මුල් පිටුවෙන් | අවංක වෙන්න ඕන ඇයි?
අවංකකමට අද තැනක් නැද්ද?
හිටෝෂි කියන්නේ ජපානයේ රැකියා ඒජන්සියක ගිණුම් අංශයේ වැඩ කරපු කෙනෙක්. දවසක් හිටෝෂිගේ ප්‍රධානියා ගිණුම් වාර්තාවක් පරීක්ෂා කරද්දී එයාගෙන් ඇහුවා කිව්ව විදිහට වාර්තාව වෙනස් කෙරුවේ නැත්තේ ඇයි කියලා. එතකොට හිටෝෂි කිව්වා හිතට එකඟව ඒ වගේ බොරු වාර්තාවක් හදන්න බැහැ කියලා. ඒ නිසා හිටෝෂිව රස්සාවෙන් අස් කරනවා කියලා ප්‍රධානියා තර්ජනය කෙරුවා විතරක් නෙමෙයි අන්තිමේදී ඔහුව රස්සාවෙන් අස් කෙරුවා.
ඊටපස්සේ රස්සාවක් හොයාගන්න හිටෝෂි මාස කීපයක්ම මහන්සි වුණත් හම්බ වුණේ නැති හින්දා ටිකක් කලකිරුණා. උදාහරණෙකට හිටෝෂි සම්මුඛ පරීක්ෂණයකදී කිව්වා වංක දේවල් නම් කරන්න බැහැ කියලා. “ඔයා හිතන විදිහ හරි අමුතුයි” කියලා සාකච්ඡාව කරපු කෙනා කිව්වා. ඒත් දිගටම අවංකව ඉන්න දරන වෑයම අත්හරින්න එපා කියලා හිටෝෂිගේ පවුලේ අයයි, යාළුවොයි එයාට උනන්දු කෙරුවා. ඒත් හිටෝෂිට මෙහෙම හිතුණා. “මගේ ආගම නිසා මං අවංකව ඉන්න දරන වෑයමෙන් පලක් වෙයිද?”
හිටෝෂිගේ අද්දැකීමෙන් පේන්නේ අවංකකම හැමෝම අගය කරන්නේ නැහැ කියන එකයි. සමහරු හිතන්න පුළුවන් ව්‍යාපාර ක්ෂේත්රයේ රැඳිලා ඉන්න නම් වංක වෙන්නම ඕන කියලා. දකුණු අප්‍රිකාවේ රැකියාවක් කරන කාන්තාවක් මෙහෙම කිව්වා. “මං ඉන්නේ වංක මිනිස්සු අතරේ හින්දා වංක දේවල් කරන්න ඇති වෙන බලපෑම හුඟක් වැඩියි.”
බොරු කියන එකත් වංක ක්‍රියාවක්. අද ඒක සමාජය පුරා පැතිරිලා. අවුරුදු කීපයකට කලින් මැසචුසෙට් ඇමර්ස්ට් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥයෙක් වන රොබට් එස්. ෆෙල්ඩ්මන් කරපු අධ්‍යයනයකින් හෙළි වුණේ වැඩිහිටියන් එක්ක විනාඩි 10ක් කතා කෙරුවොත් ඒ අයගෙන් 60%ක් අඩුම තරමින් එක බොරුවක්වත් කියනවා කියලයි. ඔහු මෙහෙම කිව්වා “මිනිසුන් මෙච්චර බොරු කියනවා කියලා අපි කවදාවත් හිතුවේ නැහැ.” ඒත් පුදුමේ කියන්නේ තමන්ට බොරු කියනවාට හුඟක් අය කැමති නැතත් ඒ අය අනිත් අයට බොරු කියන එකයි.
බොරු කියන එක, හොරකම් කරන එක, වංචනික දේවල් කරන එක මේ තරම් වැඩි වෙලා තියෙන්නේ ඇයි? වංකකම මුළු සමාජයටම බලපාලා තියෙන්නේ කොහොමද? ඒ උගුලට අහු නොවී ඉන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?