Skip to content

පටුනට යන්න

රුධිරය ශරීරගත කිරීමේ අනතුරක් තිබේද?

රුධිරය ශරීරගත කිරීමේ අනතුරක් තිබේද?

රුධිරය ශරීරගත කිරීමේ අනතුරක් තිබේද?

නයිජීරියාවේ පිබිදෙව්! ලේඛක විසින්

▪ නයිජීරියාවේ එක් ප්‍රසිද්ධ රෝහලක සිටි බිළිඳු දැරියකට රුධිරය ශරීරගත කිරීමෙන් HIV ආසාදනය වී ඇති බව සොයාගත්තා.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසූ පරිදි එනිඕලා ඉපදී සුළු මොහොතකට පසුව ඇයට සෙංගමාලය වැලඳී ඇති බව දැනගත්තා. මෙයට ප්‍රතිකාරයක් ලෙස රුධිරය ශරීරගත කිරීමට වෛද්‍යවරුන් තීරණය කළ අතර ඇය වෙනුවෙන් රුධිරය දීමට ඇගේ පියා ඉදිරිපත් වුණා. කෙසේවෙතත් පියාගේ රුධිර ගණය ඇගේ රුධිර ගණය හා නොගැළපෙන නිසා රෝහලේ තිබෙන ලේ බැංකුවෙන් රුධිරය සපයනු ලැබුවා. නමුත් ටික කාලයක් යන්න මත්තෙන් මේ බිළිඳාට HIV ආසාදනය වී ඇති බව හඳුනාගත්තා. දෙමාපියන්ගේ රුධිරය පරීක්ෂා කළද එයින් හෙළි වූයේ ඔවුන් HIV ආසාදිතයන් නොවන බවයි. රෝහල් කාර්ය මණ්ඩලය ඒ ගැන මෙසේ පැවසුවා. “බිළිඳාට රුධිරය ශරීරගත කිරීමට පෙර කළ රුධිර පරීක්ෂණයෙන් හෙළි වුණේ එහි HIV ආසාදනය වී නොමැති බවයි.”

එසේනම් බිළිඳාට HIV ආසාදනය වූයේ කෙසේද? මේ සම්බන්ධයෙන් කළ අවසාන විමර්ශනවලින් හෙළි වූයේ බිළිඳාට එම වයිරසය ආසාදනය වී ඇත්තේ ශරීරගත කළ රුධිරයෙන් බවයි. වයිරස් පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයෙක් මේ සිද්ධිය ගැන පුවත්පතකට වාර්තා කළේ මෙසේයි. “රුධිරය පරිත්‍යාග කළ තැනැත්තා රුධිරය දෙන අවස්ථාවේදී පරීක්ෂණයකින් එම වයිරසය (HIV) හඳුනාගත නොහැකි කාල සීමාවේ ඔහු පසු වී තිබෙනවා.”—Nigerian Tribune.

මෙය රුධිරය ශරීරගත කිරීමේ අවදානමක් තිබෙන බව පෙන්වන එක් සිද්ධියක් පමණයි. HIV හඳුනාගැනීමට හැකි කාල සීමාවට පෙර අවධිය ගැන වෛද්‍ය මධ්‍යස්ථානයකින් වාර්තා වුණේ මෙසේයි. ‘යම් වයිරසයක් ශරීරගත වූ විට ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඒ සමඟ සටන් කිරීමට ප්‍රමාණවත් ප්‍රතිදේහ නිපදවීමට යම් කාලයක් ගත වෙනවා. පරීක්ෂණයකින් මෙම ප්‍රතිදේහ හඳුනාගැනීමට නම් මේ කාල සීමාව පසු විය යුතුයි. මෙම කාල සීමාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. බොහෝ අයට මේ සඳහා සති දෙකත් අටත් අතර කාලයක් ගත වෙනවා. (සාමාන්‍යයෙන් දින 25ක් පමණ) නමුත් සමහර අයට මේ සඳහා මාස හයක් වැනි දිගු කාලයක් වුවත් ගත විය හැකියි.’—U.S. Centers for Disease Control and Prevention.

පරීක්ෂණයෙන් HIV නොමැති බව හෙළි වූ පමණින් එම රුධිරය ආරක්ෂිතයි කියා නිගමනය කළ නොහැකියි. ඒඩ්ස් පිළිබඳ එක් ආයතනයක් පවසන පරිදි “පරීක්ෂණයෙන් එම ප්‍රතිදේහ හඳුනාගැනීමට හැකි කාලයට පෙර පුද්ගලයෙක් පරිත්‍යාග කළ රුධිරය රෝගියාට ශරීරගත කිරීමෙන් HIV ආසාදනය විය හැකියි.”—San Francisco AIDS Foundation.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ‘ලෙයින් වැළකී සිටින්න’ කියා බයිබලයේ දෙන මඟ පෙන්වීමට බොහෝ කාලයක සිට කීකරු වී තිබෙනවා. (ක්‍රියා 15:29) දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වීම මොන තරම් ආරක්ෂාවක්ද කියා ඔවුන් තේරුම්ගෙන තිබෙනවා. රුධිරය වෙනුවට දිය හැකි විකල්ප ප්‍රතිකාර ක්‍රම ගැන දැනගැනීම සඳහා ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද? යන ප්‍රකාශනය බලන්න. *

[පාදසටහන]

^ 8 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.