දිනෙන් දින වැඩි වන ඇති නැති පරතරය
දිනෙන් දින වැඩි වන ඇති නැති පරතරය
“පෙර ශතවර්ෂ පහට වඩා පසුගිය දශක පහ තුළ ලෝකයේ දුගීකම අඩු කිරීම සම්බන්ධයෙන් වැඩි ප්‍රගතියක් අත් කරගෙන ඇති බව” එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්රකාශනයක් වන UNDP ටුඩේහි සඳහන් කරන ලදි. “එක්දාස් නවසිය හැටේ සිට, දියුණු වෙමින් පවතින රටවල ළදරු මරණ අනුපාතය සියයට 50කින් අඩු වී ඇත. මන්දපෝෂණය සියයට 33කින් පහත වැටී ඇති අතර පාසැල් අධ්‍යාපනය ලැබීම සියයට 25කින් ඉහළ ගොස් ඇත.” එහෙත්, එම ප්රකාශනයම පවසන්නේ මෙම ක්ෂේත්රයන්වලදී ප්‍රගතියක් අත් කරගෙන තිබුණත් ලෝකයේ දුගීකම “ව්‍යාප්තව පවතින” බවයි.
දරුණුතම දෙය නම් සමාජය තුළ සහ සමාජයන් අතර වැඩි වන විෂමතාවයි. “පසුගිය අවුරුද්ද හා සසඳන විට” එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂිකා කැතරින් බර්ටීනී පවසන්නේ “ලෝකයේ වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් සහ කුසගින්නෙන් පීඩා විඳින බවයි.” ඇත්තෙන්ම, අදදින සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන 840ක් පමණ මනුෂ්‍යයන් කුසගින්නෙන් පෙළෙන අතර බිලියනයකට වඩා වැඩි පිරිසකට බීමට පිරිසිදු ජලය ලබාගැනීමට නොහැකි තත්වයක සිටියි. මිනිසුන් බිලියන 1.5කට පමණ දිනකට යැපීම සඳහා ඇති මුදල අමෙරිකානු ඩොලරයකටත් වඩා අඩුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් වන මෙරී රොබින්සන් අනතුරු අඟවන්නේ “ලෝකය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස බෙදනවා වෙනුවට, අධිසංවර්ධිත සහ ශුන්‍ය සංවර්ධිත [රටවල්] ලෙස බෙදනු ලැබීමේ අන්තරාවට පිය නඟන බවයි.”
බිලියන හයක් පමණ සිටින ලෝක මනුෂ්‍ය සමාජයෙහි ඇති නැති පරතරය අඩු කිරීමට කුමක්ද අවශ්‍ය? එක්සත් ජාතීන් ගණන් බලා ඇති ආකාරයට වසරකට ලෝක ව්‍යාප්තවම සනීපාරක්ෂාව සහ පිරිසිදු ජලය සැපයීමට තව අවශ්‍ය වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන නවයක් (පුද්ගලයෙකුට ඩොලර් 1.50) සහ ලොව පුරා සිටින පුද්ගලයන්ට මූලික සෞඛ්‍ය සේවා සහ පෝෂණය සැපයීමට වසරකට අවශ්‍ය වන්නේ ඩොලර් බිලියන 13ක් (පුද්ගලයෙකුට ඩොලර් 2.00) පමණයි. මෙය විශාල මුදලක් මෙන් පෙනුණත් ලෝකයේ වෙනත් සේවාවන් සඳහා වැය කරන මුදල සමඟ සසඳා බලන විට එය එතරම් සැලකිය යුතු ප්‍රමාණයක් නොවේ. උදාහරණයකට, මෑත වර්ෂයකදී, ලෝකයේ ප්‍රචාරණ කටයුතු සඳහා ඩොලර් බිලියන 435ක් (පුද්ගලයෙකුට ඩොලර් 70කට වඩා) සහ හමුදා කටයුතු සඳහා ඩොලර් බිලියන 780ක් (පුද්ගලයෙකුට ඩොලර් 130ක් පමණ) වැය කර ඇත. පැහැදිලිවම, ලෝකයෙහි ඇති නැති පරතරය අඩු කිරීමට ප්‍රමාණවත් අරමුදල් සෙවීමට වඩා අවශ්‍ය වන්නේ නිවැරදි ප්‍රමුඛතා තබාගැනීමයි.