උත්පත්ති 1:1-31
1 පටන්ගැන්මේදී* දෙවියන් අහසයි,* පොළොවයි නිර්මාණය කළා.+
2 පොළොව හිස්, පාළු තැනක් විදිහටයි තිබුණේ. බලන බලන හැම තැනම ගැඹුරු ජලයෙන්+ සහ අන්ධකාරයෙන් වැහිලා තිබුණා. දෙවියන්ගේ බලය+ ජලය+ මතුපිට ක්‍රියාත්මක වෙමින් තිබුණා.
3 දෙවියන් කිව්වා “දැන් ආලෝකය ඇති කරනවා” කියලා. එතකොට ආලෝකය ඇති වුණා.+
4 දෙවියන් ආලෝකය හොඳයි කියලා දැක්කා. ඊටපස්සේ දෙවියන් ආලෝකය තියෙන වෙලාවකුයි, අන්ධකාරය තියෙන වෙලාවකුයි නියම කළා.
5 දෙවියන් ආලෝකය තියෙන වෙලාව දවාල කියලත් අන්ධකාරය තියෙන වෙලාව රාත්‍රිය කියලත් හැඳින්නුවා.+ හවස් වුණා. උදේ වුණා. ඒ පළවෙනි දවස.*
6 ඊළඟට දෙවියන් කිව්වා “ජලය දෙපැත්තට බෙදිලා ගිහින්+ ඒ අතරේ අවකාශයක්*+ ඇති වෙන්න” කියලා.
7 දෙවියන් ජලය දෙපැත්තට බෙදලා අවකාශය හැදුවා. බෙදිලා ගිය ජලය අවකාශයට ඉහළිනුයි, පහළිනුයි තිබුණා.+ දෙවියන් කියපු විදිහටම ඒක වුණා.
8 දෙවියන් අවකාශය අහස කියලා හැඳින්නුවා. හවස් වුණා. උදේ වුණා. ඒ දෙවෙනි දවස.
9 ඊළඟට දෙවියන් කිව්වා “අහසට යටින් තියෙන ජලය එක තැනකට රැස් කරලා වියළි බිම මතු වෙන්න සලස්වනවා”+ කියලා. කියපු විදිහටම ඒක වුණා.
10 දෙවියන් වියළි බිම පොළොව+ කියලත් එක තැනකට රැස් කරපු ජලය මුහුද+ කියලත් හැඳින්නුවා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා.+
11 දෙවියන් මෙහෙමත් කිව්වා. “තෘණ,* පැළෑටි සහ ගස් ඒ ඒ වර්ග විදිහට පොළොවේ ඇති වෙන්න සලස්වනවා. පැළෑටිවලින් බීජ හටගනියි. ගස්වලින් බීජ තියෙන පලතුරු හටගනියි.” දෙවියන් කියපු විදිහටම ඒක වුණා.
12 පොළොවෙන් තෘණ, පැළෑටි+ සහ ගස් ඒ ඒ වර්ග විදිහට හටගන්න පටන්ගත්තා. පැළෑටිවලින් බීජත් ගස්වලින් බීජ තියෙන පලතුරුත් හටගත්තා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා.
13 හවස් වුණා. උදේ වුණා. ඒ තුන්වෙනි දවස.
14 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “දවාල සහ රාත්‍රිය වෙන් කරන්න+ ආලෝක වස්තූන්+ අහස්තලයේ දැන් දකින්න ලැබෙයි. ඍතු, දවස් සහ අවුරුදු වෙන් කරලා හඳුනගන්න ඒවා උදව් වෙයි.*+
15 ඒ ආකාශ වස්තූන්වලින් පොළොවට ආලෝකය ලැබෙයි.” කියපු විදිහටම ඒ දේවල් වුණා.
16 දෙවියන් ප්‍රධාන ආලෝක වස්තූන් දෙක හැදුවා.* දවාලට එළිය ලබා දෙන්න විශාල ආලෝක වස්තුවත්+ රාත්‍රියට එළිය ලබා දෙන්න කුඩා ආලෝක වස්තුවත් තාරකාත් හැදුවා.+
17 පොළොවට ආලෝකය ලබා දෙන්න දෙවියන් ඒවා අහසේ පේන විදිහට තිබ්බා.
18 ආලෝකය සහ අන්ධකාරය+ වෙන් කරන්නත් දවාලට සහ රාත්‍රියට එළිය ලබා දෙන්නත් දෙවියන් එහෙම කළා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා ඔහු දැක්කා.
19 හවස් වුණා. උදේ වුණා. ඒ හතරවෙනි දවස.
20 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “දැන් වතුරේ ජීවත් වෙන ජීවීන්ව හදලා ජලයේ පැතිරිලා යන්න සලස්වනවා. අහසේ පියාසර කරන ජීවීන්වත්* හදනවා.”+
21 දෙවියන් විශාල මුහුදු සතුන්වයි, වතුරේ ජීවත් වෙන සියලුම ජීවීන්වයි ඒ ඒ වර්ග විදිහට නිර්මාණය කළා. දෙවියන් අහසේ පියාසර කරන සියලු ජීවීන්වත් ඒ ඒ වර්ග විදිහට නිර්මාණය කළා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා.
22 දෙවියන් වතුරේ ඉන්න ජීවීන්ට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “බෝ වී වැඩි වෙන්න. මුහුද පුරාම පැතිරිලා යන්න.”+ පියාසර කරන ජීවීන්ටත් “බෝ වී වැඩි වෙලා පොළොව පුරාම පැතිරිලා යන්න” කියලා ආශීර්වාද කළා.
23 හවස් වුණා. උදේ වුණා. ඒ පස්වෙනි දවස.
24 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “පොළොවේ ජීවත් වෙන්න ඒ ඒ වර්ග විදිහට ජීවීන් ඇති වෙන්න සලස්වනවා. ඒ ඒ වර්ග විදිහට බෝ වෙන හීලෑ සතුන්වයි, කුඩා සතුන්වයි,* වනසතුන්වයි හදනවා.”+ ඒක ඒ විදිහටම වුණා.
25 දෙවියන් ඒ ඒ වර්ග විදිහට පොළොවේ වනසතුන්වයි, හීලෑ සතුන්වයි සියලුම කුඩා සතුන්වයි හැදුවා. කරපු හැම දෙයක්ම හොඳයි කියලා දෙවියන් දැක්කා.
26 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “අපි+ දැන් අපිට සමානකම් තියෙන විදිහට+ මිනිස්සුන්ව හදමු. මුහුදේ ඉන්න මාළුන්ව, අහසේ පියාසර කරන ජීවීන්ව, හීලෑ සතුන්ව සහ පොළොවේ ඉන්න හැම කුඩා සතෙක්වම එයාලා යටතේ තියමු.+ මුළු පොළොවම බලාගන්න එයාලට භාර දෙමු.”
27 දෙවියන් මිනිසාව නිර්මාණය කළා. දෙවියන් මිනිසාව නිර්මාණය කළේ ඔහුට සමානකම් තියෙන විදිහට. ඔහු පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විදිහට එයාලව නිර්මාණය කළා.+
28 ඊටපස්සේ දෙවියන් එයාලට ආශීර්වාද කරලා මෙහෙම කිව්වා. “දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙලා+ ඒක ඔයාලා යටතේ තියාගන්න.+ පොළොවේ ඉන්න සියලුම සතුන්වයි, මුහුදේ ඉන්න මාළුවන්වයි, අහසේ පියාසර කරන ජීවීන්වයි ඔයාලා යටතේ තියාගන්න.”+
29 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “පොළොව පුරාම තියෙන බීජ හැදෙන හැම පැළෑටියක්ම, පලතුරු හැදෙන හැම ගහක්ම මම ඔයාලට දෙනවා. ඒවා ඔයාලට දෙන්නේ කෑම විදිහට.+
30 පොළොවේ ඉන්න සියලුම වනසතුන්ට, අහසේ පියාසර කරන සියලුම ජීවීන්ට වගේම පොළොවේ ඉන්න අනිත් සියලුම ජීවීන්ට කෑම විදිහට මම නිල් පලා වර්ග දුන්නා.”+ දෙවියන් කියපු විදිහටම වුණා.
31 ඊටපස්සේ දෙවියන් තමන් හදපු හැම දෙයක්ම දිහා බැලුවා. ඒ හැම දේම ඉතා හොඳයි කියලා ඔහු දැක්කා.+ හවස් වුණා. උදේ වුණා. ඒ හයවෙනි දවස.
පාදසටහන්
^ ඒ කියන්නේ ඉර, හඳ, තරු සහ මන්දාකිනි වගේ විශ්වයේ තියෙන දේවල්.
^ මෙතන කතා කරන්නේ විශ්වයේ ආරම්භය ගැනයි.
^ බයිබලයේ “දවස” කියන වචනයෙන් විවිධ කාල පරිච්ඡේදයන් අදහස් කරන්න පුළුවන්. ඒකෙන් හැම වෙලේම පැය 24ක් අදහස් කරන්නේ නැහැ.
^ ඒ කියන්නේ වායුගෝලය.
^ මේකට තණකොළ, ධාන්‍ය වර්ග, කෙත්වතුවල වැවෙන දේවල්, උක් සහ උණ ගස් ඇතුළත්.
^ මූ.අ., “ඒවා ලකුණු වෙයි.”
^ ඒ කියන්නේ දකින්න සැලැස්සුවා. මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනය 1:1, 21, 27 සහ 2:3 තියෙන “නිර්මාණය කළා” කියලා සඳහන් වෙන වචනයට වඩා වෙනස්.
^ මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් කුරුල්ලන් සහ පියාපත් තියෙන කෘමීන් අදහස් වෙන්න පුළුවන්.
^ මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් මීයන්, උරගයන්, කෘමීන් ඇතුළු බඩ ගාගෙන යන අනිත් සත්තු අදහස් වෙනවා.