සැබෑ අධ්‍යාත්මික සාරධර්ම ඔබට සොයාගත හැක්කේ කොතැනින්ද?
සැබෑ අධ්‍යාත්මික සාරධර්ම ඔබට සොයාගත හැක්කේ කොතැනින්ද?
“ඔබ ආගමක් පිළිපදින්නේ එය පවුල් සම්ප්‍රදායෙන් උරුම වූ නිසාම නම්, මීට අවුරුදු 2,000කට කලින් ජීවත් වූ අපේ මුතුන්මිත්තන් වන කෙල්ට්වරුන්ගේ ආගම වැලඳ නොගන්නේ මන්ද?” යැයි රෝඩෝල්ෆ් අපහාසාත්මක ලෙස ඇසුවා. මෙය අසාගෙන සිටි තරුණයාගේ මුවඟට සිනහවක් නැඟුණා.
රෝඩෝල්ෆ් පැවසුවේ “දෙවි සමඟ තිබෙන මගේ සම්බන්ධතාව මට ගොඩාක් වැදගත්” කියායි. “මගේ පවුලේ සාමාජිකයන් අවුරුදු දහයකට හෝ අවුරුදු සියයකට කලින් පිළිපැද්ද ආගමක් පරම්පරාවෙන් එන නිසා ඒක පිළිගැනීමට බල කිරීම ගැන මම නම් තදින්ම විරුද්ධයි.” රෝඩෝල්ෆ් කරුණු පරිස්සමින් කිරා මැන බැලුවා. ඔහු මේ වැදගත් කාරණය නිකම්ම පරම්පරාවෙන් උරුම කරගත් දෙයක් හැටියට සැලකුවේ නැහැ.
එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට ආගම පැතිර යෑම දැන් දුලභ දෙයක් වුවද, බහුතරයක් තවමත් තමන්ගේ පවුලෙන් ලැබුණු ආගමට ලැදිව කටයුතු කරනවා. එහෙත් තමන්ගේ දෙමව්පියන්ගේ ආගමික සාරධර්මවලට ඇලී සිටීම සැමවිටම හරිද? මේ සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ කුමක්ද?
පාළුකරයේ අවුරුදු හතළිහක් ගමන් කිරීමෙන් පසු මෝසෙස්ගේ අනුප්‍රාප්තිකයා වූ යෝෂුවා ඊශ්‍රායෙලිතයන්ට මෙවැනි තේරීමක් කිරීමට අවස්ථාවක් දුන්නා. එනම්, ‘යෙහෝවාට සේවය කිරීම නරක දෙයක් ලෙස ඔබට පෙනේ නම්, ඔබ සේවය කරන්ට කැමති ගඟ එගොඩ සිටි ඔබගේ පියවරුන්ගේ දෙවිවරුන්ටද ඔබ වාසය කරන දේශයෙහි සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ටද කියා අදම තෝරාගන්න. ඒත් මමත් මාගේ පවුලේ අයත් සේවය කරන්නේ යෙහෝවාටයි.’—යෝෂුවා 24:15.
යෝෂුවා යොමුදැක්වූ එක් ආදි පියෙක් නම් එවකට යුප්‍රටීස් ගඟට නැඟෙනහිරින් පිහිටි ඌර් දේශයේ වාසය කළ ආබ්‍රහම්ගේ පියා වූ තේරායි. ඔහු වෙනත් දෙවිවරුන්ව ඇදහූ බවට පවසා තිබෙනවා හැර ඔහු පිළිබඳ වෙන තොරතුරක් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. (යෝෂුවා 24:2) ඔහුගේ පුත්‍රයා වන ආබ්‍රහම්ට දෙවිගේ අරමුණ ගැන සම්පූර්ණ අවබෝධයක් නොතිබුණද දෙවි කී පරිදි රට හැර යෑමට ඔහු කැමති වුණා. ඔව්, ඇත්තෙන්ම ආබ්‍රහම් ඔහුගේ පියාගේ ආගමට වඩා වෙනස් එකක් තෝරගත්තා. එසේ කිරීම නිසා දෙවි පොරොන්දු වූ ආශීර්වාද ඔහුට ලැබුණා. ඒ වගේම “දෙවි කෙරෙහි අදහන්නාවූ සියල්ලන්ගේ පියා” ලෙස බොහෝ ආගම් විසින් පිළිගනු ලබන තැනැත්තා බවටද ඔහු පත් වුණා.—රෝම 4:11, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්.
යේසුස් ක්‍රිස්තුස්ගේ මිත්තනියක් වන රූත් ගැනද බයිබලයේ කතා කරන්නේ ශුභවාදී ආකල්පයකින්. මෝවබීය කාන්තාවක් වූ රූත් විවාහ වී සිටියේ ඊශ්‍රායෙලිතයෙක් සමඟයි. ඇය කලකට පසු වැන්දඹුවක් වූ අතර ඇයටත් තේරීමක් කිරීමට තිබුණා. එනම් ඇය තම මව් රටට හැරී යනවාද නැත්නම් තමන්ගේ නැන්දම්මා සමඟ ඊශ්රායෙලයට යනවාද කියා. රූප නමස්කාරයේ යෙදෙන තම දෙමව්පියන්ගේ ආගමට වෙනස්ව යෙහෝවාට නමස්කාර කිරීමේ ඇති මිල කළ නොහැකි වටිනාකම වටහාගත් රූත් ඇයගේ නැන්දනියට මෙසේ පැවසුවා. “නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය. නුඹේ දෙවි මාගේ දෙවි වන්නේය.”—රූත් 1:16, 17.
“ඊශ්‍රායෙලිතයන් සමඟ මිත්‍රකම් නොපැවැත්වූ මෙන්ම ඔවුන්ගේ වෛරයට
පාත්‍ර වූ මිථ්‍යා අදහස්වලින් පිරුණු දේශයක හැදී වැඩුණු කාන්තාවක්, . . . යෙහෝවාගේ සෙනඟට හා ඔහුගේ නමස්කාරයට දැක්වූ ප්‍රේමය නිසා ශුද්ධ වූ දාවිත් රජුගේ මිත්තනියක් වීමේ භාග්‍යය දෙවි ඇයට උදා කර දුන් ආකාරය” මෙම වාර්තාවේ විස්තර කර ඇති බව බයිබල් සම්මත ග්‍රන්ථවල මෙම පොතට හිමි ස්ථානය ගැන අදහස් දක්වන ඩික්ෂනෙයාර් ඩ ලා බීබ්ල නම් ග්රන්ථයෙහි පැහැදිලි කර තිබෙනවා. තමාගේ දෙමව්පියන්ගේ ආගමට වඩා වෙනස් ආගමක් තෝරාගැනීමට රූත් පසුබට වුණේ නැහැ. ඇයගේ මේ තීරණය නිසා ඇය දෙවිගෙන් මහත් ආශීර්වාද ලැබුවා.ක්‍රිස්තියානි ධර්මයේ මුල් අවධිය විස්තර කරන වාර්තාවේ යේසුස්ගේ ගෝලයන් තමන්ගේ මුතුන්මිත්තන්ගේ ආගම් අත්හැරීමට හේතු ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. සිතට කාවදිනසුලු කතාවක් ඉදිරිපත් කළ ප්‍රේරිත පේතෘස් ශ්රාවකයින්ට ආරාධනා කළේ තමන්ගේ පාප ගැන පසුතැවිලි වී යේසුස්ගේ නාමයට බව්තීස්ම වෙමින් “මේ වංක පරම්පරාවෙන් ගැලවෙන” ලෙසටයි. (ක්‍රියා 2:37-41, NW) ක්‍රිස්තියානීන්ට පීඩා කළ යුදෙව් ජාතිකයෙක් වන සාවුල් මෙයට කදිම ආදර්ශයක්. දමස්කයට ගමන් කරමින් සිටින විට යේසුස්ව දර්ශනය වීමෙන් පසුව ඔහු ක්‍රිස්තියානිවරයෙක් වූ අතර එතැන් පටන් ඔහුව ප්‍රේරිත පාවුල් යන නමින් හඳුන්වනු ලැබුවා.—ක්‍රියා 9:1-9.
මුල් ක්රිස්තියානින්ගෙන් බොහෝදෙනෙකුට එතරම්ම මවිතාකාර අද්දැකීම් තිබුණේ නැහැ. කෙසේවෙතත් ඔවුන් සියලුදෙනාට යුදෙව් ආගමෙන් හෝ වෙනත් මිථ්‍යා ඇදහිලි ක්‍රමවලින් ඉවත් වෙන්න සිදු වුණා. ක්‍රිස්තියානි ධර්මය පිළිගත් අය එසේ කළේ එහි සත්‍යතාවන් ගැන සම්පූර්ණ දැනුමක් ඇතුවයි. බොහෝවිට එසේ පිළිගනු ලැබුවේ යේසුස් මෙසියස් හැටියට සිදු කරන කාර්යභාරය ගැන කළ දීර්ඝ සාකච්ඡාවලින් පසුවයි. (ක්‍රියා 8:26-40; 13:16-43; 17:22-34) ඔවුන්ගේ ජීවිතයේ වෙනස්කම් කළ යුතු බව එම මුල් ක්‍රිස්තියානීන්ට පැහැදිලිව දැනුම් දෙනු ලැබුවා. මෙම ඇරයුම යුදෙව් හා යුදෙව් නොවන දෙකොටසටම දුන්නද, පණිවිඩය එකයි. දෙවිව සතුටු කිරීමට නම් අලුත් නමස්කාර ක්‍රමයක් පිළිපැදීමට අවශ්‍යයි. එය නම් ක්‍රිස්තියානි ධර්මයයි.
අපට අදාළ වන තේරීමක්
යුදෙව් ආගම, අධිරාජ්‍යයාට වන්දනා කිරීම, මිථ්‍යා දෙවි දේවතාවන්ට වන්දනා කිරීම වැනි පවුලේ ආගමික චාරිත්‍ර අත්හැර යුදෙව්වන් හා රෝමවරුන් විසින් හෙළා දකිනු ලැබූ ආගමක් වැලඳගැනීම සඳහා පළමු ශතවර්ෂයේ සිටි අයට සෑහෙන ධෛර්යයක් අවශ්‍ය වූ බවට කිසිම සැකයක් නැහැ. එවැනි තීරණයක් ගැනීම නිසා වැඩි කල් ගතවීමට පෙර ඔවුන් කෲර හිංසා පීඩාවලට ලක් වුණා. එදා මෙන් අදත් “සමාජයේ පුළුල්ව පවතින නැඹුරුවාවක් වන ජනප්‍රිය මතයට අනුකූල වීමට එරෙහිව සිටීම සඳහා” අපට එවැනිම නිර්භීතකමක් අවශ්‍යයි. එම අදහස ඉදිරිපත් කරනු ලැබුවේ, ප්‍රංශය මිථ්‍යාදෘෂ්ටික ගමන් මඟකද? (සිංහලෙන් නොමැත) නමැති කෘතියෙහි ක්ලර්මොන්-ෆෙරොන්හි කතෝලික බිෂොප්වරයෙක් වන ඉපොලීට් සීමොන් විසිනුයි. සමහර අවස්ථාවලදී විවේචනයට භාජනය වන සුළු පිරිසකගේ ආගමක් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීමට ඇත්තෙන්ම නිර්භීතකම අවශ්‍යයි.
කෝර්සිකා බැස්ටීයා නම් නගරයේ ජීවත් වූ පෝල් නම් තරුණයා හැදී වැඩුණේ කතෝලික පරිසරයකයි. පල්ලියට ආධාර එකතු කිරීම සඳහා කේක් විකිණීම වැනි පල්ලියෙන් සංවිධානය කළ විවිධ ක්‍රියාකාරකම්වල ඔහු ඉඳ හිට හවුල් වුණා. බයිබලය ගැන වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ නිතිපතා බයිබලය පාඩම් කිරීමට එකඟ වුණා. කාලයාගේ ඇවෑමෙන් ඔහු දැනගත්තා ඔහු ඉගෙනගන්නා දේවලින් සදාකාලික ප්‍රයෝජන අත් කරගත හැකි බව. මේ නිසා පෝල් සම්පූර්ණයෙන්ම බයිබලයේ සඳහන් සාරධර්ම පිළිගත් අතර යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බවට පත් වුණා. ඔහුගේ දෙමව්පියන් ඔහුගේ තේරීමට ගරු කළ අතර මෙය ඔවුන්ගේ පවුලේ තිබුණු සමීප සම්බන්ධයට බලපෑමක් ඇති කළේ නැහැ.
අමෙලී ජීවත් වන්නේ දකුණු ප්‍රංශයේයි. ඇගේ පවුලේ පරම්පරා හතරක්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්. ඇය තම දෙමව්පියන්ගේ ආගමික සාරධර්ම තෝරාගැනීමට හේතු වූයේ මොනවාද? “ඔබේ දෙමව්පියෝ හෝ ආච්චිලා සීයලා යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිසාවත් එහෙම නැත්නම් ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වී සිටි නිසාවත් නෙවෙයි ඔබ එසේ තෝරගන්නේ” කියා ඇය අදහස් දැක්වුවා. “කවදා හරි දවසක පැහැදීමක් ඇති වී, ‘මේක මගේ ආගම,
මොකද මේවා මමම පිළිගත් විශ්වාසයන්’ කියලා ඔබ ඔබටම කියාගනීවි.” යෙහෝවාගේ සාක්ෂිකරුවන් වී සිටින වෙනත් බොහෝ යෞවනයන් මෙන් අමෙලීත් දන්නවා ඇගේ ස්ථීර ආගමික විශ්වාසයන් ජීවිතයට අරමුණක් මෙන්ම සදාකාලික සන්තෝෂයද ගෙන දෙන බව.දිව්‍ය සාරධර්ම පිළිගැනීම අවශ්‍ය වන්නේ ඇයි?
හිතෝපදේශ පොතේ හයවෙනි පරිච්ඡේදයේ 20වෙනි ඡේදයේ දෙවිව සතුටු කිරීමට කැමති අයට දිරිගන්වන්නේ “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව රක්ෂා කරන්න. නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න” කියායි. දෙමව්පියන්ගෙන් ලැබුණු නිසා නිකම්ම අන්ධ ලෙස කීකරු වෙනවාට වඩා ඇදහිල්ල වර්ධනය කරගැනීමෙන් හා තමන්ටම ඒත්තුගන්වා ගැනීමෙන් පසු පියවරක් ගෙන දෙවිගේ ප්‍රමිති පිළිගන්නා මෙන් එම උපදේශයෙන් යෞවනයන්ට දිරිගන්වනු ලබයි. ප්‍රේරිත පාවුල් ඔහුගේ සහයකයන්ට ආරාධනා කළේ ‘සියල්ල සෝදිසි කර බලන්න’ කියායි. එනම් ඔවුන්ට උගන්වා ඇති දේ දේවවචනයට හා දෙවිගේ කැමැත්තට එකඟද යන්න ගැන සොයා බලා ඒ අනුව කටයුතු කරන ලෙසයි. —1 තෙසලෝනික 5:21.
ක්‍රිස්තියානි පවුලක හැදී වැඩුණත් නැතත් මිලියන හයක පමණ තරුණ හා මහලු යෙහෝවාගේ සාක්ෂිකරුවන් එවැනි තීරණයක් ගෙන තිබෙනවා. ජීවිතයේ අරමුණ ගැන තමන්ට තිබූ ප්‍රශ්නවලට විශ්වාසදායි පිළිතුරු හා මනුෂ්‍යයන් සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්ත පිළිබඳ ඔවුන් පැහැදිලි අවබෝධයක් ලබා තිබෙන්නේ පරිස්සමින් බයිබලය අධ්‍යයනය කිරීමෙනුයි. ඔවුන් මෙම දැනුම ලබාගැනීමත් සමඟම දෙවිගේ සාරධර්ම පිළිගනිමින් තමන්ගේ උපරිමයෙන් දේවකැමැත්ත කිරීමට පෙලඹී තිබෙනවා.
ඔබ නිතිපතා මේ සඟරාව කියවන කෙනෙක් වුණත් නැතත්, ආත්මික සාරධර්ම පිළිබඳව බයිබලයෙන් සොයා බැලීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් උපකාර ලබා නොගන්නේ මන්ද? මෙයාකාරයෙන් ඔබට “යෙහෝවා යහපත් බව රස බලා දැනගන්න” හැකි වන අතරම, ඔබ ලබාගන්නා දැනුම ප්‍රායෝගිකව අදාළ කරගැනීමෙන් සදාකාල ජීවනය ලබාගන්නත් පුළුවන්.—ගීතාවලිය 34:8; යොහන් 17:3.
[5වන පිටුවේ පින්තූරය]
පරම්පරා හතරක්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන් වී සිටින ප්‍රංශයේ පවුලක්
[7වන පිටුවේ පින්තූරය]
රූත් ඇගේ මුතුන්මිත්තන්ගේ දෙවිවරුන්ට සේවය නොකර යෙහෝවාට සේවය කිරීමට තෝරාගත්තා