දෙවියන්ට ළං වෙන්න ඔයාටත් පුළුවන්
සමහර අය හිතන්නේ . . .
අතිමහත් බලයක් තියෙන උසස් දෙවි කෙනෙක්ට ළං වෙන එක කරන්න බැරි දෙයක්, ඔහුට අපෙන් වැඩක් නැහැ කියලා.
බයිබලයේ කියන්නේ මෙහෙමයි
“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8.
‘දෙවියන් ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.’—1 පේතෘස් 5:7.
දෙවියන්ට ළං වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද?
ඔහුට යාච්ඤා කරන්න.—ගීතාවලිය 145:18, 19.
ඔහු කියන දේට ඇහුම්කන් දෙන්න.—ගීතාවලිය 32:8.
ඔහුගේ මඟ පෙන්වීම් පිළිගන්න.—හිතෝපදේශ 3:5, 6.
දිගටම ඔහුට ළං වෙන්න වෑයම් කරන්න.—මතෙව් 7:7, 8.