Skip to content

පටුනට යන්න

චිත්‍රයකින් ඇයට ලැබුණු අස්වැසිල්ල

චිත්‍රයකින් ඇයට ලැබුණු අස්වැසිල්ල

චිත්‍රයකින් ඇයට ලැබුණු අස්වැසිල්ල

වයස අවුරුදු 11දී පවා තමා මානසික අවපීඩනයෙන් පෙළුණු බව ජපානයේ සිටින විසිදෙහැවිරිදි යෞවනියක් මෑතකදී ලීවාය. ඇයට අස්වැසිල්ලක් වූයේ කුමක්ද? මුරටැඹ සඟරාවේ පළ වූ පියෙකු දරුවෙකුව සෙනෙහසින් යුතුව තුරුළු කරගෙන සිටින අයුරු දැක්වූ චිත්‍රයකි. එහි ශීර්ෂ පාඨයේ කියවීමට තිබුණේ මෙසේයි. “යෙහෝවා සපයන සැනසිල්ල ප්‍රේමණීය පියෙකුට තුරුළු වීමෙන් දරුවෙකු ලබන පහස වැනිය. එයින් අපේ කාංසාවන් සුවපත් කරගත හැකියි.”

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන ප්‍රකාශනය කියවීමෙනුත් එවන් අස්වැසිල්ලක් ලැබුණ බව ඇය කියා සිටියාය. ඒ කෙසේද? “ඒක ලියලා තියෙන්නේ තාත්තා කෙනෙක් පොඩි දරුවෙකුට කතා කරන විදියටයි. මම ඒක කියවන කොට මට හැඟෙන්නේ මම යෙහෝවාගේ දෑතේ සිටිනවා වගේ. ඒවගේ වෙලාවට මට ඇඬෙනවා. සමහර වෙලාවට මම කැමැතියි කවුරු හරි මට ඇහුම්කන් දී ගෙන ඉන්නවා නම්. අනෙක් වෙලාවට මම කැමතියි වෙන කෙනෙක් කතා කරන කොට ඇහුම්කන් දී ගෙන ඉන්න. පොඩි දරුවෙකුට ඒ වගේ දෙයක් ඉල්ලන්න පුළුවන් වුණත්, මාව වඩාගෙන මට කතා කරන්න කියලා කාටවත් කියන්න මට බෑ. හැබැයි, මේ පොත තුළින් යෙහෝවා මට අවශ්‍ය ඒ දේ ලබා දෙනවා.”

මේ වර්ණවත් චිත්‍ර සහිත පිටු 256ක පොත මුදා හැරියේ පසුගිය වසරේදීය. මේ සමඟ ඇති කූපනය පුරවා එහි තිබෙන ලිපිනයට හෝ සඟරාවේ 5වන පිටුවේ ඇති සුදුසු ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් පිටපතක් ලබාගත හැකියි.

□ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොතේ පිටපතක් පමණක් ලබාගැනීමට මම සතුටුයි.

□ නොමිලයේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.