නැති වූ දෙය සම්බ වෙයි
නැති වූ දෙය සම්බ වෙයි
පසුගිය අවුරුද්දේ අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ්හි ජීවත් වෙන මිනිසෙක්, ඔහුට දුන්න මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ලබාගැනීම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඒ වුණත්, ‘මම ඒවා ලබාගන්නද’ කියා ඔහුගේ දියණිය ඔහුගෙන් ඇසුවා. ඔහු එයට කිසිම විරෝධයක් දැක්වූයේ නැහැ. මේ පියා සහ දියණිය ඔවුන්ගේ මෝටර් රථය සෝදමින්, එහි තිබුණු අනවශ්‍ය දේවල්, ළඟ තිබුණු කුණු කසළ දමන විශාල පෙට්ටියකට දමමින් සිටියා. තමන්ගෙන් ලබාගත් සඟරාත් කුණු පෙට්ටියට විසි කරයිදෝ කියා සිතූ සාක්ෂිකරුවා වෙනත් වේලාවක නැවත ගොස් එම කුණු පෙට්ටිය පරීක්ෂා කර බැලුවා.
ඒකේ සඟරා තිබුණේ නැහැ. ඒත් කුඩා බෑග් එකක් සහ මුදල් පසුම්බියක් එහි තිබී ඔහු සොයාගත්තා. පසුම්බියේ තිබූ ලිපිනයේ සඳහන් ස්ත්රියව විගස හමුවීමට ඔහු කටයුතු කළා. සාක්ෂිකරුවා ඔහුගේ භාර්යාව සමඟ ඇගේ නිවසට ගිය විට, මැදිවියේ පසු වන එම ස්ත්‍රිය අශ්වයෙකුව මඩුවට අරගෙන යනවා ඔවුන් දැක්කා. ඔවුන් බෑග් එක සහ මුදල් පසුම්බිය ඇයට දුන්නා. තම නැති වූ බෑග් එකේ තිබුණු දේවල් දැක්කම ඇය පුදුම වී මෙසේ පැවසුවා. “දෙවියන්ට ස්තුති වේවා! මගේ හැම වැදගත් ලියකියවිල්ලක්ම, පාස්පෝට් එක, චෙක් පොත, ක්‍රෙඩිට් කාඩ් එක, අශ්වයන් ගැන විස්තර ඇතුළත් ලියකියවිලි මට ආයේමත් ලැබුණා.” කලින් දා රාත්‍රියේ මේ දේවල් සොරකම් කර තිබුණා කියා ඈ පැවසුවා. හොඳ වේලාවට කුණු පෙට්ටිය පරීක්ෂා කරල බැලුවේ. වැඩි වේලාවක් යන්න හම්බ වුණේ නැහැ, කුණු ගෙනියන මිනිස්සු එතැනට ආවා.
මේ ස්ත්‍රිය තමන්ගේ නැති වුණ බෑග් එක හා පසුම්බිය නැවත ගෙනත් දුන්න සාක්ෂිකරුවන් දෙදෙනාට තෑග්ගක් ඉදිරිපත් කළත්, ඔවුන් ඒක ගන්නවා වෙනුවට, දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? කියන විවරණිකාව ඇයට දුන්නා. ඇය තම අගය පළ කිරීමක් හැටියට බයිබලය මත පදනම් මෙවන් ප්‍රකාශන ලොව පුරා බෙදාහැරීමේ වැඩයේ දියුණුවට යොදාගැනීම සඳහා චෙක් එකක් දුන්නා. එදා සිට ඈ බයිබලය පාඩම් කරන්න උනන්දු වී තිබෙනවා.
දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? කියන පිටු 32කින් යුත් විවරණිකාවේ පිටපතක් ලබාගන්න ඔබත් කැමති නම්, මේ සමඟ තිබෙන කූපනය පුරවා, එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට තැපැල් කරන්න.
◻ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? නමැති විවරණිකාවේ පිටපතක් මට එවන්න.
◻ නොමිලේ සපයන නිවාස බයිබල් පාඩමක් සඳහා කරුණාකර මාව හමු වන්න.