Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

එක්සත් ජනපදය

2012 වසර තුළදී මොන යම් හෝ අවස්ථාවක “තම පවුලේ අයට ප්‍රමාණවත් ආහාර මිල දී ගන්න හෝ සපයන්න හැකියාවක් තියෙයිද කියලා මිනිසුන් මිලියන 49ක් පමණ දෙගිඩියාවෙන් පසු වූ බව” කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවල වාර්තා වෙනවා.

ස්පාඤ්ඤය

විශ්වවිද්‍යාල සිසුන් ගැන කළ අධ්‍යයනයකදී හෙළි වුණේ සිසුවියන්ගෙන් සියයට 56ක් මත්පැන් මිලිලීටර් 60ක් සහ සිසුන්ගෙන් සියයට 41ක් අඩුම තරමේ මත්පැන් මිලිලීටර් 80ක් එක වතාවකට පානය කරන්න තරම් බීමට ඇබ්බැහි වී සිටින බවයි.

පැසිෆික් සාගරය

දැඩි අඳුරක්, අධික පීඩනයක් සහ අධික සීතලක් තියෙන මරියානා ආගාධයේ අඩි 36,000ක ගැඹුරකින් ලබාගත් සාම්පලවලින් එහි බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන් බහුලව ජීවත් වන බව විද්‍යාඥයන් සොයාගත්තා. කලින් ඔවුන් සිතුවේ එවැනි ගැඹුරු ස්ථානයක ජීවීන් වර්ධනය විය නොහැකියි කියායි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

තරබාරුකම වැළැක්වීම සඳහා එහි වැසියන් තම බර ප්‍රමාණයෙන් අඩු කරගන්නා හැම කිලෝග්‍රෑම් 1කටම රත්තරන් ග්‍රෑම් 1ක් ලබා දීමට බලධාරීන් සැලසුම් කළා. ඒ සඳහා ජනයා ලියාපදිංචි විය යුතු වූ අතර අඩුම තරමින් බර කිලෝග්‍රෑම් 2ක්වත් රාමසාන් සමයේදී අඩු කරගත යුතු වුණා.