඔහුගේ පළවෙනි ශිෂ්‍ය කතාව ඉදිරිපත් කළා. ඒ අවුරුද්දේම ඔක්තෝබර් මාසයේදී ඔහු බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වුණා.මුර සේවයේ යෙදෙන අයටත් බයිබල් පාඩම්
පිලිපීනයේ ජීවත් වන ෆ්ලොරන් සාමාන්‍යයෙන් මාසයකට බයිබල් පාඩම් 25ක් විතර පවත්වන පුරෝගාමියෙක්. ඒ අයගෙන් වැඩිදෙනෙක් හවස් වරුවේ හෝ රෑ, මුර සේවයේ යෙදෙන අයයි. ඒ නිසා ෆ්ලොරන් ඔහුගේ කාලසටහන ඒ අනුව හදාගෙන තියෙනවා. ඔහු, ඔවුන් වැඩ කරන ස්ථානයට ගිහින් වැඩවලට බාධා නොවන විදිහට විවේකයක් ලැබෙන අවස්ථාවලදී පාඩම් පවත්වනවා. සමහර පාඩම් රෑ 7ත් 11ත් අතරත් අනිත් ඒවා උදේ 5ත් 9ත් අතරත් පවත්වනවා. ඔහු වැඩමුරය මාරු වෙන වෙලාවට ඇවිත් පාඩම් පවත්වන අවස්ථාත් තියෙනවා. ඒ විදිහට වැඩ පටන්ගන්න යන පුද්ගලයා සමඟත් කලින් වැඩමුරය අවසන් කළ පුද්ගලයා සමඟත් ඔහු පාඩම් කරනවා. ඒ ගැන ෆ්ලොරන් මෙහෙම කියනවා. “මට ඉස්සරට වඩා ගොඩක් පාඩම් තියෙන නිසා මම දැන් ඉන්නේ හරිම සතුටින්.” පාඩම් කරන අයගෙන් සමහරු දැන් රැස්වීම්වලටත් එනවා. එක්කෙනෙක් බව්තීස්ම වෙලා දැන් ස්ථාවර පුරෝගාමි සේවයත් කරනවා.
සාක්ෂිකරුවන්ගෙන්ම ඒ ගැන අහන්න හිතුවා
ආර්මේනියාවේ ජීවත් වන සහෝදරියන් දෙදෙනෙක් වැහි දිනයක දේශනා සේවයේ යද්දී පාර අයිනේ හිටිය මවකට සහ දුවෙක්ට පත්‍රිකාවක් දුන්නා. ඒ කාන්තාවගේ නම මරුස්යා. ඇගේ දුවගේ නම යේවා. ඔවුන් වැස්සේ, පැය දෙකක් පුරා
සාක්ෂිකරුවන්ව මුණගැහෙන්න බලාගෙන හිටියා කියලා කිව්වාම ඒ සහෝදරියන් පුදුම වුණා. මරුස්යාගේ අයියා හිරේ ඉද්දී ආගමික විශ්වාසයන් නිසා හිරේ හිටිය සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරලා තිබුණා. හිරෙන් නිදහස් වෙද්දී අයියා තවත් දරුණු කෙනෙක් වෙලා ඇති කියලා මරුස්යා හිතුවත් ඔහු තැන්පත් පුද්ගලයෙක් වෙලා තිබුණා. ඔහු සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරද්දී තව තවත් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙලා. ඒත් මරුස්යා සහ ඇගේ දුව සාක්ෂිකරුවන් ගැන අහලා දැකලා තිබුණේ හොඳ තොරතුරු නෙමෙයි. ඒ නිසා යේවා මේ විදිහට කල්පනා කරලා තිබුණා. ‘මගේ මාමා දැන් හරිම හොඳ කෙනෙක්. එහෙම නං ඇයි සාක්ෂිකරුවන් නරකයි කියලා කියන්නේ?’ ඒ නිසා ඇය මවට මෙහෙම කිව්වා. “සාක්ෂිකරුවන් ඇත්තටම කොයි වගේ අයද කියලා දැනගන්න එයාලගෙන්ම ඒ ගැන අහන්න වෙනවා. අපි දැන්ම ගිහිල්ලා එයාලව හම්බ වෙමු.” එදා ඔවුන් පාරේ හිටියේ ඒ නිසයි. දවස් දෙකකට පසුව මරුස්යා සහ ඇගේ දුව බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඔවුන් දැන් රැස්වීම්වලට පැමිණෙන අතර ප්‍රචාරකයන් ලෙස සේවය කරන්නත් සූදානමින් ඉන්නවා.දොර ළඟ තිබුණු සඟරා
ජීවිතේ නැති කරගන්න තරමට ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටි තුර්කියේ අඩානා නගරේ ජීවත් වන කාන්තාවකට දොර ළඟ තිබී අපේ සඟරා දෙකක් ලැබුණා. පෙනෙන විදිහට බිම වැටිලා තිබුණ ඒ සඟරා දෙක අසල්වැසි ළමයින් අහුලගෙන ඇවිත් ඇගේ දොර ළඟ තැබුවේ, ඒවා ඇයට අයිති ඒවා කියලා හිතාගෙනයි. ඒ සඟරාවල තිබුණ ජීවිත කතා කියවූ ඇයට සිතුණේ ඇගේ ජීවිතයත් ඒ වගේ වෙනස් කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලයි. එක සඟරාවක ලියලා තිබුණ දුරකථන අංකයට ඇමතූ එම කාන්තාව ඇගේ නිවස අසල ජීවත් වූ පුරෝගාමි සහෝදරියක් සමඟ
බයිබලය පාඩම් කරන්න සැලසුම් කරගත්තා. නිවස අසල නමස්කාර මධ්‍යස්ථානයක් තිබෙන බව දැනගත් ඇය දැන් නොකඩවා රැස්වීම්වලටත් සහභාගි වෙනවා.දවස් දහයක් හිරේ හිටියත් හිත වෙනස් වුණේ නැහැ
නේපාලයේ ජීවත් වන බාම් කලින් පොලිස් නිලධාරියෙක්. ඒ වගේම ඔහු පල්ලි ගිය කෙනෙක්. දවසක් ඔහු රැකියාව කරමින් ඉන්න කොට විශේෂ පුරෝගාමි යුවළක් මුණගැහුණා. ඔහු ඇසූ හැම ප්‍රශ්නයකට එම පුරෝගාමි යුවළ බයිබලයෙන් පිළිතුරු දුන්නාම ඔහුට ඒ ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. බාම් බයිබලය පාඩම් කරන්න කැමති වුණ අතර ඉක්මනින්ම රැස්වීම්වලට එන්නත් පටන්ගත්තා. කාලයක් යද්දී තුවක්කුවක් ළඟ තබාගෙන ඉන්න එක ගැන ඔහුගේ හිත වධ දුන් නිසා ඔහු පොලිස් කාර්යාලයේ රැකියාවක් ඉල්ලගත්තා. ඒත් තුන්දින සමුළුවකට සහභාගි වුණාට පස්සේ නැවතත් ඔහුගේ හිත වධ දෙන්න පටන්ගත් නිසා ඔහු රැකියාවෙන් අස් වුණා.
බාම්ගේ රැකියාවෙන් හොඳ පඩියක්, පිළිගැනීමක් සහ විශ්‍රාම වැටුපක් ලැබුණු නිසා ඔහුගේ බිරිඳ ඒ ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා ඔහුගේ තීරණය වෙනස් කරන්න ඇය මෙහෙම කිව්වා. “ඔයා රස්සාව දිගටම කළොත් මමත් බයිබලය පාඩම් කරනවා.” ඒත් ඔහුගේ හිත වෙනස් වුණේ නැති නිසා ඇය පොලිසියේ උසස් නිලධාරියෙක් ලවා ඔහුව සිර කූඩුවට දැම්මා. ඇය හිතුවේ එහෙම කළොත් ඔහු තීරණය වෙනස් කරගනියි කියලයි. දවස් දහයකට පස්සේ ඔහුව නිදහස් කළා. ඒත් ඔහුගේ තීරණය නම් වෙනස් වෙලා තිබුණේ නැහැ. බාම්, රික්ෂෝ පදවන්නෙක් හැටියට රැකියාවක් කරන්න පටන්ගත්තා. අලුත් රැකියාව නිසා මොන අපහසුතා විඳින්න වුණත් ඔහු ඒ රැකියාව කළේ හිතේ සතුටින්. ඒ අතර ඔහු ප්‍රචාරකයෙක් දක්වා දියුණු වුණා. සභාවේ අය
බාම්ගේ බිරිඳටත් කාරුණිකව සැලකුව නිසා කාලයක් යද්දී ඇයත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. එදා වගේම අදත් පවුලේ වගකීම් හොඳින් ඉටු කරන බාම්ට කලින් රැකියාවට වඩා වැඩි මුදලකුත් මේ රැකියාවෙන් ලැබෙනවා. ඔහු 2013 පෙබරවාරි මාසයේ පැවැත්වූ සමුළුවක බව්තීස්ම වුණා. දැන් ඔහුගේ බිරිඳත් පුතාත් රැස්වීම්වලට සහභාගි වෙනවා.ඇයට ඕන වුණේ සහායක පුරෝගාමි සේවය කරන්නයි
කොරියාවේ ජීවත් වන මයොංහී කියන සහෝදරියට අවුරුදු දෙකේදී ඇති වුණ රෝගී තත්වයක් නිසා කකුලක ආබාධයක් තියෙනවා. සමහර වෙලාවට බිමට ඇදගෙන වැටෙන තරමට ඇයට මහන්සියක් දැනෙනවා. ඒ වගේම බය, හුස්ම ගැනීමේ අපහසුතා සහ බෙහෙත්වලින් ඇති වන අතුරු ආබාධ නිසාත් ඇය ඉන්නේ සිත් වේදනාවෙන්. ඒත් ඇගේ එකම ආසාව වුණේ සහායක පුරෝගාමි සේවය කරන්නයි. ඒ නිසා ඇය මොන අපහසුතා තිබුණත් පසුගිය වසර දෙක පුරා හැම මාසයකම වගේ සහායක පුරෝගාමි සේවය කළා. ඇගේ ආසාව ඉටු කරගන්න ශක්තිය දුන්නාට ඇය යෙහෝවා දෙවිට ස්තුති කරනවා.
“මම මේක අවුරුදු 30ක් තිස්සේ හොයනවා”
ඇග්නස් ඉන්දුනීසියාවේ සේවය කරන මිෂනාරි සහෝදරියක්. ඇය පොළක එළවළු විකුණන ගර්භණී කාන්තාවකට කිහිප වතාවක් දේශනා කළා. ඒ කාන්තාව අපේ සඟරා කියවන්න හුඟක් ආසයි. දවසක් සහෝදරි ඇග්නස් පොළට ගියාම ඒ කාන්තාව වෙනුවට එතැන හිටියේ ඇගේ සැමියයි. බිරිඳට දරුවා ලැබුණා කියලා ඔහු සහෝදරියට කිව්වා. ‘මගේ බයිබල් කතන්දර පොත.’ ඇයවත් ඇගේ දරුවාවත් බලන්න සහෝදරිය ආව එක ගැන කාන්තාව පුදුම වුණා. ඒත් ඇය වැඩියෙන්ම පුදුම වුණේ සහෝදරිය අරගෙන ගිය තෑග්ග දැකලයි. ඇය පොත අතට අරන් මෙහෙම කිව්වා. “කොහෙන්ද මේ පොත හොයාගත්තේ. මම මේක අවුරුදු 30ක් තිස්සේ හොයනවා. හැම පොත් සාප්පුවකමත් බැලුවා. කාගේ ළඟවත් මේ පොත වගේ හොඳ පොතක් තිබුණේ නෑ.” මේ කාන්තාව කුඩා කාලයේදී ඇගේ මාමා කෙනෙක් ළඟ තිබිලා ඒ පොත හුඟක් ආසාවෙන් කියවලා තිබුණා. ඒ පොත ලැබුණ එක ගැන සතුටු වුණ ඇයත් ඇගේ දුවත් බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා.
ඇයව බලන්න යන්න ඕනේ කියලා හිතුව ඇග්නස් තෑග්ගක් හැටියට අරගෙන ගියේ