බයිබලයේ සත්‍යතාව පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙයිද?
බයිබලයේ සත්‍යතාව පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙයිද?
බයිබලය ගැන උනන්දුවක් දක්වන අයට පුරාවිද්‍යාත්මක සාක්ෂි වැදගත්. ඊට හේතුව එයින් බොහෝවිට බයිබලය ලියන ලද කාලවලදී සිටි ජනයාගේ ජීවන රටා, චාරිත්‍ර හා භාෂාව වැනි දේ දැනගත හැකි නිසයි. ඒ විතරක් නෙවෙයි පුරාවිද්‍යාවෙන් බයිබලයේ ඉටු වූ අනාවැකි ගැනද යම් වැදගත් තොරතුරු නිරාවරණය කරනවා. උදාහරණයක් ලෙස ඉපැරණි බැබිලෝනිය, නිනිවය හා තීර් වැනි නගරවල විනාශය ගැන තොරතුරු සොයාගෙන තිබෙනවා. (යෙරෙමියා 51:37; එසකියෙල් 26:4, 12; ශෙපනියා 2:13-15) කෙසේවෙතත් පුරාවිද්‍යාවෙන් සොයාගන්නා දේ සීමිත වන අතර එලෙස සොයාගන්නා පුරාවස්තුවල විස්තරද සොයා ඒවා අර්ථ දැක්විය යුතු වෙනවා. මෙලෙස අර්ථ දැක්වීමේදී යම් යම් වැරදි හා තව වෙනස් තොරතුරුද සැපයිය හැකියි.
ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල රඳා තිබෙන්නේ එකිනෙක අතර එකඟතාවක් තිබෙන බයිබලයේ අඩංගු සත්‍යයන් මත මිස බිඳුණු භාජන, පරණ ගල් හා ගරා වැටුණු තාප්ප මත පදනම් වූ සාක්ෂි මත නෙවෙයි. (2 කොරින්ති 5:7; හෙබ්‍රෙව් 11:1) බයිබලයේ අදහස් අතර එකඟතාව, අවංක අදහස් ඇතුළත් වීම හා ඉටු වූ අනාවැකි ඇතුළු තවත් බොහෝ දේ “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්” යන්නට සාක්ෂි සපයනවා. (2 තිමෝති 3:16) කෙසේවෙතත් බයිබලයේ සඳහන් තොරතුරු සත්‍යය බවට සාක්ෂි සපයන පුරාවිද්‍යා කැණීම් කිහිපයක් ගැන සලකා බලමු.
වර්ෂ 1970දී යෙරුසලමේ කරන ලද කැණීමකදී පිලිස්සුණු ගොඩනැඟිල්ලක් සම්බ වුණා. “පුරාවස්තු ගැන හොඳ දැනුමක් තිබෙන කෙනෙකුට එහි සිදු වී ඇති දේ පහසුවෙන්ම දැනගන්න පුළුවන්” කියා මෙම කැණීම් කළ කණ්ඩායමේ නායකයා වන නේමාන් ආවිගාඩ් පැවසුවා. “එම ගොඩනැඟිල්ල ගින්නෙන් විනාශ වී ඇති අතර එහි බිත්ති හා සීලිම කඩා වැටී තිබුණා.” එහි එක් කාමරයක අතක ඇටකටු [1] දක්නට තිබුණා. එහි ඇඟිලි විහිදී තිබීමෙන් පැහැදිලි වන්නේ ළඟ තිබෙන පඩි පෙළ ඇල්ලීමට වෑයමක් දරා තිබෙන බවයි.
එමෙන්ම එහි බිම කාසි [2] විසිරී තිබුණා. මෙම කාසි අතරින් අලුත්ම කාසිය ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 69දී එනම් යුදෙව්වන් රෝමයට විරුද්ධව කැරැල්ල දියත් කළ හතරවෙනි වසරේදී නිකුත් කළ කාසියයි. ගොඩනැඟිල්ල කඩා වැටීමට පෙර එහි තිබුණු භාණ්ඩ දසත විසිරී තිබුණු බවක් පෙනෙන්න තිබුණා. මෙය දුටු ආවිගාඩ් පැවසුවේ “නගරය අත් පත් කරගැනීමෙන් පසු රෝම සොල්දාදුවන් මංකොල්ල කෑ බවට ජොසීෆස් පැවසූ දේ මතකයට නැඟෙනවා” කියායි. රෝමවරුන් යෙරුසලම අල්ලාගත්තේ ක්‍රි.ව. 70දී කියා ඉතිහාසඥයන් පවසනවා.
ඇටකටු ගැන පරීක්ෂණ පැවැත්වූ අයගේ නිගමනය වූයේ එය අවුරුදු 20ක පමණ තරුණියකගේ අතක් බවයි. “රෝමවරුන් පහර දෙන විට ඇය ගින්නට අසු වී තිබෙනවා. ගින්න ඇති වෙන වේලාවේදී ඇය මුළුතැන්ගෙයි සිටි බවත් ඇය දොර තිබුණු තැනට යෑමට තිබෙන පඩිය
දෙසට අත දිගු කරද්දී මිය ගිහින් තිබෙන බවත් පැහැදිලියි. ගින්න කොතරම් වේගයෙන් පැතිරුණාද යත් ඇයට එයින් බේරීමට හැකි වුණේ නැහැ. ඇය ගොඩනැඟිල්ලට යට වුණා.”—Biblical Archaeology Review.මෙම දර්ශනය යේසුස් යෙරුසලම විනාශ වන බව විනාශයට වසර 40කට පමණ කලින් පැවසූ අනාවැකිය මතක් කර දෙනවා. ‘ඔබේ සතුරන් ඔබවත් ඔබ තුළ සිටින ඔබේ දරුවන්වත් පොළොවේ ගසා ඔබ තුළ ගලක් පිට ගලක් ඉතිරි නොකරන්නෝය.’—ලූක් 19:43, 44.
බයිබලයේ සඳහන් තොරතුරු මෙන්ම එහි චරිත සැබෑ බව පුරාවිද්‍යාත්මක තොරතුරුවලින් හෙළි වී තිබෙනවා. බයිබලය විවේචනයට ලක් කළ අය පැවසුවේ එහි සඳහන් සමහර චරිත මනඃකල්පිත බවයි. එසේත් නැත්නම් ඔවුන්ට අනවශ්‍ය ගෞරවයක් ලබා දී තිබෙන බවයි.
බයිබලයේ සඳහන් නම් ඉපැරණි මුද්‍රාවල
බයිබලයේ යෙසායා 20:1හි සඳහන් අෂ්ෂුර් හෙවත් ඇසිරියාවේ දෙවන සර්ගොන් රජ ඇත්තටම සිටියේ නැති බව ප්‍රසිද්ධ විද්වතුන් එක් කාලයකදී පැවසුවා. කෙසේවෙතත් අද කෝර්සෙබාඩ් කියා හඳුන්වන ඉරාකයේ ටයිග්‍රීස් ගඟේ අතු ගංගාවක් අසල පිහිටි සර්ගොන්ගේ මාලිගාව [3] 1843දී සොයාගනු ලැබුවා. එය කොතරම් විශාලද කියනවා නම් අක්කර 25ක තරම් භූමි ප්‍රමාණයක පැතිර තිබුණා. මෙතෙක් කල් කාගෙවත් අවධානයට ලක් නොවී තිබුණත් දැන් දෙවන සර්ගොන් රජ ඇසිරියාවේ ප්‍රසිද්ධ රජ කෙනෙක්ව සිටි බව පැහැදිලියි. ඔහුගේ එක් ඓතිහාසික වාර්තාවක [4] ඔහු ඊශ්‍රායෙලයේ නගරයක් වන සමාරිය අත් පත් කරගත් බව සඳහන් වෙනවා. ඇසිරියාව ක්‍රිස්තු පූර්ව 740දී සමාරිය අත් පත් කරගත් බව බයිබලයේද වාර්තා වෙනවා. ඊට අමතරව සර්ගොන් රජ අෂ්දොද් නගරය යටත් කරගත් බවද වාර්තා කරනවා. මෙම වාර්තාව යෙසායා 20:1හි සඳහන් දෙය හා එකඟයි.
අද ඉරාකය කියා හැඳින්වෙන ඉපැරණි නගරයක් වන බැබිලෝනියේ පුරාවිද්‍යා කැණීම් කරන විට උල් අකුරු හැඩයෙන් ලියන ලද කුඩා පුවරු 300ක් පමණ ඉෂ්තාර් දොරටුව අසලදී සොයාගනු ලැබුවා. එහි පුවරුවක බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ගේ පාලන සමය හා තවත් නම් ලැයිස්තුවක් සඳහන් වෙනවා. ඒ නම් අතරින් “යාහුඩ් දේශයේ රජ යෞකින්” කියාද සඳහන් වෙනවා. මෙය යොමු දක්වන්නේ යුදා දේශයේ යෙහෝයාකින් රජටයි. පළමුවෙනි වතාවට යෙරුසලම ක්‍රි. පූ. 617දී නෙබුකද්නෙෂර් රජ යටත් කරගත් විට යෙහෝයාකින් රජව වහල්භාවයට ගෙන ගියා. (2 රාජාවලිය 24:11-15) එම පුවරුවල රජුගේ පුතුන් පස්දෙනෙකුගේ නම්ද සඳහන් කර තිබුණා.—1 ලේකම් 3:17, 18.
වර්ෂ 2005දී පුරාවිද්‍යාඥයන් දාවිත් රජුගේ මාලිගාව තිබුණා කියා සිතූ තැනක කැණීම් කළ විට ඔවුන්ට ගලින් නිම කළ විශාල ගොඩනැඟිල්ලක කොටස් ලැබුණා. මෙය අවුරුදු 2,600කට පෙර යෙරෙමියාගේ කාලයේදී බැබිලෝනිවරුන් යෙරුසලම අල්ලාගැනීමෙන් පසු කඩා බිඳ දැමූ ගොඩනැඟිල්ලක කොටස් බව පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනවා. එය දාවිත්ගේ මාලිගාවද නැද්ද යන්න තවමත් තහවුරු වී නැහැ. කෙසේවෙතත් ඒලාට් මසාර් නම් පුරාවිද්‍යාඥයාට සෙන්ටිමීටරයක් තරම් පළල කුඩා මැටි මුද්‍රාවක් [5] සොයාගැනීමට හැකි වුණා. එහි “ෂොව්ගේ පුත්‍ර වූ ෂෙලම්යාහුගේ පුත්‍රයා වන යෙහුකාල්ට අයත්” කියා සඳහන් වී තිබුණා. මෙම මුද්‍රාව යෙරෙමියාට විරුද්ධවාදිකම් එල්ල කළ ෂෙලමියාගේ පුත්‍රයා වූ යෙහුකාල් හෙවත් යූකල්ට අයත් බව පෙනී යනවා.—යෙරෙමියා 37:3; 38:1-6.
ඒලාට් මසාර් පවසන්නේ යෙහුකාල් කියන්නේ ෂාපාන්ගේ පුත්‍රයා වූ ගෙමරියාට පසුව සිටි “රජුගේ දෙවන ඇමතිවරයා” කියායි. යෙරුසලමේ තිබී සොයාගත් මැටි මුද්‍රාවක යෙහුකාල්ගේ නම සඳහන් වී තිබෙනවා. බයිබලයේ යෙහුකාල් ෂෙලෙමියාගේ (ෂෙලම්යාහුගේ) පුත්‍රයා බවත් ඔහු යුදයේ අධිපතියෙක් ලෙස සිටි බවත් වාර්තා වෙනවා. මෙම මුද්‍රාව සම්බවීමට පෙර එවැනි කෙනෙක් ගැන බයිබලය හැර වෙන කිසිම පොතක සඳහන් වී තිබුණේ නැහැ.
කියවීමේ හා ලිවීමේ හැකියාව
ඉපැරණි ඊශ්‍රායෙලිතයන්ට කියවීමේ හා ලිවීමේ ගණන් කතාව 5:23; යෝෂුවා 24:26; යෙසායා 10:19) නමුත් විවේචකයන් පවසන්නේ බයිබලයේ ඉතිහාසය ලියා තිබෙන්නේ බොහෝවිට වාචික සම්ප්‍රදායන්ට අනුව කියායි. වසර 2005දී පුරාවිද්‍යාඥයන් යෙරුසලම හා මධ්‍යධරණී මුහුද අතර ප්‍රදේශයක කළ කැණීමකදී පැරණි හෙබ්‍රෙව් හෝඩිය [6] සඳහන් කුඩා පුවරුවක් සොයාගැනීමත් සමඟ විවේචකයන්ගේ මතයට දැඩි පහරක් එල්ල වුණා. මෙය දැනට සොයාගෙන තිබෙන පැරණිතම හෝඩියයි.
හැකියාව තිබුණු බව බයිබලයේ පවසනවා. (මෙම හෝඩිය ක්‍රි.පූ. දහවන සියවසට අයත් එකක්. මේ නිසා සමහර විද්වතුන් පවසන්නේ එවකට සිටි ජනයාට “කියවීමට ලිවීමට දක්ෂකමත්” “දියුණු සංස්කෘතියක්” මෙන්ම “යෙරුසලමේ නිලධාරි තනතුරු දැරීමේ” හැකියාවත් තිබුණු බවයි. විවේචකයන් පවසන දෙයට හාත්පසින් වෙනස්ව ක්‍රි.පූ. දහවන සියවස තරම් පැරණි කාලයේ පටන් ඊශ්‍රායෙල්වරුන්ට ලිවීමේ හා කියවීමේ හැකියාව තිබුණු නිසා එවකට සිදු වූ දේවල් වාර්තා කර තැබීමේ හැකියාවද ඔවුන්ට තිබුණා.
ඇසිරියානු වාර්තාවලින් තවත් සාක්ෂි
ඇසිරියාව බලවත් රාජ්‍යයක්ව පැවති බව බයිබලයේ බොහෝ වර සඳහන් වෙනවා. එම ප්‍රදේශයේ කළ කැණීම්වලින් සොයාගත් තොරතුරු බයිබලයේ සඳහන් වාර්තාව සනාථ කරනවා. උදාහරණයක් ලෙස ඇසිරියාවේ අගනුවර වන නිනිවයේ කැණීම් කරන විට සෙනකෙරිබ් රජුගේ මාලිගාවේ තිබී කැටයම් කළ ගල් පුවරුවක් [7] සම්බ වුණා. ඇසිරියානුවන් ක්‍රි.පූ. 732දී ලාකිෂ් නගරය අත් පත් කරගැනීමෙන් පසු යුදෙව්වන්ව වහල්භාවයට ගෙන යන දර්ශනයක් එහි දක්නට තිබෙනවා. ඔබට බයිබලයෙන් මේ ගැන කියවා බැලිය හැකියි.—2 රාජාවලිය 18:13-15.
නිනිවයෙන් සෙනකෙරිබ්ගේ වාර්තාව ඇතුළත් පුවරුවක් [8] සොයාගනු ලැබුවා. ඔහු යුදාහි රජ හෙසකියාගේ පාලන සමයේදී පලස්තීනයේ කළ යුධ මෙහෙයුම් ගැන සඳහන් කර තිබෙනවා. එම වාර්තාවේ යුදාහි රජවරු වන ආහස් හා මනස්සේගේ නම්ද ඊශ්‍රායෙල්හි රජවරු වන ඔම්රී, යේහු, යෙහෝයාෂ්, මෙනහෙම් හා හෝෂෙයා යන රජවරුන්ගේ නම්ද සඳහන් කර තිබෙනවා.
සෙනකෙරිබ් ඔහුගේ වාර්තාවේ ඔහු ලැබූ යුධමය ජයග්‍රහණ ගැන පුරසාරම් දොඩා තිබුණත් යෙරුසලමට විරුද්ධව යෑම ගැන එහි කිසිවක් සඳහන් කර නැහැ. ඒත් බයිබලයේ පවසන්නේ ඔහු යෙරුසලමට විරුද්ධව නැඟී සිටි විට දෙවිගේ අතින් පරාජයට පත් වූ බවයි. මේ නිසා ලැජ්ජාවට පත් වූ සෙනකෙරිබ් නිනිවයට හැරී ගියා. එහිදී ඔහුගේ පුතුන් අතින් ඔහු මරණයට පත් වුණා. (යෙසායා 37:33-38) මෙලෙස ඔහු තම පරාජය සඳහන් නොකළත් බයිබලයේ එය සඳහන් වී තිබීමෙන් බයිබලයේ නිරවද්‍යතාව තවත් ඔප්පු වෙනවා. ඒ වගේම ඇසිරියාවෙන් සොයාගත් පුවරු දෙකක රජුගේ මරණය ගැන සඳහන් වී තිබෙනවා.
නිනිවයේ ජනතාවගේ දුෂ්ටකම් නිසා එම නගරය සම්පූර්ණයෙන්ම විනාශ කරන බව යෙහෝවා දෙවි නාහුම් හා ශෙපනියා මාර්ගයෙන් පැවසුවා. (නාහුම් 1:1; 2:8–3:19; ශෙපනියා 2:13-15) එම අනාවැකි බැබිලෝනියේ රජ වන නැබොපොලාසර් යටතේ සේවය කළ හමුදාව සහ මේදිය සියැක්සරීස් යටතේ සේවය කළ හමුදාව එක්ව ක්‍රි.පූ. 632දී නිනිවය අත් පත් කරගැනීමෙන් ඉටු වුණා. මෙවැනි සොයාගැනීම් මගින් බයිබලයේ වාර්තා සත්‍යය බව තහවුරු වෙනවා.
ටයිග්‍රීස් ගඟට නැඟෙනහිරින්ද නිනිවය නගරයට ගිණිකොන දෙසින්ද පිහිටා ඇති නූසි නම් ඉපැරණි නගරයේ 1925 හා 1931 අතර කාලයේදී කැණීම් කළා. මෙහිදී කුඩා මැටි පුවරු 20,000ක් ඇතුළු තවත් බොහෝ පුරාවස්තු සොයාගනු ලැබුවා. මේවා ලියවී තිබුණේ එවකට බැබිලෝනියේ භාවිත කළ භාෂාවෙනුයි. උත්පත්ති පොතේ සඳහන් වන ආදිපිතෘවරුන් තම උරුමයන් රැකගැනීම සඳහා භාවිත කළ යම් ක්‍රම ඇතුළු තවත් ප්‍රයෝජනවත් තොරතුරු රාශියක් එහි අඩංගු වුණා. එම පුවරුවල පෙන්වන ආකාරයට පවුලේ තිබුණු දේවතා රූප තමා සතුව තබාගැනීමෙන් තමන්ගේ දේපළවල අයිතිය ලබාගැනීමේ හැකියාව තිබුණා. මෙයට උදාහරණයක් බයිබලයෙන් සොයා බලමු. රාකෙල් ආදිපිතෘවරයෙක් වන යාකොබ්ගේ භාර්යාවයි. ඇය තම පියා වන ලාබන් ළඟ තිබුණු පවුලේ දේවතා රූපය හෙවත් “ටෙරෆිම්” රූපය නිවසින් පිට වී යන විට රැගෙන ගියේත් ලාබන් එම රූපය නැවත ලබාගැනීමට උත්සාහ කළේත් ඒ නිසායි.—උත්පත්ති 31:14-16, 19, 25-35.
යෙසායාගේ අනාවැකි
බයිබලයේ වාර්තා සත්‍යය බවට තහවුරු කරන තවත් සාක්ෂියක් වන්නේ සයිරස්ගේ සිලින්ඩරාකාර මැටි ලියවිල්ලයි. [9] එහි පර්සියාවේ පාලකයා වන කෝරෙෂ් හෙවත් සයිරස් තම ජයග්‍රහණය ගැන විස්තර සඳහන් කර තිබෙනවා. එම ලියවිල්ල සොයාගනු ලැබුවේ බැග්ඩෑඩ් සිට කිලෝමීටර් 32ක් ඈතින් පිහිටි යුප්‍රටීස් ගඟ අසල පිහිටි ඉපැරණි සයිපා ප්‍රදේශයෙනුයි. එහි උතුම් සයිරස් හෙවත් පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රාරම්භකයා විසින් බැබිලෝනිය අත් පත් කරගැනීම ගැන සඳහන් වෙනවා. නමුත් මේද පර්සියාවේ පාලකයා වන සයිරස් බැබිලෝනිය අත් පත් කරගන්නා බව යෙහෝවා දෙවි ඊට අවුරුදු 200කට පමණ පෙර පවසා තිබුණා.“‘ඔහු මා පත් කළ එඬේරෙකි. මාගේ අරමුණ ඔහු ඉටු කරන්නේය.’ ‘යෙරුසලම යළි ගොඩනඟන්නෙමි’ කියා මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉෂ්ට වෙයි.”—යෙසායා 13:1, 17-19; 44:26–45:3.
වෙනත් දේශයන් අත් පත් කරගත් අය ක්‍රියා කළ ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයෙන් සයිරස් ක්‍රියා කර තිබෙන බව සිලින්ඩරාකාර ලියවිල්ලේ සඳහන් වෙනවා. එනම් කලින් වහල්භාවයේ සිටි සෙනඟව සයිරස් නැවත තම මව්බිමට යෑමට ඉඩහැරියා. ඒ බව බයිබලයේ වාර්තාවලින් මෙන්ම වෙනත් වාර්තාවලින්ද සනාථ වෙනවා. මෙසේ තම මව්බිමට ගිය අය යෙරුසලමේ දේවමාලිගාව නැවත ගොඩනැඟුවා.—2 ලේකම් 36:23; එස්රා 1:1-4.
බයිබලය පිළිබඳව තොරතුරු සොයා බලන පුරාවිද්‍යා කැණීම් මගින් සමහර වැදගත් තොරතුරු සපයා තිබෙනවා. අපි සොයා බැලූ කරුණුවලට අනුව මෙවැනි සොයාගැනීම් තුළින් බයිබලය කෙරෙහි තිබෙන විශ්වාසය මෙන්ම සුළු කාරණාවලදී පවා තිබෙන නිරවද්‍යතාව ඔප්පු වෙනවා.
වැඩි විස්තර සඳහා
ඔබට ප්‍රීතිමත් මෙන්ම අර්ථවත් ජීවිතයක් ගත කරන්න උපකාර කිරීමට බයිබලයට පුළුවන්ද? පැය දෙකක් පුරා දිවෙන මෙම DVD තැටියේ මෙම විෂය ගැන කතා කරනවා. ඊට සම්මුඛ සාකච්ඡාද ඇතුළත් වෙනවා.—භාෂා 32කින් ලබාගත හැකියි, සිංහලෙන් නැත. The Bible—A Book of Fact and Prophecy
බයිබලයේ අසත්‍යය හෝ එකිනෙකට නොගැළපෙන තොරතුරු නැති බවට තවත් සාක්ෂි ඔබට අවශ්‍යද? බයිබලයේ සඳහන් ප්‍රාතිහර්යයන් සත්‍යයද? ඒ සඳහා පිටු 192කින් යුත් මෙම පොත කියවා බලන්න.—භාෂා 56කින් ලබාගත හැකියි, සිංහලෙන් නැත. The Bible—God’s Word or Man’s?
[හිමිකම් විස්තර]
Alexander the Great: Roma, Musei Capitolini
බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
පරිච්ඡේද 19කින් සමන්විත මෙම පොතේ බයිබලයේ සඳහන් මූලික ඉගැන්වීම් මෙන්ම පොළොව හා මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි කරනවා.—භාෂා 162කින් ලබාගත හැකියි.
මාගේ බයිබල් කතන්දර පොත
මෙම පොත විශේෂයෙන් සකස් කර තිබෙන්නේ දරුවන්ටයි. එහි බයිබලයේ සඳහන් වන පුද්ගලයන් 116දෙනෙක් ගැන හා සිද්ධීන් කාල පිළිවෙළට අනුව විස්තර කර තිබෙනවා.—භාෂා 194කින් ලබාගත හැකියි.
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Coins: Generously Donated by Company for Reconstruction & Development of Jewish Quarter, Jerusalem Old City
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Society for Exploration of Land of Israel and its Antiquities
[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
3: Musée du Louvre, Paris; 4: Photograph taken by courtesy of the British Museum; 5: Gabi Laron/Institute of Archaeology/Hebrew University © Eilat Mazar
[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
6: AP Photo/Keith Srakocic; 7, 8: Photograph taken by courtesy of the British Museum
[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Photograph taken by courtesy of the British Museum