Skip to content

පටුනට යන්න

දෙවිගේ මිතුරා වෙන්න ඔබට අවශ්‍යද?

දෙවිගේ මිතුරා වෙන්න ඔබට අවශ්‍යද?

දෙවිගේ මිතුරා වෙන්න ඔබට අවශ්‍යද?

● එම ප්‍රශ්නයට ඔබේ පිළිතුර කුමක්ද? මෙක්සිකෝවේ ගුයිරේරෝ නමැති ගම්බද ප්‍රදේශයක ජීවත් වන යෞවනියක් සිතුවේ එය නම් සිතාගන්නවත් බැරි දෙයක් කියායි. නමුත් දිනක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර යෞවනියන් දෙදෙනෙක් ට්ලාපැනක් යන ඇගේම භාෂාවෙන් පළ වී තිබූ දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්! යන විවරණිකාව ඇයට පෙන්නුවා. ඒ ගැන එම යෞවනිය පුදුම වුණා. ඊට හේතුව ඇය එම භාෂාවෙන් මෙතෙක් දැක තිබුණේ රජයේ පොත් පත් පමණයි.

එම විවරණිකාව ඇගේම භාෂාවෙන් පළ වී තිබීමෙන් පැහැදිලි වන්නේ සියලු දේවල්වල නිර්මාණකරු ඇය කෙරෙහි දක්වා තිබෙන ප්‍රේමයට සාක්ෂියක් බව එම යෞවනියන් දෙදෙනා ඇයට පැහැදිලි කළා. එමෙන්ම ඒ තුළින් ඇයට දෙවි ගැන ඉගෙනගැනීමට හැකි බවත් ඔවුන් ඇයට පෙන්වා දුන්නා. පසුව ඇය එම විවරණිකාවේ “දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා”යන පළමුවන පාඩම ඉතා උනන්දුවෙන් කියවීමට පටන්ගත්තා. එය කියවීමෙන් පසු ඇය මෙහෙම කිව්වා. “දෙවිගේ මිතුරා වන්න මටත් ඕනේ. මට බයිබලයක් ගෙනත් දෙන්න පුළුවන්ද?” නැවතත් එම යෞවනියන් දෙදෙනා බයිබලයකුත් රැගෙන පැමිණි විට ඇයට තවත් දේවල් උගන්වන්න කියා ඇගේ මව ඔවුන්ට පැවසුවා.

ට්ලාපැනක් නමැති භාෂාව මෙක්සිකෝවේ භාවිත කරන ඉන්දියානු භාෂ 17න් එකක් පමණයි. එම භාෂාවෙන්ද ඉහත කී විවරණිකාව මුද්‍රණය කර තිබෙනවා. සම්පූර්ණයෙන් ගත් විට ලොව පුරා එම විවරණිකාව (බ්‍රේල් භාෂාවද ඇතුළත්ව) භාෂා 278න් මුද්‍රිතයි. මෙයින් පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයකට හෝ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන විවරණිකාව පමණක් ලබාගැනීමට කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.