Skip to content

පටුනට යන්න

ස්වාභාවික සම්පත් මතු පරපුරට ප්‍රමාණවත්ද?

ස්වාභාවික සම්පත් මතු පරපුරට ප්‍රමාණවත්ද?

ස්වාභාවික සම්පත් මතු පරපුරට ප්‍රමාණවත්ද?

කැනඩාවේ පිබිදෙව්! ලේඛක විසින්

▪ පරිසර පද්ධතිය ගැන වසර හතරක් පුරා විද්වතුන් පිරිසක් විසින් අධ්‍යයනයක් කරනු ලැබුවා. එය ඔවුන් හැඳින්වූයේ සහස්‍ර පරිසර පද්ධති ඇගයීම ලෙසිනුයි. අවසානයේදී ඔවුන් මෙවැනි නිගමනයකට එළඹුණා. සෑම ජීවියෙකුටම අවශ්‍ය ආහාර සැපයීමට වගේම වාතය පිරිසිදු කිරීමට පොළොවට ස්වාභාවික හැකියාවක් තිබෙනවා. නමුත් පසුගිය වසර පනහක කාලය තුළ පරිසරයේ සම්පත් අධික ලෙස පරිභෝජනය කිරීම නිසා පරිසර පද්ධතියට ඉතා විශාල ලෙස හානි සිදු වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි බොහෝ සත්ව විශේෂ වඳ වී යෑමේ තර්ජනයටද ලක් වී තිබෙනවා. මේ නිසා තවදුරටත් මතු පරපුරට මිහිතලයෙන් අවශ්‍ය දේ සපයාගැනීමට අසීරු තත්වයක් උද්ගත වෙමින් පවතිනවා.

ඒ පිළිබඳව කැනඩාවේ එක් පුවත්පතක මෙවැනි අදහසක් පළ වුණා. ‘මිනිසුන් මෙලෙස පරිසර පද්ධතියට හානි පමුණුවද්දී මිනිසුන්ගේ පැවැත්මට එය ඉතාමත් ශීඝ්‍ර ලෙස බලපෑම් කරනවා. මෙලෙස පරිසර පද්ධතිය තර්ජනයට ලක් වී තිබෙන නිසා වසංගත පැතිර යෑමේ ප්‍රවණතාව එන්න එන්නම වැඩියි. එමෙන්ම වනාන්තර ශීඝ්‍රයෙන් අඩු වී යන අතර සාගරයේ ජීවීන්ට විසීමට හිතකර නොවන ස්ථාන ඇති විය හැකියි. පිරිසිදු වාතාශ්‍රය, ජලය සහ ජීවීන්ගේ පැවැත්මට මහෝපකාරී වන තෙත් කලාපීය බිම්, වනාන්තර, තැනිතලා වැනි ස්ථාන යථා තත්වයට පත් කළ නොහැකි සේ විනාශ වෙමින් තිබෙනවා.’ කලින් සඳහන් කළ විද්වතූන් පවසන ආකාරයට මේ තත්වය අවම කරගැනීමට මිනිසුන්ට හැකියාව තිබෙනවා. නමුත් ඊට පිළියමක් ලෙස ඔවුන් ‘ස්වාභාවික සම්පත් භාවිත කරන ආකාරයේ විශාල වෙනස්කම් කළ යුතු වෙනවා.’—Globe and Mail.

මිහිතලය රැකගත හැකිද? ඇත්තෙන්ම ඔව්. දෙවි නිර්මාණය කළ සෑම දෙයක්ම රැකබලා ගැනීමේ වගකීම අපි එකිනෙකා සතුයි. ඒ සඳහා අපි අපේ උපරිමය කළ යුතුයි. (ගීතාවලිය 115:16) ඒ කෙසේවෙතත් පරිසර පද්ධතිය නැවතත් යහපත් තත්වයකට පත් කළ හැක්කේ එහි “නිර්මාතෘ” වන යෙහෝවා දෙවිගේ මැදිහත් වීමෙන් පමණයි. දෙවි පොරොන්දු වී ඇති ආකාරයට ඔහු පොළොවට “බොහෝ සෙයින් පලදාව දීමෙන්” ආශීර්වාද කරන්න යනවා. (යෝබ් 35:10; ගීතාවලිය 65:9-13, නව ලොව පරිවර්තනය) සයුරද ඔහුගේ නිර්මාණයක් වන නිසා එහි වෙසෙන සෑම ජීවියෙකුවම රැකගැනීමට ඔහු පොරොන්දු වෙනවා. (ගීතාවලිය 95:5; 104:24-31)යෙහෝවා දෙවිට “බොරු කීමට නොහැකි” නිසා ඔහුගේ පොරොන්දු ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරනවා.—තීතස් 1:2.

මතු පරපුරට මිහිතලයෙන් රැකවරණය සැලසෙන බව දැනගැනීම මොන තරම් සැනසිල්ලක්ද! ඒ නිසා දෙවිගේ නිර්මාණයන් මගින් කියා පාන කිසිවකට සම කළ නොහැකි ඔහුගේ ප්‍රේමය, ප්‍රඥාව, බලය හා යහපත්කම අගය කිරීමට ඔහුට ගරු බිය දක්වන සියලුදෙනාම පෙලඹෙන්නේ නැද්ද!—ගීතාවලිය 150:1-6.

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Globe: NASA photo