Skip to content

පටුනට යන්න

ඩොමිනිකන් ජනරජය

දෙවිට කරන සේවය අත්හරින්න හිතුවා

මාටින් පාරඩෙස්

දෙවිට කරන සේවය අත්හරින්න හිතුවා
  • ඉපදුණේ 1976

  • බව්තීස්ම වුණේ 1991

  • තොරතුරු මාටින්ට සත්‍යය ලැබුණේ ඔහු පූජකාරාමයේ හිටපු කාලයේයි. ඔහු සත්‍යය දැනගත්තට පස්සේ ගොඩක් අයට සත්‍යයට එන්න උදව් කරපු කෙනෙක්.

අපේ පවුලේ අය තද කතෝලිකයන් නිසා එයාලට ඕන වුණේ මං පූජකයෙක් වෙනවා දකින්නයි. ඒ නිසා අවුරුදු 12දී මම විවිධ පූජකයන් යටතේ ඉගෙනගත්තා. ඊටපස්සේ 1990දී ඒ කියන්නේ මට අවුරුදු 14දී ගොඩක් ප්‍රසිද්ධ පූජකාරාමයක ඉගෙනගන්න මට අවස්ථාව ලැබුණා.

මං හොඳට ඉගෙනගත්ත නිසා දිගටම එහෙම කළොත් මට බිෂොප් කෙනෙක් වෙන්න පුළුවන් කියලා ඒ අය කිව්වා. ඒත් අපිට බයිබලය වෙනුවට ඉගැන්නුවේ දර්ශනවාදය නිසා මං කලකිරුණා. ඒ විතරක් නෙමෙයි එහේ හිටපු පූජකයන් ගත කෙරුවෙත් හරිම නරක ජීවිත. මටත් ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණු නිසා දෙවිට සේවය කරන එක අත්හැරලා දාන්න මං හිතුවා.

ඒ කාලෙදිම තමයි මිෂනාරි යුවළක් පූජකාරාමේ කාර්යාලයේ වැඩ කරන කෙනෙක්ට ‘යෞවනයන් අසන ප්‍රශ්න - ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු’ කියන පොත දීලා තිබුණේ. මම ඒක ඉල්ලගෙන මුළු පොතම කියෙව්වා. ‘මට ඕන කරලා තිබුණෙත් මේක තමයි’ කියලා මං හිතුවා. මම පූජකාරාමෙන් අයින් වෙලා සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. රැස්වීම්වලටත් ගියා. මාස 8කට පස්සේ, ඒ කියන්නේ 1991 ජූලි මාසෙ මං බව්තීස්ම වුණා. ඊටපස්සේ ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. ටික කාලයකට පස්සේ මම මරියා කියන පුරෝගාමි සහෝදරිය එක්ක විවාහ වුණා. 2006 ඉඳන් අපි විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරනවා. දෙවිට සේවය කරන එක අත්හැරලා දානවා වෙනුවට දැන් මං දෙවි ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න ගොඩක් අයට දෙවිට ළං වෙන්න උදව් කරනවා.