‘අපේ ප්‍රේමය ගැඹුරු වෙලා’
‘අපේ ප්‍රේමය ගැඹුරු වෙලා’
වර්ෂ 2000 මාර්තු 31වන සිකුරාදා, ජපානයේ හොකයිඩෝහි ඌසු කන්ද වසර 23ක් නිහඬව දරා සිට පුපුරා ගියා. එම ප්‍රදේශයේ පදිංචි වී සිටි දහස් ගණනකට එම අන්තරා සහිත ප්‍රදේශයෙන් පලා යෑමට සිදු වුණා. බොහෝදෙනෙකුට තම නිවෙස් හා රැකියා අහිමි වුණා. නමුත් භාග්‍යයකට කිසිම කෙනෙකුට තම ජීවිත අහිමි වුණේ නැහැ. පලා ගිය බොහෝදෙනා අතර යෙහෝවාගේ සාක්ෂිකරුවන් 46දෙනෙකුද සිටියා. නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු අසරණ වුණේ නැහැ.
කන්ද පුපුරා ගිය දාම, එම ප්‍රදේශයේ සේවය කරමින් සිටි සංචාරක දේවසේවකයෙකුගේ සහය ඇතුව සහන සේවා ලබා දෙන්නට කටයුතු පිළියෙළ කළා. ළඟපාත සභාවලින් සහන සේවා පිළියෙළ වෙන්නට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. ජපන් ශාඛාවේ අධීක්ෂණය යටතේ, සහන සේවා කමිටුවක් ඉක්මනින්ම පිහිටුවනු ලැබූ අතර, ජපානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පරිත්‍යාගයන් සහන සේවා කමිටුව වෙත ගලා එන්නට වුණා. ආත්මික ක්‍රියාකාරකම්වලට සහයෝගය දක්වනු වස්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයන්ව විපතෙන් වැඩියෙන්ම හානියට ලක් වූ සභාව කරා යවනු ලැබූ අතර, චිත්තවේගීය හා ආත්මික උපකාර දීම සඳහා චාරිකා අවේක්ෂක නැවත නැවතත් එම ප්‍රදේශයට ගියා.
හානියට ලක් වූ ප්‍රදේශයේ විසූ සාක්ෂිකරුවන් එම දුෂ්කර කාල පරිච්ඡේදයන් තුළ ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වූවා. ඒ ආරක්ෂිත ප්‍රදේශයක තිබූ පෞද්ගලික නිවෙස් තුළයි. රාජ්‍ය ශාලාව පිහිටා තිබූ එම ප්‍රදේශයෙන් පිට වී යන ලෙසට කරන ලද නියෝගය අවලංගු කරනු ලැබූ විට, නැවත හැරී ආ සහෝදරයන්ට දැකගන්ට ලැබුණේ ඇල වූ පුපුරා ගිය හානියට පත් වූ ගොඩනැඟිලියි. රාජ්‍ය ශාලාවට මඳක් ඈතින් පිහිටා තිබූ ගිනි කන්ද පුපුරා යෑම හේතුවෙන් අලුත සෑදි තිබූ යමහල් මුවෙන් තවමත් දුම් පිට වෙමින් තිබුණා. ‘මෙවැනි තැනක රැස්වීම් දිගටම පැවැත්වීම ඥානවන්තද? රාජ්‍ය ශාලාව අලුත් වැඩියා කළ හැකිද?’ කියා සාක්ෂිකරුවන් කල්පනා කළා.
වඩාත් ආරක්ෂාසහිත ළඟපාත ප්‍රදේශයක නව රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීමට තීරණය කරනු ලැබුවා. අවශ්‍ය උපකාර දෙනු ලැබුවේ ප්‍රාදේශීය ගොඩනැඟිලි කමිටුවෙන්. රට පුරා වෙසෙන සාක්ෂිකරුවන් විසින් කරනු ලැබූ පරිත්‍යාග මුදල් මෙම ගොඩනැඟීම සිදු කිරීමට යොදාගනු ලැබුවා. ඉතා ඉක්මනින්ම ඉඩමක් සොයාගනු ලැබුවාක් මෙන්ම සිය ගණනක් ස්වේච්ඡා සේවකයන්ගේ උපකාරවලට ස්තුතිවන්ත වන්නට, ඉතා කෙටි කලක් තුළ නව රාජ්‍ය ශාලාවක් සම්පූර්ණ කරනු ලැබුවා. වර්ෂ 2000 ජූලි 23වැනි ඉරිදා අලුතින් සාදන ලද රාජ්‍ය ශාලාවේ පළමු රැස්වීමට 75දෙනෙක් පැමිණියා. පැමිණ සිටි බොහෝදෙනෙක් සතුටු කඳුලු වගුරුවන්නට වුණා. එම වසරේම ඔක්තෝබර් මාසයේ එම රාජ්‍ය ශාලාව කැප කරනු ලැබූ අවස්ථාවේ, ප්‍රාදේශීය සභාවේ වැඩිමහල්ලෙක් මෙසේ කියන්නට පෙලඹුණා: “ගිනි කන්ද පුපුරා යෑමෙන් මහත් දුෂ්කරතාවන් හා වේදනා විඳින්නට සිදු වුණු බව ඇත්තයි. නමුත් මෙම ගොඩනැඟීම අපගේ බිය සැක ප්‍රීතියට පෙරලුවා. යෙහෝවා කෙරෙහිත් අපගේම ආදර ක්‍රිස්තියානි සහෝදරයන් කෙරෙහිත් වූ අපේ ප්‍රේමය තවත් ගැඹුරු වුණා!”
[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඌසු කන්ද පිපිරී යෑම: AP Photo/Koji Sasahara