Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

ජාතිවාදය

ජාතිවාදය

සියලුම ජාතීන්ගේ ආරම්භය සිදු වුණේ කොහොමද?

“ආදම් තම බිරිඳට ඒව යන නම දුන්නේය. ඇය මතු ජීවත් වන සියලුදෙනාගේම මවය.”උත්පත්ති 3:20.

විද්වතුන් කියන්නේ මෙහෙමයි.

“සියලුම මිනිසුන් අයිති වෙන්නේ එක වර්ගයකටයි. හැමෝම පැවතෙන්නේ එක පුද්ගලයෙකුගෙන්” කියා යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කරනවා.—ජාතිය හා ජාතිකත්වය පදනම් කරගත් පූර්ව විනිශ්චය සඳහා වූ ප්‍රකාශය, 1978.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දෙවියන් පළමු මිනිස් යුවළ වන ආදම් සහ ඒවව නිර්මාණය කර ඔවුන්ට මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්පත්ති 1:28) ඒ නිසා සියලුම මිනිසුන්ගේ ආදිමව්පියන් වන්නේ ඔවුනුයි. පසු කාලකදී ජලගැල්මෙන් මුළු පොළොවම විනාශ වූ විට ඉතිරි වුණේ නෝවාත් ඔහුගේ බිරිඳත් පුතුන් තිදෙනාත් ඔවුන්ගේ භාර්යාවන් තිදෙනාත් පමණයි. බයිබලයේ කියන්නේ අපි සියලුදෙනාම පැවතෙන්නේ නෝවාගේ පුතුන්ගෙන් කියලයි.උත්පත්ති 9:18, 19.

එක් ජාතියක් තවත් ජාතියකට වඩා උසස්ද?

‘දෙවියන් එක මිනිසෙකුගෙන් සියලුම ජාතීන් බිහි කළා. ඒ වගේම ඔවුන්ගෙන් මුළු පොළෝතලයම ජනාවාස කළා.’ක්‍රියා 17:26.

සමහරු කියලා තියෙන්නේ මෙහෙමයි.

20වෙනි සියවසේ සිටි බොහෝදෙනෙක් ජාතිවාදී අදහස් දැරුවා. උදාහරණයකට ජර්මනියේ නාට්සිවරු කියා සිටියේ තම ජාතියට අනිත් ජාතීන්ට වඩා උසස් ජාන තියෙනවා කියලයි. ඔවුන් එහෙම කිව්වත් යුනෙස්කෝ සංවිධානයේ කලින් සඳහන් කළ ප්‍රකාශයේ මෙසේද සඳහන් වෙනවා. “හැමෝටම තියෙන්නේ එක ආරම්භයක් නිසා එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් වෙන්න බැහැ.”

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.” (ක්‍රියා 10:34, 35) ඒ නිසා තමන්ගේ ජාතිය වෙනත් ජාතියකට වඩා උසස් කියා කියන්න කිසිම කෙනෙකුට පදනමක් නැහැ.

“ඔබ සියලුදෙනාම සහෝදරයෝ” කියා යේසුස් කියූ දෙයින් ක්‍රිස්තියානීන්ට තිබිය යුතු ආකල්පය පැහැදිලි වෙනවා. (මතෙව් 23:8) තම අනුගාමියන්ට ‘එකඟතාවකින්’ කටයුතු කරන්න හැකියාව ලබා දෙන්න කියාත් යේසුස් යාච්ඤා කළා.යොහන් 17:20-23; 1 කොරින්ති 1:10.

කවදා හෝ ජාතිවාදය නැති වෙයිද?

“අවසාන කාලයේදී, යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටි කන්ද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවනු ලබන්නේය. . . . ඒ කාලයේදී සියලු ජාතීහු වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය.”යෙසායා 2:2.

සමහරු හිතන්නේ මෙහෙමයි.

බොහෝ අය අතර ජාතිවාදී හැඟීම් අදටත් තියෙන නිසා කවදාවත් මේ ප්‍රශ්නය විසඳෙන එකක් නැහැ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ජාතීන් අතර තිබෙන වෛරය දෙවියන් සදහටම පවතින්න ඉඩ හරින්නේ නැහැ. ඔහුගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී ‘සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන අයද’ එකමුතුව එකිනෙකාට ප්‍රේම කරමින් දෙවියන්ට සේවය කරයි. (එළිදරව් 7:9) දෙවිගේ රාජ්‍යය කියන්නේ කෙනෙක්ගේ සිත තුළ තිබෙන සිතුවිල්ලක් නොවෙයි. එය ඉදිරියේදී පොළොව පාලනය කරන සැබෑ ආණ්ඩුවක්. ඒ පාලනය යටතේ දෙවියන් මුලින් අරමුණු කළ විදිහටම මේ පොළොවේ සියලුම මිනිසුන් එක පවුලක් ලෙස එකට ජීවත් වන බව ස්ථිරයි. *

^ 15 ඡේ. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.