සැමට නිරෝගී සෞඛ්‍යයක්—ළඟදීම!
සැමට නිරෝගී සෞඛ්‍යයක්—ළඟදීම!
“යළි කවදා හෝ අසනීප නොවේ යන අදහස . . . දැනට පොදුවේ පිළිගැනේ” කියා ෆෝකස් නම් ජර්මන් පුවත් සඟරාව වාර්තා කරයි. එහෙත් මෙම අදහස අලුත් එකක් නොවේ. මිනිස් ජීවිතය ඇරඹුණු දා පටන්, මිනිසා අසනීප විය යුතුයයි මැවුම්කරු කිසි සේත් අදහස් නොකළේය. ඔහු අරමුණු කළේ ‘දසත වෙසෙන සියලු ජනයා යම් දුරකට මනා සෞඛ්‍ය තත්වයකින්’ සිටීම නොවේ. (අකුරු ඇල කළේ අපය.) අප මැවුම්කරුගේ අරමුණ වූයේ සැවොම පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්ති විඳීමයි!
එසේ නම් අප සියල්ලන්ටම රෝග වැළඳෙන්නේ මන්ද? සියලු මිනිස්වර්ගයාගේ දෙමාපියන් දෙදෙනා වන ආදම් සහ ඒවව යෙහෝවා දෙවි පරිපූර්ණ ලෙස මැවූ බව බයිබලය අපට පවසයි. ඔහු තම මැවීමේ කාර්යය නිම කළ විට, ‘තමන් සෑදූ සියල්ලම දුටුවේය, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය.’ අපේ ප්‍රේමනීය මැවුම්කරු මිනිස් ජීවිතය රෝග හා මරණයට ගොදුරු වීම කිසි සේත් අදහස් නොකරන ලද්දකි. එහෙත් ආදම් සහ ඒව, ඔවුන් ඉදිරියේ අතුරා තිබූ දිවි මඟේ නොයා වෙනත් මඟකට හැරුණු විට ඔවුහු පාපයට ගොදුරු වූහ. ආදම්ගේ පාපයේ ප්‍රතිඵලය වූයේ මරණයයි. ඔහුගෙන් එය සියලු මිනිසුන්ට උරුම විය.—උත්පත්ති 1:31; රෝම 5:12.
යෙහෝවා මිනිස්වර්ගයාව අත්හැර දැමුවේ නැත. ඔවුන් සඳහා සහ පොළොව සඳහා ඔහුගේ මුල් අරමුණද අත්හැර දැමුවේ නැත. කීකරු මිනිසාව යළිත් ඔවුන්ගේ මුල් නිරෝගී සෞඛ්‍ය තත්වයටම පැමිණවීම සඳහා වූ ඔහුගේ අරමුණ මුළු බයිබලය පුරාම හෙළි කර තිබේ. දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් මිහිතලයේ වෙසෙද්දී, ආබාධ සුව කිරීමට තමන් සතුව ඇති දෙවිගේ බලය විදහා දැක්වීය. උදාහරණයක් වශයෙන්, යේසුස් අන්ධභාවය, බිහිරිභාවය, ලාදුරු රෝගය, ජලශෝථ රෝගය, මීමැස්මොරය හා අංශභාගය සුව කළේය.—මතෙව් 4:23, 24; ලූක් 5:12, 13; 7:22; 14:1-4; යොහන් 9:1-7.
මිනිස්වර්ගයාගෙන් පිරි ලෝකයේ කටයුතු පාලනය කිරීම සඳහා දෙවි තම මෙසියානු රජු වන යේසුස් ක්‍රිස්තුස්ට ළඟදීම උපදෙස් දෙනු ඇත. ඔහුගේ අධීක්ෂණය යටතේ යෙසායාගේ අනාවැකිය සැබෑවක් වනු ඇත. “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය. එහි වාසයකරන සෙනගගේ අයුතුකම කමාකරනු ලබන්නේය.” (යෙසායා 33:24) මෙය සිදු වනු ඇත්තේ කෙසේද?
අපට පෙනී යන පරිදි, අනාගතවක්තෘවරයා ලියන්නේ, ‘සෙනඟගේ අයුතුකම කමා කරනු ලබන’ බවය. මෙබැවින්, රෝගවලට මූල් වූ හේතුව වන මිනිස්වර්ගයාට උරුම වී ඇති පාපය ඉවත් කරනු ඇත. කෙසේද? යේසුස්ගේ මිදීමේ මිල පූජාවේ අගය කීකරු මිනිස්වර්ගයාට අදාළ කිරීමෙනි. මුළු මිහිතලයේම පාරාදීසමය තත්වයන් ඇති වනු ඇත. ක්රිස්තියානිවරයෙකු එළිදරව් 21:3, 4; මතෙව් 24වන පරිච්ඡේදය; 2 තිමෝති 3:1-5.
වූ ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය. ‘දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’ ළඟදීම එය සැබෑවක් වෙයි!—සමබරතාව පවත්වාගැනීම
ඒ කාලය එන තෙක්, මිලියන සංඛ්‍යාත ජනකායකට ජීවිතය ගෙවන්න සිදුව තිබෙන්නේ රෝගීභාවයෙනි. එසේ නම්, මිනිසුන් තමන්ගේ හා තම ප්රේමනීයයන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම ස්වාභාවික දෙයකි.
අදදින ක්‍රිස්තියානීහු වෛද්‍ය වෘත්තියේ නියැලෙන්නන් දරන වෙහෙස ඉමහත් සේ අගය කරති. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබාගැනීමට හෝ එය දිගටම පවත්වාගැනීමට ඔවුහු සාධාරණ පියවර ගනිති. කෙසේවුවත්, මේ සම්බන්ධයෙන් අපේ සමබරතාව පවත්වාගැනීමට, අසනීපවලින් තොර අනාගතයක් පිළිබඳව බයිබලයේ දී ඇති පොරොන්දුව අපට උපකාර කරයි. මෙසියානු රජ මිනිස්වර්ගයාගේ පාලනය භාරගන්නා තුරු, පරිපූර්ණ සෞඛ්‍යයක් බලාපොරොත්තු විය නොහැක. අපි දැක ඇති පරිදි, හද වික්ෂිප්ත කරවන සොයාගැනීම් කර තිබෙතත් ගස මුදුනේම ඇති හොඳින් පැසුණු පේර ගෙඩි කඩා ගන්න එනම් සියල්ලන්ටම නිරෝගී සෞඛ්‍යයක් ලබා දෙන්න විද්‍යාවට හැකි වී නොමැත.
‘දසත වෙසෙන සියල්ලන්ටම මනා සෞඛ්‍ය තත්වයක්’ ලබාගැනීමේ ඉලක්කය ළඟදීම අත් කරගත හැකි වෙයි. එහෙත් එය අත් කරගත හැකි වන්නේ එක්සත් ජාතීන් මගින්වත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්වත්, පාරිසරික සැලසුම්කරුවන් මගින්වත්, සමාජය පුනරුත්ථාපනය කරන්නන් මගින්වත් වෛද්‍යවරුන් මගින්වත් නොවෙයි. එම කාර්යය ඉටු කිරීම වෙන් කර තිබෙන්නේ යේසුස් ක්රිස්තුස්ටය. අවසානයේදී මිනිස්වර්ගයා ‘ජරාවේ වහල්කමින් නිදහස් වී, දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන’ දවස ආ විට මොනතරම් ප්‍රීතියක් ඇති වේවිද!—රෝම 8:20ආ, 21.
[10වන පිටුවේ පින්තූර]
දෙවිගේ නව ලොවේදී සියල්ලන්ටම නිරෝගී සෞඛ්‍යයක් ලැබෙනු ඇත