Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

ස්පාඤ්ඤය

නවදෙනෙකුට මරු කැඳවමින් 2011 වසරේ ලෝකා නගරයේ සිදු වූ දරුණු භූමිකම්පාව ගැන විද්‍යාඥයන් පිරිසක් කියන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ඊට හේතු වී තිබෙන බවයි. භූමිකම්පාව සිදු වූ ප්‍රදේශය අසල භූගත ජලය වාරිමාර්ග කටයුතු සඳහා වැඩි වශයෙන් යොදාගැනීම මීට බලපාන්න ඇති බව ඔවුන් සිතනවා.

චීනය

2012දී චීනයේ ජනයා විදේශ සංචාර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 102ක් වැය කර තිබෙනවා. සාමාන්‍යයෙන් විදේශ සංචාර සඳහා වැඩිම මුදලක් වැය කරන රටවල් දෙකක් වන ජර්මනිය සහ ඇමරිකාව මෙවර වැය කර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84ක් සහ 83ක් බැගින්. චීනය අංක එකට පැමිණ තිබෙන්නේ මුල් වතාවටයි.—UN World Tourism Organization.

ජපානය

පුද්ගලයන් 68,000ක් පමණ යොදාගෙන අවුරුදු 23ක් පුරා කළ සමීක්ෂණයකට අනුව 1920ත් 1945ත් අතර ඉපදුණු කාන්තාවන් අතරින් අවුරුදු 20ක් වෙන්න කලින් දුම්පානය කර තිබූ අයගේ ආයු කාලය දුම්පානය නොකළ අයගේ ආයු කාලයට වඩා අවුරුදු 10කින් පමණ අඩු බවත් පුරුෂයන්ගේ ආයු කාලය අවුරුදු 8කින් අඩු බවත් සොයාගත්තා.

මොරිටානියාව

මුහුදේ හා ගොඩබිමේ වෙසෙන ජීවීන්ට හානිකර ප්ලාස්ටික් බෑග් ආනයනය, නිෂ්පාදනය සහ භාවිතය තහනම් කර තිබෙනවා. ඒ වෙනුවට පරිසරයට හිතකර බෑග් භාවිත කරන්න කියා රජයෙන් උනන්දු කරනවා.

ලොව වටා

කාලගුණික විපත් නිසා රක්ෂණ සමාගම්වලට වසරකට සිදු වන පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 50යි. ඒ අගය උද්ධමනයට අනුව සකස් කළත් 1980 සිට සිදු වන පාඩුව සෑම වසර 10කට වරක්ම දෙගුණයකින් වැඩි වී තිබෙනවා.