පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
මිදීමේ මිල පූජාවේ පදනම මත යෙහෝවා වැරදිවලට සමාව දෙනවා නම්, ක්‍රිස්තියානියෙක් තමා අතින් වරදක් සිදු වූ විට සභාවේ සිටින වැඩිමහල්ලන්ට එම වරද හෙළි කළ යුත්තේ මන්ද?
දාවිත් සහ බැත්-ෂෙබාගේ සිද්ධියෙන් මෙම ප්‍රශ්නයට පිළිතුර සොයාගත හැකියි. දාවිත් නින්දිත වරදක් කළත් ඔහු අවංකවම පසුතැවිලි වූ නිසා යෙහෝවා ඔහුට සමාව දුන්නේය. ප්‍රොපේත නාතාන් දාවිත් හමුවීමට පැමිණි විට “මම [යෙහෝවාට] විරුද්ධව පව්කෙළෙමියි” කියමින් ඔහු තම වරද හෙළි කළේය.—2 සාමුවෙල් 12:13.
යෙහෝවා පව්කාරයින්ගේ අවංක පසුතැවිල්ල පිළිගෙන ඔවුන්ට සමාව දෙනවා පමණක් නොව එවැන්නන්ව ආත්මිකව යළි නඟා සිටුවීමට අවශ්‍ය උපකාරයද පිරිනමයි. දාවිත්ගේ සිද්ධියේදී ඔහුට එම උපකාරය ලැබුණේ ප්‍රොපේත නාතාන් මාර්ගයෙනි. අදදින, ක්‍රිස්තියානි සභාවේ ආත්මිකව මේරූ වැඩිහිටි පුරුෂයන් එසේ නැතහොත් වැඩිමහල්ලන් සිටියි. ශ්‍රාවක යාකොබ් මේ පිළිබඳව පැහැදිලි ලෙස විස්තර කරන්නේ මෙසේයි. “නුඹලා අතරෙහි යමෙක් [ආත්මිකව] රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු [ස්වාමීන්ගේ] නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා. එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. [ස්වාමීන්] ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.”—යාකොබ් 5:14, 15.
පව්කාරයෙකුගේ හදට දැනෙන වේදනාවට සහනය ගෙන දීම සඳහා අද්දැකීම් ලත් වැඩිමහල්ලෙකුට කළ හැකි දේ බොහෝයි. ඔවුන් එම පුද්ගලයා සමඟ කටයුතු කිරීමේදී යෙහෝවාව ආදර්ශයක් කොට ගනී. දැඩි හික්මවීමක් දීමට සිදු ගලාති 6:1) යම් පුද්ගලයෙක් තම කැමැත්තෙන්ම ඉදිරිපත් වී වරද හෙළි නොකළත් වැඩිමහල්ලන් ඔහුව බැහැදකින්න පැමිණි විට, හරියට දාවිත්ව මුණගැසීමට නාතාන් පැමිණි විට දාවිත් කටයුතු කළාක් මෙන් ඔහු තුළත් පසුතැවිලි වීමට පෙලඹීමක් ඇති වෙන්න පුළුවන. වැඩිමහල්ලන් විසින් දෙන උපකාරය, වරද කළ පුද්ගලයාට නැවතත් එම වරද නොකර සිටීමටත් භයානක දෙයක් වන පාපය ගැන කිසිම තැකීමක් නැති මුරණ්ඩු කෙනෙකු නොවීමටත් මඟ පෙන්වයි.—හෙබ්‍රෙව් 10:26-31.
වුණත් ඔවුන් කර්කශ ලෙස කටයුතු කරන්නේ නැත. වරද කළ පුද්ගලයාට දිය යුතු උපකාරය කාරුණිකව ලබා දීම ඔවුන්ගේ ඉලක්කයයි. මෙහිදී ඔවුන් දෙවිගේ වචනය භාවිත කරමින් ඉතාමත් ඉවසිලිවන්තව වරදට වැටුණු පුද්ගලයාගේ සිතිවිලි යළි සකස් කිරීමට උත්සාහ ගනී. (ලජ්ජාසහගත මෙන්ම සමාව ගත යුතු ක්‍රියාවක් කළ කෙනෙකුට එය තවත් කෙනෙකු හා පැවසීම පහසු දෙයක් නොවෙයි. ඒ සඳහා සිතේ ධෛර්යයක් තිබිය යුතුයි. නමුත් එවැනි ක්‍රියා මාර්ගයක් නොගැනීමෙන් අත්විඳින්න සිදු වන වේදනාව ගැන මොහොතකට සලකා බලමු. වැඩිමහල්ලන් ඉදිරියෙහි තම වරද සම්බන්ධයෙන් මුනිවත රැකීමෙන් විඳින්න සිදු වූ සිත් තැවුල ගැන එක් පුද්ගලයෙක් මෙසේ පැවසුවේය. “මගේ හිතේ දුක මොනවා කරලාවත් නැති කරගන්න බැරි වුණා. මම දේශනා සේවයේ වැඩියෙන් නියැලුණා. ඒත් වේදනාව අඩු වුණේ නැහැ.” දෙවිට යාච්ඤාවෙන් වරද හෙළි කිරීම ප්‍රමාණවත් කියා ඔහු සිතීය. ඒත් එය ප්‍රමාණවත් නොවීය. ඔහුට හැඟුණ ආකාරය දාවිත්ගේ හැඟීම්වලට සමාන විය. (ගීතාවලිය 51:8, 11) එසේ නම් යෙහෝවා වැඩිමහල්ලන් මාර්ගයෙන් දෙන ප්‍රේමනීය සැපයුම පිළිගැනීම කොතරම් යහපත්ද!