හික්මවීමේ අරමුණ අවබෝධ කරගැනීම
හික්මවීමේ අරමුණ අවබෝධ කරගැනීම
“හික්මවීම” යන වචනය ඔබේ කනට වැටුණු විගස ඔබේ සිතේ ඇති වෙන්නේ මොන වගේ අදහසක්ද? හික්මවීම අර්ථ දක්වා තිබෙන්නේ, “හැසිරීම සම්බන්ධ නීති රීති හෝ ප්‍රතිපත්තිවලට අවනත වීමට මනුෂ්‍යයන්ට බල කිරීමේ හා එසේ අවනත නොවූ විට ඔවුන්ට දඬුවම් කිරීමේ ක්‍රියාවලිය” ලෙසයි. මෙය අනිවාර්යයෙන්ම හික්මවීම සඳහා තිබෙන එකම අර්ථ දැක්වීම නොවුවත්, අද දින සිටින බොහෝදෙනෙක් ඕනෑම ආකාරයක හික්මවීමකට ඊට සමාන නිෂේධාත්මක අදහසක් සම්බන්ධ කරනවා.
කෙසේවෙතත් බයිබලයේ හික්මවීම විස්තර කර ඇත්තේ ඊට වෙනස් ආකාරයකටයි. “මාගේ පුත්‍රය, යෙහෝවා දෙන හික්මවීම ප්‍රතික්ෂේප නොකරන්න” යනුවෙන් ප්‍රඥාවන්ත සලමොන් රජ ලියුවා. (හිතෝපදේශ 3:11, NW) මෙම වදන්වලින් අදහස් කරන්නේ ඕනෑම ආකාරයක හික්මවීමක් නොව ‘යෙහෝවා දෙන හික්මවීමයි.’ එනම් දෙවිගේ උසස් ප්‍රතිපත්ති මත පදනම් හික්මවීමයි. ආත්මිකව ඵලදායී මෙන්ම ප්‍රයෝජන ගෙන දෙන්නේද, කැමැත්තක් ඇති කරගත හැකි වන්නේද එවන් හික්මවීමකට පමණයි. ඊට හාත්පසින්ම වෙනස්ව, යෙහෝවාගේ උසස් ප්‍රමිතිවලට පටහැනිව තිබෙන මිනිස් චින්තනය මත පදනම් හික්මවීම බොහෝවිට හානිකර මෙන්ම වේදනාකාරී දෙයක් වෙයි. බොහෝදෙනෙකු හික්මවීම පිළිබඳව නිෂේධාත්මක ආකල්පයක් දරන්නේ මේ හේතුව නිසයි.
යෙහෝවා දෙන හික්මවීම පිළිගැනීමට අපට උනන්දු කර තිබෙන්නේ ඇයි? දෙවිගෙන් ලැබෙන හික්මවීම ශුද්ධ ලියවිල්ලෙහි විස්තර කර තිබෙන්නේ, තම මිනිස් මැවිලි කෙරෙහි දෙවි ප්‍රේමය පෙන්වන එක් ආකාරයක් හැටියටයි. එබැවින් සලමොන් තවදුරටත් මෙසේ පැවසුවා. “පියෙකු ප්‍රිය පුත්‍රයාට තරවටු කරන්නාක් මෙන් යෙහෝවා තමන් ප්‍රේම කරන අයට තරවටු කරයි.”—හිතෝපදේශ 3:12, NW.
හික්මවීම හා දඬුවම් කිරීම—වෙනසක් තිබේද?
බයිබලයෙහි සඳහන් කර ඇති හික්මවීමට පැති බොහෝමයක් තිබෙනවා. මඟ පෙන්වීම සැපයීම, උපදෙස් දීම, පුහුණු කිරීම, තරවටු කිරීම, නිවැරදි කිරීම මෙන්ම දඬුවම් කිරීමද ඊට ඇතුළත්. යෙහෝවා හික්මවන හැම අවස්ථාවකදීම, ඔහු ප්‍රේමයෙන් පෙලඹී එසේ කරන අතර ඔහුගේ ඉලක්කය වනුයේ එය ලබන්නාට ප්‍රයෝජනයක් ගෙන දීමයි. නිවැරදි කිරීම සඳහා යෙහෝවා කෙනෙකුව හික්මවන විට, ඔහු එසේ කරන්නේ කොහෙත්ම දඬුවම් කිරීමේ අරමුණින් නොවේ.
අනිත් අතට, දෙවි යමෙකුට දඬුවම් කරන හැම අවස්ථාවකම ඔහුගේ අරමුණ වන්නේ දඬුවම් ලබන්නාව නිවැරදි කිරීම හෝ දැනුවත් කිරීම නෙවෙයි. නිදසුනක් වශයෙන් ආදම් සහ ඒව පව් කළ දවසේ පටන් ඔවුන්ගේ අකීකරුකමේ ඵලවිපාක ඔවුන් අද්දකින්න පටන්ගත්තා. පාරාදීසයක් බඳු ඒදන් උයනෙන් යෙහෝවා ඔවුන්ව පන්නා දැමූ අතර අසම්පූර්ණකමට, අසනීපවලට සහ මහලු වියේ බලපෑම්වලට ඔවුන්ව ගොදුරු වුණා. අවුරුදු සිය ගණනක වේදනාකාරී දිවි පෙවෙතක් ගත කිරීමෙන් පසුව ඔවුන් සදහටම නැසී ගියා. පැහැදිලිවම, මේ සියල්ලම දෙවි ලබා දුන් දඬුවමක් වූවා මිසක එය නිවැරදි කිරීමේ අරමුණින් දුන් හික්මවීමක් නෙවෙයි. හිතා මතා පව් කරමින් පසුතැවිලි නොවූ ආදම් සහ ඒවව නිවැරදි කිරීමට කොහෙත්ම හැකි වුණේ නැහැ.
නෝවාගේ දවසේ ජලගැල්ම, සොදොම් සහ ගොමෝරාවෙහි සිදු කළ විනාශය මෙන්ම රතු මුහුදේදී ඊජිප්තු හමුදාව වැනසීම යනාදිය යෙහෝවා දඬුවම් කළ ආකාර පිළිබඳව තිබෙන තවත් වාර්තා වෙයි. මෙලෙස ක්‍රියා කිරීම තුළින් යෙහෝවාගේ අරමුණ වුණේ ඔවුන්ට මඟ පෙන්වීම, උපදෙස් හෝ පුහුණුව ලබා දීම නොවේ. දෙවිගෙන් වූ එම දඬුවම් පිළිබඳව ප්‍රේරිත පේතෘස් මෙහෙම ලියුවා. “පුරාණ ලෝකයකට ඔහු දඬුවම් කිරීමෙන් නොවැළකී අභක්තිකයන්ගෙන් යුත් ලෝකයක් පිට ජලගැල්මක් ගෙන ආ කල, ඔහු ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු වූ නෝවාව තව සත්දෙනෙකු සමඟ ආරක්ෂා කළේය. ඔහු සොදොම් සහ ගොමෝරා යන නගර අළු කරමින් ඒවා වරදට පත් කොට, අභක්තිකයන් සඳහා පැමිණෙන්නට තිබෙන දේවල් ගැන ආදර්ශයක් තැබුවේය.”—2 පේතෘස් 2:5, 6, NW.
මෙම දඬුවම් “අභක්තිකයන් සඳහා පැමිණෙන්නට 2 තෙසලෝනික 1:8, 9, NW) එවැනි දඬුවමක් දීමේ අරමුණ එය ලබන්නන්ව දැනුවත් කිරීම හෝ පවිත්‍ර කිරීම හෝ නොවන බව නම් පැහැදිලියි. කෙසේවෙතත්, ඔහුගේ හික්මවීම පිළිගන්නා ලෙස යෙහෝවා තම නමස්කාරකයන්ට ආරාධනා කරන විට, ඔහු එසේ කරන්නේ පසුතැවිලි නොවන පව්කාරයන්ට නොවෙයි.
තිබෙන දේවල් ගැන ආදර්ශයක්” වුණේ කෙසේද? පාවුල් තෙසලෝනිකවරුන්ට ලියද්දී, අපගේ දවස හැඳින්වූයේ දෙවි තම පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් තමාව ‘නොදන්නා අයගෙන්ද . . . ශුභාරංචියට කීකරු නොවන අයගෙන්ද පළිගන්නා’ කාලය හැටියටයි. “ඔවුහු . . . සදාකාල විනාශය නමැති යුක්තිසහගත දඬුවම විඳින්නෝය” යයි පාවුල් තවදුරටත් කියයි. (යෙහෝවාව මූලික වශයෙන් දඬුවම් කරන්නෙකු හැටියට බයිබලය විස්තර නොකරන බව සැලකිය යුතුයි. ඒ වෙනුවට, ඔහුව බොහෝවිට විස්තර කර තිබෙන්නේ ප්‍රේමණීය ගුරුවරයෙකු හා ඉවසිලිවන්ත පුහුණුකරුවෙකු හැටියටයි. (යෝබ් 36:22; ගීතාවලිය 71:17; යෙසායා 54:13) එසේය, දෙවි නිවැරදි කිරීමේ අදහසින් කෙනෙකුව හික්මවද්දී ඔහු නිතරම ප්‍රේමණීයව හා ඉවසිලිවන්තව කටයුතු කරයි. හික්මවනු ලැබීමේ අරමුණ තේරුම්ගැනීම තුළින්, නිසි ආකල්පයක් ඇතුව හික්මවීමට හා හික්මවීම ලබාගැනීමට ක්‍රිස්තියානීන්ට හැකි වෙයි.
ප්‍රේමණීය දෙමාපියන්ගේ හික්මවීම
පවුල් කවය තුළ හා ක්‍රිස්තියානි සභාව තුළ සිටින සියලුදෙනාම හික්මවීමක් ලබා දීමේ අරමුණ තේරුම්ගත යුතුයි. දෙමව්පියන් වැනි අධිකාරිය හොබවන තත්වයන්හි සිටින අයට මෙය විශේෂයෙන් අදාළයි. හිතෝපදේශ 13:24හි මෙසේ පවසයි. “ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛර වන්නේය; එහෙත් ඔහුට ප්‍රේම වෙන්නා කල් තබා ඔහුට දඬුවම් කරන්නේය [ඔහුව හික්මවන්නේය, NW].”
දෙමාපියන් හික්මවීම දිය යුත්තේ කොහොමද? බයිබලයේ මෙසේ පැහැදිලි කරයි. “පියවරුනි, ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.” (එෆීස 6:4, NW) එම අවවාදයම මතු සඳහන් ආකාරයටත් දක්වා තිබෙනවා. “පියවරුනි, ඔබේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන්ට හිරිහැර නොකරන්න.”—කොලොස්සි 3:21, NW.
හික්මවීමේ අරමුණ තේරුම්ගන්නා ක්‍රිස්තියානි දෙමාපියන් රළු ලෙස ක්‍රියා කරන්නේ නැහැ. දෙවන තිමෝති 2:24හි [NW] සඳහන් ප්‍රතිපත්තිය දෙමාපියන් හික්මවන ආකාරයට අදාළ කළ හැකියි. එහි පාවුල් මෙහෙම ලියුවා. “ස්වාමීන්ගේ දාසයෙකුට දබර කිරීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීමට අවශ්‍යය. එමෙන්ම, ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇතිව සිටින්නත් අවශ්‍යය.” පාලනය කරගත නොහැකි ලෙස හදිසි කෝපය ඇති කරගැනීම, කෑගැසීම සහ අපහාසාත්මක හෝ බාල්දු කරවනසුලු ප්‍රකාශයන් කිරීම කිසිසේත් ප්‍රේමණීය හික්මවීමක් නොවන අතර, ක්‍රිස්තියානියෙකුට ඒවා කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ.—එපීස 4:31; කොලොස්සි 3:8.
දෙමාපියන් විසින් දරුවන්ව නිවැරදි කරනු ලබනවා යන්නට හදිස්සියෙන් සහ කිසිදු වග විභාගයකින් තොරව දඬුවමක් ලබා දීමට වඩා වැඩි යමක් ඇතුළත් වෙනවා. දරුවන්ට නිවැරදි ලෙස කල්පනා කිරීමට
උපකාර කිරීම සඳහා බොහෝවිට නැවත නැවත දැනමුතුකම් සැපයීම අවශ්‍ය වෙයි. මේ හේතුවෙන් දෙමාපියන් තමන් හික්මවන ආකාරය ගැන හොඳින් කල්පනා කර බැලිය යුතු අතර ඒ සඳහා කාලය ගැනීමටත්, ඉවසිලිවන්තව කටයුතු කිරීමටත් වගබලා ගත යුතුයි. දරුවන්ව “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද” ඇති දැඩි කළ යුතු බව ඔවුන් මතක තබාගත යුතුයි. අවුරුදු ගණනාවක් පුරාම මෙම පුහුණුව ලබා දිය යුතු බව මින් අදහස් කරයි.මෘදුකමින් හික්මවන ක්‍රිස්තියානි එඬේරුන්
ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ටද එම ප්රතිපත්තියම අදාළ වෙනවා. ප්‍රේමණීය එඬේරුන් හැටියට, අවශ්‍ය වූ විට උපදෙස්, මඟ පෙන්වීම සහ තරවටුව ලබා දීම තුළින් රැළ ශක්තිමත් කිරීමට ඔවුන් මහත් පරිශ්‍රමයක් දරනවා. එසේ කිරීමේදී හික්මවීමේ නියම අරමුණ ඔවුන් මනසේ තබාගන්නවා. (එපීස 4:11, 12) ඔවුන්ගේ එකම අරමුණ දඬුවම් කිරීම වූවා නම්, ඔවුන් වරද කළ තැනැත්තාට දඬුවමක් දී එතනින් නවතිනවා. දෙවි ලබා දෙන හික්මවීමට ඊට වඩා වැඩි දෙයක් ඇතුළත් වෙයි. වැඩිමහල්ලන් ප්‍රේමයෙන් පෙලඹී, වැරදි කළ තැනැත්තාට උපදෙස් දුන් පසුත් ඔහුට දිගටම උපකාර කිරීමට ඔවුන් උත්සාහ දරනවා. ඔහු කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් තිබෙන නිසා, දිරිගැන්වීම හා පුහුණුව සැපයීම සඳහා අවස්ථා ගණනාවක්ම ඔවුන් යොදාගන්නවා.
දෙවන තිමෝති 2:25, 26හි [NW] සඳහන් උපදෙසට අනුව, හික්මවීම කැමැත්තෙන් පිළි නොගන්නා අයට පවා වැඩිමහල්ලන් “මෘදුකමින් යුක්තව” මඟ පෙන්විය යුතුයි. ඊළඟට, එම ශුද්ධ ලියවිලි පදවල හික්මවීමක් ලබා දීමේ අරමුණ මෙසේ සඳහන් වෙයි. “සමහරවිට සත්‍යය පිළිබඳ නිවැරදි දැනුමට මඟ පාදන පසුතැවිල්ල දෙවි ඔවුන්ට දෙනවා ඇත. එවිට ඔවුන් යක්ෂයාගේ මලපතින් මිදී නැවත පියවි සිහියට පැමිණෙනවා ඇත.”
ඇතැම් අවස්ථාවලදී, පසුතැවිලි නොවන වැරදිකරුවන්ව සභා ඇසුරෙන් කපාහැරීමට අවශ්‍ය වෙයි. (1 තිමෝති 1:18-20) එවැනි දැඩි පියවරක් වුවත් දඬුවමක් වශයෙන් නොව හික්මවීමක් වශයෙන් සැලකිය යුතුයි. සභා ඇසුරෙන් කපාහරිනු ලැබූ නමුත්, වැරදි ක්‍රියා අත්හැර සිටින පුද්ගලයන්ව ඉඳ හිට බැහැදැකීමට වැඩිමහල්ලන් උත්සාහ කරනවා. එවැනි බැහැදැකීම්වලදී, ඔවුන් ක්‍රියා කරන්නේ ක්‍රිස්තියානි සභාවට නැවත ඒම සඳහා පුද්ගලයෙක් ගත යුතු පියවර පෙන්වා දෙමින්, හික්මවීමේ නියම අරමුණට එකඟවයි.
පරිපූර්ණ විනිශ්චයකරු වන යෙහෝවා
ශුද්ධ ලියවිල්ලට අනුව, හික්මවීම සඳහා සුදුසුකම් ලබා සිටින දෙමව්පියන්, ක්‍රිස්තියානි එඬේරුන් සහ වෙනත් අය ඔවුන්ට පවරා ඇති වගකීම භාරදූර එකක් හැටියට සැලකිය යුතුයි. අන් අයව නිවැරදි කිරීමට කොහෙත්ම බැරිය කියා අනුමාන කරමින් ඔවුන්ව විනිශ්චය කිරීම සුදුසු නැහැ. එබැවින්, පළිගැනීමේ හෝ වෛරයෙන් බැඳුණු ස්වභාවයකින් ඔවුන් කිසි විටකත් හික්මවීම නොකළ යුතුයි.
අවසාන පියවර වශයෙන් දරුණු ලෙස දඬුවම් කිරීමට අයිතිය ඇති කෙනෙකු ලෙස යෙහෝවාව හෙබ්‍රෙව් 10:31, NW) එහෙත් මේ කාරණය හෝ වෙනත් ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් හෝ කිසිම කෙනෙක් තමාව යෙහෝවාට සමාන කරගැනීමට උත්සාහ නොකළ යුතුයි. ඇත්තෙන්ම, දෙමාපියෙකුගේ හෝ සභාවේ යම් වැඩිමහල්ලෙකුගේ අතට හසු වුණොත් භයානකයි කියා සිතීමට කිසිම කෙනෙකුට හේතුවක් නොතිබිය යුතුයි.
බයිබලයේ විස්තර කර තිබෙන බව ඇත්තයි. එපමණක් නෙවෙයි, “ජීවමාන දෙවිගේ අත්වලට අසුවීම භයානක දෙයක්” බවත් ශුද්ධ ලියවිල්ලේ කියයි. (හික්මවීම ලබා දෙද්දී පූර්ණ සමබරතාවකින් එසේ කිරීමේ හැකියාව යෙහෝවා සතුයි. මනුෂ්‍යයන්ට එම හැකියාව නැහැ. කෙනෙකුගේ සිතේ තිබෙන දේ දැනගෙන, ඔහු සිටින්නේ නිවැරදි කළ නොහැකි තත්වයක නම් අවසාන පියවර හැටියට ඔහුට දඬුවම් කිරීම සුදුසු බව තීරණය කරන්න දෙවිට පුළුවන්. මනුෂ්‍යයන්ට නම් එවැනි විනිශ්චයක් දීමට හැකියාවක් නැහැ. එම හේතුව නිසා, හික්මවීමට අවශ්‍යතාවක් තිබෙන විට, අධිකාරිය හොබවන තත්වයක සිටින අය නිතරම එසේ කළ යුත්තේ, නිවැරදි කිරීමේ අරමුණ ඇතුවයි.
යෙහෝවා ලබා දෙන හික්මවීම පිළිගැනීම
අප සියලුදෙනාටම යෙහෝවාගේ හික්මවීම අව-ශ්‍යයි. (හිතෝපදේශ 8:33, NW) ඇත්තවශයෙන්ම දෙවිගේ වචනය මත පදනම් වූ හික්මවීම ලබාගැනීමට අප බොහෝ සෙයින් ආශා විය යුතුයි. අප දෙවිගේ වචනය අධ්‍යයනය කරද්දී, ශුද්ධ ලියවිලි තුළින් කෙළින්ම යෙහෝවාගෙන් ලැබෙන හික්මවීම පිළිගැනීමට අපට හැකි වෙයි. (2 තිමෝති 3:16) කෙසේනමුත් අපට ඉඳ හිට සෙසු ක්රිස්තියානීන්ගෙන්ද හික්මවීම ලැබෙයි. එවන් හික්මවීමක් ලැබීමේ නියම චේතනාව වටහාගැනීම, එය කැමැත්තෙන් පිළිගැනීමට රුකුලක් වෙයි.
ප්‍රේරිත පාවුල් මෙය පිළිගත්තා. “හික්මවීමක් ලැබෙද්දී, එය දුකට මිස ප්‍රීතියට හේතුවක් ලෙස නොහැඟෙන බව සැබෑය.” ඔහු ඊට මෙයද එකතු කළා. “එහෙත් පසුව, එමගින් පුහුණු වූ අයට සමාදානයේ පලය වන ධර්මිෂ්ඨකම ලැබෙන්නේය.” (හෙබ්‍රෙව් 12:11, NW) යෙහෝවාගේ හික්මවීම වනාහි අප කෙරෙහි ඔහුට තිබෙන ගැඹුරු ප්‍රේමය ප්‍රකාශ කරන ක්‍රමයක්. අපට හික්මවීම ලැබුණත්, අන් අයට එය ලබා දීමට සිදු වුණත්, දෙවි හික්මවීම ලබා දීමේ අරමුණ මනසේ තබාගෙන, බයිබලයේ සඳහන් මෙම ඥානවන්ත උපදෙසට අවනත වෙමු. “හික්මවීම තදින් අල්ලාගන්න. එය අත් නෑර රැකගන්න. මක්නිසාද එය ඔබේ ජීවනයය.”—හිතෝපදේශ 4:13, NW.
[21වන පිටුවේ පින්තූර]
පසුතැවිලි නොවන වැරදිකරුවන්ට දෙවිගෙන් ලැබෙන්නේ නිවැරදි කිරීමේ අරමුණින් ලබා දෙන හික්මවීම නොව ඔහුගේ යුක්තිසහගත දඬුවමයි
[22වන පිටුවේ පින්තූර]
ප්‍රේමයෙන් පෙලඹෙන වැඩිමහල්ලන්, ගවේෂණය කිරීමටත් වැරදි කරන අයට උපකාර කිරීමටත් කාලය ගන්නවා
[23වන පිටුවේ පින්තූර]
දෙමාපියන් ඉවසිලිවන්තව හා ප්‍රේමණීය ලෙස ‘යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට ඉගැන්වීමෙන්ද, දරුවන්ව පුහුණු කරනවා