බෝවන රෝග මාරාන්තිකයි නමුත් වැළැක්විය හැකියි
බෝවන රෝග මාරාන්තිකයි නමුත් වැළැක්විය හැකියි
බිහිසුණු භූමිකම්පා සහ ව්‍යසනකාරි ගංවතුර ගැලීම් ගැන පුවත්පත් සිරස්තලවල නිතර දක්නට ලැබුණත්, කාටත් හොරා පැතිර යන බෝවන රෝග පිළිබඳව ජනමාධ්‍යය තුළින් අසන්ට ලැබෙන්නේ කලාතුරකිනි. කාරණය මෙය වුවත්, “බෝවන රෝග (ඒඩ්ස්, මැලේරියාව, ස්වසන රෝග සහ පාචනය වැනි රෝග) මගින් සිදු වන මරණ සංඛ්‍යාව, ඉකුත් වසරේදී ස්වාභාවික විපත් මගින් සිදු වූ මරණ සංඛ්‍යාවට වඩා 160 ගුණයකින් වැඩියි. තත්වය එන්න එන්නම දරුණු වේ” කියා 2000 ජූනි මාසයේදී රතු කුරුස සංගමය මගින් නිකුත් කළ පුවත්පත් වාර්තාවක පැවසේ.
මෙම තැතිගන්වනසුලු සංඛ්‍යා ලේඛනයට වගකිව යුතු ප්‍රධාන හේතු දෙකක් තිබෙන බව පැවසේ. එකක් නම්, සෑම පැයකම 300දෙනෙකු මරුට බිලි කරවන ඒඩ්ස් වසංගතයයි. ඒඩ්ස් “දැන් රෝගයක් නොව මරු කැඳවන ව්‍යසනයක් වෙලා. අස්සක් මුල්ලක් නෑර සෑම තැනකම පැතිරිලා තියෙන මෙවැනි රෝගයක් ශ්‍රම බලකාය විනාශ කර දමනවා විතරක් නෙවෙයි ආර්ථිකයද බිඳ දමනවා” කියා ජාත්‍යන්තර ඒකාබද්ධ රතු කුරුස සමාගමේ ආපදා ප්‍රතිපත්තිය පිළිබඳ අධ්‍යක්ෂක පීටර් වෝකර් පවසයි. අනික් හේතුව නම්, මහජන සෞඛ්‍යය සුරකින ක්‍රම පිරිහීමයි. මේ හේතුවෙන් ක්ෂය රෝගය, සිෆිලිස් සහ මැලේරියාව වැනි රෝග යළි හිස ඔසවා තිබෙන්නේ පුදුමාකාර අන්දමකිනි. උදාහරණයක් වශයෙන් එක් ආසියානු රටක වත්මන් වාර්තාවකට අනුව, සෑම වසරකම එහි අලුතින් ක්ෂය රෝගය වැළඳුණු අය 40,000ක් සිටින බව පැවසේ. නැඟෙනහිර යුරෝපීය රටක පසුගිය දශකයේදී සිෆිලිස් බෝවීම 40 ගුණයකින් වැඩි වී ඇත.
බෝවන රෝග මාරාන්තික වන තරමටම දරුණු වී ඇතත්, ඒවා සැබවින්ම පවතින්නේ පහසුවෙන් වැළැක්විය හැකි තත්වයකයි. ඇත්තවශයෙන්ම, 1999දී බෝවන රෝග හේතුවෙන් මිලියන 13ක් මියගිය අතර ඉන් වැඩිහරියක් “වළක්වාගත හැකිව තිබිණ. ඒ සඳහා කළ යුතුව තිබුණේ එක් පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 5 බැගින් වැය කිරීම පමණි.” මෙසේ කල්පනා කර බලන්න: සෞඛ්‍යය සුරැකීම සඳහා පුද්ගලයෙකුට ඩොලර් 5 බැගින් ඩොලර් බිලියන 30ක මුදලක් වැය කිරීමට ලෝකයේ සියලු රජයන් කැමැත්ත පළ කළා නම් අකල් මරණ කොපමණ සංඛ්‍යාවක් වළකාගැනීමට හැකිකම තිබුණිද!
මෙය සෑහෙන මුදලක් වුවත්, වෙනත් සේවාවන් සඳහා ලෝකය වැය කරන මුදල හා සසඳන කල එය ඉතා සුළු මුදලක් වේ. උදාහරණයකට, මෑත වසරකදී, යුධ හමුදා වෙනුවෙන් ලොව පුරා වැය කළ මුදල ඩොලර් බිලියන 864ක් දක්වා වැඩි විය. එය එක් පුද්ගලයෙකු සඳහා ඩොලර් 144ක මුදලකි. රෝග බෝවීම වැළැක්වීමට වඩා යුද්ධයට සූදානම් වීම සඳහා කෙතරම් මුදලක් වැය කරනවාද කියා නිකම් සිතා බලන්න! සමහරවිට බෝවන රෝග වැළැක්වීම මිනිසාට කළ හැකි දෙයක් නොවන බවට පෙනී යන්නේ, ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම නිසා නොව නමුත් ඊට වඩා ගැඹුරට දිවයන හේතූන් නිසා විය හැකියි. ඇරත්, මුල් තැන දිය යුත්තේ කුමකටද කියා තේරීමක් කිරීමටවත් මිනිස් පාලනයන්ට හැකියාවක් නැත.
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
X කිරණ: New Jersey Medical School—National Tuberculosis Center
කහින මිනිසාගේ ඡායාරූපය: WHO/Thierry Falise