අපගේ පාඨකයන්ගෙන්
අපගේ පාඨකයන්ගෙන්
දරුවෙකුගේ ඇදහිල්ල (2006 අගෝස්තු) ළඟදීම පැමිණෙන පාරාදීස පොළොවේදී නැවත නැඟිටින මිලියන සංඛ්‍යාත අනිත් අයත් සමඟ ඩස්ටිනුත් දුව පැන සෙල්ලම් කරන එක දැකගන්න මම බලාගෙන ඉන්නවා.
ශ්‍රී ලංකාවේ ඒ. ඒ.
ඩස්ටින්ගේ ඇදහිල්ලත් ධෛර්යයත් මට ලොකු බලපෑමක් ඇති කළා. සත්‍යය කෙරෙහි මගේ අගය වැඩිවීමටත් පළමු තැන දිය යුතු දේවල් හඳුනාගැනීමටත් මට උදව් කළේ ඔහුගේ අද්දැකීමයි. මගේ ජීවිතයේ මුල් තැන දෙන්න ඕනේ යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් දෙවිගේ රාජ්‍යය හා සම්බන්ධ කටයුතුවලටත් කියන එක මම ඒකෙන් තේරුම්ගත්තා.
බ්‍රසීලයේ එම්. සී. වී.
සත්‍යය වෙනුවෙන් ඩස්ටින්ට තිබුණු උනන්දුව මගේ සිත්ගත්තා. එයා කටයුතු කළ ආකාරයෙන් පේනවා එයාට දෙවිව සතුටු කරන්නත් අනිත් අයට සේවය කරන්නත් කොයි තරම් ආශාවක් තිබුණද කියලා. ඩස්ටින්ට වගේ මටත් ‘දිවීම අවසන් කරන්නත් ඇදහිල්ල රක්ෂා කරගන්නත්’ ඕනේ.
ජපානයේ එම්. එන්.
මගේ වයස අවුරුදු හතයි. මේ අද්දැකීම අපිට ඉදිරිපත් කළාට හුඟක් ස්තුතියි. ඩස්ටින්ට බරපතළ අසනීපයක් තිබුණත් යෙහෝවා දෙවි කෙරෙහි එයාට ලොකු විශ්වාසයක් තිබුණා. ඒක මගේ සිතට කාවැදුණා. දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න ඒ අද්දැකීම මට ලොකු දිරිගැන්වීමක් වුණා.
ඉතාලියේ ටී. ඩී.
ශාකවල දැකුම්කලු මෝස්තර (2006 සැප්තැම්බර්) මට මේ ලිපිය කියවන්න පැය එකහමාරක් ගියා. මේක ඇත්තටම අධ්‍යාපනික ලිපියක්! මම මේ ලිපියේ තිබුණු තොරතුරු වඩාත් පැහැදිලිව තේරුම්ගන්න රූපසටහන් ඇන්දා. කෙසේවෙතත් 13/21ක කියන අගය සමාන වෙන්නේ 222.5ට මිසක් 137.5ට නෙවෙයි.
එක්සත් ජනපදයේ එල්. සී.
“පිබිදෙව්!” පිළිතුරු දෙයි: බොහෝ පාඨකයන් නිවැරදිව කියා තිබෙන්නේ 13/21 යන අගය අංශක 222.5ට සමානයි කියලා. නමුත් 137.5 අගය ලබාගෙන තිබෙන්නේ කෝණය වාමාවර්තව මැන තිබෙන නිසයි. මේ මැනීමේ ක්‍රමය (golden proportion) මගින් ලබාගන්නා අගය හඳුන්වන්නේ මූලික කෝණය කියලයි. මේ ක්‍රමය භාවිත කරන්නේ යම් කෝණයක අගයක් අංශක 180ට වඩා අඩුවෙන් ප්‍රකාශ කිරීමටයි කියා බ්‍රිතාන්‍ය ගණිතඥයෙකු වන මහාචාර්ය රොන් නොට් පවසනවා.
“හිරේට නියම වුණේ ආගම නිසයි” (2006 අප්‍රියෙල්) මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් නෙවෙයි. ඒත් මම සාක්ෂිකරුවන්ව හුඟක් අගය කරනවා. මට හුඟක් සාක්ෂිකාරයන්ව ග්‍රොස් රෝසන් හා බූකන්වාල්ඩ් ගාල් කඳවුරුවලදී මුණගැසී තිබෙනවා. ඔවුන්ගේ හැසිරීම හරිම ආදර්ශවත්. ඔවුන්ගේ ආගමට තිබුණ දැඩි බැඳීම අනිත් අයගේත් සිත්ගත්තා. නාට්සි සොල්දාදුවන් පවා සාක්ෂිකරුවන්ගේ හැසිරීම ගැන පැහැදී සිටියා. සාක්ෂිකරුවන්ට මගේ නිවසේ දොර හැමදාමත් විවෘතයි.
එක්සත් ජනපදයේ පී.වී