යේසුස්ගේ නැවත නැඟිටීම පරීක්ෂණයට ලක් වී
යේසුස්ගේ නැවත නැඟිටීම පරීක්ෂණයට ලක් වී
“අවංකවම එක දෙයක් මට කියන්න පුළුවන්. යේසු ජීවත් වුණ බව නං සීයට සීයක්ම විශ්වාසයි, . . . හැබැයි දෙවිඳුන් ඔහුව මළවුන්ගෙන් නැඟිට්ටෙව්වා කියලා නං අපිට ඒ වගේ ස්ථිර වෙන්න බැහැ.” එසේ පැවසුවේ එංගලන්ත සභාවේ නායක දේවගැතිවරයෙකු වූ කැන්ටබරියේ අගරදගුරුය.
ක්‍රිස්තියානිවරයෙකු වූ ප්‍රේරිත පාවුල්ට නැවත නැඟිටීම ගැන එවැනි සැකයන් නොතිබිණ. පාවුල් පුරාණ කොරින්තියේ සෙසු ක්‍රිස්තියානීන්ට දේවානුභාවයෙන් ලියූ මුල් ලිපියේ 15වන පරිච්ඡේදයෙහි මෙසේ ලීවේය. ‘මා ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට භාර දුනිමි. එනම්, ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස් මැරුණු බවත්, ඔහු තැන්පත් කරනු ලැබූ බවත්, ලියවිලිවල ප්‍රකාරයට තුන්වෙනිදා ඔහු නැඟුටුවනු ලැබූ බවත්ය.’—1 කොරින්ති 15:3, 4.
ග්‍රීක-රෝම ලෝකය තුළ, එනම් “අහසින් යට මුළු මැවිල්ලෙහි” ශුභාරංචිය දේශනා කිරීමට යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් පෙලඹුණේ ඔහුගේ නැවත නැඟිටීම කෙරෙහි තිබූ විශ්වාසය නිසාය. (කොලොස්සි 1:23) ඇත්තවශයෙන්ම, ක්‍රිස්තියානි ඇදහිල්ලට මූලික පදනම වන්නේ යේසුස්ගේ නැවත නැඟිටීමය.
එහෙත්, මුල පටන්ම යේසුස්ගේ නැවත නැඟිටීම සම්බන්ධයෙන් සැකයන් හා අවිශ්වාසයන් පහළ වී තිබිණ. ඇණගසනු ලැබූ යේසුස්ව ඔහුගේ අනුගාමිකයන් විසින් මෙසියස් ලෙස හඳුන්වනු ලැබීම යුදෙව්වන් සාමාන්‍යයෙන් සැලකුවේ නින්දාසහගත දෙයක් ලෙසය. ආත්මය අමරණීයයි කියා විශ්වාස කළ උගත් ග්‍රීක් ජාතිකයන්ගෙන් වැඩිදෙනෙකුට නැවත නැඟිටීම ගැන ඇසීම පවා පිළිකුලක් විය.—ක්‍රියා 17:32-34.
නවීන දින සැක කරන්නෝ
මෑත වසරවලදී, ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ ඇතැම් ප්‍රවීණයන් යේසුස්ගේ නැවත නැඟිටීම ප්‍රබන්ධයක් බව සඳහන් කරමින් පොත් හා ලිපි පළ කර ඇති නිසා එය දරුණු විවාදයන්ට තුඩු දී ඇත. විවිධ ප්‍රවීණයෝ “ඓතිහාසික යේසුස්” පිළිබඳව ගවේෂණය කරන විට, හිස් වූ සොහොන හා නැවත නැඟිටුණු යේසුස්ගේ පෙනී සිටීම් පිළිබඳ සුවිශේෂ වාර්තා අමූලික බොරුවක් කියාත්, එය ඔහුගේ ස්වර්ගික බලය කියා පෑමට ඔහු මියගියායින් බොහෝ කලකට පසුව යොදාගත් උපක්‍රමයක් කියාත් වාද කරති.
උදාහරණයකට, නව තෙස්තමේන්තුව පිළිබඳ විශාරදයෙකු හා යේසුස්ට ඇත්තෙන්ම සිදු වූ දේ—නැවත නැඟිටීම වෙත ඓතිහාසික එළඹීමක් (ජර්මන් භාෂාවෙන්) යන පොතේ කර්තෘ වූ ජර්මන් ජාතික ප්‍රවීණයෙකු වන ගර්ට් ලූඩ්මාන්ගේ අදහස් විමසා බලමු. ඔහුගේ තර්කය වන්නේ “විද්‍යාත්මක ඇසින් ලෝකය දෙස බලන” කෙනෙකුට යේසුස්ගේ නැවත නැඟිටීම නිකම්ම නිකම් “හිස් දෙයක්” පමණක් බවය.
නැවත නැඟිටුණාවූ ක්‍රිස්තුස්ව ප්‍රේරිත පේතෘස් ඇත්තටම දුටුවේ නැති බවත්, ඔහු යේසුස්ව නාඳුනන බව පැවසූ නිසා ඔහු තුළ ඇති වූ අධික ශෝකය හා 1 කොරින්ති 15:5,6) කෙටියෙන් කියනවා නම්, යේසුස්ගේ නැවත නැඟිටීම පිළිබඳ බයිබල් වාර්තා ගෝලයන්ගේ මනඃකල්පිත අද්දැකීම් කීපයක් පමණක්යයි බොහෝ ප්‍රවීණයෝ කියා සිටිති. එනම් ඔවුන් පවසන ආකාරයට, මෙම අද්දැකීම්, ගෝලයන්ගේ ධාර්මිකත්වය නිසා ඔවුන් තුළ තිබූ ආත්ම විශ්වාසය හේතුවෙන් හා මිෂනාරි සේවය සඳහා ඔවුන් තුළ තිබූ ජ්වලිතකම හේතුවෙන් ඇති වූ ඒවාය.
වරදකාරිත්වය හේතුවෙන් එය ඔහුගේ සිතේ මැවුණු දර්ශනයක් බවත් විශාරද ලූඩ්මාන් පවසා සිටියි. එමෙන්ම එක් අවස්ථාවකදී ඇදහිලිවන්තයන් 500දෙනෙකු පමණ යේසුස්ව දැකීමත් උමතු අද්දැකීමක් කියා ලූඩ්මාන් පවසයි. (ඇත්තවශයෙන්ම, බුද්ධිමතුන්ගේ තර්ක විතර්ක කෙරෙහි බොහෝදෙනෙකු එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. කෙසේවෙතත්, යේසුස්ගේ නැවත නැඟිටීම පිළිබඳව ඉදිරිපත් කෙරෙන අදහස් උදහස් සම්බන්ධයෙන් අප සියලුදෙනාම සැලකිලිමත් විය යුතුය. මන්ද? ඔහු නැවත නොනැඟිටුණා නම්, ක්‍රිස්තු ධර්මය ගොඩනැඟී තිබෙන්නේ ව්‍යාජ අත්තිවාරමක් මත වන බැවිනි. අනික් අතට, යේසුස්ගේ නැවත නැඟිටීම ඓතිහාසික සත්‍යයක් නම් ක්‍රිස්තු ධර්මය ගොඩනැඟී තිබෙන්නේ සත්‍යය මතය. මේ අනුව බලන කල, ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් පමණක් නොව ඔහුගේ පොරොන්දු පවා සැබෑ වේ. එපමණක්ද නොව, නැවත නැඟිටීමක් තිබේ නම්, මරණය වික්‍රමාන්විත ජයග්‍රාහකයෙකු නොව පරාජය කළ හැකි සතුරෙකු බවටද පත් වේ.—1 කොරින්ති 15:56.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
From the Self-Pronouncing Edition of the Holy Bible, containing the King James and the Revised versions