Skip to content

පටුනට යන්න

යොවුන් දරුවන් ඇති දැඩි කිරීමේදී ඔවුන්ව තේරුම්ගැනීමේ ඇති වැදගත්කම

යොවුන් දරුවන් ඇති දැඩි කිරීමේදී ඔවුන්ව තේරුම්ගැනීමේ ඇති වැදගත්කම

යොවුන් දරුවන් ඇති දැඩි කිරීමේදී ඔවුන්ව තේරුම්ගැනීමේ ඇති වැදගත්කම

ඔබ වෙනත් රටක සංචාරයකට ගියා කියා සිතන්න. ඒ රටේ භාෂාව කතා කරන්න ඔබ දන්නේ නැහැ. මේ නිසා ඔබට තවත් කෙනෙක් සමඟ කතාබහ කිරීමට අපහසුයි. නමුත් එය කළ නොහැකි දෙයක් නොවෙයි. නිදසුනකට එම භාෂාව කතා කරන්න උපකාර කරන පොතක උදව්වෙන් ඔබට යම් දුරකට ඒ භාෂාව කතා කළ හැකි වෙයි. නැත්නම් භාෂා පරිවර්තකයෙක්ගේ උදව්වෙන් අන් අය පවසන දේ තේරුම්ගන්නත් ඔබ පවසන දේ අන් අයට තේරුම් කර දීමටත් හැකි වෙයි.

සමහර අවස්ථාවලදී යොවුන් දරුවන් සිටින දෙමාපියන්ද ඒ හා සමාන තත්වයකට මුහුණ දෙනවා. යොවුන් වියට පා තබන දරුවෙක්ගේ හැසිරීම හරියට ඔබ නොදන්නා භාෂාවක් වගෙයි. නමුත් ඔවුන්ව තේරුම්ගන්න බැරි කමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ යෞවනයෙක් මුහුණ දෙන විශාල වෙනස්කම් හොඳින් තේරුම්ගැනීමයි.

වෙනස් හැසිරීමකට හේතුව

යොවුන් දරුවෙකුට වැඩි නිදහසක් ඕනේ කරනවා නම් ඉන් සැමවිටම අදහස් කරන්නේ ඔහු දෙමාපියන්ට විරුද්ධව කැරලි ගසන්න උත්සාහ කරනවා කියන දෙය නොවෙයි. බයිබලයේ පවසන ආකාරයට “මිනිසෙකු තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී” යන කාලයක් තිබෙන බව මතක තබාගන්න. (උත්පත්ති 2:24NW) වැඩිහිටියන් හැටියට වගකීම් ඉසිලීම සඳහා දැන් සිටම යම් තීරණ ගැනීමට ඔවුන් පුහුණු විය යුතුයි.

ඒ සඳහා දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද? කලින් ලිපියේ සඳහන් කළ දරුවන්ගේ වෙනස් හැසිරීම් රටාවලට හේතුව කුමක්ද කියා වටහාගැනීම අපට ඒ සඳහා උපකාරවත් වෙයි.

බ්‍රිතාන්‍යයේ ලිදියා: “මගේ පුතා එයාගේම මතයේ එල්බගෙන ඉන්න උත්සාහ කළා. දෙමාපියන් හැටියට අපිට තියෙන අයිතිය ගැනත් එයා ප්‍රශ්න කළා.”

කුඩා දරුවන් වගේ යෞවනයන්ද ප්‍රශ්න ඇසීමට පෙලඹෙනවා. කුඩා කාලයේදී නම් වචනයකින් දෙකකින් දෙන පිළිතුරකින් ඔවුන් සෑහීමට පත් වෙනවා. ඒ නිසයි බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙසේ පැවසුවේ. ‘මම බිලිඳෙකුව සිටියදී බිලිඳෙකු මෙන් කල්පනා කළෙමි.’ (1 කොරින්ති 13:11) නමුත් යෞවනයෙක්ගේ සිතීමේ හැකියාව දියුණු වෙනවාත් සමඟම ඔවුන්ට යම් කාරණා ගැන වඩාත් පැහැදිලි කිරීම් අවශ්‍ය වෙනවා. එසේ කිරීමෙන් ඔවුන්ගේ ‘වටහාගැනීමේ හැකියාවද’ පුහුණු කරගැනීමට ඔවුන්ට හැකියි.—හෙබ්‍රෙව් 5:14.

ඝානාවේ ජෝන්: “අපේ දුවලා එයාලා ගැන ඕනෑවට වඩා හිතන්න පටන්ගත්තා. විශේෂයෙන් එයාලගේ පෙනුම ගැන.”

යොවුන් වියට පා තබන දරුවන් තුළ ශාරීරික වෙනස්කම් සිදු වන නිසා නිතරම ඔවුන් තම පෙනුම ගැන සැලකිලිමත් වෙනවා. විශේෂයෙන් ගැහැනු ළමයි ඔවුන්ගේ හැඩරුව ගැන වැඩිපුර අවධානයක් දෙනවා. මේ වයසේදී කුරුලෑ වැනි දේ හටගැනීම නිසා රූපලාවන්‍ය භාවිත කරමින් රුව ලස්සන කරගැනීමට ඔවුන් වැඩි කාලයක් යොදවනවා. ඉගෙනගැනීමේ කටයුතුවලට යොදවන කාලයට වඩා ඔවුන් කණ්ණාඩිය ඉදිරිපිට සිටීමට වැඩි කාලයක් යොදවන බව පෙනෙන්නේ ඒ නිසයි.

පිලිපීනයේ ඩැනියෙල්: “අපේ ළමයි හැමදෙයක්ම අපිට හොරෙන් කරන්නයි උත්සාහ කළේ. එයාලට තමන්ටම කියලා නිදහසක් ඕනේ කළා. අපි එක්ක කාලය ගත කරනවාට වඩා යාළුවෝ එක්ක ඉන්නයි එයාලා කැමති වුණේ.”

රහසින් දේවල් කිරීම අනතුරුදායකයි. (එෆීස 5:12) ඒත් තමන්ටම කියා නිදහසක් ඕනේ කිරීම ඊට වඩා වෙනස්. යේසුස් පවා එක් අවස්ථාවකදී ‘හුදෙකලාව සිටින පිණිස පාළු තැනකට ගියා.’ (මතෙව් 14:13) දරුවන් යොවුන් වියට පත් වෙනවාත් සමඟම ඔවුන්ටද එවැනි නිදහසක් අවශ්‍ය වෙනවා. ඒ බව වැඩිහිටියන් තේරුම්ගැනීම වැදගත්. යම්තාක් දුරකට එවැනි නිදහසක් තිබීමෙන් යම් කාරණා ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට යොවුන් දරුවන්ට අවස්ථාව උදා වෙනවා. වැඩිහිටියන් වූ විටද එය ඔවුන්ට ප්‍රයෝජනවත් වෙයි.

යෞවනයන් යහළුවන් ඇති කරගැනීමට ඇල්මක් දැක්වීම සාමාන්‍යය දෙයක්. ‘නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන’ බව ඇත්තයි. (1 කොරින්ති 15:33) නමුත් බයිබලයේ මෙසේද පවසා තිබෙනවා. “සැබෑ මිතුරෙක් සැමදා ප්‍රේමය පෙන්වයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.” (හිතෝපදේශ 17:17NW) හොඳ මිත්‍රත්වයක් ආරම්භ කර එය දිගටම පවත්වාගෙන යෑමට දරුවා ඉගෙනගත්තොත් වැඩිහිටි වියට පා තබන විටද එය ඔහුට ප්‍රයෝජනවත් වෙනවා.

ඉහත සඳහන් තත්වයන් සමඟ කටයුතු කිරීමේදී දෙමාපියන් දරුවන්ව හොඳින් තේරුම්ගැනීම ඉතාමත් වැදගත්. එසේ කිරීමෙන් ඔවුන් ගැන වැරදි අවබෝධයක් ඇතිව සිටීමෙන් වැළකිය හැකියි. ඒ විතරක් නොවෙයි ඔවුන් සමඟ කටයුතු කිරීමේදී අවශ්‍ය තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ ප්‍රඥාවයි. මෙය දෙමාපියන්ට උපකාරවත් වෙන්නේ කෙසේද?

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දරුවන්ගේ වටහාගැනීමේ හැකියාව දියුණු වන විට පවුලේ නීති පිළිබඳව පෙරට වඩා පැහැදිලි කිරීම් යෞවනයන්ට අවශ්‍ය වෙනවා