ඇත්තටම යුද්ධයෙන් පීඩා විඳින්නේ කවුද?
ඇත්තටම යුද්ධයෙන් පීඩා විඳින්නේ කවුද?
“අද පවතින යුද්ධ අතීතයේ සිදු වූ යුද්ධවලට වඩා වෙනස් . . . වැඩියෙන්ම ඊට ගොදුරු වී ඇත්තේ, සෙබළුන්ට වඩා සාමාන්‍ය ජනතාවයි” කියා එක්සත් ජාතීන්ගේ ගුවන් විදුලි වැඩසටහනක් වන “ප’ස්පෙක්ටිව්”හි ප්‍රකාශ කරන ලදි. උදාහරණයකට, පළවන ලෝක යුද්ධයේදී අනතුරට පත් වූවන් අතර සාමාන්‍ය ජනතාව සිටියේ සියයට පහක් පමණයි. එසේ වුවත්, දෙවන ලෝක යුද්ධයේදී එම සංඛ්‍යාව සියයට 48ක් දක්වා ඉහළ ගියේය. එක්සත් ජාතීන්ගේ ගුවන් විදුලිය පවසන්නේ, අදදින “යුද්ධයෙන් අනතුරු වන අයගෙන් සියයට අනූවක්ම සාමාන්‍ය ජනතාව බවයි. මේ අය අතරෙන් වැඩිදෙනෙක් කාන්තාවන්, දරුවන් සහ වයෝවෘද්ධයන්.”
දරුවන් සහ අවි සටන් පිළිබඳ කටයුතු කරන එ.ජ. සංවිධානයේ මහ ලේකම්ගේ විශේෂ නියෝජිතයෙක් වන ඕලාරා ඕටුන්නුට අනුව, “1987 සිට යුද්ධ තත්වයන් නිසා දරුවන් මිලියන දෙකක් මරණයට පත් වී තිබෙන බවට ගණන් බලා ඇත.” ඉන් අදහස් කරන්නේ පසුගිය අවුරුදු 12 ඇතුළත දවසකට දරුවන් 450දෙනෙකුට වඩා යුද්ධය හේතුවෙන් මියගොස් ඇති බවයි! ඊට අමතරව, එම කාලයේදීම දරුවන් මිලියන හයකට වඩා සංඛ්‍යාවක් දරුණු ලෙස තුවාල ලබා හෝ ජීවිතාන්තය දක්වාම අංග විකල තත්වයෙන් සිටීමට සිදු වී ඇත.
මෙම දරුවන් යුධ අනතුරුවලට හසුවීමේ ගණන අඩු කිරීම සඳහා එක්සත් ජාතීන්ට ගත හැකි එක් පියවරක් ලෙස ඕටුන්නු යෝජනා කරන්නේ සාම දිස්ත්‍රික්ක පිහිටුවීම දිරිමත් කිරීමයි. ඔහුගේ අදහසට අනුව, “දරුවන් නිතර ගැවසෙන ස්ථාන වන පාසැල්, රෝහල් සහ ක්‍රීඩා පිට්ටනි වැනි ස්ථාන යුධ තහනම් ප්‍රදේශ හැටියට සැලකිය යුතුයි.” කෙසේවෙතත්, සාමාන්‍ය ජනතාව යුධ අනතුරුවලින් ආරක්ෂා කළ හැකි යෝග්‍යතම ක්‍රමය වන්නේ “අවි සටන් සහමුලින්ම වැළැක්වීමයි.” කියා එක්සත් ජාතීන්ගේ ගුවන් විදුලිය පැවසුවේය. ඇත්තටම යුද්ධයෙන් අනතුරු වන්නන් තුරන් කිරීමට නම් යුද්ධය තුරන් කළ යුතුයි. එය කවදා හෝ සිදු වෙයිද?
මිනිස් ඉතිහාසයේ යුධ වාර්තා දෙස බලන විට බොහෝ මනුෂ්‍යයන්ට හැඟෙන්නේ, ලෝක-ව්‍යාප්ත සාමය මිනිසාට අත් කරගත නොහැකි යමක් ලෙසයි. කෙසේවුවත්, යෙහෝවා දෙවි තම වචනය වන බයිබලයෙහි පොරොන්දු වන්නේ, ඔහු එය කිරීමට යන බවයි. “[ඔහු] පොළෝ කෙළවර දක්වා යුද්ධ [නවත්වන්නේය].” (ගීතාවලිය 46:9) මෙය සිදු වෙන්නේ කවදාද? ඒ වගේම දෙවිගේ පොරොන්දුව වන ලෝක ව්‍යාප්ත සාමය ඉටු වෙයි කියා ඔබට නිසැක විය හැක්කේ මන්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට ඔබ කැමති නම් පස්වන පිටුවේ සඳහන් ඔබට වඩාත් ළඟම ලිපිනය යොදාගෙන මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලිවීමට හෝ ඔබ ප්‍රදේශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවකට ගොස් ඔවුන්ව හමු වන්න. කිසිදු බඳවාගැනීමක් හෝ අය කිරීමක් නොකෙරේ. ඔබට පැහැදිලි පිළිතුරු අපේක්ෂා කළ හැකියි.
[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
UN PHOTO 156450/J. Isaac