දෙවිගේ වචනය පිළිපදින්නෝ සන්තෝෂය අද්දකිති
දෙවිගේ වචනය පිළිපදින්නෝ සන්තෝෂය අද්දකිති
“මේ සමුළුව රාජ්‍ය කටයුතු තව තවත් ඉදිරියට ගෙන යෑම සඳහා අපව සූදානම් කිරීමේ අරමුණින් යෙහෝවා පිළියෙළ කර තිබෙන තවත් සැපයුමක්” කියා “දෙවිගේ වචනය පිළිපදින්නෝ” යන තේමාවෙන් යුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවේදී කථිකයෙක් මුලින්ම සඳහන් කළේය. “අප සමුළුවට පැමිණ සිටින්නේ ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය උපදෙස් ලබාගන්න, යෙහෝවාගේ සංවිධානයට සමීපව සිටීම සඳහා දිරිගැන්වීමක් ලබන්න, රාජ්‍ය කටයුතුවල අපේ ජ්වලිතය දිගටම පවත්වාගැනීම සඳහා පෙලඹීමක් ඇති කරගන්න සහ දිගටම අවදිව සිටීමේ අවශ්‍යතාව මතක් කරගන්නයි” කියා ඔහු තවදුරටත් පැවසුවේය.
වසර 2000 මැයි මස අග භාගයේ සිට දෙවිගේ වචනය පිළිපදින්නන් මිලියන ගණනක් සහ ඔවුන්ගේ මිතුරන් ඉතා වැදගත් බයිබල් අධ්‍යාපනයක් ලැබීමට ලොව පුරා ස්ථාන දහස් ගණනක එක්රැස් විය. එම තෙදින සමුළුවෙන් ඔවුන් ඉගෙනගත්තේ කුමක්ද?
පළමු දිනය—යෙහෝවාගේ ක්‍රියා සියල්ල සිහි නැති නොකරන්න
ආරම්භක කතාවේදී සභාපති ශ්‍රාවක පිරිසට ආරාධනා කළේ සමුළුවලට පැමිණ යෙහෝවාට නමස්කාර කිරීමෙහි හවුල් වීමෙන් ආශීර්වාද ලබාගන්නා ලෙසය. මෙම වැඩසටහන මගින් පැමිණ සිටින සියල්ලන්ගේ ඇදහිල්ල වර්ධනය වන බවටත් යෙහෝවා සමඟ ඇති ඔවුන්ගේ සම්බන්ධතාවය ශක්තිමත් වන බවටත් ඔහු සහතික කළේය.
අප එකිනෙකාගේ සන්තෝෂයට අවශ්‍ය වන්නේ කුමක්ද කියා “සන්තෝෂවත් දෙවි” දන්නේය. (1 තිමෝති 1:11, NW) “දෙවිගේ කැමැත්ත කිරීම සන්තෝෂයට දායක වේ” යන කතාව මගින් යෙහෝවාගේ වචනය වන බයිබලයෙහි ජීවිතය සඳහා හොඳම මඟ පෙන්වා දී තිබෙන බව පැහැදිලි කළේය. (යොහන් 13:17) විවිධ පීඩා යටතේදී පවා දෙවිගේ කැමැත්ත කිරීමෙන් අපේ ජීවිතවලට අර්ථාන්විත බවක් ලැබෙන ආකාරය, බොහෝ කාලයක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සිටින අය සමඟ කළ සම්මුඛ සාකච්ඡා මගින් පෙන්වා දුණි. “යෙහෝවාගේ යහපත්කම ගැන ප්‍රීතියෙන් ඉපිල යන්න” නමැති මාතෘකාවෙන් යුත් ඊළඟ කතාවේදී ‘දෙවි අනුව යන්නන්’ වශයෙන් ක්‍රිස්තියානීන් “සියලු ආකාර යහපත්කම” තමුන්ගේ ජීවිත තුළ විදහාපෙන්විය යුතු ආකාරය අවධාරණය කළේය. (එපීස 5:1, 9) මෙය පෙන්විය හැකි එක් කැපීපෙනෙන ක්‍රමයක් නම් ශුභාරංචිය දේශනා කිරීම සහ ගෝලයන් සෑදීමයි.—ගීතාවලිය 145:7.
“අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ස්ථිරව සිටින්න” යන මාතෘකාවෙන් යුත් සාකච්ඡාවේදී, ශක්තිමත් ඇදහිල්ලක් තිබීම අදෘශ්‍යමාන දෙවිව ‘දැකීමට’ උපකාර කරන්නේ කෙසේද කියා පෙන්වීය. ආත්මික දේවලට නැඹුරුවාවක් දක්වන අය දෙවිගේ ගුණාංග ඇතුළුව අප සිතන දේ පවා දැනගැනීමට දෙවිට ඇති හැකියාව තේරුම්ගන්නා ආකාරය එම කතාවේදී පැහැදිලි කළේය. (හිතෝපදේශ 5:21) ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනැඟීමට තමන් ගනු ලැබූ පියවර සහ ආත්මික කාරණාවලට තම ජීවිතයේ පළමු තැන දුන් ආකාරය සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූ අය පැහැදිලි කළෝය.
“පුදුම ක්‍රියා කරන යෙහෝවාට ප්‍රශංසා කරන්න” යන මාතෘකාවෙන් යුත් මූලික ඇමතුම සමඟින් උදෑසන සැසිවාරය අවසන් විය. යෙහෝවා පිළිබඳව තව තවත් ඉගෙනගන්නා විට පුදුම ක්‍රියා කරන්නෙකු හැටියට වැඩියෙන් ඔහුව අගය කරන්න අපට හේතු රාශියක් තිබෙන බව තේරුම්ගැනීමට
එම කතාව තුළින් ශ්‍රාවකයන්ට උපකාර කළේය. “දෙවිගේ මැවිල්ලේ පුදුම ක්‍රියා හා අද දෙවි අපි වෙනුවෙන් කරමින් සිටින මවිතකර දේවල් ගැන කල්පනා කරද්දී හදපත්ලෙන්ම අපි තුළ ඇති වන අගය නිසා ඔහුට ප්‍රශංසා කරන්න අපි පෙලඹෙනවා. පුරාණ කාලයේදී දෙවි ඔහුගේ සෙනඟ වෙනුවෙන් ඔහු කළ ආශ්චර්යන් ගැන අපි මෙනෙහි කරද්දී, ඔහුට ප්‍රශංසා කරන්න අප තුළ හෘදයාංගම ආශාවක් ඇති වෙනවා. යෙහෝවා ඉදිරියේදී කරන බවට පොරොන්දු වී තිබෙන පුදුම ක්‍රියා ගැන අපි සිහිපත් කරද්දී, ඔහුව අගය කළ හැක්කේ කොයි ආකාරවලින්ද” කියා අපි සොයා බැලීමට පෙලඹෙන බව කථිකයා විසින් සඳහන් කරන ලදි.“යහපත්කම් කිරීමට මැළි නොවෙමු” යන මාතෘකාවෙන් යුත් කතාවෙන් දිවා සැසිවාරය ආරම්භ විය. අද ලෝකයේ දක්නට ලැබෙන පීඩනවලින් කියාපාන්නේ අවසානය ළඟ බවය යන්න මෙහිදි සියලුම ශ්‍රාවකයන්ට සිහිගැන්වීය. (2 තිමෝති 3:1) අත් නොහැර සේවය කිරීම මගින් අපි ‘ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහිල්ලට අයිති වූවන්’ බව ඔප්පු කරමු.—හෙබ්‍රෙව් 10:39.
පවුල් ජීවිතය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් කවර උපදෙස් සබයට දෙනු ලැබුවාද? “දෙවිගේ වචනයට කීකරු වන්න” යන මාතෘකාව යටතේ සමුළුවේ පළවෙනි කතා මාලාව ආරම්භ වූ අතර එහි පළවෙනි කතාව වූයේ ‘විවාහ කලත්‍රයෙක් තෝරාගැනීම’ යන්නයි. විවාහ කලත්‍රයෙක් තේරීම, මනුෂ්‍යයෙක් විසින් ගනු ලබන වැදගත්ම තීරණ අතරින් එකකි. මේ නිසා, ක්‍රිස්තියානීන් විවාහ වීමට නිසි වයස පැමිණෙන තෙක් බලා සිටින බවත් ඔවුන් විවාහ විය යුත්තේ ‘ස්වාමීන් තුළ පමණක්’ බවත් එම කතාවේදී පෙන්වීය. (1 කොරින්ති 7:39) සෑම පවුලක්ම ශක්තිමත් පවුල් ඒකකයක් වශයෙන් සාර්ථක වනවා දැකීමට යෙහෝවා කැමති බව ඊළඟ කතාවේදී සාකච්ඡා කෙරෙනු අතර එය අත් කරගැනීම සඳහා යොදාගත හැකි ප්‍රායෝගික ක්‍රම පෙන්වා දෙනු ලැබීය. අවසාන අංගය ලෙස දෙවිට ප්‍රේම කිරීමට දරුවන්ට ඉගැන්වීමට නම් පළමුකොට දෙමාපියන් තුළ දෙවි සඳහා ප්‍රේමයක් තිබිය යුතුයි කියා දෙමාපියන්ට සිහිගැන්වීය.
“කට කතා සහ ඕපාදූප ගැන පරෙස්සම් වන්න” යන කතාවේදී පුදුම සහගත දේවල් සහ කලබලයට පත් කරවන දේවල් අසන්න ලැබුණත් අප ඒවා පිළිගන්න ඉක්මන් වෙනවා වෙනුවට ප්‍රඥාවන්තව ක්‍රියා කළ යුතුයි කියා පෙන්වා දුන්නේය. සත්‍යය දෙයක් වශයෙන් ක්‍රිස්තියානීන් පිළිගන්නා රාජ්‍යයේ ශුභාරංචිය පිළිබඳව අන් අයට සාක්ෂි දැරීමට ඔවුන්ට හැක. ඊළඟ කතාව වූයේ “‘මාංසයේ උලක්’ සමඟ කටයුතු කිරීම” යන්නයි. එම කතාව ඉතා ගොඩනංවනසුලු සහ සැනසිලිදායක එකක් කියා බොහෝදෙනෙක්ට හැඟී ගියහ. අප මුහුණ දෙන ගැටලුව කුමක් වුවත් යෙහෝවාට ඔහුගේ ශුද්ධාත්මය, ඔහුගේ වචනය සහ අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වය මගින් අපව ශක්තිමත් කිරීමට හැකි බව එම කතාව තුළින් පෙන්වා දෙනු ලැබීය. මේ හා සම්බන්ධ ප්‍රේරිත පාවුල්ගේ පෞද්ගලික අද්දැකීම් මගින් අප මහත් දිරිගැන්වීමක් ලැබීය.—2 කොරින්ති 12:7-10; පිලිප්පි 4:11, 13.
“යෙහෝවාගේ සංවිධානය සමඟම ගමන් කිරීම” යන කතාව සමඟින් පළමු දින සමුළු වැඩසටහන අවසන් විය. දෙවිගේ සංවිධානය හෙබ්‍රෙව් 3:15) එයට පිළිතුර සක් සුදක් සේ පැහැදිලිය. පසුව, එම කතාව අවසානයේදී දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්! යන මාතෘකාවෙන් යුත් නව විවරණිකාව මුදාහැරීය. එම විවරණිකාව අඩු අධ්‍යාපනයක් ලබා ඇති අයට හෝ කියවීමේ දුර්වලතා ඇති අයට යෙහෝවා ගැන ඉගෙනගැනීමට වටිනා මෙවලමක් වන බව නිසැකයි.
ඉදිරියට යන්නාවූ විශේෂ ක්ෂේත්‍ර තුනක් පිළිබඳව සලකා බලන ලදි. (1) යෙහෝවාගෙන් ලැබෙන්නාවූ ආත්මික ආලෝකය පිළිබඳ අවබෝධය වැඩිවීම, (2) දෙවි විසින් අපට විශ්වාසයෙන් යුතුව බාර දී තිබෙන දේවසේවය සහ (3) සංවිධානාත්මක ක්‍රියා පටිපාටියෙහි සිදු කර තිබෙන කාලෝචිත වෙනස්කම්, එම ක්ෂේත්‍ර 3යි. ඉන් පසු කථිකයා ස්ථිර ලෙස මෙසේ ප්‍රකාශ කළේය. “ඉදිරියේදී සිදු වෙන්න යන දේවල් දිහා අපි මහත් උනන්දුවෙන් බලා සිටිනවා.” ඊළඟට ඔහු මෙසේ ඇසීය. “අපිට මුලින්ම තිබුණු නිසැකකම අන්තිමය දක්වා ඒ විදිහටම තබාගන්න අපිට තිබෙන හේතු ගැන පුංචි සැකයක්වත් තියෙන්න පුළුවන්ද?” (දෙවන දිනය—දෙවිගේ පුදුම ක්‍රියා අඛණ්ඩව ප්‍රකාශ කරන්න
එදිනට නියමිත දිනපදය සාකච්ඡා කිරීමෙන් අනතුරුව “දෙවිගේ වචනය දරන්නෝ” යන කතා මාලාව සමඟින් සමුළුවේ දෙවෙනි දින ආරම්භ විය. එහි පළමු අංගයේදී වර්තමානයේ ලොව පුරා සිදු වන දේශනා සේවයේ සාර්ථකත්වය කෙරෙහි අවධානය යොමු කළේය. බොහෝදෙනෙකු රාජ්‍ය පණිවිඩය ප්‍රතික්ෂේප කරන හෙයින් මෙම සේවයේදී විඳදරාගැනීම අභියෝගයක් විය හැකියි. උදාසීනකම හෝ ප්‍රතික්ෂේප කිරීම් හමුවේ තමන්ගේ මනස සහ හෘදය ආරක්ෂා කරගැනීමෙන්, ක්ෂේත්‍ර සේවය තුළ ප්‍රීතිය පවත්වාගන්නේ කෙසේද යන්න ගැන දිගු කලක් පුරා ප්‍රචාරකයන් ලෙස සේවය කරන අය තම අදහස් පළ කළෝය. දෙවන අංගය වූයේ සෑම තැනකම සිටින ජනයාව හමුවීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විධිමත් සහ අවිධිමත් සාක්ෂි දැරීම යොදාගන්නා ආකාරය සමුළු ශ්‍රාවකයන්ට සිහිගැන්වීමය. අවසාන අංගයේදී සෑම ක්‍රිස්තියානියෙකුටම තම සේවය පුළුල් කළ හැකි විවිධ ක්‍රම පැහැදිලි කෙරිණි. මෙය කිරීම සඳහා දෙවිගේ රාජ්‍යයට අප මුල් තැන දිය යුතු අතර, එසේ කිරීමේදී යම් අපහසුතාවන්ට මුහුණ දීමට සහ ආත්ම පරිත්‍යාගශීලී වීමට සිදු වුවත් එය කළ යුතුයි කියා කථිකයා අවධාරණය කළේය.—මතෙව් 6:19-21.
ද්‍රව්‍යමය දේවල් රැස් කරගැනීමට දැඩි ගිජුකමක් දක්වන අභක්තික ලෝකයක අප ජීවත් වන නිසා “සෑහීම ඇතුව දේවභක්තිය වර්ධනය කරගන්න” යන කතාව ඉතාමත් කාලෝචිත එකක් විය. එය පදනම් වූයේ පළවන තිමෝති 6:6-10, 18, 19 මතයි. ක්‍රිස්තියානීන්ව මුළාවේ දමන සහ බොහෝ වේදනාවලට පත් කරන මාධ්‍යයක් වන මුදලට ඇති ආශාවෙන් ආරක්ෂා වීමට දේවභක්තිය උපකාරවත් වන ආකාරය එහිදී කථිකයා පහදා දුන්නේය. අපගේ ආර්ථික තත්වය කුමක් වුවත් අපගේ සතුට රඳා පවතින්නේ යෙහෝවා සමඟ ඇති අපේ සම්බන්ධතාවය සහ අපේ ආත්මිකත්වය මත බව ඔහු අවධාරණය කළේය. “දෙවිව ලජ්ජාවට පත් නොකිරීමට වගබලා ගැනීම” යන කතාව මගින් ඉදිරිපත් කළ කරුණු බොහෝදෙනෙකුගේ හෘදයට කාවැදුණි. යෙහෝවාට ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව කිසිදාක අමතක නොවන බව එම කතාවේදී කැපීපෙනෙන්න සැලැස්වීය. ‘ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරයෙන්ම’ සිටින යේසුස් ක්‍රිස්තුස්ගේ අද්විතීය ආදර්ශය ජීවනය සඳහා වූ ධාවන මඟෙහි විඳදරාගනිමින් යුතුව සිටීමට බොහෝදෙනෙකුට උපකාරවත් වී තිබේ.—හෙබ්‍රෙව් 13:8.
උදෑසන සැසිවාරය අවසන් වූයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම්වල ඉතා වැදගත් අංගයක් වන බව්තීස්ම කතාවෙනි. වතුර බව්තීස්මය ලැබ යේසුස්ගේ අඩිපාරේ ගමන් කිරීමට පියවර තැබූ අලුතෙන් කැප වූ අයව දකින්න ලැබීම කියා නිම කළ නොහැකි සතුටක්! (මතෙව් 3:13-17) මෙම පියවර ගෙන තිබෙන සියලුදෙනාම දෙවිගේ වචනය පිළිපදින්නන් වශයෙන් ඉටු කළ යුතු බොහොමයක් දේවල් සම්පූර්ණ කර ඇත. නමුත් වැදගත් දේ වන්නේ බව්තීස්මය තුළින් ඔවුන් ශුභාරංචිය බෙදාහැරීමට පත් කර ඇති සේවකයන් වීමය. යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීමට ඔවුනුත් හවුල් වනවා කියා දැනගන්න ලැබීම ඔවුන්ට මහත් ප්‍රීතියක් විය.—හිතෝපදේශ 27:11.
“‘හරි වැරැද්දේ වෙනස දැකීමට’ මේරූභාවය අවශ්‍යය” යන කතාවේදී විශේෂ උපදෙස් දෙනු ලැබීය. හරි වැරැද්ද පිළිබඳ ලෝකයේ ප්‍රමිති ඉතා ශෝචනීය මට්ටමක පවතී. එමනිසා, අප යෙහෝවාගේ ප්‍රමිති මත රඳා සිටීම අවශ්‍යයි. (රෝම 12:2) තවදුරටත් එම කතාවේදී, දෙවිගේ මාර්ග පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීමට සහ මේරූභාවය කරා පැමිණීමට සියලුදෙනාවම දිරිගන්වන ලදි. අප ලබන දැනුම මත ක්‍රියා කිරීමෙන් “හරි වැරැද්ද නිශ්චය කරගැනීමට” අප සතු වටහාගැනීමේ ශක්තිය පුහුණු කරගැනීමට හැකියාවක් ලැබේ.—හෙබ්‍රෙව් 5:11-14, NW.
ඊළඟට “ආත්මිකත්වය ගොඩනැඟීමට වෙහෙස මහන්සි වන්න” යන කතා මාලාව ආරම්භ විය. ආත්මිකත්වය ගොඩනැඟීමේ සහ පවත්වාගැනීමේ වැදගත්කම සැබෑ ක්‍රිස්තියානීන් තේරුම්ගෙන තිබේ. මෙයට කියවීමේදී, අධ්‍යයනය කිරීමේදී සහ මෙනෙහි කිරීමේදී වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඇතුළත් වේ. (මතෙව් 7:13, 14; ලූක් 13:24) ආත්මිකත්වයට නැඹුරුවාවක් දක්වන පුද්ගලයෝ ‘සියලු ආකාර යාච්ඤා හා ඉල්ලීම්’ නොහොත් කන්නලව් ඉදිරිපත් කරති. (එපීස 6:18) අපගේ යාච්ඤාවලින් අපට කොතරම් ඇදහිල්ලක් හා භක්තියක් තිබේද යන්නත් අපගේ ආත්මිකත්වයේ මට්ටම කුමක්ද යන්නත් හෙළි වන අතර, “වඩාත් වැදගත් දේවල් ලෙස” අප සලකන්නේ මොනවාද යන්නත් හෙළි වේ. (පිලිප්පි 1:10, NW) හරියට කාරුණික පියෙකු හා කීකරු දරුවෙකු අතර තිබෙන කුලුපග සම්බන්ධතාවය හා සමාන උණුසුම් ප්‍රේමනීය සම්බන්ධයක් යෙහෝවා සමඟ වර්ධනය කරගැනීමේ ඇති වැදගත්කමත් ඉන් අවධාරණය කරන ලදි. අපට නිකම්ම ආගමක් තිබෙනවා පමණක් නොව එයයි සැබෑ ආගම. එසේ වුවත්, ‘දෙවිව දකින්නාක් මෙන්’ ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනැඟීම අවශ්‍යයි.—හෙබ්‍රෙව් 11:6, 27.
“ඔබේ දියුණුව දකින්න සලස්වන්න” යන කතාවේදී ආත්මික වර්ධනය පිළිබඳ විෂය තවදුරටත් සාකච්ඡා කෙරිණි. එවන් දියුණුවක් කරා යාමේදී සලකා බැලිය යුතු පැති තුනක් පෙන්වා දෙන ලදි. (1) දැනුමෙන්, අවබෝධයෙන් සහ ප්‍රඥාවෙන් වර්ධනය වීම, (2) දෙවිගේ ආත්මයේ ඵල නිපදවීම සහ (3) පවුල් සාමාජීකයන් වශයෙන් අපගේ වගකීම් නිසියාකාරව ඉටු කිරීම.
එම දිනයේ අවසාන කතාව වූයේ, “දෙවිගේ වචනයෙන් ප්‍රගතිශීලීව නික්මෙන ආලෝකයෙහි ගමන් කරන්න” යන්නයි. යෙසායාගේ අනාවැකිය සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I නමැති නව ප්රකාශනය ලබාගැනීමට සමුළුවට පැමිණ සිටි ශ්‍රාවකයන් ඉතාමත් සතුටු විය. මෙම පොත බයිබලයේ යෙසායා පොතේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදය සාකච්ඡා කරන පොත් කාණ්ඩ දෙකෙන් පළවෙනි එකයි. “අද සිටින අපිටත් යෙසායාගේ පොතෙන් ඉගෙනගන්න පාඩම් තිබෙනවා” කියා කථිකයා සඳහන් කළ අතර ඔහු තවදුරටත් පැවසුවේ, “යෙසායා පොතේ අඩංගු බොහෝ අනාවැකි යෙසායාගේ දවසේදීම ඉෂ්ට වුණා. . . . කෙසේවෙතත්, යෙසායාගේ අනාවැකි අදදිනත් ඉටු වෙමින් තිබෙනවා. තවත් සමහරක් දෙවි පොරොන්දු වී ඇති නව ලොවේදී ඉටු වෙන්ට යනවා” කියාය.
තුන්වන දිනය—යෙහෝවාගේ වචනය පිළිපදින්නන් වන්න
දිනපදය සාකච්ඡා කරමින් සමුළුවේ අවසන් දිනය ආරම්භ විය. ඊළඟ අංගය ලෙස “දේවකැමැත්ත කරන්නන් සඳහා ශෙපනියාගේ අර්ථාන්විත අනාවැකිය” නමැති කතා මාලාව ඇරඹුණි. හිතුවක්කාර යූදා රාජ්‍යය පැවති කාලයේදී කළා සේ, යෙහෝවා දැන් තමන්ගේ අනතුරු ඇඟවීමට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කරන අය මතත් විපත්ති පැමිණවීමට නියමිතයි. දෙවිට විරුද්ධව පව් කරන නිසා ඔවුන් ගැළවීමක් සොයාගන්න බැරිව ඇවිදින අසරණ අන්ධ මනුෂ්‍යයන් මෙන් වෙන බව මෙම කතා මාලාවේ කතා තුනෙන් පෙන්නුම් කළේය. සැබෑ ක්‍රිස්තියානීන් විශ්වාසවන්තව ශෙපනියා 3:9) “පවිත්‍ර භාෂාව කතා කිරීම කියන්නේ, සත්‍යය විශ්වාස කිරීම හා එය අන් අයට ඉගැන්වීම පමණක් නෙවෙයි. ඊට අමතරව දෙවිගේ නීති සහ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමත් එයට අයත් වෙන” බව එම කතාවේදී කථිකයා තවදුරටත් සඳහන් කළේය.
දිගටම යෙහෝවාව සෙවිය යුතුයි. එවිට ඔහුගේ උදහස් දවසේදී ඔවුන් සඟවනු ලබන අතර ඊටත් වඩා ඔවුන් දැනුදු බොහෝ ආශීර්වාද භුක්ති විඳියි. බයිබල් සත්‍යය නමැති “පවිත්‍ර භාෂාව” කතා කිරීමේ ආශීර්වාද ලත් ප්‍රස්තාව ඔවුන්ට ලැබී තිබේ. (“අපේ කාලයට අනතුරු ඇඟවීමක්” යන නාට්‍යය රඟ දක්වන තෙක් ශ්‍රාවකයෝ පුල පුලා බලා සිටියෝය. ඉශ්රායෙල්වරුන් දහස් ගණනක් පොරොන්දු දේශය අද්දර සිටි විට යෙහෝවාව අමතක කොට මිථ්‍යා දෘෂ්ටික ස්ත්රීන්ට මුළා වී වේශ්‍යාකම් කිරීමට සහ බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමට පෙලඹුණු නිසා ඔවුන් විනාශ වූ ආකාරය බයිබල් කාලවල ඇන්ද වස්ත්‍රවලට සමාන වස්ත්‍රවලින් සැරසී නළු නිළියන් රඟ දැක්වූ මෙම නාට්‍යයෙන් පෙන්වීය. මෙහි ප්‍රධාන චරිතයක් වන යාමීන් මෝවබ් ස්ත්රීන්ගේ ආකර්ෂණයත් යෙහෝවාට තිබූ භක්තියත් අතර කොටු වී සිටීම වටා මෙම කතාව ගෙතී ඇත. ඒ වගේම අභක්තික සිම්රීගේ වැරදිසහගත තර්ක විතර්ක මෙන්ම මුළා කරවනසුලු සිතුම් පැතුම් සහ පීනෙහාස්ගේ ඇදහිල්ල සහ භක්තියත් එහි ඉස්මතු කර පෙන්වීය. යෙහෝවාට ප්‍රේම නොකරන අය සමඟ ආශ්‍රය කිරීමේ ඇති අවදානම මෙම නාට්‍යයෙන් ඉතා මනාව දැකගැනීමට හැකි විය.
“අමතක කරන අසන්නන් බවට පත් නොවන්න” යන මාතෘකාවෙන් යුත් ඊළඟ කතාවට, නාට්‍ය කදිම අඩිතාලමක් දැමීය. පළවන කොරින්ති 10:1-10 විශ්ලේෂණය කරමින් නව ලොවෙහි උරුමයක් ලැබීමට අප සුදුසුදැයි තීරණය කිරීමේදී යෙහෝවා අපේ කීකරුකම පරීක්ෂා කරන බව එම කතාවේදී පැවසීය. අදදින පවා මාංසික තෘෂ්ණා නිසා ආත්මික ඉලක්ක අඳුරු විය හැකි අතර නව ක්‍රමයට ඇතුල් වීමේ ප්‍රස්තාවද ගිලිහී යා හැකියි. ‘යෙහෝවාගේ විශ්රාමස්ථානයට ඇතුල් වීමේ’ ප්‍රස්තාව අහිමි කර නොගන්න කියා සියල්ලන්ව දිරිගැන්වීය.—හෙබ්‍රෙව් 4:1.
ප්‍රසිද්ධ ඇමතුමේ තේමාව වූයේ “දෙවිගේ පුදුම ක්‍රියා කල්පනාවට ගත යුතු හේතු” යන්නයි. යෙහෝවාගේ “පුදුම ක්‍රියා” ඔහුගේ ප්‍රඥාවත් අප වටා ඇති භෞතික මැවිල්ල කෙරෙහි ඇති ඔහුගේ අයිතියත් පිළිබිඹු කරයි. (යෝබ් 37:14) යෙහෝවා විසින් අසනු ලැබූ මනසට කාවදිනසුලු ප්‍රශ්න කිහිපයම සර්වබලධාරී මැවුම්කරුගේ බලය තේරුම්ගැනීම සඳහා යෝබ්ට ප්‍රමාණවත් විය. යෙහෝවා තම විශ්වාසවන්ත සේවකයන් වෙනුවෙන් අනාගතයේදීත් “පුදුම ක්‍රියා” කරයි කියා අපට සහතික විය හැක. “යෙහෝවා පුරාණ කාලයේ කළ පුදුම දේවල්ද, අපට මැවිල්ල තුළින් දැකගත හැකි වන ආකාරයට අද ඔහු කරමින් සිටින පුදුම දේවල්ද, නුදුරු අනාගතයේදී කරන්න පොරොන්දු වී තිබෙන පුදුම දේවල්ද කල්පනා කර බලන්න අපිට ඕනතරම් හේතු තිබෙන බව පැහැදිලියි” කියා පවසමින් කථිකයා කතාව අවසන් කළේය.
එම සතියට අදාළ මුරටැඹ පාඩම් ලිපියෙහි සාරාංශයක් සලකා බැලූ පසු සමුළුවේ අවසාන කතාව එළඹුණි. එහි තේමාව වූයේ “දෙවිගේ වචනය පිළිපදින්නෙකු වීමේ ඔබේ වරප්‍රසාදය බොහෝ සේ අගය කරන්න” යන්නයි. දෙවිගේ වචනය පිළිපදින්නෙකු වීම ගෞරවයක් කියා එම හැඟීම් දනවන කථාවේදී අවධාරණය කළේය. (යාකොබ් 1:22) දෙවිගේ වචනය පිළිපදින්නන් වීම සඳහා අපට ලැබී ඇති වරප්‍රසාදය අද්විතීය වන අතර අප එම වරප්‍රසාදය භුක්ති විඳින්න විඳින්න ඒ සඳහා ඇති අපගේ අගය වැඩි වන බව එම කතාවේදී ශ්‍රාවකයන්ට සිහිගැන්වීය. පැමිණ සිටි සියලුදෙනාවම දිරිගන්වන ලද්දේ දෙවිගේ වචනය පිළිපදින්නන් වීමට වෙර දැරීම තුළින් මෙම සමුළුවෙන් ලබාගත් දිරිගැන්වීම පිළිබිඹු කරන මෙන්ය. වැඩි සතුටක් භුක්ති විඳිය හැකි එකම ක්‍රමය එයයි!
[25වන පිටුවේ කොටුව⁄පින්තූරය]
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්! යන මාතෘකාවෙන් යුත් නව විවරණිකාව සිකුරාදා හවස මුදාහැරියේය. ලොව පුරාම බයිබල් අධ්‍යාපනය සරල ලෙස ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් ඇති අතර, එම අවශ්‍යතාව පිරිමැසීම සඳහා මෙම නව විවරණිකාව උපයෝගි කරගැනීමට බලාපොරොත්තු වෙයි. අඩු අධ්‍යාපනයක් ලබා ඇති සහ හොඳින් කියවීමට නොහැකි කෙනෙකුට මෙම විවරණිකාව පිපාසයෙන් සිටින්නෙකුට ලැබුණ දිය බිඳක් මෙන් වනු ඇත.
[26වන පිටුවේ කොටුව⁄පින්තූර]
යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන
කාණ්ඩ දෙකකින් යුත් යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා පහන නමැති ප්රකාශනයේ පළමු කාණ්ඩය ලබාගැනීමට සමුළු ශ්‍රාවකයන් ඉතාමත් සතුටු විය. මෙම ප්රකාශනය මගින් ගෙනහැර දක්වන්නේ යෙසායාගේ අනාවැකියේ සඳහන් දේ අපේ කාලයට ප්‍රායෝගිකව අදාළ වන ආකාරයයි.