Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු

1 කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගන්න

1 කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගන්න

හැම දේම එක රැයින් වෙනස් කරගන්න ඔයා උත්සාහ කරයි. ඔයා ඔයාටම මෙහෙම කියාගන්න ඉඩ තියෙනවා. ‘සිගරට් බොන එක, නරක වචන කියන එක, රෑ වෙන කල් නිදිමරන එක මේ සතියෙම නවත්වනවා. ඒ වෙනුවට ව්‍යායාම් කරන්න පටන්ගන්නවා, පෝෂ්‍යදායී කෑම බීම ගන්නවා, ආච්චිටයි සීයාටයි කෝල් කරනවා.’ හැබැයි ඔයා ඒ ඔක්කොම එක සැරේ කරන්න හැදුවොත් ඔයාට ඒ එකක්වත් කරගන්න බැරි වෙයි.

බයිබල් ප්‍රතිපත්තිය: “නිහතමානී අය ප්‍රඥාවන්තය.”හිතෝපදේශ 11:2.

නිහතමානී කෙනෙක් තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගන්නවා. තමන්ගේ කාලය, ශක්තිය, තමන්ට අයිති දේවල් වැය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කියලා එයා තේරුම්ගන්නවා. ඒ නිසා හැම දේම එක සැරේ වෙනස් කරන්න හදනවා වෙනුවට ටිකෙන් ටික වෙනස් කරන්න එයා උත්සාහ කරනවා.

ඔක්කොම එක සැරේ කරන්න හැදුවොත් ඔයාට ඒ එකක්වත් කරගන්න බැරි වෙයි!

කරන්න පුළුවන් දේ

එක සැරේකට එක දෙයක් නැත්නම් දෙකක් විතරක් කරන්න උත්සාහ කරන්න. ඒකට මේ දේවල් ඔයාට උදව් වෙයි:

  1. ඔයා ඇති කරගන්න කැමති හොඳ පුරුදු සහ අත්හරින්න කැමති නරක පුරුදු ගැන ලැයිස්තු දෙකක් හදන්න. එකක් දෙකක් ලියලා නතර කරනවා වෙනුවට පුළුවන් තරම් දේවල් ලියන්න.

  2. මුලින්ම කරන්න ඕන දේවල් තෝරගෙන ඒවා අනුපිළිවෙළට ලකුණු කරගන්න.

  3. ලැයිස්තු දෙකෙන්ම එකක් හරි දෙකක් හරි තෝරගෙන ඒවා හදාගන්න උත්සාහ කරන්න. ඒවා හදාගත්තට පස්සේ තවත් එකක් හරි දෙකක් හරි තෝරගෙන ඒවාත් හදාගන්න උත්සාහ කරන්න.

නරක පුරුද්දක් වෙනුවෙන් යොදවන කාලයේදී හොඳ පුරුද්දක් ඇති කරගන්න උත්සාහ කරන්න. ඔයා හදාගන්න උත්සාහ කරන දේවල් වේගයෙන් හදාගන්න ඒක උදව් වෙයි. උදාහරණෙකට හිතන්න ඔයාගේ නරක පුරුද්ද වැඩිපුර ටීවී බලන එක කියලා. ඔයාට ඇති කරගන්න ඕන හොඳ පුරුද්ද තමයි ඔයා ආදරේ කරන අය වෙනුවෙන් කාලය දෙන එක. එහෙමනම් ‘හැමදාම වැඩ ඇරිලා ඇවිත් ටීවී බලනවා වෙනුවට මං යාළුවෙක්ට හරි නෑදෑයෙක්ට හරි කතා කරනවා’ කියලා අධිෂ්ඨානයක් ගන්න.