Skip to content

පටුනට යන්න

දෙවිගේ නාමය දිගටම ප්‍රචලිත වෙයි!

දෙවිගේ නාමය දිගටම ප්‍රචලිත වෙයි!

දෙවිගේ නාමය දිගටම ප්‍රචලිත වෙයි!

● කැනඩාවේ ක්විබෙක් නගරයට නුදුරින් පිහිටි ඕලීන්ස් දිවයින ඉතාමත් සුන්දර ස්ථානයක්. එහි මුල් පදිංචිකරුවන් ඉතා දේවභක්තික පිරිසක් වූ බව එහි සෑම ප්‍රදේශයකම ඇති පැරණි දේවස්ථාන සාක්ෂි සපයනවා.

ශාන්ත පියර් නමැති නගරයේ තිබෙන 1717දී ඉදි කළ දේවස්ථානය ඒ අතරින් සුවිශේෂයි. දැන් එය කලාගාරයක්. එහි අල්තාරයට ඉහළින් බයිබලයේ සඳහන් වන යෙහෝවා යන දෙවිගේ නාමය දැක්වෙන හෙබ්‍රෙව් අක්ෂර හතර දැකගත හැකියි.

අද දින කතෝලික පල්ලිවල දෙවිගේ නාමය භාවිත කරනවා අහන්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. එය දකින්න ලැබෙන්නේ ඊටත් වඩා කලාතුරකින්. ඊට එක් හේතුවක් වන්නේ වර්ෂ 2008දී පාප්වරයාගේ අනුදැනුම ඇතුව කළ ප්‍රකාශයයි. එහි සඳහන් වුණේ දෙවිගේ නම කතෝලික ආගමික මෙහෙයන්වලදී, ගීතිකාවලදී හෝ යාච්ඤාවලදී “උච්චාරණය කිරීම පවා නොකළ යුතු” බවයි. නමුත් දෙවි කැමති යෙහෝවා යන තම නාමය “පොළොවේ සිටින සියල්ලන්” දැනගන්නවාටයි. ඒ බව බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා.—නික්මයාම 9:16.

දෙවිව සතුටු කිරීමට ඔහුගේ නම දේවස්ථානයක ප්‍රදර්ශනය කරනවාට වඩා වැඩි දෙයක් අවශ්‍ය බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දන්නවා. එමනිසා ඔවුන් සෑම වසරකම ලොව පුරා දෙවිගේ නාමය හා ඔහුගේ අරමුණු ගැන ජනයාට ඉගැන්වීම සඳහා පැය බිලියන 1.5කටත් වැඩියෙන් වැය කරනවා. ඊට අමතරව දෙවිගේ නාමය 7,000 වාරයක් පමණ සඳහන් වන බයිබලයක්ද ඔවුන් පරිවර්තනය කර තිබෙනවා. එය හඳුන්වන්නේ නව ලොව පරිවර්තනය ලෙසයි. ඔවුන් එය පරිවර්තනය කර තිබෙන්නේ බයිබලයේ මුල් පිටපත්වල ඇති අදහස්වලට එකඟවයි. එමෙන්ම එහි අදාළ ස්ථානවල දෙවිගේ නාමය නැවතත් සඳහන් කර තිබෙනවා. මේ වන විට එම බයිබලය භාෂා 83කින් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ලෙස පිටපත් 16,50,00,000 මුද්‍රණය කර තිබෙනවා. එසේනම් අප අසාගත යුතු ප්‍රශ්නය වන්නේ යෙහෝවා යන නාමය භාවිත කිරීමට තිබෙන පදනම කුමක්ද කියා නොව එය භාවිත නොකිරීමට තිබෙන පදනම කුමක්ද කියායි.

[21වන පිටුවේ පින්තූරය]

යෙහෝවා යන දෙවිගේ නාමය 7,000 වාරයක් පමණ සඳහන්ව ඇති නව ලොව පරිවර්තනය නමැති බයිබලය භාෂා 83කින් ලබාගත හැකියි