යොෂුවා 15:1-63

  • යූදා ගෝත්‍රයට ලැබුණ උරුමය (1-12)

  • කාලෙබ්ගේ දුවට ඉඩමක් ලැබෙයි (13-19)

  • යූදා ගෝත්‍රයට ලැබුණ නගර (20-63)

15  දාදු දැම්මාට+ පස්සේ යූදා ගෝත්‍රයේ පවුල්වලට ලැබුණ ප්‍රදේශය ඒදොම්+ දේශ සීමාව දක්වාත් ෂින් පාළුකරය සහ නෙගෙබ් ප්‍රදේශයේ දකුණු මායිම දක්වාත් විහිදිලා ගියා.  ඒ ප්‍රදේශයේ දකුණු මායිම පටන්ගන්නේ ලුණු මුහුදේ*+ පහළ කෙළවරේ තියෙන මුහුදු බොක්කෙන්.  එතන ඉඳන් ඒ මායිම අක්‍රබ්බිම්+ බෑවුමේ දකුණු පැත්ත හරහා ෂින් දක්වා දිව ගියා. ඊටපස්සේ ඒක කාදෙෂ්බර්නේය+ දිහාවට හැරිලා උඩට වෙන්න තිබුණ හෙස්‍රොන් සහ අද්දාර් නගර හරහාත් කර්කා හරහාත් දිව ගියා.  ඒක එතන ඉඳන් අෂ්මොන්+ හරහා ඊජිප්තු නිම්නය*+ දිගේ ගිහින් මහ මුහුදෙන්* කෙළවර වුණා. යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශයේ දකුණු සීමාව ඒකයි.  එයාලාගේ නැඟෙනහිර සීමාව ලුණු මුහුදේ ඉඳන් යොර්දාන් ගඟේ මෝය කට වෙන කල් විහිදිලා යනවා. එයාලාගේ උතුරු සීමාව ඒ මෝය කටේ ඉඳන්+  බෙත්හොග්ලා+ නගරය දක්වාත් බෙත්අරබා+ නගරයේ උතුරු පැත්තට ගිහින් බොහන්+ කියලා හඳුන්වපු ගල දක්වාත් දිව ගියා. (බොහන්, රූබෙන් ගෝත්‍රයට අයිති කෙනෙක්.)  ඒ දේශ සීමාව ආකොර් නිම්නයේ*+ තියෙන දෙබීර් කියන තැන දක්වාත් උතුරු පැත්තට වෙන්න තියෙන ගිල්ගාල්+ නගරය දක්වාත් විහිදිලා ගියා. ගිල්ගාල් නගරය තියෙන්නේ නිම්නයට දකුණෙන් තියෙන අදුම්මිම් බෑවුමට ඉස්සරහින්. ඊටපස්සේ ඒ දේශ සීමාව ගිල්ගාල් ඉඳන් ඒන්ෂෙමෙෂ්+ දිය උල්පත හරහා ඒන්රොගෙල්+ දිය උල්පත දක්වා විහිදිලා ගියා.  එතනින් දේශ සීමාව බෙන්හින්නොම් නිම්නය*+ පහු කරගෙන යෙබූසිවරුන්ගේ+ නගරය ඒ කියන්නේ යෙරුසලම+ පිහිටලා තියෙන කන්දේ දකුණු පැත්තේ තියෙන බෑවුම හරහා දිව ගියා. හින්නොම් නිම්නයට බස්නාහිරෙන් තියෙන කඳු මුදුන දක්වා ඒ දේශ සීමාව විහිදිලා ගියා. ඒ කන්ද පිහිටලා තියෙන්නේ රෙෆායිම් නිම්නයේ* උතුරු කෙළවරේ.  කඳු මුදුනේ ඉඳන් නෙෆ්තෝවා+ දිය උල්පත දක්වාත් එෆ්‍රොන් කන්දේ පිහිටලා තිබුණ නගර දක්වාත් බායලා නගරය දක්වාත් දේශ සීමාව විහිදිලා ගියා. බායලා නගරය කිර්යත්යෙයාරීම්+ විදිහටත් හඳුන්වනවා. 10  බායලා නගරයේ ඉඳන් බස්නාහිරෙන් තියෙන සේයිර් කන්ද දක්වාත් යෙයාරීම් කන්දේ උතුරු පැත්තේ බෑවුම ඒ කියන්නේ, කෙසාලොන් නගරය හරහාත් ඒ දේශ සීමාව විහිදිලා ගියා. එතනින් ඒක බෙත්ෂෙමෙෂ්+ නගරය හරහා තිම්නාහ්+ දක්වා විහිදිලා ගියා. 11  ඒ දේශ සීමාව එක්‍රොන්+ නගරයේ උතුරු පැත්තේ තියෙන බෑවුම දක්වා ගිහින් ෂික්කෙරොන් දිහාවට හැරිලා ගියා. ඒක එතනින් බායලා කන්ද දක්වාත් යබ්නෙයෙල් දක්වාත් විහිදිලා ගිහින් මහ මුහුදෙන් කෙළවර වුණා. 12  එයාලාගේ බස්නාහිර දේශ සීමාව වුණේ මහ මුහුදේ+ වෙරළ තීරයයි. යූදා ගෝත්‍රයට අයිති පවුල්වලට ලැබුණ දේශයේ මායිම් ඒවායි. 13  යෙහෝවා යොෂුවාට කියපු විදිහට යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ්ට,+ යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශයේ තියෙන කිර්යත්අර්බා (අර්බා, අනාක්වරුන්ගේ තාත්තා) කියන නගරය උරුමයක් විදිහට දුන්නා. ඒ නගරය හෙබ්‍රොන්+ විදිහටත් හඳුන්වනවා. 14  කාලෙබ් අනාක්ගෙන්+ පැවත ආපු ෂේෂයිගේ, අහිමාන්ගේ සහ තල්මයිගේ+ පවුල් ඒ නගරයෙන් පන්නලා දැම්මා. 15  ඊටපස්සේ කාලෙබ් දෙබීර්+ නගරයේ ජීවත් වුණ අයට විරුද්ධව සටන් කරන්න ගියා. (දෙබීර් නගරය කලින් හැඳින්නුවේ කිර්යත්සේෆර් කියලා.) 16  එහෙට යන්න කලින් කාලෙබ් මෙහෙම කිව්වා. “කවුරු හරි කෙනෙක් කිර්යත්සේෆර් නගරය අල්ලගත්තොත් මං ඒ කෙනාට මගේ දුව අක්සාව බන්දලා දෙනවා.” 17  කෙනෂ්ගේ+ පුතා වන ඔත්නියෙල්+ ඒ නගරයට පහර දීලා ඒක යටත් කරගත්තා. කෙනෂ් කියන්නේ කාලෙබ්ගේ සහෝදරයා. ඉතින් කාලෙබ් ඔත්නියෙල්ට එයාගේ දුවව+ විවාහ කරලා දුන්නා. 18  අක්සා ගෙදරින් පිටත් වෙලා යද්දී ඔත්නියෙල්ට කිව්වා එයාගේ තාත්තා වුණ කාලෙබ්ගෙන් ඉඩමක් ඉල්ලගන්න කියලා. ඊටපස්සේ අක්සා බූරුවාගේ පිටෙන් බැස්සාම* කාලෙබ් එයාගෙන් ඇහුවා “මගේ දුවේ, ඔයාට මොනවාද ඕනෙ”+ කියලා. 19  එතකොට අක්සා මෙහෙම කිව්වා. “මට ඔයාගේ ආශීර්වාදය තියෙනවා නම් ඔයාට පුළුවන්ද මට තෑග්ගක් දෙන්න? ඔයා දකුණු පළාතෙන්* මට ඉඩමක් දුන්නා. මට ගුල්ලොත්මායිම්* ඉඩමත් දෙන්න පුළුවන්ද?” ඉතින් කාලෙබ් එයාට ගුල්ලොත් කියන ඉඩමේ ඉහළ කොටසයි, පහළ කොටසයි දුන්නා. 20  යූදා ගෝත්‍රයේ පවුල්වලට උරුමයක් විදිහට ලැබුණ නගර මේවායි. 21  යූදා ගෝත්‍රයට දේශයේ දකුණු පැත්තේ ඒදොම්+ දේශ සීමාව කිට්ටුව තියෙන නගර ලැබුණා. ඒ නගර මේවායි. කබ්ෂෙයෙල්, ඒදෙර්, යාගුර්, 22  කීනා, දිමෝනා, අදාදා, 23  කෙදෙෂ්, හාෂොර්, ඉත්නාන්, 24  ෂිප්, ටෙලෙම්, බෙයාලොත්, 25  හාෂොර්හදත්තා, හාෂොර් කියලත් හඳුන්වපු කෙරියොත්හෙෂ්රොන්, 26  අමාම්, ෂෙමා, මොලාදා,+ 27  හෂර්ගද්දා, හෙෂ්මොන්, බෙත්පෙලෙත්,+ 28  හෂර්ෂුවාල්, බෙයර්ෂෙබා,+ බිසියොතීයා, 29  බායලා, ඉයීම්, ඒෂෙම්, 30  එල්තෝලද්, කේසිල්, හොර්මා,+ 31  ෂික්ලග්,+ මද්මන්නා, සන්සන්නා, 32  ලෙබායොත්, ෂිල්හිම්, ආයින් සහ රිම්මොන්.+ ඒ කොටසේ නගර 29ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 33  පහත් බිම්වල*+ තිබුණ නගර මේවායි. එෂ්තායොල්, ෂොරා,+ අෂ්නා, 34  ෂානොවා, ඒන්ගන්නිම්, තප්පුවා, ඒනාම්, 35  යාමුත්, අදුල්ලාම්,+ සෝකෝ, අෂේකා,+ 36  ෂායරයිම්,+ අදීතයිම්, ගෙදේරා සහ ගෙදේරොතායිම්.* ඒ කොටසේ නගර 14ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 37  ෂෙනාන්, හදාෂා, මිග්දල්ගාද්, 38  දීලෙයන්, මිෂ්පේ, යොක්තෙයේල්, 39  ලාකිෂ්,+ බොෂ්කත්, එග්ලොන්, 40  කබ්බොන්, ලාමාම්, කිත්ලිෂ්, 41  ගෙදේරොත්, බෙත්දාගොන්, නයමා සහ මක්කේදා.+ ඒ කොටසේ නගර 16ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 42  ලිබ්නා,+ එතෙර්, ආෂාන්,+ 43  ඉෆ්තා, අෂ්නා, නේෂිබ්, 44  කෙයිලා, අක්ෂිබ් සහ මරේෂාහ්. ඒ කොටසේ නගර නවයක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 45  එක්‍රොන් නගරයත් ඒ අවට තියෙන කුඩා නගර සහ ගම්මානත් එයාලට උරුම වුණා. 46  එක්‍රොන් ඉඳන් බටහිර පැත්තේ තියෙන අෂ්දොද් දක්වා තියෙන නගර සහ ගම්මාන හැම එකක්ම එයාලට අයිති වුණා. 47  අෂ්දොද්+ නගරයත් ඒ අවට තියෙන කුඩා නගර සහ ගම්මානත් ගාසා+ නගරය සහ ඒ අවට තියෙන කුඩා නගර සහ ගම්මානත් එයාලට අයිති වුණා. ඒ කුඩා නගර සහ ගම්මාන ඊජිප්තු නිම්නය දක්වාත් මහ මුහුද දක්වාත් වෙරළබඩ තීරය දිගෙත් තිබුණා.+ 48  කඳුකර පළාතේ තියෙන නගර මේවායි. ෂාමීර්, යත්තීර්,+ සෝකෝ, 49  දන්නා, දෙබීර් කියලත් හඳුන්වපු කිර්යත්සන්නා, 50  අනාබ්, එෂ්තෙමෝ,+ ආනිම්, 51  ගෝෂෙන්,+ හෝලොන් සහ ගීලො.+ ඒ කොටසේ නගර 11ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 52  අරාබ්, දූමා, ඒෂාන්, 53  යානිම්, බෙත්තප්පුවා, අපේකා, 54  හුම්තා, හෙබ්‍රොන්+ කියලත් හඳුන්වපු කිර්යත්අර්බා සහ ෂියොර්. ඒ කොටසේ නගර නවයක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 55  මායොන්,+ කර්මෙල්, ෂිප්,+ යුත්තා, 56  යෙෂ්‍රෙයෙල්, යොක්දෙයාම්, ෂානොවා, 57  කායන්, ගිබෙයා සහ තිම්නාහ්.+ ඒ කොටසේ නගර දහයක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 58  හල්හුල්, බෙත්ෂූර්, ගෙදොර්, 59  මයරාත්, බෙත්අනොත් සහ එල්තෙකොන්. ඒ කොටසේ නගර හයක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 60  කිර්යත්යෙයාරීම්+ කියලත් හඳුන්වපු කිර්යත්බාල් සහ රබ්බා. ඒ කොටසේ නගර දෙකක් තිබුණා. ඒ නගර දෙකට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 61  පාළුකරයේ තියෙන නගර මේවායි. බෙත්අරබා,+ මිද්දින්, සෙකාකා, 62  නිබ්ෂාන්, ලුණු නුවර සහ ඒන්ගෙදී.+ ඒ කොටසේ නගර හයක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. 63  යෙරුසලමේ+ ජීවත් වුණ යෙබූසිවරුන්ව+ පන්නලා දාන්න යූදා ගෝත්‍රයේ අයට බැරි වුණා.+ අද වෙන කල් යෙබූසිවරු, යූදා ගෝත්‍රයට අයිති අය එක්ක යෙරුසලමේ ජීවත් වෙනවා.

පාදසටහන්

ඒ කියන්නේ මළ මුහුද.
ඒ කියන්නේ මධ්‍යධරණී මුහුද.
හෝ, “තැනිතලාවේ.”
හෝ, “තැනිතලාවේ.”
හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නය.”
හෝ සමහරවිට, “බූරුවා පිටේ ඉඳන් අත්පුඩි ගැහුවාම.”
හෝ, “නෙගෙබ් පළාතෙන්.”
තේරුම, “දිය පොකුණු.”
මූ.අ., “ෂෙපේලාවල.”
හෝ සමහරවිට, “ගෙදේරා සහ ඒකට අයිති බැටළු ගාල්.”