හොෂෙයා 14:1-9

  • ආයෙත් යෙහෝවා ළඟට එන්න කියලා කියයි (1-3)

    • මුවින් ඔප්පු කරන ප්‍රශංසා (2)

  • අවිශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුන්ව සුව කරයි (4-9)

14  “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබේ දෙවියන් වන යෙහෝවා ළඟට ආයෙත් එන්න.+ ඔබට මේ වගේ විපතක් වුණේ ඔබේම වැරදි නිසයි.   ජනයෙනි, ආයෙත් යෙහෝවා දෙවියන් ළඟට ඇවිත් ඔහුගෙන් මෙහෙම අයැදින්න.‘අපේ වැරදිවලට සමාව දෙන්න.+ අපි කරන යහපත් දේවල් සතුටින් භාරගන්න.හරියට වස්සන්ව පූජා කරනවා වගේ අපි අපේ මුවින් ඔබට ප්‍රශංසා ඔප්පු කරන්නම්.*+   අපිව බේරගන්න ඇසිරියාවට බැහැ.+ අපි අශ්වයන් පිට නැඟලා යන්නෙත් නැහැ.+මීට පස්සේ අපි කවදාවත් අපේ දෑතින් හදපු රූපවලට “මේ අපේ දෙවියන්” කියලා කියන්නේ නැහැ.මොකද පියා නැති දරුවාට දයාව පෙන්වන්නේ ඔබ විතරයි.’+   මම ඔවුන්ව සුව කරන නිසා ඔවුන් ආයෙත් මට ද්‍රෝහි වෙන්නේ නැහැ.+ මං මගේ හදවතින්ම ඔවුන්ට ආදරේ කරනවා.+මොකද මගේ කේන්තිය දැන් නිවිලා ගිහින්.+   මම ඊශ්‍රායෙල්වරුන්ට පිනි බිඳු වගේ වෙනවා.ඒ නිසා ඔවුන් ලිලී මල් වගේ පිපෙයි.ලෙබනොන්වල ගස් වගේ මුල් ඇදලා සරුසාරව වැඩෙයි.   ඔවුන් අතුඉති විහිදුවලා වැඩෙන තේජවත් ඔලීව ගසක් වගේ වෙයි.ලෙබනොන්වල ගස්වලින් නික්මෙන සුවඳ ඔවුන්ගෙනුත් නික්ම එයි.   ඔවුන් ආයෙත් දෙවියන්ගේ සෙවණේ සිසිලස ලබයි. ඔවුන් ධාන්‍ය වගා කරයි. මිදිවැලක් වගේ දලු ලා වැඩෙයි.+ ලෙබනොන්වල වයින් ගැන කතා කරනවා වගේඔවුනුත් තමන්ගේ දෙවියන් ගැන සතුටින් කතා කරයි.   ‘මේ වෙනත් දෙවිවරුන්ගේ රූපවලින් මට දැන් කිසි වැඩක් නැහැ’+ කියලා එෆ්‍රායිම් කියයි. මම ඔවුන්ට උත්තර දෙනවා. ඔවුන්ව රැකබලා ගන්නවා.+ මං සරුසාරව වැඩෙන ජුනිපර් ගසක් වගේ වෙනවා. මගෙන් හටගන්න පලවලින් ඔවුන් පෝෂණය ලබයි.”   ඔබ අතරේ ප්‍රඥාවන්තයෙක් ඉන්නවා නම් මේ දේවල් තේරුම්ගන්න. ඔබ අතරේ නැණවතෙක් ඉන්නවා නම් මේ දේවල් අවබෝධ කරගන්න. යෙහෝවා පෙන්වන මාර්ගය යහපත්.+ධර්මිෂ්ඨයන් ඒ මඟේ ගමන් කරයි.අධර්මිෂ්ඨයන් ඒ මාර්ගයෙන් ඉවතට ගිහින් විනාශ වෙයි.

පාදසටහන්

මූ.අ., “එතකොට අපි ඔබට අපේ මුවින් වස්සන්ව ඔප්පු කරන්නම්.”