හොඳ උපදෙස් ලබාගත හැක්කේ කොතැනින්ද?
හොඳ උපදෙස් ලබාගත හැක්කේ කොතැනින්ද?
“උපදෙස් ලබා දීම” දැන් වසරකට බිලියන ගණන් උපයන ව්‍යාපාරයක් බවට පත් වී ඇත. ජනයාට උපකාරය අවශ්‍යයි. මනෝ වෛද්‍ය විශේෂඥ හයින්ට්ස් ලේමාන් මෙසේ පවසයි: “[අද සමාජයේ] අධ්‍යාපනික හා සමාජීය මට්ටමේ පහත වැටීමක් දකින්න තිබෙනවා. ආගමික සාරධර්මත් පිරිහී තිබෙනවා. පවුල් බිඳ වැටෙනවා . . . , මේ නිසා මිනිස්සු ඉන්නේ හරියට මඩේ එරුණ ගානටයි.” “මානසික, ආත්මික හා ශාරීරික ගැටලු සම්බන්ධයෙන් උපකාරය පතා ගෝත්‍රික යකැදුරන්, සභා නායකයන් හෝ පවුලේ වෛද්‍යවරුන් කරා ගිය අය, දැන් පෞද්ගලික සුභසාධනය සඳහා ප්‍රායෝගික උපදෙස් සපයන පොත් පත් සොයා” යන බව කර්තෘ එරික් මයිසල් පවසයි.
උපදෙස් සපයන, හතු මෙන් පිපෙන මෙම ව්‍යාපාරය පිළිබඳව සෝදිසි කර බැලීමට අමෙරිකානු මනෝ වෛද්‍ය සංගමය විසින් සමීක්ෂණ මණ්ඩලයක් යොදවන ලදි. “උපදෙස් මගින් පුද්ගලයන්ට තමන්වත්, අන්‍යයන්වත් තේරුම්ගැනීම සඳහා උපකාර කිරීමට පුළුල් හැකියාවක් තිබුණත්, . . . මෙම උපදෙස් වැඩසටහන් විකුණාගැනීමට කියන දේවල් ගැන සලකා බලන විට, ඒවායෙහි සාමාන්‍යයෙන් අදහාගත නොහැකි විසඳුම් සහ පොරොන්දු ඉදිරිපත් වන” බව ඔවුහු පැවසූහ. ටොරොන්ටෝ ස්ටාර් පුවත්පතේ ලේඛකයෙක් මෙසේ පවසයි: “ආගමික හා ආත්මික උපදෙස් දෙනවා කියා කියන අය ගැන පරෙස්සම් වන්න. . . . ප්‍රායෝගික උපදෙස් සපයන පොත්, ටේප් පට හෝ දේශන සමහරක දෙන පොරොන්දු අදහාගන්න බැරි තරම්ය. අවම උත්සාහයකින්, අවම කාලයකින් හෝ ස්ව-හික්මවීමකින් තොරව උපරිම ප්‍රතිඵල ලැබෙන බවට කියන මෙවැනි දේවලින් විශේෂයෙන්ම ආරක්ෂා විය යුතුය.” අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට අවංකවම වෑයමක් දරන බොහෝදෙනෙකු සිටින බව සැබෑවකි. එසේවුවත්, ජනයාගේ තනිකමට හා ඔවුන් විඳින වේදනාවට සැබෑ උපකාරය හෝ විසඳුම් ඉදිරිපත් නොකර මුදල් හම්බ කිරීමට මාන බලන, ප්‍රතිපත්තියක් නැති පුද්ගලයන් ගණනාවක්ද සිටීම කනගාටුවට කරුණකි.
මේ සම්බන්ධයෙන් සලකා බලන විට, විශ්වාසය තබා උපකාර ලැබිය හැකි ප්‍රධාන උල්පත කුමක්ද? ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක වන ප්‍රායෝගික උපදෙස් ලබාගත හැක්කේ කොතැනින්ද?
නොවරදින උපදෙස්වල උල්පත
දහනවවන සියවසේ අමෙරිකානු දේශකයෙකු වූ හෙන්රි වෝඩ් බීචර් මෙසේ පැවසීය: “මූදුබත් නොවී නැව නියම දිශාවට ගෙන යෑමට, වරාය තිබෙන ස්ථානය නිශ්චය කරගැනීමට මෙන්ම ගල් පර හෝ වැලි කණ්ඩිවල නොහැපී ඒ කරා ළඟාවීමට සිතියමක් අවශ්‍ය වන්නාක් මෙන්ම, ඔබේ ජීවිතයට මඟ පෙන්වීම සඳහා දෙවිගේ සිතියම වන බයිබලය අවශ්‍යයි.” තවත් මනුෂ්‍යයෙකු බයිබලය ගැන පැවසුවේ මෙලෙසය: “ශුද්ධ ලියවිලි කවදාවත් යල් පනින්නේ නැහැ. අප වයසින් මුහුකුරා යද්දී එය අපේ දැනුම පුළුල් කරනවා.” ඔබ මේ උල්පත කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුත්තේ මන්ද?
බයිබලය එය ගැනම මෙසේ පවසයි: “[දෙවිගේ] මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.” (2 තිමෝති 3:16) බයිබලයේ අඩංගු දේවල මූලාරම්භය ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවිය. (ගීතාවලිය 36:9) අපේ සැකැස්ම ගැන හොඳින් දන්නා ඔහු ගීතාවලිය හි අපට මෙසේ සිහිගන්වයි: ‘ඔහු අපේ ස්වභාවය දන්නේය; අප ධූලි බව ඔහු සිහි කරන්නේය.’ එබැවින්, බයිබලයේ වටිනාකම කෙරෙහි අපට පූර්ණ නිසැකකමක් තබාගත හැක. 103:14
ඇත්තවශයෙන්ම, ඔබ මුහුණ දිය හැකි කවර තත්වයකදී වුවත් ප්‍රයෝජනදායක ලෙස අදාළ කරගත හැකි ප්‍රතිපත්ති හා උපදෙස් ගණනාවක් බයිබලයේ අඩංගුය. එහි දෙවි අපට මෙසේ පවසයි: “මාර්ගය මේය. ජනයෙනි, මෙහි ගමන් කරන්න.” (යෙසායා 30:21, NW) අදදින සිටින්නන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඇත්තෙන්ම බයිබලයට හැකිද? අපි බලමු.
බයිබලය අපේ අවශ්‍යතා සපුරාලයි . . .
කාන්සාවන්ට මුහුණ දෙන විට. ‘නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත.’ (පිලිප්පි 4:6, 7) ආර්ථික අමාරුකම්, ලිංගික අතවර හා වාචික පහර දීම් හෝ ප්‍රේමනීයයෙකු මියයෑම නිසා චිත්තවේගීය කාන්සාවන් අද්දකින විට යාච්ඤාවෙන් පිහිටක් ලැබී ඇති බව ඔප්පු වී ඇද්ද? මතු අද්දැකීම සලකා බලන්න.
තම දියණිය ලිංගික අතවරයට ලක් වූ බව දැනගැනීමෙන් පසු ජැකී මෙසේ පවසන්නීය: “තමන්ගේ දරුවාව ආරක්ෂා කරගන්න බැරිවීම නිසා ඇති වෙන වරදකාරිබවේ හැඟීම කොයිතරම්ද කියලා වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. අමිහිරි හා නුරුස්නා හැඟීම් වගේම කේන්තියත් පාලනය කරගන්න මට සිද්ධ වුණා. මේ හැඟීම් නිසා මගේ ජීවිතය විනාශ වේගන යන්න පටන්ගෙන තිබුණා. මගේ හෘදය ආරක්ෂා කරගන්න මට යෙහෝවාගේ පිහිට අවශ්‍ය වුණා.” පිලිප්පි 4:6, 7 නැවත නැවතත් කියවා එහි අවවාදය අදාළ කරගැනීමට ඈ සෑහෙන වෑයමක් දැරුවාය. “වරද සහිතබවේ හැඟීම්වලින් මාව විනාශ වෙලා යන්න ඉඩහරින්න එපා කියලා මම හැමදාකම යාච්ඤා කළා. ප්‍රතිඵලයක් හැටියට නිශ්චල, ප්‍රීතිමත් හෘදයක් ඇති කරගන්න යෙහෝවා මට උපකාර කරලා තියෙනවා. ඇත්තෙන්ම මා තුළ සාමකාමී හැඟීමක් ඇති වෙලා තියෙනවා” කියා ජැකී විස්තර කරයි.
පාලනය කිරීමට හෝ විසඳීමට නොහැකි තත්වයක් හේතුවෙන් ඇති වන චිත්තවේගීය කාන්සාවන් ඔබත් අද්දැකිය හැක. යාච්ඤා කිරීමට දී ඇති බයිබල් අවවාදය අනුගමනය කිරීමෙන් ඔබට එම තත්වයට හොඳින් මුහුණ දීමට හැකි වේ. ගීතිකාකරු අපට මෙම වචනවලින් දිරිගන්වයි: ‘ඔබගේ මාර්ගය යෙහෝවාට භාර දෙව; ඔහු කෙරෙහි විශ්වාසයද තබව, ඔහු එය ඉෂ්ට කරයි.’—ගීතාවලිය 37:5.
දිරිගැන්වීම සඳහා. ගීතිකාකරු තම අගය මෙසේ ප්‍රකාශ කළේය: “[යෙහෝවා] ඔබගේ ගෘහ වාසයටත් ඔබගේ තේජස පිහිටි ස්ථානයටත් ප්‍රේමකරමි. මගේ පය සමබිමෙක්හි පිහිටා තිබේ. සභාවලදී [යෙහෝවාට] ප්‍රශංසාකරන්නෙමි.” (ගීතාවලිය 26:8, 12) යෙහෝවාට නමස්කාර කිරීම සඳහා නිතිපතා එක්රැස් වීමට බයිබලයෙහි අපට උනන්දු කර තිබේ. එම ඇසුරෙන් දිරිගැන්වීම සඳහා වූ ඔබේ අවශ්‍යතා සපුරාගත හැක්කේ කෙසේද? වෙනත් අය දිරිගැන්වීම ලබාගෙන තිබෙන්නේ කෙසේද?
බෙකී මෙසේ විස්තර කරයි: “මගේ දෙමාපියන් යෙහෝවාට සේවය කරන්නේ නැති නිසා, ඔහුට සේවය කරන්න මොනවාහරි දෙයක් කරන්න මම උත්සාහ කරන හැම අවස්ථාවකම ඔවුන් මට විරුද්ධ වෙනවා. රැස්වීම්වලට යන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා.” බෙකීට හැඟෙන්නේ, නිතිපතා රැස්වීම්වලට යන්න ඇය වෙහෙසක් දරන නිසා ඇයට ආශීර්වාද බොහොමයක් ලැබී තිබෙන බවය. “රැස්වීම්වලින් මගේ ඇදහිල්ල ශක්තිමත් වන නිසා ශිෂ්‍යාවක්, දියණියක් මෙන්ම යෙහෝවාගේ සේවිකාවක් වශයෙන් එදිනෙදා මුහුණ දෙන පීඩා හමුවේ නොසැලී ඉන්න මට පුළුවන්. රාජ්‍ය ශාලාවේ ඉන්න අය පාසැලේ ශිෂ්‍යයන්ට වඩා හුඟක් වෙනස්! ඔවුන් සැලකිලිමත් වගේම උපකාර දෙන අයයි. අපි අතර ඇති වන කතා බහ හැමවිටම දිරිගන්වනසුලුයි. ඒගොල්ලො තමයි නියම යාළුවො.”
ඔව්, නිතිපතා එකට රැස් වෙන්න කියා දී ඇති බයිබල් උපදේශය අනුගමනය කරනවා නම්, දිරිගැන්වීම ලැබීමට අපට ඇති අවශ්‍යතාව යෙහෝවා සපුරාලනු ඇත. ගීතිකාකරුගේ මෙම වචනවල සත්‍යතාව අප අද්දකින්නේ එවිටය: “[දෙවි] අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.”—ගීතාවලිය 46:1.
සෑහීම ගෙන දෙන, ඵලදායී වැඩ සඳහා. “[ස්වාමීන්] කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම [ස්වාමීන්ගේ] මෙහෙයෙහි වඩ වඩා පවතිව්” කියා බයිබලයේ අවවාද කරයි. (1 කොරින්ති 15:58) ‘ස්වාමීන්ගේ මෙහෙය’ ඇත්තෙන්ම සෑහීම ගෙන දෙන්නක්ද? ක්‍රිස්තියානි දේවසේවයෙන් යම් ඵලදායී කාර්යයක් ඉටු වේද?
අමේල්යා, තමාට හැඟෙන ආකාරය මෙසේ විස්තර
කරයි: “එක යුවළක් වෙන් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී, මම ඒගොල්ලන් එක්ක බයිබලය පාඩම් කළා. තම දියණිය දරුණු ලෙස ඝාතනයට ලක්වීම අද්දුටු ස්ත්‍රියකටත් මම උපකාර කළා. එම ස්ත්‍රිය මළවුන්ගේ තත්වය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තිබුණේ නැති නිසා ඇය හුඟක් වේදනාවෙනුයි හිටියේ. මේ අවස්ථා දෙකේදීම, බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ඔවුන්ගේ ජීවිතවලට සාමය වගේම බලාපොරොත්තුවකුත් ලැබුණා. ඔවුන්ට උපකාර කිරීමට මටත් යමක් කරන්න පුළුවන් වුණ නිසා මට ලොකු ප්‍රීතියක් දැනෙනවා. ඒ වගේම මම සෑහීමකුත් ලබනවා.” ස්කොට් මෙසේ පවසයි: “ඔබ ක්ෂේත්‍ර සේවයේදී හොඳ අද්දැකීමක් ලැබුවා නම්, ඔබට අලුත් බයිබල් පාඩමක් පටන්ගන්න පුළුවන් වුණා නම් හෝ අවිධිමත් ලෙස සාක්ෂි දැරීමෙන් යම් සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් වුණා නම්, අවුරුදු ගණනාවක්ම ඔබ ඒ ගැන කතා කරයි. මතකයට නැඟෙන හැම අවස්ථාවකදීම එම හැඟීම්ම, එම ප්‍රීතියම අද්දකියි! ලොකුම සතුට හා සදාකාලික ප්‍රීතිය ලැබෙන්නේ දේවසේවයෙනුයි.”ක්‍රියාශීලී දේවසේවකයන් වීම සඳහා බයිබලයේ දී ඇති උපදෙස් පිළිපැදීමෙන්, සෑහීම ගෙන දෙන මෙන්ම ඵලදායී සේවයක් කිරීම සඳහා මෙම පුද්ගලයන්ට තිබූ අවශ්‍යතාව සපුරාගෙන තිබෙන බව පැහැදිලියි. දෙවිගේ මාර්ග හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අන්‍යයන්ව දැනුවත් කිරීමේ මෙම වැඩයෙහි හවුල් වීමට ඔබටත් ආරාධනාව විවෘතය. ප්‍රයෝජන ලබාගැනීමට ඔබටත් ඉන් මඟ පෑදෙනවා ඇත.—යෙසායා 48:17; මතෙව් 28:19, 20.
දෙවිගේ වචනයෙන් ප්‍රයෝජන ලැබීම
බයිබලය, අදදින ලෝකයේ ක්‍රියාත්මක කළ හැකි උපදෙස් සපයන විශ්වාසනීය උල්පතක් බවට සැකයක් නැත. එයින් ප්‍රයෝජන ලැබීමට අපි නිරතුරුවම වෑයම් කළ යුතුය. අප නිතිපතා එය කියවීම, අධ්‍යයනය කිරීම හා මෙනෙහි කිරීම අවශ්‍යයි. පාවුල් මෙසේ අවවාද කළේය: “නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටින්න.” (1 තිමෝති 4:15; ද්විතීය කථාව 11:18-21) බයිබලයේ පවසා තිබෙන ලෙස දෙවිගේ උපදෙස් අදාළ කරගැනීමට ඔබ වෑයම් කරනවා නම්, ඔබ සාර්ථක වනු ඇති බවට දෙවි සහතික කරයි. ඔහු මෙසේ පොරොන්දු වෙයි: “ඔබේ මුළු හදින් යෙහෝවා තුළ විශ්වාසය තබන්න. . . . ඔබේ සියලු මාර්ගවලදී ඔහු සලකන්න. එවිට ඔහු ඔබේ මාවත් සමතලා කරනවා ඇත.”—හිතෝපදේශ 3:5, 6, NW.
[31වන පිටුවේ පින්තූර]
බයිබල් උපදෙස් පිළිපැදීමෙන් ජීවිතය සෑහීම ගෙන දෙන, සාර්ථක එකක් වේ