Skip to content

පටුනට යන්න

රස දැනෙන්නේ කොහොමද?

රස දැනෙන්නේ කොහොමද?

නිර්මාණයක්ද?

රස දැනෙන්නේ කොහොමද?

▪ ඔබ හුඟක් ආසා කරන කෑමක් කටට ගනිද්දී එහි රස හඳුනාගන්න ඔබට ගත වෙන්නේ සුළු මොහොතක් පමණයි. මේ විදිහට ඔබට රස දැනෙන්නේ කොහොමද?

මේ ගැන සිතා බලන්න: ඔබේ දිව මෙන්ම මුඛයේ සහ උගුරේ තවත් කොටස්ද සෑදී ඇත්තේ රසාංකුර ලෙස හඳුන්වන සෛල පොකුරුවලිනුයි. මෙම රසාංකුර රසයන් හඳුනාගත හැකි සෛලවලින් සමන්විතයි. ඒවා පිහිටා තිබෙන්නේ දිව මතු පිට ඇති පිටිකා ලෙස හඳුන්වන කුඩා නෙරුම් තුළයි. එම රසාංකුර මගින් ඇඹුල් රස, ලුණු රස, පැණි රස හා තිත්ත රස හඳුනාගත හැකියි. * නමුත් කුළුබඩුවලින් ගෙන දෙන රසය හඳුනාගන්නේ රසාංකුරවලින් නොවෙයි. ඒවා හඳුනාගන්නේ වේදනාවට සංවේදී ස්නායු මගිනුයි. එමෙන්ම යම් ආහාරයක අඩංගු රසායනික ද්‍රව්‍යයක් කටට ගත් සැණින් එය හඳුනාගැනීමට සංඥාවක් මොළයට යවනු ලබනවා.

ආහාරයක රස හඳුනාගන්න දිව පමණක් නොවෙයි නාසයත් උපකාර වෙනවා. නාසය තුළ මිලියන පහකට අධික ගණනකින් යුත් සෛල තිබෙනවා. මෙම සෛල මගින් සුවඳ වර්ග 10,000ක් පමණ හඳුනාගත හැකියි. ගණන් බලා ඇති ආකාරයට අපේ රස බැලීමේ හැකියාවට සියයට 75ක්ම හේතු වන්නේ සුවඳ දැනීමේ හැකියාවයි.

විද්‍යාඥයන් විසින් යම් සුවඳ වර්ග හඳුනාගැනීම සඳහා කෘතිම නාසයක් නිෂ්පාදනය කර තිබෙනවා. නමුත් ස්නායූ පිළිබඳව අධ්‍යයනය කරන වෛද්‍යවරයෙක් වන ජෝන් කාඋර් ඒ ගැන මෙසේ පැවසුවා. “තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන එවැනි උපකරණ මිනිස් සිරුරේ ඇති සංකීර්ණ මෙන්ම අලංකාර අංගවලට කිසිම ආකාරයකින් සමාන කළ නොහැකියි.”

අපිට රස බැලීමට තිබෙන හැකියාව නිසා ආහාරයකට තිබෙන රුචිකත්වය වැඩි වන බව කවුරුත් පිළිගන්නා දෙයක්. කෙසේවෙතත් පුද්ගලයෙක් යම් රසකට වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි කියා තවමත් පර්යේෂකයන් දන්නේ නැහැ. එක් පුවත්පතක ඒ ගැන සඳහන් වුණේ මෙසේයි. “සිරුරේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික දේවල් විද්‍යාඥයන් හොඳින් දැන සිටියත් රස සහ සුවඳ බැලීමට ඇති හැකියාව පිළිබඳව සියලු දේ ඔවුන් තවමත් තේරුම්ගෙන නැහැ.”—Science Daily.

කල්පනා කර බලන්න: රස බැලීමට ඔබට ඇති හැකියාව ඔබට අහම්බෙන් ලැබුණු දෙයක්ද? නැත්නම් එය නිර්මාණයක ප්‍රතිඵලයක්ද?

[පාදසටහන]

^ 4 ඡේ. මෑත කාලයේදී විද්‍යාඥයන් විසින් උමාමි ලෙස හඳුන්වන රස වර්ගයද හඳුනාගෙන තිබෙනවා. උමාමි ලෙස හඳුන්වන්නේ ග්ලූටමේට් නම් ලවණයයි. සමහර රසකාරකවලටද මේවා යොදා තිබෙනවා.

[26වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

දිවේ හරස්කඩක්

[රූප සටහන]

පිටිකා

[හිමිකම් විස්තර]

© Dr. John D. Cunningham/​Visuals Unlimited