අන්තිම සන්ධ්‍යා භෝජනය යනු කුමක්ද?
අන්තිම සන්ධ්‍යා භෝජනය යනු කුමක්ද?
“අන්තිම සන්ධ්‍යා භෝජනය” යන ප්‍රකාශය සවනට වැකෙන විට ඔබේ සිතේ ඇඳෙන්නේ කුමක්ද? බොහෝදෙනෙකුගේ සිතේ ඇඳෙනු ඇත්තේ, චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩ වින්චි (1452-1519) විසින් නිර්මාණය කරන ලද, ඉතාලියෙහි මිලාන්හි ඇති ගෞරවාදරයට ලක්ව තිබෙන බිතුසිතුවමයි. සියවස් ගණනාවක් පුරා චිත්‍ර ශිල්පීන්, ලේඛකයන් හා සංගීතඥයන් අතර අන්තිම සන්ධ්‍යා භෝජනය ප්‍රචලිත වී තිබේ.
එහෙත්, අන්තිම සන්ධ්‍යා භෝජනය යනු කුමක්ද? විසි එක්වන සියවසේ වෙසෙන ජනයාට ඉන් අර්ථවත් වන්නේ කුමක්ද? ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ලෙසද හැඳින්වෙන අන්තිම සන්ධ්‍යා භෝජනය, යේසුස් ක්‍රිස්තුස්ගේ පරිත්‍යාගශීලී මරණයට පෙර සන්ධ්‍යාවේ ඔහු තම ප්‍රේරිතයන් සමඟ ගත් භෝජනය බව විශ්වකෝෂ සහ ශබ්දකෝෂවල පැවසේ. යේසුස් තම අනුගාමිකයන් සමඟ අවසන් වතාවට පැවැත්වූ සන්ධ්‍යා භෝජනය මෙය වූ බැවින්, සාම්ප්‍රදායික ලෙස එය හැඳින්වෙන්නේ අන්තිම සන්ධ්‍යා භෝජනය ලෙසිනි. එමෙන්ම එය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් විසින්ම පිහිටෙවූ බැවින් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය යනුවෙන් හැඳින්වීම යෝග්‍යයි.
සියවස් ගණනාවක් පුරා, බොහෝදෙනෙකු තමන් වටිනවායයි සැලකූ යමක් වෙනුවෙන් තම දිවි පුදා ඇත. මෙම මරණවලින් සමහරක් ඇතමුන්ට යම් කාල පරිච්ඡේදයකට සෙතක් විය. එහෙත්, සැසඳීමක් කරන කල, ප්‍රශංසාව ලැබීමට වටිනවායයි පෙනී ගිය එවන් මරණ යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය තරම් වැදගත් නොවේ. එපමණක්ද නොව, කම්කටොලුවලින් පිරි මිනිස් ඉතිහාසයේ සිදුව ඇති කිසිම මරණයක් එතරම් බලපෑමක් කිරීමට සමත් වී නැත. මන්ද?
මේ ප්‍රශ්නයට උත්තර ලබාගැනීම සඳහාත් ඔබට ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අර්ථවත් වන්නේ කෙසේදැයි දැනගැනීම සඳහාත් ඊළඟ ලිපිය කියවන්න කියා අපි ඔබට ඇරයුම් කරන්නෙමු.