නත්තලේ සුලමුල
නත්තලේ සුලමුල
ඔබ සත්‍යය තොරතුරුවලට ප්‍රිය කෙනෙක් විය හැකියි. එසේනම් ලෝක ප්‍රසිද්ධ නත්තල ගැන සත්‍යය දැනගන්න ඔබ කැමතිද? සමහරවිට දැනටමත් ඔබ මේ ප්‍රශ්න ගැන කල්පනා කරනවා ඇති. (1) යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදාද? (2) යේසුස්ව බැලීමට පැමිණි අමුත්තන් කවුද, කීදෙනෙක් පැමිණියාද? (3) යේසුස්ව බලන්න පැමිණි පිරිසට මඟ පෙන්වීම සඳහා තාරකාවක් යොදාගන්න ඇත්තේ කවුද? (4) නත්තල් සීයා යනු කවරෙක්ද? (5) නත්තල් සමයේදී තෑගි දීමේ චාරිත්‍රය දෙවි සලකන්නේ කෙසේද?
දැන් අපි ඉහත සඳහන් ප්‍රශ්න එකින් එක සලකා බලමු. ඒ ගැන බයිබලයේ සහ ඉතිහාසයේ සඳහන් වන දේ අපට දැනගත හැකියි.
(1) යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදාද?
පොදු පිළිගැනීම: යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදායි. එක් විශ්වකෝෂයක එය විස්තර කළේ මේ ආකාරයටයි. “නත්තල යනු ක්‍රිස්තුස්ගේ උපත සැමරීමට පවත්වන ආගමික පූජාවයි.”—Encyclopedia of Religion.
එහි ආරම්භය: “දෙසැම්බර් 25වෙනිදා යේසුස් ඉපදුණා කියා බයිබලයේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. මෙම දිනය ප්‍රසිද්ධ වුණේ රෝමවරුන් බොරු දෙවිවරුන් වෙනුවෙන් පැවැත්වූ උත්සව නිසයි. සෝල් හා මිත්‍රා නමැති හිරු දෙවිවරුන්ගේ උපන් දින සැමරුවේ දෙසැම්බර් 25වෙනිදායි” කියා එක් විශ්වකෝෂයක සඳහන් වුණා. එහි තවදුරටත් සඳහන් වුණේ එම උත්සවවලට රෝමවරුන් කෘෂිකර්මයට අධිපති සැටනේලියා නමැති දෙවියාවත් සම්බන්ධ කළ බවයි.—The Christmas Encyclopedia.
මෙම උත්සවවලට ක්‍රිස්තියානි මුහුණුවරක් ලැබුණේ ක්‍රිස්තු වර්ෂ 350දීයි. ඒ වර්ෂයේදී පළමුවන ජූලියස් පාප්වරයා දෙසැම්බර් 25, යේසුස්ගේ උපන් දිනය ලෙස නම් කළා. “හිරු දෙවිවරුන්ට කළ චාරිත්‍ර සියල්ලම නත්තල් චාරිත්‍ර බවට පත් වුණා. පසු කාලයේදී යේසුස්ගේ පින්තූරවල හිරුගේ පින්තූරද දකින්න ලැබුණා. එම පින්තූර නිර්මාණය කර තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ හිස වටා හිරු රැස් විහිදෙන ආකාරයටයි.”—Encyclopedia of Religion.
බයිබලයේ සඳහන් දෙය: යේසුස් ඉපදුණ මාසයවත් දිනයවත් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් එහි සඳහන් වන දෙයින් යේසුස් දෙසැම්බර් 25 ඉපදුණේ නැහැ කියා ඔප්පු කළ හැකියි. ඒ කෙසේද? බයිබලයේ පෙන්නුම් කරන්නේ යේසුස් ඉපදුණ රාත්රියේදී එඬේරුන් බැටළු රැළවල් බලාගනිමින් එළිමහනේ සිටි බවයි. (ලූක් 2:8) සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසය වන විට බෙත්ලෙහෙම අවට ප්‍රදේශවලට වැසි සහිත ශීත ඍතුව ආරම්භ වෙනවා. දෙසැම්බර් මාසය වන විට හිම පවා වැටෙනවා. ඒ නිසා එම කාලයේදී එඬේරුන් තම බැටළුවන්ව එළිමහනේ තබාගන්නේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ යේසුස් දෙසැම්බර් 25වෙනිදා ඉපදුණේ නැති බවයි. *
යේසුස්ගේ මුල් අනුගාමිකයන් එනම් ඔහු සමඟ කිට්ටුවෙන් ඇසුරු කළ අය පවා කිසිම දිනක ලූක් 22:17-20; 1 කොරින්ති 11:23-26) එසේනම් යේසුස්ගේ උපත ලෙස මිථ්‍යා දෙවිවරුන්ගේ උත්සවයක් පැවැත්වීම සුදුසුද? නැහැ. ඊට හේතුව දෙවි බොරුවට අකමැති වීමයි. ඔහු තම නමස්කාරකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ‘සැබෑ දැනුමට එකඟව නමස්කාර කිරීමයි.’—යොහන් 4:23.
ඔහුගේ උපන් දිනය සැමරුවේ නැහැ. ඔහු තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ මරණය සිහි කරන්න කියායි. ((2) යේසුස්ව බැලීමට පැමිණි අමුත්තන් කවුද, කීදෙනෙක් පැමිණියාද?
පොදු පිළිගැනීම: තාරකාවක මඟ පෙන්වීමෙන් රජවරුන් තුන්දෙනෙක් යේසුස්ව බැලීමට ගවමඩුවට පැමිණියා. ඒ අවස්ථාවේදී එඬේරුන්ද එහි සිටියා.
එහි ආරම්භය: බයිබලයේ සඳහන් කෙටි විස්තරය හැර “මේ අය ගැන පවසන සියලු දෙයක්ම පදනම් වී තිබෙන්නේ මනඃකල්පිත තොරතුරු මතයි” කියා එක් විශ්වකෝෂයක සඳහන් වුණා.—The Christmas Encyclopedia.
බයිබලයේ සඳහන් දෙය: පැමිණි අමුත්තන් රජවරුන් කියා සමහර අය විශ්වාස කළත් බයිබලයේ ඔවුන්ව හඳුන්වන්නේ ශාස්ත්‍රවන්තයන් හෝ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් ලෙසයි. තවත් කරුණක් වන්නේ දෙවි ජ්‍යෝතිඃ ශාස්ත්‍රය හෙළාදැකීමයි. (ද්විතීය කතාව 18:10-12) ඊට අමතරව ඔවුන් කීදෙනෙක් පැමිණියාද කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. සමහරවිට දෙතුන් දෙනෙක් හෝ ඊට වඩා වැඩිදෙනෙක් වුණත් විය හැකියි. අනික් අතට ඔවුන් පැමිණියේද ගවමඩුවට නොවෙයි. ඔවුන් නැඟෙනහිර දෙසින් පැමිණි නිසා ඒ ගමනට මාස කිහිපයක් ගත වෙන්න ඇති. වාර්තාවේ සඳහන් වන්නේ ඔවුන් “දරුවා සිටි නිවසට ඇතුල් වූ” බව හා “කුඩා දරුවා සිය මව වූ මරියා සමඟ සිටිනවා” දුටු බවයි. —මතෙව් 2:11.
(3) යේසුස්ව බලන්න පැමිණි පිරිසට මඟ පෙන්වීම සඳහා තාරකාවක් යොදාගන්න ඇත්තේ කවුද?
මේ තාරකාව සාමාන්‍ය එකක් නොවන බව බයිබලයේ සඳහන් වන තොරතුරුවලින් අපට පැහැදිලි වෙනවා. මුලින්ම තාරකාව මඟ පෙන්වූයේ බෙත්ලෙහෙමට නොව හෙරොද් රජ සිටි යෙරුසලමටයි. මේ අය අලුත උපන් ‘ඉදිරියේදී යුදෙව්වරුන්ව පාලනය කරන රජව’ සොයමින් සිටින බව හෙරොද් රජ දැනගත් විට ඔහු “ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ව රහසින් හමු වී” ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ ගොස් ඒ දරුවා ගැන හොඳින් සොයා බලන්න. ඔහු සිටින තැන ඔබ දැනගත් විට ඒ ගැන මට දන්වන්න.” ඇත්තටම ඔහුට යේසුස් සිටින තැන දැනගැනීමට අවශ්‍ය වුණේ යේසුස්ව මරා දැමීමටයි.—මතෙව් 2:1-8, 16.
හෙරොද් රජ වෙතට මඟ පෙන්වූ එම තාරකාවම බෙත්ලෙහෙමේ යේසුස් සිටි නිවසටද මඟ පෙන්වූවා.—මතෙව් 2:9, 10.
මේ ගැන සිතන්න. යේසුස්ගේ උපත එඬේරුන්ට දැනුම් දෙන්න දෙවි යොදාගත්තේ දේවදූතයෙක්. එසේනම් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට මඟ පෙන්වීමට ඔහු තාරකාවක් යොදාගනියිද? ඊට අමතරව එම තාරකාව දෙවිගෙන් ලද දෙයක් නම් යේසුස්ගේ සතුරෙක් වන හෙරොද් රජ වෙතට පළමුවෙන් මඟ පෙන්වයිද? ඒ අනුව මෙම තාරකාව දෙවිගේ විරුද්ධකාරයා වන සාතන්ගේ උපායක් බව අපට නිගමනය කළ හැකියි. (2 තෙසලෝනික 2:9, 10) මෙය දෙවිගෙන් නොවන දෙයක් ලෙස තිබියදීත් නවීන දින නත්තල් සැරසිලි අතර ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ මෙම තාරකාවයි.
(4) නත්තල් සීයා යනු කවරෙක්ද?
පොදු පිළිගැනීම: නත්තල් සමයේදී දරුවන්ට තෑගි දෙන්නේ නත්තල් සීයායි. ඔහු ජීවත් වන්නේ උත්තර ධෘවයෙයි. ලොව පුරා සිටින බොහෝ දරුවන් තමන්ට අවශ්‍ය තෑගි ඉල්ලා ඔහුට ලියුම් ලියනවා.
එහි ආරම්භය: “නත්තල් සීයා ගැන ඇති කතාවන් මනඃකල්පිතයි” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. බයිබලයේ නත්තල් සීයා ගැන කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඒ වගේම නත්තල් සීයා යේසුස්ටවත් ඔහුගේ උපතටවත් සම්බන්ධයි කියා ඉතිහාසයේ සඳහන් වන්නේත් නැහැ.—The Christmas Encyclopedia.
බයිබලයේ සඳහන් දෙය: “සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා අපි අපේ පවුලේ එෆීස 4:25) එමෙන්ම බයිබලයේ තවදුරටත් පවසන්නේ ‘සත්‍යයට ප්‍රිය කරන්න,’ ‘සිතින් සත්‍යය පවසන්න’ කියායි. (සෙකරියා 8:19; ගීතාවලිය 15:2) අනික් අතට නත්තල් දිනයේදී දරුවෙකුට තෑග්ගක් දීම හොඳ දෙයක් කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් හොඳ චේතනාවකින් වුණත් දරුවෙකුට බොරු කීම සුදුසුද? එසේ කිරීමෙන් සිදු වන්නේ යේසුස්ට ගෞරවයක් ගෙනෙනවා කියා පවසන උත්සවයකදී දරුවන්ව මුළා කිරීමයි.
අය සමඟත් සත්‍යය කතා කළ යුතුයි. ((5) නත්තල් සමයේදී තෑගි දීමේ චාරිත්‍රය දෙවි සලකන්නේ කෙසේද?
පොදු පිළිගැනීම: එකිනෙකාට තෑගි දීමට සහ කා බී විනෝද වීමට වෙන් කළ කාලයක්.
එහි ආරම්භය: පුරාණ රෝමවරුන් කෘෂිකර්මයට අධිපති දෙවි වෙනුවෙන් පැවැත්වූ උත්සවය දෙසැම්බර් 17වෙනිදා ආරම්භ වූ අතර එය අවසන් වූයේ දෙසැම්බර් 24වෙනිදායි. ඒ කාලයේදී ඔවුන් තෑගි හුවමාරු කරගත්තා. ඒ වගේම ඒ කාලය තුළ ඔවුන් වැඩි හරියක් කළේ කාලා බීලා විනෝද වීමයි. මෙය අවසන් වෙනවාත් සමඟම ජනවාරි 1වෙනිදාත් උත්සවයක් පැවැත්වූවා. එය දවස් තුනක් පුරා තිබුණා. මේ උත්සව දෙකම එක ළඟ තිබුණ නිසා ඒ මුළු කාලයම ඔවුන් සැලකුවේ විශාල මංගල්‍යයක් ලෙසයි.
බයිබලයේ සඳහන් දෙය: අපි සතුටින් සිටිනවාටත් අන් අය සමඟ දේවල් බෙදාගන්නවාටත් දෙවි කැමතියි. දෙවි පවසන්නේ ‘ධර්මිෂ්ඨ තැනැත්තෙනි, ප්‍රීතියෙන් පිනා යන්න, ප්‍රීති ඝෝෂා නඟන්න’ කියායි. (ගීතාවලිය 32:11) ඇත්තෙන්ම ත්‍යාගශීලී වීම සතුටට දායක වෙනවා. (හිතෝපදේශ 11:25) එමෙන්ම “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියාත් “දීමට පුරුදු වන්න” කියාත් යේසුස්ද පැවසුවා.—ක්‍රියා 20:35; ලූක් 6:38.
ඒ අනුව තෑගි දීම සතුටුදායක දෙයක්. නමුත් දිය යුතු නිසා හෝ චාරිත්‍රයක් ලෙස දීම සතුටට හේතු වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් බයිබලයේ හොඳ මඟ පෙන්වීමක් දී තිබෙනවා. “කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.” (2 කොරින්ති 9:7) අප එම මඟ පෙන්වීම අදාළ කරගන්නවා නම් දීම එක් දවසකට පමණක් සීමා කරගන්නේ නැහැ. දීමෙන් අපට සතුටක් මෙන්ම දෙවිගේ ආශීර්වාදයද ලබාගත හැකියි.
ව්‍යාජ ඉගැන්වීමක්
බයිබලය අධ්‍යයනය කිරීමෙන් අපට පැහැදිලි වන්නේ නත්තල හා සම්බන්ධ සියලුම චාරිත්‍ර ආරම්භ වී ඇත්තේ බොරු දේවලින් බවයි. ඒ අනුව බොරු ආරම්භයක් තිබෙන නත්තල පැවැත්වීම සුදුසු දෙයක් කියා, සත්‍යය අගය කරන ඔබ සිතනවාද? මෙම චාරිත්‍ර ක්‍රිස්තියානි මුහුණුවරක් ගත්තේ කෙසේද? බයිබලයේ සඳහන් වූ ආකාරයටම යේසුස් මිය ගොස් ශතවර්ෂ කිහිපයකට පසුව සමහර අය අසත්‍ය දේවල් උගන්වන්න පටන්ගත්තා. (2 තිමෝති 4:3, 4) ඔවුන්ගේ අරමුණ වුණේ සත්‍ය උගන්වනවා වෙනුවට කෙසේ හෝ වෙනත් ආගමිකයන්ව “නාමික ක්‍රිස්තියානීන්” කරගැනීමයි. ඒ නිසා ඔවුන් එම ආගම්වල තිබූ උත්සව ක්‍රිස්තියානි උත්සව බවට පත් කරගත්තා.
බොරු දේවල් උගන්වන අය ගැන බයිබලයේ මෙවැනි දෙයක් පවසනවා. “ඔවුහු, ඔබට වංචනික දේවල් පවසා ඔබෙන් අයුතු ප්‍රයෝජන ගන්නෝය. කෙසේවෙතත් පුරාණයේ සිට ඔවුන් සඳහා නියමිතව තිබෙන විනිශ්චය ප්‍රමාද වන්නේ නැත. ඔවුන්ට අනිවාර්යයෙන්ම විනාශය අත් වේ.” (2 පේතෘස් 2:1-3) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් ලෙස සලකන නිසා ඔවුන් වංචාවටවත් අසත්යයටවත් කැමති නැහැ. ඒ වගේම බයිබලයට පටහැනි චාරිත්‍ර ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. (2 තිමෝති 3:16) එසේ කිරීම ඔවුන්ගේ සතුටට බාධාවක්ද? කොහෙත්ම නැහැ. සත්‍යය දැනගැනීම නිසා ඔවුන් මහත් නිදහසක් අද්දකිනවා.
[පාදසටහන]
^ 8 ඡේ. පෙනෙන විදිහට යේසුස් ඉපදුණේ යුදෙව් දිනදර්ශනයට අනුව එතනිම් මාසයේදියි. අප භාවිත කරන දිනදර්ශනයට අනුව එය සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලයයි.
[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]
වපුරන දේ නෙළාගනියි
එක් කාලයකදී පල්ලිවල නායකයන්, වෙනත් ආගම්වලින් ඈඳාගත් සියලුම චාරිත්‍ර වාරිත්‍ර ඉවත් කිරීමට ඉමහත් වෙහෙසක් දැරුවා. නමුත් පසු කාලයේදී ඔවුන් වැඩි අවධානයක් දුන්නේ ජනයාව තම පල්ලිවලට ඇදගැනීමටයි. ඒ නිසා ටිකෙන් ටික මේ බොරු ඉගැන්වීම් සහ චාරිත්‍ර ඔවුන් පිළිගත්තා පමණක් නොව තම ආගමටත් ඇතුළත් කරගත්තා කියා එක් පොතක සඳහන් වුණා.—Christmas Customs and Traditions—Their History and Significance.
“කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගලාති 6:7) බොරු ඉගැන්වීම් පල්ලි තුළට ඒමට ඉඩ දුන් නිසා ඉන් නරක ප්‍රතිඵල ඇති වීම ගැන පුදුම විය යුතු නැහැ. නත්තල ඊට කදිම උදාහරණයක්. එදින යේසුස්ට ගරු කරනවා කියා පැවසුවත් ඇත්තටම සිදු වන්නේ අධික ලෙස මත්පැන් පානය, ණය වීම, දරුවන්ව රැවටීම හා පල්ලි යෑම වෙනුවට සාප්පු සවාරි යෑමයි. ඒ නිසා “අපවිත්‍ර දේවලට අත නොගසන්න” කියා දෙවි පැවසුවේ හොඳ හේතු ඇතුව බව පැහැදිලියි.—2 කොරින්ති 6:17.
[7වන පිටුවේ පින්තූර]
පුරාණ රෝමයේ තිබූ උත්සවවලදී මෙන් නත්තල් සමයේදීත් ජනයා කරන්නේ කා බී විනෝද වීම පමණයි
[හිමිකම් විස්තර]
© Mary Evans Picture Library