Skip to content

පටුනට යන්න

සිහිනයෙන් අදහස් කරන්නේ කුමක්ද?

සිහිනයෙන් අදහස් කරන්නේ කුමක්ද?

දැනුම මිනුම

සිහිනයෙන් අදහස් කරන්නේ කුමක්ද?

දානියෙල් 2:25-45හි ඇති වාර්තාව කියවා පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. රූපය සාදා ඇත්තේ කුමන ලෝහ වර්ග හතරෙන්ද?

․․․․․

․․․․․

․․․․․

․․․․․

2. එම ලෝහ වර්ග හතරෙන් නියෝජනය වන්නේ කුමක්ද?

․․․․․

3. එම රූපයට සිදු වන්නේ කුමක්ද?

․․․․․

4. එම රූපය වෙනුවට පිහිටුවන්න යන්නේ කුමක්ද? එය කොතරම් කාලයක් තිබෙන්න යනවාද?

․․․․․

․․․․․

සාකච්ඡා කිරීමට:

එම වාර්තාවෙන් දානියෙල් නිහතමානී කෙනෙක් බව අප දැනගන්නේ කොහොමද? ඔබ හුඟක් දක්ෂ නම් හෝ යම් දෙයකට ඔබට විශේෂ දක්ෂතාවක් තිබෙනවා නම් එවන් අවස්ථාවලදී ඔබ නිහතමානී විය යුත්තේ ඇයි?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

7වන පිටුව විවාහක යුවළයන් ඉක්මනින් කළ යුත්තේ කුමක්ද? යාකොබ් 1:․․․

9වන පිටුව විශේෂයෙන් විවාහකයන් සැලකිලිමත් විය යුත්තේ කාගේ කාරණා ගැනද? ෆිලිප්පි 2:․․․

11වන පිටුව දෙවිගේ සේවකයන් වැළකී සිටිය යුතු බවට දෙවි අනතුරු අඟවන්නේ කුමන දේවල් ගැනද? ද්විතීය කතාව 18:․․․

21වන පිටුව යෞවනයෙක් අසන්නෙක් පමණක් නොවී පිළිපදින්නෙක් වීමෙන් ඔහුට ලැබෙන්නේ කුමක්ද? යාකොබ් 1:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

5. ․․․․․

හෝඩුවාව: ඊශ්‍රායෙලයේ දෙවන රජ බවට පත් වුණේ මගේ මුණුපුරායි.

1 සාමුවෙල් 16:13, 14; 1 ලේකම් 2:12-15 කියවන්න.

6. ․․․․․

හෝඩුවාව: මගෙන් පැවත එන කෙනෙක් “ජාතිහු වර්ගයන්ගේ කොඩියක් මෙන්” වන බව යෙසායා අනාවැකියක පැවසුවා.

යෙසායා 11:10 කියවන්න.

7. ․․․․․

හෝඩුවාව: සංගීත භාණ්ඩ සාදන කෙනෙක් හැටියට මම ප්‍රසිද්ධ වෙලා හිටියා.

2 ලේකම් 7:6 කියවන්න.

▪ පිළිතුරු 22වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. රන්, රිදී, තඹ, යකඩ.

2. අධිරාජ්‍යයන් හතරක්.

3. සුනුවිසුනු වෙනවා.

4. දෙවිගේ රාජ්‍යය, සදාකාලයටම පවතිනවා.

5. ඕබෙද්.—ලූක් 3:31, 32.

6. යෙස්සේ.—ලූක් 3:32.

7. දාවිත්.—ලූක් 3:31.