කොහෙ බැලුවත් මං දැක්කෙ අයුක්තිය
මම ඉපදුණේ 1965දී උතුරු අයර්ලන්තයේ ඩෙරී කියන ප්‍රාන්තයේ. අපි හරි දුප්පත්. ඒ කාලෙ කතෝලික රෙපරමාදු ගැටුම් තිබුණා. ඒ ගැටුම් අවුරුදු 30කට වඩා වැඩි කාලයක් තිබුණා. නීති හදලා තිබුණෙ රෙපරමාදු අයට වාසි වෙන විදිහට. ඒවා තදින්ම ක්‍රියාත්මක වුණා. රස්සාවක් හොයාගන්න ගියත් මොන දේ කරන්න ගියත් කතෝලිකයන්ට අසාධාරණයක් වුණා.
කොහෙ බැලුවත් මං දැක්කේ අයුක්තිය. ගණන් කරන්න බැරි වාර ගාණක් මං ගුටි කාලා ඇති. කාර් එකෙන් එළියට ඇදලා මට වෙඩි තියන්න හැදුව අවස්ථා, පොලීසියයි හමුදාවයි මගෙන් ප්‍රශ්න කරපු, මාව හොයපු අවස්ථා අනන්තයි. මට දැණුනෙ මං හැම පැත්තෙන්ම බැට කනවා කියලා. ‘එක්කො මේක දරාගන්නවා නැත්නම් මේකට විරුද්ධව සටන් කරනවා’ කියලා මං හිතුවා.
බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විරුද්ධව පෙළපාළි ගිය 14දෙනෙක්ව 1972දී බ්‍රිතාන්‍ය සෙබළුන් මරා දැම්මා. අයර්ලන්තය බ්‍රිතාන්‍ය පාලනයෙන් මුදවාගන්න 1981දී මාරාන්තික උපවාසයක යෙදුණු දහදෙනෙක් මැරුණා. මේ හැමදෙනාවම අනුස්මරණය කරන්න පවත්වපු පෙළපාළිවලට මාත් ගියා. ඒ දවස්වල උතුරු අයර්ලන්ත කොඩිය තහනම් කරලයි තිබුණෙ. ඒත් මම භය නැතුව ඒක එල්ලුවා. බ්‍රිතාන්‍යයට විරුද්ධව හැම තැනම සටන් පාඨ
ලිව්වා. කතෝලිකයන්ට පෙළපාළි යන්න හේතු වෙන විදිහේ අසාධාරණයක්, මිනී මැරුමක් හැමදාම වුණා. සාම පා ගමනින් පටන්ගත්ත පෙළපාළි කෙළවර වුණේ මහා කෝලහාලයකින්.විශ්වවිද්‍යාලයේදී පරිසර දූෂණයට විරුද්ධව කළ ශිෂ්‍ය ව්‍යාපාරවලටත් සහය දුන්නා. ඊටපස්සේ මං එංගලන්තෙට ගියා. දුප්පත් පංතිය සූරා කකා ධනවත් පංතියට වැඩි වරප්‍රසාද ලබා දෙන ප්‍රතිපත්තිවලට විරුද්ධව ගිය සමාජවාදී පෙළපාළිවලටත් හවුල් වුණා. වැටුප් කප්පාදුවට විරුද්ධ වුණ වෘත්තීය සංගම්වලටත් සහයෝගෙ දුන්නා. ඇඟ බද්දක් ගෙවන්න ඕනෙ කියලා දාපු නීතියට විරුද්ධව 1990දී ගිය පෙළපාළියට මාත් හවුල් වුණා.
අන්තිමට මට තේරුණා මං යන්නේ මිරිඟුවක් පස්සෙ කියලා. පෙළපාළි ගිහිල්ලා අපි ලබාගත්තු දෙයක් නෑ. වුණේ වෛරය වැඩි වෙන එක විතරයි.
සමහර අයට හොඳ චේතනා තිබ්බත් හැමෝටම එක වගේ සලකන්න එයාලට බැහැ
මේ කාලෙම වගේ මගෙ යාළුවෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මට මුණගැස්සුවා. අපි විඳින හැම දුකක්ම යෙහෝවා දෙවියන්ට දැනෙනවා කියලත් මිනිස්සු කරලා තියෙන හැම හානියක්ම දෙවියන් නැත්තටම නැති කරනවා කියලත් එයාලා බයිබලෙන් පෙන්නුවා. (යෙසායා 65:17; එළිදරව් 21:3, 4) සමහර අයට හොඳ චේතනා තිබ්බත් හැමෝටම එක වගේ සලකන්න එයාලට බැහැ. ඒකට දෙවියන්ගේ මඟ පෙන්වීම ඕනෙ. ඒ වගේම මේ ප්‍රශ්න පිටිපස්සෙ ඉන්න යක්ෂයා සහ භූතයන්ව පරාජය කරන්න දෙවියන්ගේ බලයත් අපිට ඕනෙ.—යෙරෙමියා 10:23; එෆීස 6:12.
මට දැන් තේරෙනවා අසාධාරණය වෙනුවෙන් සටන් කරන එක හරියට ගිලෙන නැවක පෙරළෙන මේස පුටු කෙළින් කරන්න හදනවා වගේ වැඩක් කියලා. අනාගතේදී දැන් තියෙන හැම අසාධාරණයක්ම නැතිවෙනවා විතරක් නෙමේ හැමෝම ජීවත් වෙන්න යන්නේ එක පවුලක් වගේ. ඒ ගැන දැනගත්තම මට දැනුණෙ ලොකු සහනයක්.
බයිබලේ කියන්නේ යෙහෝවා දෙවියන් “යුක්තියට ප්‍රිය” කෙනෙක් කියලා. (ගීතාවලිය 37:28) ඒ නිසා අපිට ස්ථිරයි, මිනිසුන්ගේ ආණ්ඩුවලට ඉටු කරන්න බැරි යුක්තිය දෙවියන්ට ඉටු කරන්න පුළුවන් කියලා. (දානියෙල් 2:44) ඔබත් කැමති නම් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔබේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමුවෙන්න. එහෙම නැත්නම් www.dan124.com/si වෙබ් අඩවියට පිවිසෙන්න.