බොරු කීමට කිසිදු පදනමක් නැද්ද?
බයිබලයේ දෘෂ්ටිකෝණය
බොරු කීමට කිසිදු පදනමක් නැද්ද?
“පුංචි බොරුවක් කියලා ලොකු විස්තරයක් දෙන එකෙන් ගැළවෙන්න පුළුවන්.”
බොරු කීම ගැන බොහෝදෙනෙකුට හැඟෙන ආකාරය මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ඔවුන්ගේ තර්කය වන්නේ කිසිවෙකුට ඉන් අනතුරක් නොවේ නම් බොරු කීමේ වරදක් නැති බවයි. එලෙස තර්ක කිරීම අවස්ථානුකූල ආචාර ධර්මය නමැති විෂය ලෙස පවා හැදෑරිය හැක. එහි පවසන්නේ ඔබ අනුගමනය කළ යුතු වන්නේ ප්‍රේමය නමැති නීතිය පමණයි කියාය. වෙනත් අයුරකින් පවසනවා නම්, “ඔබේ චේතනාවත්, අභිප්‍රායත් නිවැරදි නම්, (එවිට) ඔබ බොරුවක් කිව්වාය යන කාරණය . . . එතරම් ගණන් ගත යුතු දෙයක් නොවෙයි” කියා කර්තෘ ඩයියැන් කෝම්ප් පැහැදිලි කරයි.
එවැනි අදහසක් අදදින ලෝකයෙහි පොදු දෙයක් බවට පත් වී ඇත. ප්රමුඛ පෙළේ දේශපාලනඥයන් හා වෙනත් ලෝක නායකයන් කියන නින්දාසහගත බොරු නිසා සමාජය සසල වී තිබේ. මෙවැනි වාතාවරණයකින් බලපෑම් ලැබූ බොහෝදෙනෙක් සත්‍යය පැවසීමට තමන්ට බැඳීමක් නැතැයි සිතති. ඇතැම් ස්ථානවල බොරු කීම පොදු ප්‍රතිපත්තියක් බවටත් පත් වී තිබේ. “බොරු කියනවට මට ගෙවනවා. මම බොරු කිව්වොත් වෙළඳ තරඟවලින් දිනන්නත්, පුදුමසහගත වාර්ෂික ගුණ වර්ණනාවන් ලබාගන්නත් මට පුළුවන් වෙනවා. . . . මෙය සිල්ලර බඩු විකිණීම සම්බන්ධයෙන් දෙන පුහුණුවේදී සෑම තැනකම පොදු ප්‍රතිපත්තිය වී ඇති බව පෙනෙන්න තිබෙනවායයි එක් වෙළඳ සේවිකාවක් පවසයි. බොහෝදෙනෙක් හිතන්නේ පුංචි බොරුවක් කිව්වාට ඇත්තෙන්ම අනතුරක් වෙන්නේ නැහැ කියාය. මෙය සැබෑවක්ද? ක්‍රිස්තියානීන්ට බොරුවක් කීමට පදනමක් ඇති අවස්ථා තිබේද?
බයිබලයේ උසස් ප්‍රමිතිය
මොනයම් ආකාරයක හෝ බොරුවක් කීම බයිබලයේ සම්පූර්ණයෙන්ම හෙළා දකියි. ‘දෙවි බොරු කියන්නන් විනාශ කරන්නේය’ කියා ගීතිකාකරු පවසයි. (ගීතාවලිය 5:6; එළිදරව් 22:15ත් බලන්න.) බයිබලයේ හිතෝපදේශ 6:16-19හි යෙහෝවා පිළිකුල් කරන කාරණා හතක් සඳහන් වේ. “බොරුකාර දිව” හා “මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයා” යන්න මේ ලැයිස්තුවේ විශේෂයෙන් ඇතුළත් කර තිබේ. මන්ද? බොරු කීමෙන් සිදු වන හානියට යෙහෝවා ද්වේෂ කරන නිසාය. යේසුස් සාතන්ව බොරුකාරයෙකු හා මිනීමරුවෙකු ලෙස හැඳින්වූයේ මේ නිසාය. ඔහුගේ බොරු කීම් මගින් මිනිස් සංහතිය දුඃඛිතකම හා මරණය තුළට ඇද දමා ඇත.—උත්පත්ති 3:4, 5; යොහන් 8:44; රෝම 5:12.
යෙහෝවා බොරු කීම කෙතරම් බැරෑරුම් ලෙස සලකනවාද යන්න අනනියස්ට හා සප්පිරාට සිදු වූ දෙයින් හුවා දැක්වේ. පෙනෙනාකාරයට මේ දෙදෙනාගේ ක්‍රියා 5:1-10.
ඇත්ත තත්වයට වඩා මොවුහු ත්යාගශීලීබවක් පෙන්වීම සඳහා ප්‍රේරිතයන්ට හිතාමතාම බොරු කීහ. ඔවුන්ගේ ක්‍රියාව හිතාමතා, කලින් සැලසුම් කළ එකක් විය. මෙබැවින් ප්‍රේරිත පේතෘස් මෙසේ ප්‍රකාශ කළේය: “නුඹ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව [දෙවිටයි].” මේ හේතුවෙන්, දෙවිගේ අතින් මේ දෙදෙනාම මිය ගියහ.—වසර ගණනාවකට පසු ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ අවවාද කළේය: “එකිනෙකාට බොරු නොකියන්න.” (කොලොස්සි 3:9) මෙම උපදෙස විශේෂයෙන්ම ක්‍රිස්තියානි සභාවේදී වැදගත්. ප්‍රතිපත්තිමය ප්‍රේමය තම සැබෑ අනුගාමිකයන්ව හඳුනාගැනීමේ ලක්ෂණයක් වනු ඇතැයි යේසුස් පැවසීය. (යොහන් 13:34, 35) එවැනි අවංක ප්‍රේමයක් වර්ධනය වී සඵල විය හැක්කේ සම්පූර්ණ අවංකකම හා විශ්වාසය ඇති වාතාවරණයක පමණයි. සැමවිටම අපට සත්‍යය පවසයි කියා විශ්වාසය තැබිය නොහැකි කෙනෙකුට ප්‍රේමය දැක්වීම අසීරු දෙයකි.
සියලු බොරු කීම් දුෂ්ට වුවත්, ඇතැම් බොරු වෙනත් ඒවාට වඩා දරුණුය. උදාහරණයකට, ලජ්ජාව හෝ භය හේතුවෙන් යමෙක් බොරු කීමට ඉඩ ඇත. අනතුරු කිරීමේ හෝ හානි කිරීමේ අභිප්‍රායෙන් තවත් කෙනෙක් දුෂ්ට ලෙස බොරු කීමෙහි නියැලිය හැකියි. ඔහුගේ නපුරු චේතනා නිසා, එවැනි හිතාමතා බොරු කියන්නෙක් අන්‍යයන්ට අනතුරක් වන අතර එවැන්නෙකු පසුතැවිලි නොවනවා නම් සභා ඇසුරෙන් කපාහරිනු ඇත. හැම බොරුවක්ම නපුරුකමෙන් හට නොගන්නා බැවින්, යමෙකුව අනවශ්‍ය ලෙස හෙළා දැකීමට අප ඉක්මන් නොවිය යුතුය. නමුත් යමෙක් බොරුවක් කියා ඇත්නම් ඊට සම්බන්ධ වූ සියලුම කාරණා දැනගැනීමට වගබලාගත යුතුය. චේතනාවන් හා බොරුව කීමට පෙලඹුණේ ඇයි කියා සැලකිල්ලට ගත යුතුය.—යාකොබ් 2:13.
“සර්පයන් මෙන් නුවණ ඇතිව”
සැබවින්ම, සත්‍යවාදිකම යන්නෙන් අදහස් කරන්නේ යම් කාරණයක් සම්බන්ධයෙන් අපෙන් අසන ඕනෑම කෙනෙකුට සියලුම විස්තර කීමට අපි බැඳී සිටින බවක් නොවේ. “ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන” කියා යේසුස් මතෙව් 7:6හි අවවාද කළේය. උදාහරණයකට, දුෂ්ට අභිප්රායක් ඇති පුද්ගලයන්ට සමහර දේවල් දැනගැනීමට අයිතියක් නැහැ. තමන් ජීවත් වන්නේ වෛරයෙන් පිරි ලොවක බව ක්‍රිස්තියානීන්ට වැටහේ. මෙබැවින් යේසුස් තම ගෝලයන්ට “පරෙවියන් මෙන් අහිංසකව” සිටින අතරේදීම “සර්පයන් මෙන් නුවණ ඇතිව” සිටින්න කියාත් උපදෙස් දුන්නේය. (මතෙව් 10:16; යොහන් 15:19) යේසුස් සෑමවිටම සියලුම තොරතුරු අනාවරණය කළේ නැත. විශේෂයෙන්ම තමන්ට හෝ තම ගෝලයන්ට නිකරුණේ හානියක් සිදු විය හැකි අවස්ථාවලදී එසේ කළේ නැත. එහෙත්, එවැනි අවස්ථාවලදී පවා ඔහු බොරු කීවේද නැත. ඒ වෙනුවට, ඔහු කිසිවක් නොපවසා සිටියේය. එසේ නැතහොත් කතාව වෙනත් අතකට හැරෙව්වේය.—මතෙව් 15:1-6; 21:23-27; යොහන් 7:3-10.
සතුරන් විය හැකි වූවන් හමුවේදී, බයිබලයෙහි සඳහන් ඇදහිලිවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් වූ ආබ්‍රහම්, ඊසාක්, රාහබ් හා දාවිත් එලෙසම නුවණ ඇතුව, දූරදර්ශීව ක්‍රියා කළහ. (උත්පත්ති 20:11-13; 26:9; යෝෂුවා 2:1-6; 1 සාමුවෙල් 21:10-14) එවැනි පුරුෂයන්ව හා ස්ත්‍රීන්ව බයිබලයේ වර්ග කර ඇත්තේ කීකරුකම විදහා දැක්වූ ඇදහිලිවන්ත නමස්කාරකයන් ලෙසටය. එබැවින් ඔවුහු අනුකරණය කිරීමට වටිනා ආදර්ශයෝ වෙත්.—රෝම 15:4; හෙබ්‍රෙව් 11:8-10, 20, 31, 32-39.
බොරු කියා පහසුවෙන්ම ගැළවෙන්න පුළුවන් බව පෙනෙන අවස්ථා තිබිය හැකියි. නමුත් විශේෂයෙන්ම දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙන විට අදදින, ක්‍රිස්තියානීන් යේසුස්ගේ ක්‍රියාමාර්ගය අනුකරණය කරමින්, බයිබලය මත පුහුණු කළ තම හෘදය සාක්ෂිය අනුගමනය කිරීම සුදුසුය.—හෙබ්‍රෙව් 5:14.
බයිබලයෙහි අපට සත්‍යය පැවසීමට හා අවංක වීමට දිරිගන්වා තිබේ. බොරු කීම වැරදියි. එසේ නම්, “එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න” යන බයිබල් අවවාදය අනුගමනය කිරීම අවශ්‍ය වේ. (එපීස 4:25) එසේ කිරීමෙන්, අපට පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව, සභාවේ සමගිය හා ප්‍රේමය පවත්වාගනිමින්, ‘සැබෑකමේ දෙවිට’ දිගටම ගෞරව කළ හැකියි.—ගීතාවලිය 31:5; හෙබ්‍රෙව් 13:18.
[28වන පිටුවේ පින්තූරය]
බොරු කී නිසා අනනියස් හා සප්පිරාට තම ජීවිත අහිමි විය