පාරාදීසයක් සොයා ටහීටියට
පාරාදීසයක් සොයා ටහීටියට
පැසිෆික් සාගරයේ දැවැන්ත රැල්ලට හසු වී නැව දින ගණනාවක් පුරා එහා මෙහා පැද්දුණා. කාෂ්ටක අව්වේ නැවියන් විඩාපත් නොවී එකම දේ එක දිගටම කරගෙන ගියා. නමුත් ඇඹුල් වයින්, පල් වතුර හා නරක් වූ ආහාර දිගටම ගැනීමෙන් ඔවුන් හෙම්බත් වී සිටි බවට නම් කිසිම සැකයක් නැහැ. එකපාරටම කෙනෙක් මේ විදිහට කෑගසනවා ඇහුණා. “ගොඩබිමක්! ගොඩබිමක්! ඉස්සරහ වම් පැත්තේ කෙළවරේ ගොඩබිමක්!” ඇත්තමයි, ඈත කෙළවරේ නොපැහැදිලි සේයාවක් දැකගන්න පුළුවන් වුණා. පැය කිහිපයකට පස්සේ අපිට තහවුරු වුණා අපි දැක තිබෙන්නේ ඇත්තටම දිවයිනක් බව.
යුරෝපීයයන් ටහීටි නම් මෙම දිවයින සොයාගත් දා සිට එය “පාරාදීසයට” සමාන කරනු ලැබුවා. ඉහත කරුණු විස්තර කළ මෙම ගවේෂණය දියත් කළ ප්‍රංශ ගවේෂකයෙකු වන ලුවීස් ඩි ඇන්ට්වාන් බුගන්විල් තවදුරටත් මේ ගැන ලිව්වේ මෙසේයි. “මට හිතුණේ මාව ඒදන් උයනට රැගෙන ගියා කියලයි.” ශතවර්ෂ දෙකක් ගත වී තිබුණද තවමත් ටහීටි දිවයිනට ඇදී එන සංචාරකයින්ගේ ගණන නම් අඩු වෙලා නැහැ. මීට කලින් එහි පැමිණියා හා සමානව බොහෝදෙනෙක් තවමත් එහි එන්නේ පාරාදීසයක් සොයාගෙනයි.
පාරාදීසය නමැති සංකල්පයට ජනයාගේ සිත මෙතරම්ම ඇදී ගොස් තිබෙන්නේ ඇයි? ඒ වගේම ටහීටි දිවයින එම සිහිනය සැබෑ කර දුන් බව පිළිගැනීමට හේතු වූයේ කුමක්ද? මේවාට පිළිතුරු ලබාගැනීමට නම් අපි මනුෂ්‍යයාගේ මූලාරම්භයට යා යුතුයි.
අහිමි වූ පාරාදීසය
“පාරාදීසය” යන වචනය අපේ සිත්වලට තදින්ම කාවැදී තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. සරලවම කියනවා නම් අපිව මවා තිබෙන්නේ පාරාදීසයක ජීවත් වීමටයි! බයිබලයට අනුව අපේ ආදි මවුපියන්ට දෙවි දුන්නේ “පාරාදීසයක්” බඳු ලස්සන නිවහනක්. ඉන් අදහස් කරන්නේ ප්‍රියකරු උද්‍යානයක් හෝ උයනක්. (උත්පත්ති 2:8) මෙම උද්‍යානය ඒදන් යනුවෙන් හැඳින්වූ ප්‍රදේශයට අයත් වූ බව පෙනෙන්න තිබෙනවා. ඒදන්හි අරුත “ආස්වාදය” යන්නයි. නවීන දින ප්‍රවීණයන් ප්‍රකාශ කරන්නේ ඒදන් උයන මිථ්‍යාවක් බවයි. නමුත් එය ඓතිහාසික යථාර්ථයක් බව ඒදන් උයනේ භූගෝලීය පිහිටීම ගැන සඳහන් කරමින් බයිබලය ඊට සාක්ෂි සපයයි. (උත්පත්ති 2:10-15අ) මෙහි භූගෝලීය පිහිටීම් දෙකක් වන පීෂොන් හා ගීහොන් යන ගංගා දෙක හඳුනාගත නොහැකි වීම නිසා මෙම උයන පිහිටි නිශ්චිත ස්ථානය තවමත් අභිරහසක්.
උත්පත්ති 3:1-23) ඒ කෙසේවෙතත් මනුෂ්‍යයන්ට පාරාදීසය ගැන ඇති ආශාව ඔවුන්ගේ සිත්වලින් බැහැර කිරීමට බැරි වී තිබෙනවා. ඒදන් උයන ගැන බයිබල් වාර්තාවේ සඳහන් සමහර විස්තර ඇතුළත් මිථ්‍යා ප්‍රබන්ධ කථා බොහෝ රටවල ප්‍රචලිතයි. උදාහරණයක් ලෙස ග්‍රීකයන් රන්වන් යුගය නම් මිථ්‍යාවක් ගොඩනඟා ගත්තා. මනුෂ්‍යයන් සුව පහසුවෙන්, සාමකාමීව ජීවත් වූ සර්ව සම්පූර්ණ කාලයක් තිබූ බව එහි කියැවෙනවා.
අපේ ආදි මවුපියෝ දෙවිට විරුද්ධව කැරලිගැසීම නිසා අපි හැමෝටම පාරාදීසය අහිමි වුණා. (කලකට ඉහතදී අහිමි වූ ඒදන් උයන සොයන්න බොහෝදෙනෙක් උත්සාහ කර තිබෙනවා. සමහර අය ඒදන් උයන සෙව්වේ ඉතියෝපියාවේ වුවද එම උත්සාහය අසාර්ථකයි. පුරාවෘත්තවලට අනුව හයවෙනි ශතවර්ෂයේ පූජකයෙකු වූ බ්‍රෙන්ඩන් අත්ලාන්තික් සාගරයේ නිරිතදිග දිශාවේ පිහිටි දිවයිනක පාරාදීසයක් බඳු තැනක් සොයාගත් බව කියැවෙයි. තවත් සමහර ප්‍රබන්ධ කථාවල කියැවුණේ පාරාදීසය උස් කන්දක සැඟවී තිබෙන බවයි. මෙම එකිනෙකට පරස්පර විරෝධි මතවලින් කලකිරුණු ප්‍රසිද්ධ ගවේෂකයෙකු වන ක්‍රිස්ටෝෆර් කොලොම්බස් පැවසුවේ “මට පාරාදීසයක් හම්බ වෙලා තියා ඒ වගේ තැනක් ඇත්තටම මේ පොළොවේ කොහෙද තියෙන්නේ කියලාවත් හරියට සඳහන් වන ලතින් හෝ ග්‍රීක ලියවිල්ලක්වත් මම තවම කියවලා නැහැ” කියලයි. නමුත් අන්තිමේදී ඔහු පිළිගත්තේ එය නිරක්ෂයට දකුණු දිශාවෙන් පිහිටා තිබෙන බවයි.
බටහිර අර්ධගෝලයට අයත් ප්‍රදේශයේ තුන්වරක් ගවේෂණය කිරීමෙන් පසු ඔහු පැවසුවේ මෙහෙමයි. “මට පේන විදියට මේ භූමිය තමයි පොළොවේ පාරාදීසය. මොකද ශුද්ධවන්තයින් හා දේවධර්මවාදීන් විස්තර කර තිබෙන පාරාදීසයට එය සමානයි.” කොහොමවුණත් කොලොම්බස් සිතේ මවාගෙන සිටි පාරාදීසය මෙය නෙවෙයි.
අනාගත මනෝරාජ්‍යයන්
සමහර ප්‍රවීණයන් මෙම සංකල්පය අතහැර දැමුවේ නැහැ. ඔවුන් ඒදන් උයන සෙවීමට දිරි දෙනවා වෙනුවට ඉදිරියේදී මනුෂ්‍යයන් විසින් තනාගන්නා පාරාදීසයක් පිළිබඳ සංකල්පයක් ගොඩනැඟුවා. කතුවරයන් “පරිපූර්ණ” සමාජයක්, ඒ කියන්නේ අද ඔවුන් ජීවත් වන දූෂිත සමාජය වෙනුවට ප්‍රසන්න සමාජයක් ගැන කියැවෙන කතා ගෙතුවා. මෙම සුරංගනා කතා කිසිවක් ඒදන් උයනේ තත්වයට සමාන වුණේ නැහැ. නිමක් කොනක් නැති උද්‍යානයක නිදහසේ ජීවිතය භුක්ති විඳිනවා වෙනුවට මෙම උපකල්පනය කරන්නන් සිහින මැව්වේ විධිමත්ව සංවිධානය වූ නගරයකට සීමා වූ පාරාදීසයක් ගැනයි. උදාහරණයක් ලෙස 16වෙනි ශතවර්ෂයේ බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකු වන ශ්‍රීමත් තෝමස් මෝ සඳහන් කළා ඔහු මනෝරාජ්‍යය වශයෙන් හැඳින්වූ දේශයකට ගිය මනඃකල්පිත ගමනක් ගැන. මෙම වචනයේ අදහස නම් “පැවැත්මෙන් තොර” තැනක් යන්නයි.
ඊට පස්සේ කතුවරයන් මෝගේ අදහස්වලට ඔවුන්ගේ අදහසුත් එකතු කර ලියන්න පටන්ගත්තා. ඊළඟ ශතවර්ෂ කිහිපය තුළ මෙම “මනෝරාජ්‍යයන්” සම්බන්ධ කර බොහෝ යුරෝපීය කතුවරයන් පොත් පත් ලිව්වා. නැවතත් මෙම මනඃකල්පිත “කදිම” සමාජයන් කිසිසේත් ආස්වාද ගෙන දෙන උයන් වූයේ නැහැ. මනෝරාජ්‍යයන් තුළ ප්‍රීතිය පවත්වාගන්න උත්සාහ කළේ දැඩි නීති පැනවීමෙන්. එසේ කිරීමෙන් එක් එක්කෙනාගේ පෞද්ගලික නිදහස යටපත් වෙමින් මානව නිදහසට බාධා පැමිණුණා. ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ආන්රි බොඩේගේ නිරීක්ෂණයට අනුව මනෝරාජ්‍යයන් පිළිබඳ සිහින මැවීමෙන් පෙනෙන්නේ මිනිසුන් තුළ “වඩාත් හොඳ ජීවිතයක් . . . සහ වඩාත් ධර්මිෂ්ඨ සමාජයක් කෙරෙහි තිබෙන නොමියෙන ආශාවයි.”
ටහීටි—පුරාවෘත්තයක උපත
දහඅටවන ශතවර්ෂය වන විට මෙතෙක් සොයා නොගත් පාරාදීසය සොයාගැනීම සඳහා ගවේෂකයන්ට කළ හැකි එකම දෙය වූයේ ඒ වන විට ගවේෂණය කර නොතිබුණු දකුණු මුහුදු තීරය ගවේෂණය කිරීමයි. නමුත් බුගන්විල් 1766 දෙසැම්බර් මාසයේ පැසිෆික් සාගරය තරණය කිරීමේදී ඔහුගේ මූලික අරමුණ වූයේ ගවේෂණය කිරීමත්, අලුත් ජනපද අත් පත් කරගැනීමත් අලුත් ව්‍යාපාර පටන්ගැනීමත්ය.
මාස ගණනක් මුහුද තරණය කිරීමෙන් පසු බුගන්විල් ටහීටි දූපතට පැමිණියා. ඔහු මීට කලින් දුටු දිවයින්වල තිබුණු කොරල් පර නිසා ඔහුට ඒවායේ නැංගුරම්ලන්න බැරි වුණා. නමුත් ටහීටි මුහුදු තීරය නැංගුරම්ලන්න පුළුවන් සුරක්ෂිත වරායක්. එහිදී තමයි මේ විඩාපත් නාවිකයන්ට සුහදශීලී මිනිසුන්ව මුණගැසුණේ හා බහුල ලෙස ආහාර පාන මෙන්ම වෙනත් සැපයුම්ද ලැබුණේ. නාවිකයන්ගේ නෙත ගැටුණේ සිතේ මවාගෙන තිබුණ පින්තූරය අභිභවා යන දේශයක්. ටහීටි යනු නිවර්තන දේශගුණයක් ඇති පාරාදීසයක් විතරක් නෙවෙයි බොහෝදෙනාගේ මනෝරාජ්‍යයේ තිබූ බොහෝ අංග ලක්ෂණද මෙහි තිබුණා.
එක දෙයක් නම් උපකල්පනය කර තිබූ මනෝරාජ්‍යය පිහිටි දේශයන් මෙන් ටහීටිත් දූපතක්. තවත් එහි ඇත්තටම පාරාදීසයක ස්වරූපයක් තිබුණා. අදහාගත නොහැකි
තරම් චමත්කාරජනක වටපිටාව අලංකාරවත් කළේ තැනින් තැන දක්නට ලැබුණු වේගයෙන් ගලා හැළෙන ගංගා හා දියඇළියි. පෙනෙන ආකාරයට, වැඩි මිනිස් ශ්‍රමයකින් තොරවම නිවර්තන කලාපීය ගස් කොළන් ඉතා සරුසාරව වැඩුණා. නිවර්තන කලාපීය රටවලට ආවේණික අනතුරු එහි නැතිවීමත් ශරීර සෞඛ්‍යයට හිතකර දේශගුණයක් එහි තිබීමත් ටහීටි දිවයිනේ ගම්බද සිරියාව දෙගුණ තෙගුණ කළා. එහි සර්පයින්, භයානක කෘමීන් හෝ පුපුරන ගිනිකඳු තිබුණේ නැහැ.ඒ විතරක් නෙවෙයි ටහීටි රටේ මිනිසුන් උස, කඩවසම් මෙන්ම සෞඛ්‍යසම්පන්න අයයි. ශීතාද රෝගය නිසා දත් වැටී වීදුරුමස් ඉදිමී තිබුණ නාවිකයන් මුතුවන් සුදු දත් ඇති ටහීටි වැසියන් දෙස බැලුවේ විමතියෙන්. ටහීටි වැසියන්ගේ මිත්‍රශීලීකමත් ආගන්තුක සත්කාරශීලීකමත් මේ නාවිකයන්ව ආකර්ෂණය කරනු ලැබුවා. බැලූ බැල්මට සියලුම ටහීටි වැසියන්ට එක හා සමාන අයිතිවාසිකම් තිබූ බවයි පෙනෙන්න තිබුණේ. මෙයත් මනෝරාජ්‍යය ගැන ලියවිලා තියෙන පොත්වල විස්තරය හා හොඳින් ගැළපෙයි. මේ අය දුගීකමට මුහුණ දුන්නේ නැහැ. ඔවුන් කිසිම තහනමකින් තොරව නිදැල්ලේ ලිංගික ක්‍රියාවල යෙදුණා. එහි සිටි ශෝභමාන කාන්තාවන් සමඟ නාවිකයන් අනාචාරයේ හැසිරුණා.
බුගන්විල්ට හා ඔහුගේ කණ්ඩායමට තිබුණේ ඒදන් උයන නැවත ලැබුණා හා සමාන හැඟීමක්. බුගන්විල් මේ දිවයිනෙන් පිටත් වුණේ ඔහු පාරාදීසය සොයාගත්තා කියා මුළු ලෝකෙටම හඬනඟා කීමේ අටියෙන්. අවුරුදු තුනක් මුළු ලෝකය වටා ගමන් කිරීමෙන් අනතුරුව ඔහුගේ අවධානාත්මක ගවේෂණය ගැන ඔහු වාර්තාවක් ඉදිරිපත් කළා. මෙම වාර්තාව ඇතුළත් පොත වැඩියෙන්ම අලෙවි වන පොත්වලින් එකක් වුණු අතර එම අසාමාන්‍ය දිවයින සෑම අතින්ම පරිපූර්ණයි යන මිථ්‍යාවට එමගින් පදනම සැපයුවා. පාරාදීසය අහිමි වුණු බව ඇත්තයි. නමුත් දැන් පාරාදීසය ටහීටිය!
මිථ්‍යාවේ අවදානම
කෙසේවෙතත් මිථ්‍යාව හා සැබෑව පරස්පර විරෝධීයි. එක දෙයක් නම් වෙනත් අයට වගේම ටහීටිවල වැසියන්ටත් ලෙඩ රෝග වැලඳුණා. එමෙන්ම ඔවුන් මිය ගියා. හැමෝම එක සමාන තත්වයක් භුක්ති විඳිනවා වෙනුවට ඔවුන් ජීවත් වුණේ දැඩි නීති හා සමහරවිට ඒකාධිපති සමාජ පාලන ක්‍රමයක් යටතේයි. ඔවුන් ගෝත්‍රික යුද්ධවලට සහභාගි වූ අතර මිනිසුන්ව බිලි පූජා ලෙස ඔප්පු කළා. සාමාන්‍ය ජනයා අතරේ වගේම, ටහීටි වැසියන් අතරේත් සෑම කෙනෙක්ම කැපීපෙනෙන, ශෝභන මෙන්ම කඩවසම් අය නොවෙයි. ඉතිහාසඥ කේ. ආර්. හව් හිතන්නේ, ආගන්තුකයන්ව සතුටු කිරීම සඳහා බුගන්විල්ගේ කණ්ඩායමේ අය සමඟ එහි සිටි “ස්ත්‍රීන්ට අනාචාරයේ යෙදීමට අණ කර තිබුණා” කියායි.
කෙසේවෙතත් “පාරාදීසය හම්බ වුණා” යන මිථ්‍යාව තවදුරටත් වර්ධනය වුණා. ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු වන පෝල් ගොගෑන් වැනි කලාකරුවන් හා කතුවරයන් මේ දිවයිනට රොක් වුණා. මෙම දිවයින තවත් ප්‍රසිද්ධ වීමට හේතු වුණේ ගොගෑන් ටහීටි දිවයිනේ ගෙවන ජීවිතය වර්ණවත් ලෙස චිත්‍රයට නැඟීමයි. මෙයින් ටහීටි දිවයිනට අත් වූ ප්‍රතිඵල මොනවාද? මිථ්‍යාව මත ගොඩනැඟුණු පටු අදහස් නිසා ඒ දිවයින් හා එහි වැසියන්ව එකම රාමුවකට කොටු කළා. ටහීටි දිවයින නරඹන්න ගිය කෙනෙක් පෙරළා පැමිණියාම ඔහුගෙන් අසනු ලැබූ සාමාන්‍ය ප්‍රශ්නය වූයේ “කොහොමද ටහීටි කෙල්ලන්” යන්නයි.
පාරාදීසය සුන් වූ බලාපොරොත්තුවක්ද?
මෑත වර්ෂවලදී ටහීටි දිවයින තවත් අභියෝගවලට මුහුණ දුන්නා. වර්ෂ 1980 මුල් භාගයේදී පිට පිට ඇති වූ සුළි සුළං දිවයිනේ කොරල් පර විනාශ කර දැම්මා. නමුත් විශාලතම අභියෝගය එල්ල වී ඇත්තේ මිනිසාගෙන්මයි. ඉදි කිරීමේ ව්‍යාපාර පටන්ගැනීම නිසා එහි පස සේදී යෑම හා පරිසර දූෂණය වැනි ප්‍රශ්න ඉස්මතු වී තිබෙනවා. අපද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රවීණ කාන්තාවක් වන ඩොනා ලියොං පැවසුවේ මෙලෙසයි. “සංචාරක ව්‍යාපාර මගින් විශාල වශයෙන් අපද්‍රව්‍ය එකතු වේ. . . . එහි සිදු වන පරිසර දූෂණයට පිළියමක් යෙදුවේ නැත්නම් ටහීටි දිවයින හා ඒ අවට දිවයින් සශ්‍රීක ශාක හා සතුන් මෙන්ම නිල් කැටවන් පිරිසිදු ජලයෙන් පිරි කලපු ඇති දිවයින් හැටියට තවදුරටත් පවතින්නේ නැහැ.”
කෙසේවෙතත් යළි පිහිටුවන ලද පාරාදීසය පිළිබඳව බලාපොරොත්තුව කොහෙත්ම නැති වී නැහැ. මන්ද තමා විසින්ම කළ වැරදිවලට සමාව ලබාගත් වැරදිකරුවෙකුට යේසුස් පොරොන්දු වුණේ “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය” කියායි! (ලූක් 23:43, NW) යේසුස් කතා කරමින් සිටියේ පුරාවෘත්තවල කියැවෙන මනෝරාජ්‍යයක් ගැන නොවෙයි, ඊට හාත්පසින්ම වෙනස් ස්වර්ගික ආණ්ඩුවක් යටතේ පැවතීමට නියමිත භූමික පාරාදීසයක් ගැනයි. a ටහීටි දිවයිනේ සිටින 1,700කට වඩා වැඩි යෙහෝවාගේ සාක්ෂිකරුවන් බලාපොරොත්තු තබන්නේ මේ පාරාදීසය ගැනයි. ඔවුන් මේ ගැන අනෙකුත් අසල්වැසියන්ට කියා දීමට ස්වේච්ඡාවෙන් කාලය කැප කරනවා. ටහීටිවලත් පාරාදීසමය තත්වයට බොහෝ සමානකම් තිබුණද එය දෙවි විසින් ගෙන ඒමට නියමිත භූමික පාරාදීසය හා සසඳන විට කුඩා සේයාවක් පමණයි. එම පාරාදීසය සෙවීම කාලය අපතේ යැවීමක් නොවෙයි.
[පාදසටහන]
a දෙවි පොරොන්දු කර තිබෙන පාරාදීසය ගැන තව විස්තර දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නම් පොත බලන්න.
[16වන පිටුවේ පින්තූරය]
ටහීටි ලස්සන පාරාදීසයක් බව පෙනෙන්නට තිබේ
[හිමිකම් විස්තර]
විලියම් හොජස්ගේ චිත්‍රයක්, 1766
Yale Center for British Art, Paul Mellon Collection, USA/Photo: Bridgeman Art Library
[17වන පිටුවේ පින්තූරය]
මිත්‍රශීලී ටහීටි වැසියන් බුගන්විල්ව සාදරයෙන් පිළිගනී
[හිමිකම් විස්තර]
By permission of the National Library of Australia NK 5066
[18වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සාක්ෂිකරුවන් පැමිණෙන්නාවූ පාරාදීසය ගැන අසල්වැසියන්ට පැවසීමෙන් ප්‍රීති වෙයි
[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඡායාරූප Tahiti Tourisme අනුග්‍රහයෙනි
[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
18 පිටුව: ඔරු පදින්නන්, දියඇල්ල, සහ පසුබිම: ඡායාරූප Tahiti Tourisme අනුග්‍රහයෙනි